විශ්වාසහංගයෙන් ගැලවුන ජයකොඩිට නීතියෙන් ගැලවීමක් නෑ.
බාල ගල් අඟුරු ගෙනත් රජයට පාඩු කිරීම සහ ඇමතිධූරයේ වගකීම පැහැර හැරීමට අදාලව බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ගෙනාව විශ්වාසභංගය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104කින් පරාජයට පත්වුනා.යෝජනාවට පක්ෂව ඡන්ද 49කුත්,විරුද්ධ ඡන්ද 153කුත් ලැබුණා.කොහොම උනත් මෙතනදී විපක්ෂ ගෙනාව විස්වාසභංගයට එහා ගිය දෙයක් රට හමුවේ පාරාජයට පත්වුනා.සත්‍යය පරාජයවෙලා බොරුව ජයග්‍රහණය කළා.
ජනතාවගේ මතය පරාජය වෙලා නීලකාස හොරු ජයග්‍රහණය කළා.ආණ්ඩුව ඇත්ත පරාජය කරලා හොරුන්ව දිනවලා තියනවා. මේ වැඩේ කළේ ජනතා විමුක්ති පෙරමුණ බව දැන් ඉතිහාසයේ ලියවිලා ඉවරයි.අවස්ථා දෙකකදී කිසිම දෙයක් බලාපොරොත්තු නොවී පක්ෂය වෙනුවෙන් දිවි පුදපු පරම්පරා දෙකක සුජාත උරුමය වර්තමාන කාලකණ්ණි ජෙප්පන් විසින් පාවලා දීලා.
" ලාංකීය විප්ලවයට ජයවේවා කියලා අප්‍රමාණ වධ වේදනාවලට ලක්වෙමින් මරණ තෝරාගත් පරපුරක ලේ උරුමය ජෙප්පෝ බාලා ගල් අඟුරුවලින් ලැබෙන සල්ලි කුට්ටිවලට පාවලා දීලා ඉවරයි. ජවිපෙට කාගෙන් බේරුණත් ජවිපෙ ඉතිහාසයේ සාපයෙන් කවදාවත් බේරෙන්න බෑ.ඒ දිවිපුදපු දස දහස් ගණන් සහෝදර සහෝදරියන්ගේ ආත්මවල සාපයෙන් ගැලවෙන්න අනුර,ටිල්වින් ඇතුළු ජවිපෙ තක්කඩින්ට කවදාවත්ම බෑ.ඊයේ ජෙප්පෝ පාර්ලිමේන්තුව ඇතුලේ සත්‍යය පාරාජය කළා.
මේ විස්වාසභංගය කියන්නේ විපක්ෂය කියපු දේශපාලන කතාවක් නෙවෙයි.මහජන උපයෝගිතා කොමිසමෙන් කියපු ඇත්ත කතාව සහ විගණකාධිපතිගේ වාර්තාවෙන් ඔප්පු කරලා පෙන්නපු ඇත්ත මෙතන තියනවා.IMF එක පවා පිලිගත්ත ඇත්ත ඒකයි.ජෙප්පෝ 153ක් එකතු වෙලා ඇත්ත පරාජය කළත් තවමත් යුක්තිය ඉෂ්ඨ කරගන්න නීතිය ඇතුලේ ඉඩක් ඉතිරිවෙලා තියෙනවා.ඒ වෙනුවෙන් ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැන රටේ රාළ ඊයෙත් රට දැනුවත් කළා.
ඩයි සීයාගේ යමපල්ලන්ගෙන් ජීවිතය බේරගනිමින් මේ සටන කරන්න සිද්ධවෙලා තියන හින්දා මේ මොහොතේ මීට වැඩිය දෙයක් කරන්න රටේ රාළට බෑ.හැබැයි රටේ රාළ එකක් දන්නවා තව වැඩි දවසක් නෑ.මේ කිසිම දෙයක් නීතියට ඉහළින් නෑ. විගණන වාර්තාවක් කියන්නේ නෛතික ලේඛනයක්.ඒක පදනම් කරගෙන ඕනෑම පුරවැසියෙකුට අධිකරණය යන්න පුළුවන්. එතනදී දඬුවම් කරන්න ඕනි කාටද කියන ප්‍රශ්නය එනවා.
අපේ රටේ නීතියේ තියන වගන්ති,චක්‍රලේඛ සලකා බලද්දී මේ වගේ මහා පරිමාණ ප්‍රසම්පාදන වංචාවකදී දඬුවම් කරන්න ඕනි පුද්ගලයන් සහ ඒ සඳහා පදනම් කරගන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය රෙගුලාසි සහ අපරාධ නීතිය ඇතුළේ පැහැදිලිව තියනවා.රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වගකීම ස්ථර තුනක් යටතේ බෙදීයනවා.ඒ කියන්නේ දඬුවම් ලැබිය යුතු පාර්ශවයන් කවුද කියන එකයි.
මූල්‍ය රෙගුලාසි 124 යටතේ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙනවා.ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සියලු දෝෂ සම්බන්ධයෙන් එයා සෘජුව වගකියන්න ඕනි. ඊළඟට ප්‍රසම්පාදන කමිටුව (MPC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC).ලියාපදිංචි නැති සමාගම් තෝරා ගැනීම සහ ප්‍රමිති සහතික පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් මේ කමිටුවල සාමාජිකයන් වගකියන්න ඕනි.අනිත් කණ්ඩායම තමයි ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය.
ආයතනික තීරණ ගනු ලබන මට්ටමින් සිදුවූ අතපසුවීම් වලට එයාලා වගකියන්න ඕනි.ඒ වගේම අදාළ ඇමතිවරයා වගකියන්න ඕනි.කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමේදී වැරදි තොරතුරු ලබාදීම සහ දූෂිත ගනුදෙනුවලට දේශපාලන අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් වගකියන්න වෙනවා.අපේ රටේ නීතියේ ඇති ප්‍රතිපාදන අනුව මේ වංචාව සම්බන්ධයෙන් පුර්ණ නීතිමය රාමු 3ක් යටතේ නඩු පවරන්න පුළුවන්,
01.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත දැනට තියන ශක්තිමත්ම පනත ඒක.පනතේ 42 වන වගන්තියට අනුව යම් රාජ්‍ය නිලධාරියෙක් තමාට හෝ වෙනත් අයෙකුට අයුතු වාසියක් ලබාදීමේ චේතනාවෙන් රජයට පාඩුවක් වන බව දැන දැනම යම් ක්‍රියාවක් කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක්.මේ පනත යටතේ වරදකරු වන අයෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම් සහ රුපියල් මිලියනයක දඩයක් (හෝ රජයට වූ පාඩුව මෙන් තෙගුණයක්) පැනවෙන්න පුළුවන්.
02.1982 අංක 12 දරන පොදු දේපළ පනත.පොදු දේපල පනත යටතේ රුපියල් 25,000කට වඩා වැඩි රජයේ දේපළ (මුදල්) අවභාවිතයක් සම්බන්ධයෙන් පනතේ 5 වන වගන්තිය යටතේ නඩු පවරන්න පුළුවන්.විගණන වාර්තාවෙන් හෙළිවන රුපියල් කෝටි 224ක පාඩුව මේකට කෙළින්ම අදාළයි. මෙතන තියන සුවිශේෂත්වය වෙන්නේ සැකකරුවන්ට ඇප ලබාදීම ඉතා දුෂ්කර වීමයි (විශේෂ කරුණු මත පමණක් මහාධිකරණයෙන් ඇප ලබා ගත යුතුය).
03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(ඇ) වගන්තිය.මේ වගන්තිය මගින් විගණන සේවා කොමිෂන් සභාවට සහ විගණකාධිපතිවරයාට බලය ලබාදීලා තියනවා.යම් නිලධාරියෙක්ගේ නොසැලකිල්ල හෝ දූෂණය නිසා රජයට පාඩුවක් වෙලා තියනවා නම්,ඒ පාඩුව අදාළ නිලධාරියාගෙන් අය කර ගැනීමට (Surcharging) නියෝග කරන්න පුළුවන්.
මේ වංචනික ක්‍රියාවලියෝදී උල්ලංඝනය වෙලා තියන චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පහත සඳහන් රජයේ නීති පද්ධතීන් උල්ලංඝනය වෙනවා.
■ 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (Procurement Guidelines) -
● 2.1.1 වගන්තිය - සියලුම ප්‍රසම්පාදනයන් උපරිම විනිවිදභාවයකින් සහ තරඟකාරීත්වයකින් යුතුව සිදුවිය යුතුය.
● 7.9.1 වගන්තිය - ටෙන්ඩර්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම (Eligibility Criteria) අනිවාර්ය වේ. ලියාපදිංචි නැති සමාගම් තෝරා ගැනීම මෙතන තියන බරපතල නීති උල්ලංඝනයක්.
■ මුදල් රෙගුලාසි (Financial Regulations - FR).
● FR 135 - 139: ගෙවීම් සහ ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම දක්වලා තියනවා.
■ ප්‍රසම්පාදන චක්‍රලේඛ (Procurement Circulars).
හදිසි මිලදී ගැනීම් (Emergency Purchases) කරන්න පුළුවන් හදිසි තත්ත්වයකදී මිසක කෘත්‍රිමව හිඟයක් මවා පෙන්වලා කලින් ප්‍රතික්ෂේප කරපු සමාගම්වලින් මිලදී ගැනීමට නෙවෙයි.
"ගල් අඟුරු කාලා බැලුවේ නෑ " වගේ දේශපාලන ප්‍රකාශ නීතිය ඉදිරියේ වලංගු නෑ.ආයතනික වගකීම (Vicarious Liability) කියන මූලධර්මය අනුව තමන් යටතේ සිටින නිලධාරීන් කරන වංචාවන් සම්බන්ධයෙන් ඇමතිවරයා සහ ලේකම්වරයා වගකියන්න ඕනි.මේ විගණන වාර්තාව පදනම් කරගෙන නීතිපතිවරයාට සෘජුවම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට බලය තියනවා.ඕනි වෙන්නේ දේශපාලන බලපෑමට යට නොවී නීතිය ක්‍රියාත්මක කරගැනීමේ කොදු නාරටියක් විතරයි.
වංචා කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය ඉන්න ජනාධිපති මේකට වගකියන්න ඕනි නීතිමය සහ සදාචාරයමය තත්වය ගැන හෙට කතා කරමු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
ජීවිතයෙන් දවසක් .

0 ප්‍රතිචාර:
Post a Comment