ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2009-03-04

කොටි සංවිධානයේ උපත. 02



1970 දශකය කොටි සංවිධානය බිහිවිමේ වාතාවරණය ඇතිවු යුගය ලෙස සැලකේ.සන්නද්ධ කන්ඩායම් බිහිකල නායකයින් එකල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංගමය වටාවු දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගය වටා ගොණුවී සිටියා.

1974 වසර දී වඩුකොඩෙහිදී ද්‍රවිඩ එක්සත් පෙරමුණ ගෙනා “තමිල් ඊලාම් යෝජනාව” සම්මත කරගන්නවා. ප්‍රජාතන්ත්‍ර රාමුව තුල ක්‍රියාත්මක ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙල මෙම සම්මුතිය සමග ගියේ හෙමින් ගමනක්. තරුණ කොටස මේ මන්දගාමීත්වවය පසකලා දෙමළ සන්නද්ධ සංවිධාන පිහිටුවා ගන්නවා.
ප්‍රභාකරන්ද සම්බනධවු ප්‍රථම සන්නද්ධ සංවිධාණය වාර්තාවන්නේ ධනබාලසිංහම් හෙවත් චෙට්ටි විසින් මෙහෙයවන පාතාල කණ්ඩායමක් .
( මීදුම- ප්‍රභාකරන් සම්බන්ධ කරගන්න) 
මෙම සංවිධානයට දේශපාලන මුහුණක් ලැබෙන්නේ ‍එවකට කෝපායි පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි අලාල සුන්දරම් මහතා අතින්. ඔහු මෙම සුළු කන්ඩායම “ ද්‍රවිඩ නව කොටි “ නමින් බෞතීස්ම කරනවා.

1972 නව ජනරජ ව්‍යස්ථාව එලිදැක්වීමේදි උතු‍රේ ඇතිවු යම් යම් විරෝධතා ද්‍රවිඩ තරුණ සටන්කාමීත්විය ප්‍රදර්ශනය කල මුල් අවස්ථාවක් .1975 .07.27දින යාපනයේ පුරපති ඇල්ෆුර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.1978.09.07 දින රත්මලාන ගුවන් තොටුපලේදි ඇව්රෝ ගුවන් යානය පුපුරවා හරින්නේ 1978 ආණ්ඩු ක්රමම ව්‍යවස්ථාවට විරෝධය පාමින්. ද්‍රවිඩ සංන්නද්ධ කන්ඩායම් අවධිවු බව දක්වන වෙඩි මුර ලෙස මේවා හදුන්වන්න පුළුවන්.

1976 .05.05 දින උමා මහේෂ්වරම් ගේ සභාපතිත්චයෙන් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය LTTE ය බිහිවෙනවා . වේළුපිල්ලේ ප්‍රභාකරන් එහි අණදෙන නිළධාරියායි. “ ද්‍රවිඩ නව කොටි “- ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය" ලෙස නම් වී කලඑලි බසින්නේ උමා මහේෂ්වරම් අතින්. උමා මහේෂ්වරම් වෘත්තීයෙන් මිණුම්දෝරුවෙක් . ඹහු කොළඹ කේන්ද්‍රකරගෙන අනෙක් ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ හා සම්බන්ධ වෙමින් සංවිධාණයයේ අත්තිවාරම සවිමත් කරනවා.

පසුකාලීනව ඇතිවු මතවාද නිසා උමා මහේෂ්වරම් වෙන්වනවා. එතනට පත්වෙන්නේ රාගවන්. මහුගෙන් පසු ප්‍රභාකරන් නායකත්චනයට පත්වනවා.
1974 වසර දී වඩුකොඩෙහිදී ද්‍රවිඩ එක්සත් පෙරමුණ ගෙනා “තමිල් ඊලාම් යෝජනාව” මතවාදයක් කරගත් ද්‍රවිඩ සංවිධාන අතර “ ටෙලෝ, ප්‍රදියපාදෙයි කුමාර පුරම් ගෲප්, ඊරෝස්,EPRLF,ප්ලොට්, ද්‍රවිඩ ඊළාම් විමුක්ති හමුදාව, EPDP, ENDLF “ වැනි සංවිධාන පසුකාලීනව අක්‍රීය කරමින් නැත්තම් පළවා හරිමින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ LTTE ය උතුරේ නායකත්වය අත්පත් කරගත්තා.

2009-03-03

ප්‍රහාකරන් - කොටි සංවිධානයේ උපත. 01.


ප්‍රභාකරන් මීදුම තුල සටහනකට පාදක නොවුනේ මන්ද යයි මම ‍බොහෝ විට සිතමි. භූමියේ අයිතියත් මිනීමැරීමේ අයිතියත් පැහැර ගැණීමේ අයිතියත් නොමැතිව සර්ව සාධාරණ පාලන ක්‍රමයක් නියෝජනය කරන මත වාදයක සිටින ප්‍රභාකරන් කෙනෙක් සිටියා නම් ඔහු මගේද වීරයෙකු වනවා නියතයි.එහෙත් කෙටි කලක් ද්‍රවිඩ සහෝදර වරුන්ගේද වීරවරයෙකුවු ඔහු වර්තමානයේ නම් සියළු අන්ත ජරා වැඩ වල නිරත යක්ෂයෙක්.

