Wednesday, February 11, 2009

මධ්‍යම සහ වයඹ

ආණ්ඩුව උත්තර පත්‍රයකුත් එජාපය සහ ජවිපෙය ප්‍රශ්න පත්‍රයකුත් මධ්‍යමම සහ වයඹ
ඡන්දදායකයින් වෙත බෙදා දී තිබේ. 14 දා පස්වරු 4.00වන විට ඡන්දදායකයින් මේ ගොල්ලන්ගේ උත්තර පත්‍රය නැවත සමීක්ෂයණය කර , ප්‍රශ්න පත්‍රවලට උත්තර සකස් කර දෙනු ඇත.
ආණ්ඩුවේ වේදිකාව මහින්ද සහ මහින්දට කඩේ යන අති දක්ෂ නඩයෙන් පිරී පැවතිනි. රනිල්ට තිබුනේ බොල් නිසරු තර්කත් දියාරු කටවල් කිහිපයක් සමග ජනතාව සමග උදාසීන පොරයකි.
මහින්ද යුද්ධය අලවි කරනවිට , යුද්ධ‍ය ඉවරනම් කන්න දියව් යයි - රනිල් සහ ජවිපෙය බඩ අලවි කරන්නට උත්සහා දැරීය. මේ දිනවල ජනතා අවධානය උතුරේ යුද්ධය නිසා බඩට තවමත් මුල් තැන ලැබී නැත.
නුවරඑළිය දිස්ත්‍රික්කය එජාපයට අති විශාල බහුතරයක් ඇති දිස්ත්‍රිනක්කයකි. ජනාධිපතිවරණයේ ප්‍රතිපල හා සසදන විට නුවරඑළිය දිස්ත්‍රික්කය ආණ්ඩුවට අභියෝගයකි. එහෙත් තොන්ඩමාන් සහ චන්ද්රිසේඛරම් සාධකය ආණ්ඩුව සමග සිටින නිසා යම් සහනයක්ආණ්ඩුවට ලැබුනත් මනෝ ගනේෂන්ගේ අත්හදා බැලීම් ආණ්ඩුවට කිසියම් බලපෑමක් වනු ඇත.
සිංහල බහුතර ඡන්දදායකයින් ආණ්ඩුවට සහයෝගය දක්වනුයේ යුද්ධයත් සමග රනිල්ගේ අදක්‍ෂ දේශපාලන කළමනාකරනයත් සැලකිල්ලට ගන්නා නිසාය. ජාතික දේශපාලනය තුලදී එස්.බී. ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුනේ අතීතයේදීය. ඔහුගේ හැකර කට දකුණු ඉන්දියාණු චිත්‍රපටියක ජෝකරයෙකුගේ කටට නොදෙවිනි නිසා අද අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔහුගේ උපන් ගම යම් තරමකින් සැලකුම් කලත් එය දිස්ත්‍රික්කය තුල එජනිස ඡන්ද පදනමට විශාල හානියක් නොවනු ඇත.සියළුම පක්ෂප වයඹට වඩා මධ්‍යමට වැඩි අවධානයක් තිබුනේද යයි සැක ඇතිවන තරමට ප්‍රචාරක කටයුතු මෙහෙවුන බවක්ද පෙනෙන්නට තිබිනි.
පසුගිය මාස කිහිපය සුළු අපනයන බෝග සහ තේ වලට අඩු මිලක් ලැබීම එලවළු පොහොර කෘෂි රසායන වලට වැඩි වියදමක් දැරීම වගේම නිෂ්පාදිත එලවළු සදහා සාධාරන වෙළද පොලක් නොලැබීම යන කරුණුද පලාත් දෙකේම අසන්නට ලැබෙන අසහනාකාරී මැසිවිලිය.
මේ සියල්ලටම පුතිචාර 15 දිනට හිරු පායනවිට අපට දක්නට ලැබෙනු ඇත.

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon