කාලයට ප්‍රශ්නය තල්ලු නොකර ප්‍රශ්නය කරට ගෙන විවේකයක් විරාමයක් නොදී මාවිල් ආරු වල සිට මුලතිව් දක්වා පැමිණි ගමන අද කාටවත් විස්තර කලයුතු පැහැදිලි කලයුතු ගමනක් නොවේ.එම ගමනේ නන්වැදැරුම් දුෂ්කරතා ජය ගනිමින් ආ මගට නායකත්වය ක්‍රියාශිලිත්වය දැරු විවිධ තරාතිරමේ උත්තමයින්ට මවුබිම වෙනුවෙන් ප්‍රනාමය පුදකිරීමට එක්වූවාට ....... ස්තුතියි රනිල්.
එතුමන් මෙතුවක් කල් මංමුලාව සිටියා විය හැකිය.කාගේත් අරමුණ එතුමන්ගේ දේශපාලන අරමුණු තුල නොතිබුන නිසා එතුමා අපේ විපක්ෂ නායකයා වීමට පින් පිරුනේ විය. එතුමා කිසි දවසක ජනතා අභිලාෂයන් තේරුම් ගත්තේ නැත.එතුමා මෙහෙවන කොටස පැහැදිලිවම අංක එකට තමන්ට බලය අවශ්‍ය බව ප්‍රකට කරන්නෝ පිරිසක් බව බහුතර ජනතාව අදහන්නෝය.ඔවුන් බලය ජනතා සේවයට නොව පෞද්ගලික සේවයට යොදා ගත් පිරිසක් ලෙස ජනතාව පිලිකුලෙන් සිතන්නේ අත්දැකීම් තුලින්ය.
ජනතාව ඒකීය රටක් අපේක්ෂාවෙන් සිටින විට එතුමා පාර්ලිමේන්තුවේ යතුර බාරගෙන හොර රහසේ නෝර්විජියානුවන් හා පිරිබාහරන් ලියා දුන් ගිවිසුමකට අපේ රට පාවාදුන්නේය. ජනාධිපතිවරනයේ ජයග්‍රහණය පිලිබද සියළු සාධක එතුමන්ට පෙල ගැසී තිබියදී මහින්ද ජනාධිපතිවරයා වූයේ මානුෂික මෙහෙයුම කරන හිසට වහලක් තනන්නට බිම් අගලක් නැති දුප්පත් කොල්ලන්ගේත් උන්ගේ දෙමව්පියන්ගේත් අභිලාෂය නිසා බව අමතක කලයුතු නැත.
මෙතුවක් එතුමන් මානුෂික මෙහෙයුම දුටුවේ මහා විනාශයක් ලෙසය. සියළු දේශපාලන ව්‍යාපෟති පෙල ගැස්සුවේ මානුෂික මෙහෙයුමට එරෙහිවය.එතුමන්ගේ කේවට්ට පුරෝහිතයෝ එතුමන් දක්කාගෙන ගිය මාවත විවර වන්නේ නෝර්විජියානුවන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යමින් රට කන නඩයට සහ රට යකාට ගියත් බඩ පිරුනොත් ඒ ඇති හිතන නඩයේ අභිලාෂයට බව ජනතාව දකින බව එතුමා දුටුවේ නැත.
බලය පිලිබදව පමනක් දේශපාලන ව්‍යාපෘති පවත්වාගෙන යාම නතර කර දැන්වත් රට වෙනුවෙන් එකමුතුව ඊලග මෙහෙයුම වන සාමය සහ ආර්ථිකය ජය ගැණීම සදහා තම දේශපාලන දර්ශණය වෙනස් කරගෙන පාලනයට හවුල්ව කටයුතු කලොත් ඉතිහාසය විසින් රට වෙනුවෙන් කැපවු ජනනායකයෙක් ලෙස එතුමා හදුන්වා ගිවිසුමේ පාපයෙන් ආත්මය ගලවා ගැණීමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනු ඇත.
නැත්නම් එතුමත් දේශපාලක ගොන්නට එකතුව අපා ගතවනු ඇත.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
6 comments:
ඔව් රනිල් වික්‍රමසිංහට තවමත් කාළය තිබෙනවා ජාත්‍යන්තර න්‍යාය පත්‍ර වලින් ඉවත් වී රටට සේවය කරන්නට.අවශ්‍ය වන්නේ ඔහු ඒ දෙය තේරුම් ගැනීමයි.
KAURUVATH HITHANNA EPA ETHUMA HADAVATHATA EKAGAVA OYA DEYA KALA KIYALA OKA CHANDA GUNDUWAK (MAMA HITHANNE)PAVATHINA PALATH SABA CHANDEDI UDDAYA THIRAKA BLAVEGAYAK EKAI ETHUMAGE VENASATA EKAMA HETHUVA.
STOP the war against LTTE, stop SINHALA Racism. Support NGOs to rebuild Sri Lanka
මිනිහ කියයි ඔහොම දෙයක් !
මධ්‍යම - සබරගමු ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගෙ තැපැල් ඡන්‍ද දවස ළඟටම ආවට පස්සෙ තමයි _._._සක රනිල් ට මානුෂික මෙහෙයුමේ අගේ පෙනුනෙ.
අපි ඔටුවො නේ ? අපිට මුකුත් තේරෙන්නෙ නෑ කියල උන්නැහේ හිතං ඇති...
අර දොන් ජුවාන්ගේ බෑනා කියපු විදිහට යුද්දේ නවත්තලා NGO වල මහත්වරුන්ට මේ රට හදන්න භාර දුන්නොත් නරක ද?
කපන්න බැරි අත ඉඹගන්නවත් දෙන්නෙ නෑනෙ මේ අය...
අනේ අර NGO කාරයටත් රුපියලක් දෙක්ක පිනට වගේ දීල යන්න.. LTTE යට කැහැලා අමාරු ඇති....
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.