1954.නොවැම්බර් මස 26 දා යාපනය රෝහලේදී උපත ලද වේළුපිල්ලේ ප්‍රභාකරන් අදට අවුරුදු 54 මාස 03 දවස් 05ක් ජීවත්ව තිබෙනවා. ඔහුගේ පියා වල්ලීපූරම් පාර්වතීගේ තිරුවෙන්කනම් වේළුපිල්ලේ මහතායි. වෟත්තියෙන් දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙක්.මව ගැන මීදුම දැනුවත් නෑ. බිරිද මදිමාදනී යාපනය විශ්ව විද්යාබලයේ වෛද්‍යපීඨ ශිෂ්‍යාවක්.
ප්‍රභාකරන්ගේ මූලික අධ්‍යාපනය මඩකලපුවේ පාසලකින් ඇරඹි පසුව වැල්වෙටිතුරේ විදම්බරම් විදුහලේ හත්වෙනි ශ්‍රේණියෙන් අවසන් වුනා. වැල්වෙටිතුරේ නගරය එකල හොර ජාවාරම්වල තෝතැන්නක් .ඉන්දියාව වෙරළ තීරය සම්බන්ධ් කර ගෙන බෝහෝ හොර බඩු ලංකාවට ගෙන ආවේ වැල්වෙටිතුරේ හරහායි. ප්‍රභාකරන්ගේ ජීවන වෟත්තිය ඇරඹෙන්නේ මේ හොර ජාවාරම්වල වල නිරත ජාවාරම් කරුවන්ගේ සේවකයෙකු ලෙසයි.

උතුරුකරය ඉතාමත් ප්‍රබල ලෙස කුල ගෝත්‍රයේ වටිනාකම් සොයන සමාජයක්. ප්‍රභාකරන් මුහුදු ධීවරයන්ගේ පීඩිත කුළයක්වු කාර්රියාර් කුළය නියෝජනය කරන්නෙක්.ඉතාමත් අඩු ජනගහණ අනුපාතයක් නියෝජනය කල මෙම කුළය (10%) අධිපති ප්‍රභූන් අයත්වු වෙල්ලාල කුළයේ ජනතාවගේ අවමානයට සහ පීඩනයට ලක් වූවෝ පිරිසක්. ප්‍රභාකරන්ට සමාජ ගතවීමට මෙම කුළ පීඩනය.අඩු අධ්‍යායපනය, සමාජ ස්ථරය, විශාල බලපෑමක් වුනා.හොර ජාවාරම් වලින් මිළ මුදල් උපයා ගත්තත් යාපනයේ සමාජය තුළ හිස ඔසවන්න මෙම කාරනා විශාල බාධාවක් උනා ස්ථීර වශයෙන්ම.
යෞවනයේදී මෙම හේතූන් නිසා ඉච්චා භංගත්වයටත් වැඩි වැඩියෙන් හොර ජාවාරම් වලින් මුදල් උපයා ගැණිමට ආරක්ෂක ආවරනයක් ලබා ගැණීමටත් දෙමළ සටන්කාමී සංවිධාන හා එක්වෙන ප්‍රභාකරන් 70 දශකයේ දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගයේ කටයුතු කරන්න පටන් ගන්නවා.පසුකාලීනව තංගතු‍රෙයි සහ කුට්ටමණීලාගේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හා සම්බන්ධරවන ප්‍රභාකරන් 1975 දී යාපනයේ පුරපති ඇල්ෆර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.මේ සිද්ධියත් සමග දෙමළ සන්නද්ධ ව්‍යාපාරය තුළ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා.අනතුරුව ගතවන කාලය තුල මිතුරු පසමිතුරු සියළු දෙමළ සංවිධාන විනාශකර දෙමළ ඊලාම් කොටි සංවිධානය ගොඩ නගා ගෙන ද්‍රවිඩ ජනතාවගේ එකම නායකයායි කියවා ගන්නවා.

2009-02-26

රට වෙනුවෙන් සාධාරණ වෙන්න රනිල් මහත්තයෝ.


