පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, June 21, 2011

හේන පාළුවට යන විට ගෙදර තිබෙන මුව හමට බැට දීම

De-mining inch by inch in Sri LankaImage by DFID - UK Department for International Development via Flickr



චැනල් 4 කාරයින්ගේ  killing field in Sri Lanka  අන්තර්ජාලය හරහා විසිර යනවිට  අපි -  අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නේදෑයි මීදුමට  ආපසු හැරී විදේශ සේවය දෙස බලන්න සිහිපත්විය.

විදේශ සේවයේ තානාපති , මහ කොමසාරිස් , කොන්සල්වරුන් යන විවිධ තනතුරු හිමි අප රටේ නියෝජිතයෝ රට රට වල සිටිති. ඔවුන්ගේ කාර්යාලත් කාර්යාල මණ්ඩලත් නඩත්තු කරන්නේ මිලියන ගනන් අපේ රටේ බදු  මුදල් වලිනි. ඔවුන් අපේ මුදල්  වියදම් කරමින්  එම රට රටවල සුවපහසුව සිට අපේ රට වෙනුවෙන් කරන්නේ  කුමක්ද යන්න කිලින්ෆීල්ඩ්  වැනි මහ කුණාටුවලින්  මතුවන පැනයකි.

යුද්ධයක් කිසිදා සර්ව සාධාරන ලෙස යුද්ධ කල නොහැක. කෙසේ හෝ යුද්ධයක් අතර සිදුවන එක් සුළු  සිද්ධියක් පදනම් කරගෙන හෝ අනාගතයේදී චෝදනාවක් කරගෙන රට වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සුළු සෙබලවිරුවාගේ පටන් සේනාධිනායකයා දක්වා අනතුරේ හෙලිය හැක.

ප්‍රභාකරන් වන්නියේ සැගව සිට ශ්‍රී ලංකාවම මලගෙයක් බවට පත්කරමින් අවුරුදු 30 ක් සිට නන්දිකඩාල් කලපුවෙන් පරලොව යාම  වරදක් කොට සිතන “චැනල් 4 “ වැනි අය අවුරුදු 30 ක් තිස්සේ  LTTE ය අපට ඉතිරි කල දුන්නේ මොනවාද සහ LTTE ය නිහඩවු පසු අපට ඉතිරි වෙන්නේ  මොනවාද යන්න සමබරව කතා කරන්නේ නැත.

එය දන්නේ ලාංකීය ජනතාව පමනක් හෙයින් විදේශිකයන්ට මේවා තේරුම් කර දෙන්නට අපට විධිමත් ප්‍රචාරක ජාලයක් නැතිවීම“චැනල් 4 “ වැනි මාධ්‍යකාරයින්ට මෙවැනි මඩ ව්‍යාපාර වපින් ජාත්‍යයන්තර මතවාද ඇති කිරීමට රුකුලක්ව ඇත.  එම හිදස ප්‍රයෝජනයට ගන්නා  විදේශීය රටවල් වල ජීවත්වන මෙරට අර්බූද තුලින් මුදල් උපයන අතලොස්ස අරඹා ඇති මාධ්‍ය යුද්ධයට යුද්ධ ප්‍රකාශ කල යුතු විදේශ සේවය මර නින්දේ සිටින බව මෙවැනි දේට ඔරොත්තුදීමේ නොහැකියාව තුලින් පැහැදිලිය.

 ශුී ලංකාවේ පවත්වන්නා සංහිදියාව නිසා   ආර්ථිකව විශාල පාඩු විදින ජාත්‍යන්තර සංවිධාන , විදේශ ගත පුද්ගලයෝ සිටිනවා  විය හැක. වෙලෙන්දා තම භාණ්ඩ අළවි කර ගැණිමට නොයෙක් අයුරු ප්‍රචාරකපට නිර්මාණය කරනවා මෙන්  මේ සංවිධාණත් තම මඩිය තර කර ගැණිමට ප්‍රචාරක කටයුතු කල යුතුය. මේ ප්‍රචාරක කටයුතු කරන්නෝ ඔවුන්ගේ ඉලක්කයට යාමට “චැනල් 4 “ මිලට ගත්තා ද විය හැක.  මෙවැනි මාධ්‍ය ජාල අපේ රටේද ඇති බව මාධ්‍ය තුලින්  අර්බූද මවන විට අපට හදුනා ගත හැක.

“චැනල් 4”  වැනි සහ ‍විවිධ අයුරින් අපේ රටට එරෙහිවන ජාලවලට පිළිතුරු දෙන්නට අපේ විදේශ සේවය කටයුතු සංවිධාණය කල යුතුය. එහෙත් එවැන්නකට ප්‍රමානවත් වු සහ සුදුසු පිරිසක් විදේශ සේවයේ නැති බව මේ  කනවෝ  - කනවෝ  යයි පානා අඩහැරයෙන් අපට සිහිපත් වන්නේය.

අපේ කොල්ලෝ සහ කෙල්ලෝ සටන් කලේ විධිමත් හමුදාවක් සමග නොවන බව දන්නේ  අපි පමනකි.   විදේශිකයින්ට LTTE විසින් අපේ හමුදා  හදුන්වා දී තිබුනේ විනයක් නැති හමුදාවක් ලෙස  බව දැන් අමතක නොකල යුතුය. එදාද අපට විදේශ රටවල  අපේ ප්‍රචාරක ජාලයක් තිබුනේ නැත. අදද නොමැති බව මේ අඩහැරයෙන් ප්‍රකාශිතය. මිලේඡ්චත්‍වය LTTE යට  “චැනල් 4 “හදුන්වා දෙන  තරමේ යුද සම්ප්‍රදායන් තිබුනේ නැත. එහෙත් තිස් අවුරුද්දක් තිස්සේ පැවති ආණ්ඩුවලට වඩා ඥාණයක් තිබුනේය. අප දැන්වත් අන්තර්ජාලයේ සිට අපට උපයෝගී කර ගතහැකි සියළු මාධ්‍යයන් “චැනල් 4 “ වැනි ඒක පාර්ශවීය මාධ්‍යයන්ට පිලිතුරු දීමට යොදා ගැණිමට කටයුතු කල  යුතුය. එසේ නැතිව “හේන පාළුවට යන විට  ගෙදර තිබෙන මුව හමට බැට දී “ පලක් වන්නේ නැත.

උතුර සහ නැගණහිර වෙනුවෙන් පමනක් නොව ලාංකීය ජනතාවට නිදහසේ තම අයිතිවාසිකම් බුක්ති විදිය හැකි දේශපාලන සංහිදියාවක් සහ විසදුමක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම විකාශණය විය යුතු වන අතර .   LTTE යුද යාන්ත්‍රණය යුද්ධයෙන් නිමා කලා සේම LTTE ය වැනි සංවිධාණ වලට තරුණ පරපුර යලි බිලි ගැණිමට නොහැකිවනසේ දේශපාලන සංහිදියාවක් සහ විසදුමක් ඇති කළයුතුය. 

එයට අවස්ථාවාදී සහ බඩ ගෝස්තරවාදී දේශපාලනය යොදා නොගෙන සියළු දේශපාලන පන්‍ෂ සහ සංවිධාණ එක්විය යුතුය.  උතුරේ මෙන්ම දකුනේ ජනතාවද අවස්ථාවාදී සහ බඩ ගෝස්තරවාදී දේශපාලනය  හදුනාගෙන අත්වැල් බැද ගත යුතුය.


Enhanced by Zemanta

No comments: