මාලිමා ආණ්ඩුව බලයට එද්දි දීපු ප්‍රධාන පොරොන්දුව දූෂණ, වංචා සහ හොරකම් නතර කිරීම.
හැබැයි අද ඉතිහාසයේ කවරදාකටත් වඩා මාලිමා ආණ්ඩුව යටතේ රටේ හැමතැනින්ම හොරකම්, දූෂණ, වංචා සිද්ද වෙනවා.
ඊලගට මාලිමාව ඔවුන්‍ට ඉන්න සුපිරි කණ්ඩායමක් ගැන පුන පුනා කිව්වා.
හැබැයි අද ඒ කණ්ඩායම කොතරම් දුර්වල, වැඩ බැරි සහ දූෂිත කණ්ඩායමක්ද කියලා දවසින් දවස ඔප්පු වෙනවා.
ඉතිහාසයේ කවදාවත්, කවුරුත් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ ගණුදෙනු අතරමැද හොරකම් කරලා තිබුණේ නැහැ.
එවැනි ගණුදෙනු සාමාන්‍යයෙන් හොරකම් කරන්න බැහැ.
ඒවාට ලෝකයේ ආරක්ෂිතම ක්‍රමවේද භාවිතා කරනවා.
ඒ වෙනුවෙන් අපි ඩොලර් මිලියන ගණන් වියදම් කරනවා. අපි කෝටි ගණන් සේවා ගාස්තු ජාත්‍යන්තර ආරක්ෂණ සේවා සමාගම් වලට ගෙවනවා.
එවැනි පසුබිමක ඉතිහාසයේ මුල්ම වරට මාලිමා ආණ්ඩුව යටතේ මහා භාණ්ඩාගාරයේ ගණුදෙනුවක් හොරා කාලා.
පැහැදිලිවම මේ ගණුදෙනුව සිදුවෙලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ සුපුරුදු ක්‍රමවේදයට නෙවෙයි, ඉන් පිටතින්.
මේ මුදල හොරකම් කෙරෙන්නෙත් ඒ නිසා.
එවැනි තීරණයක් එනම් සුපුරුදු ක්‍රමවේදයට පිටතින් ගෙවීම් කිරීමට තීරණයක් භාණ්ඩාගාර නිළධාරීන්ට ගන්න බැහැ.
නිළධාරීන් ජීවිත කාලය මේ රැකියාව කරන, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු.
ඔවුන් මේවායේ ප්‍රතිඵල සිරගෙදර බව දන්නවා. ඉතිහාසයේ කවදාවත්, නිළධාරියෙක් හෝ කිසිම රජය භාණ්ඩාගාරය කඩලා නැහැ.
හැබැයි අවුරුදු පහකින් ආත්ම හතකට උපයන්න ආපු කට්ටියක් වෙනස්. ඔවුන්ට සීමා නැහැ.
මෙවැනි ගණුදෙනුවක් වෙනස් කිරීමට අවම වශයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට ඉන් ඉහළට දේශපාලන බලපෑමක් අවශ්‍යයි.
මේ හොරකම සිදුවෙන්නේ හරියටම මාසයකට කළින්.
නමුත් ආණ්ඩුව ඒ හොරකම වහගෙන හිටියා.
මේ මුදල ඩොලර් මිලියන දෙක හමාරක්. රුපියල් කෝටි අසූවක්.
මේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. විදේශ ශ්‍රමිකයො රටට එවන ප්‍රේෂණ.
හැබැයි කෝටි අසූවක හොරකමක් වුනාමත් ආණ්ඩුව නිහඬව, නොතකා හිටියා.
මේ ගැන ප්‍රසිද්ධ සහ විධිමත් පරීක්ෂණයක් ආරම්භ වෙන්නේත් මේ ගැන විපක්ෂය හෙළිකලාට පස්සේ.
එතකන් ආණ්ඩුව උත්සාහ කළේ මේ හොරකම යට ගහන්න.
පැහැදිලිවම දැන් ආණ්ඩුව මේ වංචාව 'හැකරෙකුගේ' පිටේ දාලා කර අරින්න හදනවා.
හැබැයි මේ ගණුදෙනුව ගැන හැකරෙකුට විස්තර දුන්නේ කවුද ?
මහා භාණ්ඩාගාරයේ ආරක්ෂිත සහ සංවේදි තොරතුරු හැකරෙකුට දුන්නේ කවුද ?
ගණුදෙනුව සිදුවෙන වෙලාවන් සහ ක්‍රමවේදය ගැන හැකරෙකු දැනුවත් කළේ කවුද ?
මාසයක් තිස්සේ මේ හොරකම යට ගහගෙන හිටියේ කවුද ?
මේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නම් හැකරෙකුට එහා ගිය මහ මොලකරුවෙකු ගැන තොරතුරු ජනතාවට දැනගැනීමට ඉඩ ලැබේවි.
පැහැදිලිවම මේ ලෝකයේ කිසිම රටක සිදුනොවෙන ආකාරයේ, විහිලු සහගත හොරකමක්.
මේ සඳහා මුදල් අමාත්‍යවරයා වගේම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිව යුතුයි.
මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුවිය යුතුයි.
මේ ගණුදෙනුව පසුපස සිටින මහමොලකරුවා රටේ ජනතාවට හෙළිවිය යුතුයි.
වෙනත් රටක මෙවැන්නක් සිදුවූවා නම් ඊලග මොහොතේම මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස් වෙලා.
මාලිමාව බලයට ආවේ එවැනි සංස්කෘතියක් ජනතාවට පොරොන්දු වෙලා.
හැබැයි ඒ වෙනුවට අනුර සහ හර්ෂන සූරියප්පෙරුම මාසයක් තිස්සේ මේ හොරකම ජනතාවගෙන් සඟවලා.
දැන්වත් මේ පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුමයි.
ජනතාවට හැකරෙකුගේ කතාවක් උවමනා නැහැ.
හැකරා සහ මහා භාණ්ඩාගාරය අතර සිටිනා 'හතුරා' කවුද ?
ජනතාවට දැනගැනීමට අවශ්‍යය එයයි.

- සචින් රත්වත්ත.
A day in the life ජීවිතයෙන් දවසක් .

0 ප්‍රතිචාර:
Post a Comment