ඉන්දියාවේ “ඒෂියන් ඒජ්”පුවත් පත සමග පෙබරවාරි 19 වෙනිදා සම්මුඛ සාකච්චාවකට එක්වන විපක්‍ෂ නායකතුමාගේ දේශමාමක යහපත් ආකල්පයෙන් යුතු පුකාශ කිහිපයට ප්‍රශංසා කලයුතුයි. (2009.පෙබරවාරි දිවයින ) එතුමාගේ ප්‍රකාශයේ සාරාංශයක් පහතින් වියමන් කරන්නම්.
1.රාජ්‍ය පාලනය තහවුරු කරලීම පිණිස එජාපය යුද මෙහෙයුම් සදහා නිරතුරුම සහය දෙනවා.
2.දශක තුනක් තිස්සේ දික් ගැස්සෙන ශ්‍රී ලංකාවේ ගැටළුව හේතුවෙන් රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ලවී තිබෙනවා.
මේ නිසා ජාතීන් අතර බෙදීම් සමනය කර ගැනීමට නොහැකිව තිබෙනවා.
3.වර්තමාන සාමප්‍රදායික යුද මෙහෙයුම් හමුවේ විජයග්‍රහණය ලබන යුද විරුවන්ගේ කැපකිරීම් සදහා නිසි ගෞරවය හා ආචාරය මවුන් වෙත ලබා දිය යුතුයි.
4.සටනේ දී ජීවිත හාණිවන රනවිරුවන්ගේ ප්‍රමාණය ඉහල නමුත් ආණ්ඩුව එය ප්‍රකාශයට පත්නොකරයි. ( ආණ්ඩුව හමුදාවේ චිත්ත ධෛර්ය බිද වැටෙන නිසා ඒ බව හෙලි නොකරයි.)
5.රනවිරුවන්ගේ සැබෑ කැපවීම ආණ්ඩුව අගේ නොකරයි.
6.LTTE ය මුලතිව් කෑලෑව තුල ගරිල්ලා සටනකට මාරුවිය හැකි බවත් එය කාලයක් දික් ගැස්සෙන බවත් අනතුරු හගවයි.
7.ආණ්ඩුව උතුරේ වැසියන්ගේ සහයෝගය ලබා ගත යුතු දේහපාලන තීරණයකට එලබ විය යුතුයි.
8.2005 ජණාධිපතිවරණයේදී LTTE ය සාමය වෙනුවට ගෞරවණීය සාමය අපේක්ෂා වෙන් එජාපයට චන්දය දීම උතුරේ වැසියන්ට තහනම් කළා.
9.ප්‍රභාකරන් රටෙන් පැන යාමට සූදානම් නැහැ.
10.තවත් යුධ උපකරණ බොහෝමයක් හමුදාව විසින් සොයා ගෙන නැහැ.
11.LTTE ය ලක්ෂ දෙකක් පමන සටන් බිම් වල කොටු කර තබා තිබෙනවා . ඔවුන් මුදවා ගත යුතුයි. එය කල හැකියි.
විපක්ෂ නායකතුමා දේශපාලන වේදිකාවේ මොනවා කීවත් මෙවර රටෙන් බැහැරව සිට කර ඇති ප්‍රකාශය නම් ටිකක් සමබරයි . එතුමා අපේ විපක්ෂ නායකතුමා නිසා ආණ්ඩුවත් සමග සාධාරණ විවේචන තියෙන්න ඕනී. නැත්නම් ආණ්ඩුවේ අඩුපාඩු හදා ගන්නත් බැරිවෙනවා. ආණ්ඩුවත් තිරිංග නැති ගමනකට පිවිසුනොත් ආයෙත් කොච්චර හොද වැඩ කලත් චන්ද්‍රිකා , ප්‍රේමදාස කාලේ වගේ හිතුවක්කාර වැඩ කරයි. එහෙම වුනොත් රට ආයෙත් පරණ තැනමයි.
රනිල් මහත්තයත් මහත්මයෙක් වගේ බ්‍රේස්ලට් චුවිංගම් දෙන්නම් කියලා අපි රවටලා ඔන්න ප්‍රභා මේ ටික-ඔයාට මට මේ ටික , යාළුවනේ වරෙල්ලා. නෑදැයිනේ වරෙල්ලා ඉතිරි ගොඩ අපිට කියන්නේ නැතිව සත් භාවයෙන් යුතුව හැමදාමත් රට වෙනුවෙන් සාධාරණ වෙන වන වනම්
රනිල් මහත්තයෝ. ඔබතුමාටත් ජනාධිපති වෙන්න අපි කඩේ යන්නම්.

2009-02-25

භාවනාව වර්තමානයේදී


භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රකාශිතව පවතී. අධ්‍යාපනික කටයුතු ඉහල මට්ටමට ගිය විශ්‍රාමික බොහෝ දෙනා බුද්ධ ධර්මය යිළිබද පොත පත පරිශීලනය කිරිමට වැඩි නැඹුරු තාවයක් දක්වන බවක් සම්ප්‍රදායික පන්සල් විහාරස්ථාන වලින් බැහැරව ඇතිවී ඇති භාවනා මධ්‍යස්ථානවලට වඩාත් යොමුවන බවක් දක්නට ලැබේ.

මා බෞද්ධයෙකු වුවත් ගැඹුරින් බුද්ධ ධර්මය හැදෑරුවෙක් නොවෙමි. සෝවාන් ,සකෘදාගාමි අනාගාමි රහත් යයි මාර්ග ඵල හතරක් පිළිබදව පොත පතින් ඉගන තිබේ.අනුරාධපුර යුගයේ ද රහතුන් වහන්සේලා වැඩ සිටි බවක් ද ඉතිහාසය කියවන විට හමුවේ. මාර්ග ඵලයක් ලබා ගැණීමට අපමණ වීර්ය (වෙහෙස) දැරිය යුතු බවත් බුද්ධාගම පොත් පත්වල සදහන් වේ. මමත් එලෙස සිතමි.

මාර්ග ඵල වර්තමානයේ හෑල්ලුවෙන තරම මට නම් විමතියකි. මාර්ග ඵල යන්න විශ්ව විද්‍යාල වලන් පිරිනමන BA,MA PHd Bsc. වැනි උපාධි දැයි විමසුවොත් එයත් පුදුමයට කරුණක් නොවේ. භාවනා පංති පැවත්වේ. සහතික පත්ද ප්‍රධානය වේ. ඒවාට යන අය සෝවාන්වේ අනාගාමි වේ.(අනා -ගමි නොවේ.)

