මව් බිම නැත්නම් මරණය කියා අපට ඉගැන්වු ජවිපය පසු කලක මව් බිම මහින්දයන්ට බාර දී තම පක්ෂ යට මරණය තෝරා ගත්තේය.අද ජනතාවගේ සටන් පාඨය වී තිබෙන්නේ මව්බිමයි. ඒ සටන් පාඨය අතට ගත් මහින්දයෝ වයඹත් මධ්‍යමත් ඉතා පහසුවෙන් ජයගත්තේය.
එජාපය කෙසේ වෙතත් රනිල් ගේ ගමන යෙදී ඇත්තේ සුළගට විරුද්ධ දිශාවටය.රනිල්ට ඒ ගමන යන්න හැර එජාපයට ජනතාව යන දිශාවට ගමන් ඇරඹීමට කාලය පැමිණ ඇති බවට වයඹත් මධ්‍යමත් නැවතත් බලවත් ඉල්ලීමක් කර ඇත.
වයඹටත් මධ්‍යමටත් අතවැනු පසුගිය මාස කිහිපය තේ, රබර්, මෙන්ම සුළු අපනයන බෝග වලට අයහපත් කාලයක් විය. එළවළු මිල පහත වැටී තිබුන අතර පොහොර කෟෂිරසායන පිරිවැය අධික නිසා ගොවියෝ අලාබ ලබන වගා ආර්ථිකයකට මුහුන දී සිටියේය.වී ගොවිතැන පමනක් වාසිදායක මට්ටමක පැවතුන අතර පොල් වෙලද පොල සම මට්ටමක පැවතින.මේ සාධක තිබියදී පවා උතුර- නැගණහිර ප්‍රශ්නය සදහා ආණ්ඩුව ජනතාවගේ මතවාදය හා සම්පාතව කටයුතු කරන බැවින් දේශපාලන අරටු හැර මධ්‍යස්ථ මතධාරී ඡන්දදායකයෝ ආණ්ඩුවට සහයෝගය දැක්වීය.ජනාධිපතිවරයා කෙරෙහි විශාල විස්වාසයක් ඇතිබව ප්‍රකට කරන ප්‍රතිඵලයක් මිස ප්‍රාදේශීය දේශපාලකයන් ගේ ජනප්‍රියතාවය දක්වන ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රතිඵල තක්සේරු කල නොහැක.
වතුකරය පාන්පිටි මිල ඉහල යාමත් සහල් මිල ඉහල යාමත් අනෙකුත් පරිභෝජන ආහාර ද්‍රව්‍යය ඉහල මට්ටමක පැවතීමත් නිසා පීඩාවට පත්ව සිටියේය.නුවරඑළිය -මස්කෙළිය මැතිවරණ කොට්ඨාසය තොන්ඩමන් ,චන්ද්‍රසේකරම් ආණ්ඩුව සමග සිටියදී පවා ආණ්ඩුව කෙරෙහි ඇති විරෝධාකල්ප වෙනස් කර ගැණීමට තවත් කාලය අවශ්‍ය බව නිවේදනය කර ඇත.
මේ ජයග්‍රහණ සදාකාලික ශ්‍රීලනිප ප්‍රමුඛ පෙරමුනේ ජයග්‍රහණ නොවේ. ජනතාව අතීතයේ මෙන් දේශපාලණ අන්ධභාවයෙන් යුතුව වර්තමානයේ කටයුතු නොකරයි.රනිල් තේරුම් නොගත් ඒ සත්‍යය දැන්වත් තේරුම් ගත යුතුවේ. ජනතාවට ආණ්ඩුවල අතිධාවන ක්‍රිකාරකම්වලට තිරිංග දැමීමට බලවත් විපක්ෂ යක් අවශ්‍යවේ. එය නිර්මාණයවීමට ඉඩ තබා එජාපය හැර දමා යාමට රනිල්ට කාලය පැමිණ තිබේ.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.