අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2011-06-12

6/12/2011 07:45:00 pm
1
දුරු කුටිය තුල - 
දොරගුළු ලාගෙන -
 ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ 
දෙවියන් හට නෑසේ 
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ 
මසවරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ 
බලන් කඩතුරා හැර දෑසේ 
ආ ආ 
සිනිදු සුවැති සළු
සිරසින් හැරදා 
දූවිලි මඩ වැකි  පිලි ගත පලදා 
දෙවියන් රුව
 දක්නට හැක්කේ 
අදුරු කුටිය තුල - 
දොරගුළු ලාගෙන -
 ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ 
දෙවියන් හට නෑසේ 
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ 
මසවරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ 
බලන් කඩතුරා හැර දෑසේ 
ආ ආ 
කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
ගත නැගි දාදිය  සුවදින් සැරසී
දෙවියන් හා 
එක්විය හැක්කේ 
අදුරු කුටිය තුල - 
දොරගුළු ලාගෙන -
 ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ 
දෙවියන් හට නෑසේ 
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ 
මහ වරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ 
බලන් කඩතුරා හැර දෑසේ 


1 ප්‍රතිචාර:

Anonymous said...

test