පසුගිය දිනක මාර්ග ඵල ලාභි මගේ මිත්‍රයෙකු මුන ගැසිනි . රජයේ ඉහල නිලයක් දැරූ ඔහු සේවයෙන් විශ්‍රාම ගෙන දූ දරුවන්ගෙන් නිදහස්ව පූර්ණ කාලිනව බුද්ධ ධර්මය හදාරමින් භාවනා මධ්‍යස්ථානයක භාවනායෝගීව දවස ගෙවයි.ඔහුගේ වර්තමාන ජීවිතය මට නම් මහත්ම පෙරළියකි.රාජ්‍ය සේවය කල යුගයේ වර්තමානයේ මෙන් ජීවන රටාව ගොඩ නැගී තිබුනානම් යහපත් රාජ්‍ය සේවයකුත් සේවයේ පිනින් කියන මාර්ග ඵල ලබන්නට එකල ඹහුට තිබිනි.අපා ගත වන සේවයක යෙදුන ඔහු අද සිල් රකී.ඒ මදිවට මාර්ග ඵලයකට පත්ව ඇති බව ප්‍රචලිත කරයි.

බුදුරජානන් වහන්සේ දාර්ශනිකයෙකි. යහමග යන්නට මග පෙන්වු උත්තමයෙකි.වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කරගන්නා බොහෝ දේ අතීතයේදි දේශනාකල විද්වතෙකි.

අපි පන්සිල් පද පහ සලකා බලමු .සතුන් නොමරන්ටත්,සොරකම් නොකරන්ටත්, බොරු නොකියන්ටත් කාමයේ වරදවා නොහැසිරෙන්ටත් මත්පැන් පානය නොකරන්ටත් පන්සිල් පද පහෙන් පොරොන්දු කර ගනී.මේ සරල ශීලය රැකීමෙන් පමනක් සියළු දුෂ්චරිතයන්ගෙන් මිදුන ජීවිතයක් ගොඩනගා ගත හැකියයි මම සිතමි.සතුන් යනු සිව්පාවුන් පක්ෂීතන් දිය ගොඩ ජීවත්වන නානාවිධ උරගයින් මසුන් පමනක් නොවේ. මිනිසුන්ද අයත්වේ.කාමයේ වරදවා හැසිරීම ස්ත්‍රී පුරුෂ යම් යම් චර්යාවන්ට පමනක් ලඝු කොට සිතිය යුතු නොවේ. මත්පැන් පානය කිරීමේ ආදීනව අමුතුවෙන් කිවයුතු නොවේ සම්මත රටාවන්ගෙන් බැහැර වීමෙන් කොයි තරම් අසහනයන් ජීවිත තුල ඇතිවන්නේද යන්න අපිට අත්දැකීම් පරිසරයෙන් කොයිතරම් ලැබී ඇත්ද ?.මම වියමන් කලේ වර්තමානයේ භාවනාව ගැන උවත් පන්සිල් ගැන සදහන් කලේ පන්සිල් රැකීමවුවත් ජීවිතයේ සැනසිල්ලට හේතුවක් වන බැව් දක්වන්නටයි.

අත්දැකීම් ඇත්තෝ වෙත්නම් භාවනාව ගැන අදහස් පලකරත්වා මගේ ආරධනාවයි.

2009-02-18

ජනතා විමුක්ති පෙරමුණ.



පුජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්වු පසු “උනුත් එකයි -මුනුත් එකයි “කියා කියන්න හැකියාව තිබු දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මම දුටුවෙමි.උන්ටත් මුන්ටත් වඩා පරමාදර්ශී දේහපාලනයක නියළුන මේ වීරයෝ අද යන ගමන් මග කිසිසේත්ම සුබදායක ගමන් මගක් නම් නොවේ.ජාතියක් වශයෙන් අපි අද ලබා ඇති ප්‍රතිලාභ බොහොමයකටත්, කොන්ද කෙලින් තබාගෙන ඒකීය රටක් ගැන කතාකරන්නවත් උරුමය සකස් කර දීමේ ගෞරවය හිමි වන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. රට පාවාදීමේ දේශද්‍රෝහී කුමන්ත්‍රණ , පිඹුරුපත් අක්‍රීය කල ජනතා විමුක්ති පෙරමුණ අයවැය පරද්දා මේ රජය අක්‍රීය කරන්න උත්සහා ගත්තේ ඇයිද යන්න මට පිළිතුරු නැති ප්‍රශ්නයකි.
ජනාධිපතිවරණයේදී සියළු ජයග්‍රහණ සාධක රනිල් දෙසට යොමුව තිබියදී මහින්ද ජයග්‍රහණය කරවීමට ජනතාව පෙල ගැස්වු ජනතා විමුක්ති පෙරමුණ රට මුදවාගැණිමේ මගට යොමු වන විට මහින්ද දඩුකදේ ගැසීමේ ස්ථාවරයකට මාරුවිය.එයින් අස්ථාවර තත්වයකට පත්වු ආණ්ඩුව කප්පන් ගෙවමින් එජාපයේ පිරිසක් රජයව එක්කර ගැණිමටත් විමල් වීරවංශ පිරිස ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වීමත් සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ පසුකාලය වන විට එජාපයේ න්‍යාපත්‍රයකට කටයුතු කරනබවක් විද්‍යාමාන කල බවක් හැගෙන්නට විය.

