අතීතයේ අප අතරේ භාවිතාවූ කොමිනියුස්ට් වාදය එකල පැවති ආණ්ඩුවලට අද ත්‍රස්තවාදය තරම් බියගෙන දෙන පදයක්. කොමිනියුස්ට්වාදීන් සහ සමසමාජ වාදීන් පිලිබදව ජනතාව තුළ ඇති කර තිබුනේ බියකරු ආකල්පයක්. ශ්‍රී ලංකාවේදී නාගරික කම්කරු පංතිය, ගම්බදට වෙන විට අඩු ආදායම්ලාභීන් සහ යම් යම් කුළ අතරත් , විප්ලවීය හැගීම් ඇති තරුණ වයසත් කොමිනියුස්ට් සහ සමසමාජ දේශපාලන පක්ෂළ වලට කිසියම් ස්ථාවරයක් තිබුනා. 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආගමනයත් සමගම ගම්බදව පැවති කොමිනියුස්ට් සහ සමසමාජවාදී දේසපාලන නැඹුරුව ටිකින් ටික දියවී ගියා.1948-1970 දක්වා පැවති දක්ෂිණාංශික සහ අර්ධ දක්ෂිණාංශික ආණ්ඩු තුල තිබු හිතුවක්කාරි පිලිවෙත නිසා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් වාමාංශික දේශපාලන පෙරමුණු බෝර්ඩ් ලෑලි වලට සීමා කරමින් පෙරමුණ ගත්තා.
1970 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ගම්බදව පැවති දක්ෂිණාංශික සහ අර්ධ දක්ෂිණාංශික දේශපාලන ඒකාධිකාරී නායකත්වයෙන් පීඩිත කොටස් එක්රැස් කරගෙන නිෂ්පාදනය කළ “වේ ගුවේරා “ ව්‍යාපාරය අප හදුනාගත් පළමු ත්‍රස්තවාදී ව්‍යාපාරයයි.නමුත් 1956 එජාප පළමු දෙකඩ වීමේ පටන් රාජ්‍ය ත්‍රස්තවාදය මෙරට පැවතුනා.ගම්බද මෙන්ම නාගරිකවද එකල මැතිවරණ වලදී එජාපය ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් ගේ මැතිවරණ සහභාගිත්වය වැලක්වුවේ පොළු මුගුරු, අත් බෝම්බ, කඩු කිණිසි, වැනි ප්‍රාථමික යුද උපකරණ භාවිතයෙන්.සුප්‍රසිද්ධ වයඔ මැතිවරණයත් ත්‍රස්තවාදයක්.
ත්‍රස්තවාදය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්.අපේ ඡන්දෙන් පත්වෙච්ච ආණ්ඩු වලට විජේවීර, ප්‍රභාකරන් ත්‍රස්තවාදියෝ. විජේවීරගේ, ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට ආණ්ඩු අනුගමනය කරන්නේ ත්‍රස්තවාදි පිලිවෙතක්.
1971 විජේවීරගේ කැරැල්ලත් 1989 අවදිවීමත් නිසා ආණ්ඩු යම් මෙල්ලවිමක් වුනා කියලා අපිට පිලිගන්න වෙනවා .
විජේවීරත් , ප්‍රභාකරනුත් ඉල්ලන්නේ දෙන්න බැරි දේවල් . ත්‍රස්තවාදයේ ස්වභාවය එහෙම තමයි. ගෙදරක වුනත් අම්මටයි තාත්තටයි දෙන්න බැරි දෙයක් ලබා ගන්න ඉල්ලීමක් කරනවා පුචි දැනුම් තේරුම් නැති දරුවෝ . කාර් එකක් ඉල්ලා කරන උද්ඝෝසනයක් සෙල්ලම් කාර් එකකින් තෘප්තිමත් නොවනවිට පොඩි එකාට වෙන්නේ ප්‍රහාරයකින් පස්සේ නිහඩ වෙන්න.මේ දෙන්නගෙන් විජේවීරට වුනේත් ඒක. ප්‍රභාකරන්ට වෙන්නෙත් ඒක.
උතුරේ සහෝදර ජනතාවට සෙල්ලම් කාර් එකක් වත් අනිවාර්යෙන්ම ලැබේන් ඕනී.1971, ආයෙත් 1989 දකුනේ වගේ 2009 ත්‍රස්තවාදය පරාජය සනිටුහන් කරනවිට , ත්‍රරස්තවාදය නිද්‍රාවට පත්කිරීම වෙනුවට සදාකාලික මරණයට පත් කිරීමට කවුරුත් එකතු වෙලා වැඩ පටන් ගන්න ඕනී කාලය ඇවිල්ලා තියෙන්නේ.
ඡන්ද අමතක කරලා තනතුරු අමතක කරලා වැඩට බහින්න ඕනි කාලයයි මේ.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
1 comments:
"නිද්‍රාවට පත්කිරීම වෙනුවට සදාකාලික මරණයට පත් කිරීමට කවුරුත් එකතු වෙලා වැඩ පටන් ගන්න ඕනී කාලය ඇවිල්ලා තියෙන්නේ. "
Agreed!
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.