රටේ මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ යටතේ තිබෙන මහා භාණ්ඩාගාරයේ සිදුව තිබෙන මූල්‍ය අපරාධය පිළිබඳ ජනතාවට හෙළදරව් කිරීම ගැන ශිරාල් Shiral Lakthilaka ලක්තිලක මහතා සහ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුලු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයට මහජනයාගේ ස්තුතිය හිමිවිය යුතුය.
මෙය එක්කෝ සංවිධානාත්මකව සිදුකරන ලද සොරකමකි. නැතිනම් සාපාරාධී නොසැලකිල්ලකි. දෙකින් කුමක් වුවද ඒවා අපරාධය.මෙය ඊනියා "හැකර් ප්‍රහාරයක්" ලෙස අර්ථ දක්වන්නට දරන උත්සාහය පිටුපස තිබෙන්නේ අපරාධ වගකීමෙන් ගැලවීමේ කූට උත්සාහයකි.
භාාණ්ඩාගාරයේ මුදල් අතුරුදහන් වීම පිළිබඳ රට දැණුවත් නොකළේ මන්ද යන ප්‍රශ්නයට මුදල් අමාත්‍යංශ බලධාරීන් දෙන්නේ බොළඳ පිළිතුරුය.
මේ අපරාධය දැනගත් වහාම මුදල් අමාත්‍යංශ ලේකම් වරයා අඩුම තරමින් රහස්‍ය වාර්තාවක් හෝ පාර්ලිමේන්තුවේ මුල්‍ය කමිටුවට එවිය යුතුව තිිබිණි. එසේ එවනවා තබා මූල්‍ය කමිටු රැස්වීම් වලට පවා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා කාලයක් තිස්සේ සහභාගී වී නැති බව මූල්‍ය කමිටු සභාපති මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ඔහු වගකීමකින් යුතුව නොහැසිරෙන බවට එය සාක්ෂියකි.
ඒ අනුව මේ මුල්‍ය අපරාධය යට ගැසීමට ඔහු සැරසෙන බවට සාධාරණ සැකයක් මතුවීම වැළැක්විය නොහැකිය.
පෙර ආණ්ඩුවල මුල්‍ය වැරදි පෙන්වා මේ අපරාධය යට ගැසීමට ජවිපෙ-ජාජබ ආණ්ඩුව කටයුතු කිරීමට සැරසෙන්නේ නම් එය තරම් මුලාවක් තවත් නැත. එසේ කළහොත් එය දේශපාලන මෙන්ම ආර්ථික බූමරංගයක්ම වනු ඇත.
මේ මුල්‍ය අපරාධයේ ප්‍රතිවිපාක දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රටට අයහපත්ව "මතුවන බැවින් කල් නොයවාම වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ වීමට රජය කටයුතු කළ යුතුය. විශ්වාසය බිඳදමාගත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයකුට කිසිම බැරෑරුම් ආර්ථික කටයුත්තක් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් මෙහෙයවිය හැකි නොවේ.
"සාංඝික දේපලක් සේ සුරකිනවා"යැයි අනුර මහතා පොරොන්දු වු භාණ්ඩාගාර මුදල් පරිස්සම් කිරිමට භාර දුන්නේ හර්ෂණ සුරියප්පෙරුම මහතාටය. දැන් "පරිස්සමට තැබු දේ ඈලියාවට ගොසින්" හමාරය. එහි වගකීමෙන් මිදීමට භාණ්ඩාගාර ලේකම්වරයාට කිසිම හැකියාවක් නැත.
එහෙයින් කිසිවකු ඉල්ලීමටත් පෙරම ධුරයෙන් ඉවත් වී සාධාරණ පරීක්ෂණයකට ඉඩදීම ඒ මහතාගේ යුතුකමය.
කරුණාරත්න පරනවිතාන.
A day in the life
ජීවිතයෙන් දවසක් .







0 ප්‍රතිචාර:
Post a Comment