ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2026-04-05

පතයි ඊළග හමුව .



පසුගියදාක 60 - 65 කාලේ උසස් පෙල පන්තියේ හිටපු සහොදර සහෝදරී හවුලක.

48 -50 උපන් 78-76 තරුන ගැටවු පිරිසක්.

කොයිතරම් සුන්දරද ?

ආ ගිය කතා …

මම දුර බැහැර ඉදන් ආපු ගැටයෙක්.

අනිත් අය ඔක්කොම වගේ හොරණට ආසන්න ගැටවු ගැටිස්සියන්.

කාලෙකින් හමුවුනාම දොඩමළු වෙන්න ඕන මාතෘකා තියෙනවා.

පරණ කතා මතු වෙන කොට ප්‍රසන්න තැන් වගේම අප්‍රසන්න තැන් බොහොමයි.

කාලයක් පුද්ගලිකය රහසිගතයි ඒවත් 

දැන් නිදහසේ දිග අරිනවා.

වයසේ වැරද්ද ……….

සුනිල් ගුණවර්ධණ ලියු “ දැන් වැටුන හුස්මක් “ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම තියෙනවා.

මට ඒ අතරේ මතක් වුනේ අරහෙන් මෙහෙන් ….

පොත හොයා ගත්තේ ගෙදරට ඇවිත්


එබෙමි කැඩපත වෙතට

දිය සිදුනු විලකි පිළිඹිබුව

එ දවස මා නෙත වසග කල

මුව සියපත ද ඔබ හැකිළ මිලිනව ගොස්ය


වෙරළ උයන රගහල

රාගය මුසු සෙනහසින

වෙලා ගත් දෑත්

මස සිදි එයි නහර නැග


තුරුණු විය උද්දාමයෙන්

ගැටී මා ළය

හිසසොවා හිටි දසුන්

නිදයි වැටී ළය මතම 


සසග සිරියට දැගළු සිත

විළංගු ළු ඇතෙකි යදමින

වියලි දඩුදෙකකි

කැරකෙන ගෙයි

නමුදු සසරින් සසරට

රැගෙන ආ මහරු සෙනෙහස

පතයි ඊළග හමුව.









A day in the life
ජීවිතයෙන් දවසක් .

0 ප්‍රතිචාර: