ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
5 comments:
--"බුදුරජානන් වහන්සේ දාර්ශනිකයෙකි. යහමග යන්නට මග පෙන්වු උත්තමයෙකි.වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කරගන්නා බොහෝ දේ අතීතයේදි දේශනාකල විද්වතෙකි."--
ආ හොඳයි. එතකොට බුදු හාමුදුරුවෝ දේශනා කලේ මොන මොන විද්යාවල්ද? ආකිමිඩිස් නියමයද, සාමාන්‍ය සාපේක්ෂතාවාදයද??
--"සම්මත රටාවන්ගෙන් බැහැර වීමෙන් කොයි තරම් අසහනයන් ජීවිත තුල ඇතිවන්නේද යන්න අපිට අත්දැකීම් පරිසරයෙන් කොයිතරම් ලැබී ඇත්ද ?."--
දැන් ඔය සම්මත රටාවල් අනුගමනය කරන අය ඉන්නෙ අසහනයෙන් නෙවේද?
ඔබ මෙහිදි මතු කරන කාරණා වැදගත්ය. නමුත් සෝවොන් වුවෙක් එසේ වු කල්හී අනෙක් අයට තමා එසේ වු බව නොකියත්. ඒ බව බුදුන් වහන්සේ වදාල සේක. මාර්ග ඵල ගැන ඔබ සදහන් කරන උපාධි සිදුවිම මම නොදත්තේමි. නමුත් එසේ නම් එයත් මුදල උදෙසා කෙරෙන්නේක් විය හැකිය. පන්සීල් රැකිම තම ජිවිතයේ අධ්‍යාත්මක දියුණුව උදෙසා උපකාරි වන අතර බුදු දහමේ හරයන් පිලිපැදිමේදි පන්සිල් රැකිම වැදගත් වෙයි. භාවනාව වු කල්හි සිත දියුණු කිරිමත් සිත එකාකාරිව සන්සුන්ව තබා ගැනිමට උපකාරි වන්නෙක් බැවින් එයද වැදගත් වනු ඇත. ඒ සදහා පන්ති වලට සහභාගි විම අවශ්‍ය නැති බව මගේ විශ්වාසයයි.
@මකබාස්:
"දැන් ඔය සම්මත රටාවල් අනුගමනය කරන අය ඉන්නෙ අසහනයෙන් නෙවේද?"
එසේ වෙන්නේ වැරදි ක්‍රම මගින් හා ව්‍යාජව කරන නිසාවෙනි.
නමෝ බුද්ධාය෴
පින්වත් මිතුරනි ඔබසියලු දෙනා කෙරෛහි ඉමහත් කරුනාවෙන් කියමි.අප යම්කිසි දෙයක් ගැන හරිහැටි නොදැන කතාකිරිමෙන් අපහට එයද අකුසලයක් බවට පත්වේ. අප මුලින්ම අපගේ සම්බුදු රජානණ් වහන්සේ අවබොද කරදෙය. දෙශනා කරන ලද ධර්මය කුමක්ද කියා හරිහැටි නොදැන කතාකිරිමෙන් අපහට අලභය පිනිසම හෙතුවේ.
බුදු රජුන්ගේ ධර්මයෙ ඇති අකාලික බව නොදැන කතා කරන බාල ප්‍රතක්ජන මිනිසුන් නොවි. ස්‍රතවන් අර්ය්‍යශ්‍රවකයින් වෙමු.http://mahamevnawa.blogspot.com/
http://mahamevna.org/sinhala_index.htm අපහට මේම ලැබී ඇති ලාභය ලභයක් ලෙස දකිමු. ඔබ සියළුදෙනා හට චතුරර්ය්‍ය සත්ය්‍ය ධර්මය ඉක්මනින් අවබෝධ වේවා..!!
මාහට අහබුලෙස හමුවු මෙම බොලොක් කතාබහට comment කරන්න සිතුනේ ඔබ සැම ඉහත කර ඇති වද විවාද කියවිමෙන්ය.
බුදුන්ගේ ධර්මය වාද විවාද වලින් කිසි විටෙක අවබොද කරගත නොහැක.භාවනාව කියනදෙ උතුම් දෙය අප හරි හැටි මුලින් උගනිමු.
එය හරි හැටි උගතහොත් අප සියළුදෙනාට හිත සුව පිනිසම පවති.
මෙය වලිගය පගා කරන කථාවක් ලෙස නොසිතන්න.
ඔබ සැමට තේරුවන් සරණයි..෴
http://www.lakehouse.lk/budusarana/2009/08/20/tmp.asp?ID=vision02
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.