විවිධ කන්ඩායම් රජයට එක්ව රජය ශක්තිමත් වුවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සමග කටයුතු කලානම් මෙතරම් විශාල ඇමතිවරු සංඛ්‍යාවක් අපට පාර්ලිමේන්තුව තුල හමුනොවන්ට බෝහෝ විට ඉඩ නිර්මාණය වන්නට තිබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මතවාදයන් සමග ශ්‍රීලනිප මතවාදයන් පෑහෙන්නේ නැතිවුවත් කවුරුත් එක්ව කපා ගත් මාර්ගයේ යාමට ‍ පෙලගැසීම ජනතාවට සාධාරනවුවකි. ජනතා විමුක්ති පෙරමුණට එය කල නොහැකි විය. ඔවුන් ස්වභාවයෙන්ම දැඩි මතධාරීන් වීම සහ සාධාරණව එකගවීමට මැලිකමක් දක්වන බවක් මම දකිනා දුර්වල කමක් ලෙස සදහන් කල යුතුය.

උදාහරණයක් ලෙස ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න යෝජනා කිරීම ප්‍රායෝගිකව සලකා බලමු. මෙලෙස කියන න්‍යායචාරීන් තමන්ගේ නිවස ඉදිකරන්න නිවාස ණය රැගෙන ඇත. ගමන් බිමන් යන්න රැගෙන තියෙන යතුරු පැදිය කුඩා මෝටර් රථයේ සිට ඩබල් කැබ් රථයට දක්වා ලීසිං පහසුකම් ලබා ගෙන ඇත.ඉතින් රටක් ගොඩ නගන්න ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා පුළුවන්ද ?.( මේ ඇත්තන්ගෙන් සමහරෙක් දැන්නම් ප්ලග් එක ගලවා බැරි බව තේරුම් අරගෙන ඇත )
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගික දේශපාලනයට කවදා එයිද ?.

එදාට යලිත් ජය නියතය.

2009-02-16

මැතිද රනිල්- කාලො අයංතෙ.


මව් බිම නැත්නම් මරණය කියා අපට ඉගැන්වු ජවිපය පසු කලක මව් බිම මහින්දයන්ට බාර දී තම පක්ෂ යට මරණය තෝරා ගත්තේය.අද ජනතාවගේ සටන් පාඨය වී තිබෙන්නේ මව්බිමයි. ඒ සටන් පාඨය අතට ගත් මහින්දයෝ වයඹත් මධ්‍යමත් ඉතා පහසුවෙන් ජයගත්තේය.

එජාපය කෙසේ වෙතත් රනිල් ගේ ගමන යෙදී ඇත්තේ සුළගට විරුද්ධ දිශාවටය.රනිල්ට ඒ ගමන යන්න හැර එජාපයට ජනතාව යන දිශාවට ගමන් ඇරඹීමට කාලය පැමිණ ඇති බවට වයඹත් මධ්‍යමත් නැවතත් බලවත් ඉල්ලීමක් කර ඇත.

වයඹටත් මධ්‍යමටත් අතවැනු පසුගිය මාස කිහිපය ‍තේ, රබර්, මෙන්ම සුළු අපනයන බෝග වලට අයහපත් කාලයක් විය. එළවළු මිල පහත වැටී තිබුන අතර පොහොර කෟෂිරසායන පිරිවැය අධික නිසා ගොවියෝ අලාබ ලබන වගා ආර්ථිකයකට මුහුන දී සිටියේය.වී ගොවිතැන පමනක් වාසිදායක මට්ටමක පැවතුන අතර පොල් වෙලද පොල සම මට්ටමක පැවතින.මේ සාධක තිබියදී පවා උතුර- නැගණහිර ප්‍රශ්නය සදහා ආණ්ඩුව ජනතාවගේ මතවාදය හා සම්පාතව කටයුතු කරන බැවින් දේශපාලන අරටු හැර මධ්‍යස්ථ මතධාරී ඡන්දදායකයෝ ආණ්ඩුවට සහයෝගය දැක්වීය.ජනාධිපතිවරයා කෙරෙහි විශාල විස්වාසයක් ඇතිබව ප්‍රකට කරන ප්‍රතිඵලයක් මිස ප්‍රාදේශීය දේශපාලකයන් ගේ ජනප්‍රියතාවය දක්වන ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රතිඵල තක්සේරු කල නොහැක.

වතුකරය පාන්පිටි මිල ඉහල යාමත් සහල් මිල ඉහල යාමත් අනෙකුත් පරිභෝජන ආහාර ද්‍රව්‍යය ඉහල මට්ටමක පැවතීමත් නිසා පීඩාවට පත්ව සිටියේය.නුවරඑළිය -මස්කෙළිය මැතිවරණ කොට්ඨාසය තොන්ඩමන් ,චන්ද්‍රසේකරම් ආණ්ඩුව සමග සිටියදී පවා ආණ්ඩුව කෙරෙහි ඇති විරෝධාකල්ප වෙනස් කර ගැණීමට තවත් කාලය අවශ්‍ය බව නිවේදනය කර ඇත.

මේ ජයග්‍රහණ සදාකාලික ශ්‍රීලනිප ප්‍රමුඛ පෙරමුනේ ජයග්‍රහණ නොවේ. ජනතාව අතීතයේ මෙන් දේශපාලණ අන්ධභාවයෙන් යුතුව වර්තමානයේ කටයුතු නොකරයි.රනිල් තේරුම් ‍නොගත් ඒ සත්‍යය දැන්වත් තේරුම් ගත යුතුවේ. ජනතාවට ආණ්ඩුවල අතිධාවන ක්‍රිකාරකම්වලට තිරිංග දැමීමට බලවත් විපක්ෂ යක් අවශ්‍යවේ. එය නිර්මාණයවීමට ඉඩ තබා එජාපය හැර දමා යාමට රනිල්ට කාලය පැමිණ තිබේ.

2009-02-11

මධ්‍යම සහ වයඹ






ආණ්ඩුව උත්තර පත්‍රයකුත් එජාපය සහ ජවිපෙය ප්‍රශ්න පත්‍රයකුත් මධ්‍යමම සහ වයඹ
ඡන්දදායකයින් වෙත බෙදා දී තිබේ. 14 දා පස්වරු 4.00වන විට ඡන්දදායකයින් මේ ගොල්ලන්ගේ උත්තර පත්‍රය නැවත සමීක්ෂයණය කර , ප්‍රශ්න පත්‍රවලට උත්තර සකස් කර දෙනු ඇත.
ආණ්ඩුවේ වේදිකාව මහින්ද සහ මහින්දට කඩේ යන අති දක්ෂ නඩයෙන් පිරී පැවතිනි. රනිල්ට තිබුනේ බොල් නිසරු තර්කත් දියාරු කටවල් කිහිපයක් සමග ජනතාව සමග උදාසීන පොරයකි.
මහින්ද යුද්ධය අලවි කරනවිට , යුද්ධ‍ය ඉවරනම් කන්න දියව් යයි - රනිල් සහ ජවිපෙය බඩ අලවි කරන්නට උත්සහා දැරීය. මේ දිනවල ජනතා අවධානය උතුරේ යුද්ධය නිසා බඩට තවමත් මුල් තැන ලැබී නැත.
නුවරඑළිය දිස්ත්‍රික්කය එජාපයට අති විශාල බහුතරයක් ඇති දිස්ත්‍රිනක්කයකි. ජනාධිපතිවරණයේ ප්‍රතිපල හා සසදන විට නුවරඑළිය දිස්ත්‍රික්කය ආණ්ඩුවට අභියෝගයකි. එහෙත් තොන්ඩමාන් සහ චන්ද්රිසේඛරම් සාධකය ආණ්ඩුව සමග සිටින නිසා යම් සහනයක්ආණ්ඩුවට ලැබුනත් මනෝ ගනේෂන්ගේ අත්හදා බැලීම් ආණ්ඩුවට කිසියම් බලපෑමක් වනු ඇත.
සිංහල බහුතර ඡන්දදායකයින් ආණ්ඩුවට සහයෝගය දක්වනුයේ යුද්ධයත් සමග රනිල්ගේ අදක්‍ෂ දේශපාලන කළමනාකරනයත් සැලකිල්ලට ගන්නා නිසාය. ජාතික දේශපාලනය තුලදී එස්.බී. ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුනේ අතීතයේදීය. ඔහුගේ හැකර කට දකුණු ඉන්දියාණු චිත්‍රපටියක ජෝකරයෙකුගේ කටට නොදෙවිනි නිසා අද අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔහුගේ උපන් ගම යම් තරමකින් සැලකුම් කලත් එය දිස්ත්‍රික්කය තුල එජනිස ඡන්ද පදනමට විශාල හානියක් නොවනු ඇත.සියළුම පක්ෂප වයඹට වඩා මධ්‍යමට වැඩි අවධානයක් තිබුනේද යයි සැක ඇතිවන තරමට ප්‍රචාරක කටයුතු මෙහෙවුන බවක්ද පෙනෙන්නට තිබිනි.
පසුගිය මාස කිහිපය සුළු අපනයන බෝග සහ තේ වලට අඩු මිලක් ලැබීම එලවළු පොහොර කෘෂි රසායන වලට වැඩි වියදමක් දැරීම වගේම නිෂ්පාදිත එලවළු සදහා සාධාරන වෙළද පොලක් නොලැබීම යන කරුණුද පලාත් දෙකේම අසන්නට ලැබෙන අසහනාකාරී මැසිවිලිය.
මේ සියල්ලටම පුතිචාර 15 දිනට හිරු පායනවිට අපට දක්නට ලැබෙනු ඇත.

2009-01-29

ස්තුතියි රනිල්.


කාලයට ප්‍රශ්නය තල්ලු නොකර ප්‍රශ්නය කරට ගෙන වි‍වේකයක් විරාමයක් නොදී මාවිල් ආරු වල සිට මුලතිව් දක්වා පැමිණි ගමන අද කාටවත් විස්තර කලයුතු පැහැදිලි කලයුතු ගමනක් නොවේ.එම ගමනේ නන්වැදැරුම් දුෂ්කරතා ජය ගනිමින් ආ මගට නායකත්වය ක්‍රියාශිලිත්වය දැරු විවිධ තරාතිරමේ උත්තමයින්ට මවුබිම වෙනුවෙන් ප්‍රනාමය පුදකිරීමට එක්වූවාට ....... ස්තුතියි රනිල්.

එතුමන් මෙතුවක් කල් මංමුලාව සිටියා විය හැකිය.කාගේත් අරමුණ එතුමන්ගේ දේශපාලන අරමුණු තුල නොතිබුන නිසා එතුමා අපේ විපක්ෂ නායකයා වීමට පින් පිරුනේ විය. එතුමා කිසි දවසක ජනතා අභිලාෂයන් තේරුම් ගත්තේ නැත.එතුමා මෙහෙවන කොටස පැහැදිලිවම අංක එකට තමන්ට බලය අවශ්‍ය බව ප්‍රකට කරන්නෝ පිරිසක් බව බහුතර ජනතාව අදහන්නෝය.ඔවුන් බලය ජනතා සේවයට නොව පෞද්ගලික සේවයට යොදා ගත් පිරිසක් ලෙස ජනතාව පිලිකුලෙන් සිතන්නේ අත්දැකීම් තුලින්ය.

ජනතාව ඒකීය රටක් අපේක්ෂාවෙන් සිටින විට එතුමා පාර්ලිමේන්තුවේ යතුර බාරගෙන හොර රහසේ නෝර්විජියානුවන් හා පිරිබාහරන් ලියා දුන් ගිවිසුමකට අපේ රට පාවාදුන්නේය. ජනාධිපතිවරනයේ ජයග්‍රහණය පිලිබද සියළු සාධක එතුමන්ට පෙල ගැසී තිබියදී මහින්ද ජනාධිපතිවරයා වූයේ මානුෂික මෙහෙයුම කරන හිසට වහලක් තනන්නට බිම් අගලක් නැති දුප්පත් කොල්ලන්ගේත් උන්ගේ දෙමව්පියන්ගේත් අභිලාෂය නිසා බව අමතක කලයුතු නැත.

මෙතුවක් එතුමන් මානුෂික මෙහෙයුම දුටුවේ මහා විනාශයක් ලෙසය. සියළු දේශපාලන ව්‍යාපෟති පෙල ගැස්සුවේ මානුෂික මෙහෙයුමට එරෙහිවය.එතුමන්ගේ කේවට්ට පුරෝහිතයෝ එතුමන් දක්කාගෙන ගිය මාවත විවර වන්නේ නෝර්විජියානුවන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යමින් රට කන නඩයට සහ රට යකාට ගියත් බඩ පිරුනොත් ඒ ඇති හිතන නඩයේ අභිලාෂයට බව ජනතාව දකින බව එතුමා දුටුවේ නැත.

බලය පිලිබදව පමනක් දේශපාලන ව්‍යාපෘති පවත්වාගෙන යාම නතර කර දැන්වත් රට වෙනුවෙන් එකමුතුව ඊලග මෙහෙයුම වන සාමය සහ ආර්ථිකය ජය ගැණීම සදහා තම දේශපාලන දර්ශණය වෙනස් කරගෙන පාලනයට හවුල්ව කටයුතු කලොත් ඉතිහාසය විසින් රට වෙනුවෙන් කැපවු ජනනායකයෙක් ලෙස එතුමා හදුන්වා ගිවිසුමේ පාපයෙන් ආත්මය ගලවා ගැණීමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනු ඇත.
නැත්නම් එතුමත් දේශපාලක ගොන්නට එකතුව අපා ගතවනු ඇත.

2009-01-26

SB.





මේ දවස්වල අපූරු කතා කියවන උත්තමයෙක්. මම කවදා හරි ජනාධිපතිවෙනවා කියලා එක දවසක කියනවා. ආයෙත් දවසක මම ඒකාධිපතියෙක් වෙනවා කියලා සද්දයක් දානවා. මම සියක් කෑලෑ හමුදාවකින් සන්නද්ධයි කියලා තර්ජනය කරනවා. අනේ මන්දා අපිට මොනවා වෙයිද කියලා.
අපි චන්දේ දෙන්නේ අපිට රටට වැඩක් වෙනවා දකින්න මේ ගොල්ලෝ චන්දේ ඉල්ලන්නේ බලය ධනය තර කරගන්න. අපිටයි රටටයි වැඩක් කරලා අපිත් කීයක් හරි හොයා ගන්නම් කියන්නේ නැතිව අපිටයි රටටයි වැඩක් දීලා මගේම බඩ කට පුරවා ගන්නම් කියලානේ මේ කියන්නේ.
චන්ද කතා කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනි . නැත්නම් පරන රෙකෝර්ඩ් ම ගහලා වර්තමානේට හරියන්නේ නෑ. SB මහත්තයාගේ රෙකෝර්ඩ් එක චන්ද්රිකා කාලේ එකක් අනේ ඔය HIFI වලට අපි දැන් චන්දේ දෙන්නේ නෑ. ගහන්න ඕනි හේමකුමාර මහත්තයාගේ ,රාජිතමහත්තයාගේ, විමල් වීරවංශ මහත්තයාගේ අපේ මහින්ද මහත්තයාගේ වගේ බුදු ටෝක් එකක් ඒවනේ දැන් නැගලා යන්නේ .
හගුරන්කෙත පැත්තේ සහෘදයෙක් ඉන්නවනම් දෙමුකෝ පොඩි ඇඩ්වයිස් පාරක් පොරට මහ ඇමතිවත් වෙන්න.දැන් මාකට් එකේ තියෙන්නේ දේශානුරාගේ. මාරු කරන්න කියලා පරන කතා.

2009-01-24

මට චන්දේ දෙන්න.


