Tuesday, March 03, 2009

ප්‍රහාකරන් - කොටි සංවිධානයේ උපත. 01.

ප්‍රභාකරන් මීදුම තුල සටහනකට පාදක නොවුනේ මන්ද යයි මම ‍බොහෝ විට සිතමි. භූමියේ අයිතියත් මිනීමැරීමේ අයිතියත් පැහැර ගැණීමේ අයිතියත් නොමැතිව සර්ව සාධාරණ පාලන ක්‍රමයක් නියෝජනය කරන මත වාදයක සිටින ප්‍රභාකරන් කෙනෙක් සිටියා නම් ඔහු මගේද වීරයෙකු වනවා නියතයි.එහෙත් කෙටි කලක් ද්‍රවිඩ සහෝදර වරුන්ගේද වීරවරයෙකුවු ඔහු වර්තමානයේ නම් සියළු අන්ත ජරා වැඩ වල නිරත යක්ෂයෙක්.

1954.නොවැම්බර් මස 26 දා යාපනය රෝහලේදී උපත ලද වේළුපිල්ලේ ප්‍රභාකරන් අදට අවුරුදු 54 මාස 03 දවස් 05ක් ජීවත්ව තිබෙනවා. ඔහුගේ පියා වල්ලීපූරම් පාර්වතීගේ තිරුවෙන්කනම් වේළුපිල්ලේ මහතායි. වෟත්තියෙන් දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙක්.මව ගැන මීදුම දැනුවත් නෑ. බිරිද මදිමාදනී යාපනය විශ්ව විද්යාබලයේ වෛද්‍යපීඨ ශිෂ්‍යාවක්.
ප්‍රභාකරන්ගේ මූලික අධ්‍යාපනය මඩකලපුවේ පාසලකින් ඇරඹි පසුව වැල්වෙටිතුරේ විදම්බරම් විදුහලේ හත්වෙනි ශ්‍රේණියෙන් අවසන් වුනා. වැල්වෙටිතුරේ නගරය එකල හොර ජාවාරම්වල තෝතැන්නක් .ඉන්දියාව වෙරළ තීරය සම්බන්ධ් කර ගෙන බෝහෝ හොර බඩු ලංකාවට ගෙන ආවේ වැල්වෙටිතුරේ හරහායි. ප්‍රභාකරන්ගේ ජීවන වෟත්තිය ඇරඹෙන්නේ මේ හොර ජාවාරම්වල වල නිරත ජාවාරම් කරුවන්ගේ සේවකයෙකු ලෙසයි.

උතුරුකරය ඉතාමත් ප්‍රබල ලෙස කුල ගෝත්‍රයේ වටිනාකම් සොයන සමාජයක්. ප්‍රභාකරන් මුහුදු ධීවරයන්ගේ පීඩිත කුළයක්වු කාර්රියාර් කුළය නියෝජනය කරන්නෙක්.ඉතාමත් අඩු ජනගහණ අනුපාතයක් නියෝජනය කල මෙම කුළය (10%) අධිපති ප්‍රභූන් අයත්වු වෙල්ලාල කුළයේ ජනතාවගේ අවමානයට සහ පීඩනයට ලක් වූවෝ පිරිසක්. ප්‍රභාකරන්ට සමාජ ගතවීමට මෙම කුළ පීඩනය.අඩු අධ්‍යායපනය, සමාජ ස්ථරය, විශාල බලපෑමක් වුනා.හොර ජාවාරම් වලින් මිළ මුදල් උපයා ගත්තත් යාපනයේ සමාජය තුළ හිස ඔසවන්න මෙම කාරනා විශාල බාධාවක් උනා ස්ථීර වශයෙන්ම.
යෞවනයේදී මෙම හේතූන් නිසා ඉච්චා භංගත්වයටත් වැඩි වැඩියෙන් හොර ජාවාරම් වලින් මුදල් උපයා ගැණිමට ආරක්ෂක ආවරනයක් ලබා ගැණීමටත් දෙමළ සටන්කාමී සංවිධාන හා එක්වෙන ප්‍රභාකරන් 70 දශකයේ දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගයේ කටයුතු කරන්න පටන් ගන්නවා.පසුකාලීනව තංගතු‍රෙයි සහ කුට්ටමණීලාගේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හා සම්බන්ධරවන ප්‍රභාකරන් 1975 දී යාපනයේ පුරපති ඇල්ෆර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.මේ සිද්ධියත් සමග දෙමළ සන්නද්ධ ව්‍යාපාරය තුළ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා.අනතුරුව ගතවන කාලය තුල මිතුරු පසමිතුරු සියළු දෙමළ සංවිධාන විනාශකර දෙමළ ඊලාම් කොටි සංවිධානය ගොඩ නගා ගෙන ද්‍රවිඩ ජනතාවගේ එකම නායකයායි කියවා ගන්නවා.

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon