1970 දශකය කොටි සංවිධානය බිහිවිමේ වාතාවරණය ඇතිවු යුගය ලෙස සැලකේ.සන්නද්ධ කන්ඩායම් බිහිකල නායකයින් එකල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංගමය වටාවු දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගය වටා ගොණුවී සිටියා.1974 වසර දී වඩුකොඩෙහිදී ද්‍රවිඩ එක්සත් පෙරමුණ ගෙනා “තමිල් ඊලාම් යෝජනාව” සම්මත කරගන්නවා. ප්‍රජාතන්ත්‍ර රාමුව තුල ක්‍රියාත්මක ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙල මෙම සම්මුතිය සමග ගියේ හෙමින් ගමනක්. තරුණ කොටස මේ මන්දගාමීත්වවය පසකලා දෙමළ සන්නද්ධ සංවිධාන පිහිටුවා ගන්නවා.
ප්‍රභාකරන්ද සම්බනධවු ප්‍රථම සන්නද්ධ සංවිධාණය වාර්තාවන්නේ ධනබාලසිංහම් හෙවත් චෙට්ටි විසින් මෙහෙයවන පාතාල කණ්ඩායමක් .( මීදුම- ප්‍රභාකරන් සම්බන්ධ කරගන්න) මෙම සංවිධානයට දේශපාලන මුහුණක් ලැබෙන්නේ එවකට කෝපායි පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි අලාල සුන්දරම් මහතා අතින්. ඔහු මෙම සුළු කන්ඩායම “ ද්‍රවිඩ නව කොටි “ නමින් බෞතීස්ම කරනවා.
1972 නව ජනරජ ව්‍යස්ථාව එලිදැක්වීමේදි උතුරේ ඇතිවු යම් යම් විරෝධතා ද්‍රවිඩ තරුණ සටන්කාමීත්විය ප්‍රදර්ශනය කල මුල් අවස්ථාවක් .1975 .07.27දින යාපනයේ පුරපති ඇල්ෆුර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.1978.09.07 දින රත්මලාන ගුවන් තොටුපලේදි ඇව්රෝ ගුවන් යානය පුපුරවා හරින්නේ 1978 ආණ්ඩු ක්රමම ව්‍යවස්ථාවට විරෝධය පාමින්. ද්‍රවිඩ සංන්නද්ධ කන්ඩායම් අවධිවු බව දක්වන වෙඩි මුර ලෙස මේවා හදුන්වන්න පුළුවන්.
1976 .05.05 දින උමා මහේෂ්වරම් ගේ සභාපතිත්චයෙන් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය LTTE ය බිහිවෙනවා . වේළුපිල්ලේ ප්‍රභාකරන් එහි අණදෙන නිළධාරියායි. “ ද්‍රවිඩ නව කොටි “- ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය" ලෙස නම් වී කලඑලි බසින්නේ උමා මහේෂ්වරම් අතින්. උමා මහේෂ්වරම් වෘත්තීයෙන් මිණුම්දෝරුවෙක් . ඹහු කොළඹ කේන්ද්‍රකරගෙන අනෙක් ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ හා සම්බන්ධ වෙමින් සංවිධාණයයේ අත්තිවාරම සවිමත් කරනවා.
පසුකාලීනව ඇතිවු මතවාද නිසා උමා මහේෂ්වරම් වෙන්වනවා. එතනට පත්වෙන්නේ රාගවන්. මහුගෙන් පසු ප්‍රභාකරන් නායකත්චනයට පත්වනවා.
1974 වසර දී වඩුකොඩෙහිදී ද්‍රවිඩ එක්සත් පෙරමුණ ගෙනා “තමිල් ඊලාම් යෝජනාව” මතවාදයක් කරගත් ද්‍රවිඩ සංවිධාන අතර “ ටෙලෝ, ප්‍රදියපාදෙයි කුමාර පුරම් ගෲප්, ඊරෝස්,EPRLF,ප්ලොට්, ද්‍රවිඩ ඊළාම් විමුක්ති හමුදාව, EPDP, ENDLF “ වැනි සංවිධාන පසුකාලීනව අක්‍රීය කරමින් නැත්තම් පළවා හරිමින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ LTTE ය උතුරේ නායකත්වය අත්පත් කරගත්තා.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.