අපේ පාර්ලිමේන්තුව ලෝකයේම ඇමතිවරුන් වැඩිම ගණණක් සිටින එකම පාර්ලිමේන්තුව විය හැකියි. ඒත් කමක් නෑ කියල හිතමු. මේ මැතිතුමන්ලා ට භාර විෂයය පථය ගැන එතුමන්ලා විශේෂඥයෝ නම්.අපිට නම් රැකියාවකට අයදුම් කලාම අධ්‍යාපන සුදුසුකම් , වෘත්තීය සුදුසුකම් , සේවා පලපුරුද්ද මේ සේරම බලලා තමයි අඩුම තරමේ සම්මුඛ පරීක්ෂණයකටවත් කැදවන්නේ. මෙතුමන්ලාට ඒ කිසිම වැට කඩුල්ලක් නෑ ඉහලම ඇබෑර්තුව ලබාගන්න.
ඉහලම ඉන්නේ හයක් හතරක් නොතේරෙන උත්තමයෙක් වුනාම පහලට ගලා එන්නේ අසාර්ථකත්වය මිසක් වෙන මොනවද ? .
අපි චන්දය දෙන්නේ කාටද ?. බලයට එන්න දගලන පක්ෂ දෙකයි නේ තියෙන්නේ.ඒ ගොල්ල ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවට එපාය චන්දේ දෙන්න.ඔය ලැයිස්තුවට රිංගන්න සල්ලි ඕනි,තාත්තා අප්පච්චි ඩඩා හරි අම්මා අයියා වගේ කෙනෙක් කලින් දේශපාලනේ ඉන්න ඕනි. ඔය මොනවත් නැත්නම් සල්ලිත් තිබිලා අඩුම තරමේ එක්කෙනෙක්වත් මරලා තියෙන්න ඕනි.එහෙම නැතිව ඔය ලැයිස්තු වල ඉන්නවනම් සියයට එක්කෙනෙක් තමයි.

පාර්ලිමේන්තුවේ දවසක් ගැන හිතමු. විරෝධය පාන්නේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමෙන් නෙමෙයි. අම්මා මෝ නැතිව රෙද්ද උස්සා ගෙන.ප්‍රතිඋත්තර ලැබෙන්නෙත් ඒවයින්මයි.කථානායක තුමාගේ කාරිය සන්සුන්වන්න .. සන්සුන්වන්න ..කියන එක.ඇයි මෙහෙම වෙන්න හේතුව.අපි පත්කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට යන්න ඕනි අය නෙමෙයිනේ. බන්ධනාගාරයට යන්න ඕනි අයනේ පාර්ලිමේන්තුවට පත් කරලා තියෙන්නේ.
අධ්‍යාපන වටපිටා වෙන් ,මානව හිතවාදී ගුණයෙන් පිරිපුන් , ජන විඥාණය හදුනාගත් දේශයේ සංස්කෘතිය , සංස්කෘතික උරුමයන් ගරු කරන,යහගුණ දත් යහපැවැත්ම ඇති අය තුලින් සැබෑ දේශපාලඥයකු නිර්මානය වෙන බවත් . එවිට යහපත් දේශයක් ‍ඉබේටම නිර්මානය වන බවටත් මතයක් මම අහලා තියෙනවා.
එවන් සමාජයක් අපට කවදා දක්නට ලැබෙත්ද ?.
මට මේ සියල්ල සිහිපත්වූයේ හිගන්නාගේ තුවාලයවු උතුරු නැගණහිර අර්බූදය ගැන හිතලා.මුලතිව් නගරයට කි.මි පහක් ආසන්නයට හමුදා ඇවිත්. මර බියේ කොටුවෙලා ඉන්න කොටි රැළට ඹක්සිජන් දෙන්නත් උන් ඉන්නවද නැද්ද ගානට ඉන්න පුළුවන් අපේ ඇත්තෝත් ඉන්නවනේ. මේ ඇත්තන්ට තුවාලේ සනීප කරලා සර්වාංගයට වෙදකම් කරන්න හිතන්නේ නෑ කියලා මතක් වුනහම.
කොටි සුද්ධය එවරවුනාම තමයි ආණ්ඩුවට නියම මානුෂික මෙහෙයුම පටන් ගන්න වෙන්නේ.ඒකට එකතුවෙලා මුහුණ දුන්නොත් රට ගොඩ කියලා හිතුවොත් කොයිතරම් අපූරුද ?.එහෙම හිතන්න ප්‍රඥාව පහල නොවන්නේ පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවන් පිටතත් ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න ඇත්තන්ගේ නූගත් කුහක පිලිවෙත නිසා කියලයි මම හිතන්නෙ.අනෙක් කොන්ත්‍රාත්කාරයින්ගේ නම් සද්දේ විතරයි.ටෙන්ඩර් දානවා වැඩ ලැබෙන්නේ නැහැනේ.
ආයෙත් චන්දයක් ආවමවත් අපිට චන්දේ දෙන්න පුළුවන් වෙන්න අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරලා සුදුසුකම් තියෙන ඇමති මණ්ඩලයක් පත්කරගන්න පුළුවන් දිනන අයගෙන්.එහෙම සුදුසු අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත්කරන්න නොකෙරෙන යෝජනාවක් අපි ඉදිරිපත් කරමු.