අද මට ආපහු හැරිලා හිතන්න හොද දවසක්.
මාත් උපන්නේ 1948 . ලංකාවට නිදහස ලැබුන අවුරුද්දේ.
අවුරුදු හැත්තෑ හයක්, තාමත් නූපන් දරුවන්ගේ සිහින මරාපු පරපුරක සාමාජික යෙක්.
එහෙමනේ කියන්නේ.
මම ඉපදුනේ ගෙදරදී. “කත්තෝ අම්මා“ කියලා ආත්තම්මා කෙනෙක් ගමේ හිටියා. කාගෙත් තිඔීරි ගෙදර මව්වරුනට උපසස්ථාන කලේමම ගැන ලියන එකත් පුුංචි ලමයින්ගේ වැඩක්.
එත් එතුමිය. අපේ අම්මටත් එතුමියගේ ඇප උපකාර ලැබුන බවයි අම්මා කිවුවේ . එවන් වැඩිහිටි කාන්තාවන් හැම ගමකම එකල ඉදල තියෙනවා.
දැන් සෞඛ්‍ය පහසුකම් ඊට වඩා දියුණුයි.
ඒත් වර්තමාන තරුණ පරපුර කියන්නේ අවුරුදු හැත්තෑහයක් තිස්සේ ඒ පරපුරේ සිහින අපේ පරපුුර විසින් විනාශ කලා කියලා.
අපි ඉපදෙන කොට ලාම්පු තෙලින් දැල්වෙන කුප්පි ලාම්පු චිමිණි ලාම්පු තමයි හැම ගෙදරකම තිබුනේ. පස්සේ කාලයක මැන්ටලයක් බැදපු ඇලඩින් ලාම්පු , පැට්‍රෝල් ලාම්පු භාවිතයට ආවා.
දැන් නම් හැම ගමකම හැම ගෙදරකම විදුලිය තියෙනවා. තෝමස් අල්වා එඩිසන්ටත් ලංකාව පාලනය කල විවිධ දේශපාලනඥයයන්ගේ කැපවීමත් නිසා.
ඒත් කියන්නේ ඔවුුන් අනාගත පරපුරේ සිහින විනාශ කරපු අධමයෝ කියලා.
කොළඹ – බදුල්ල පාරේ අයිනේ පිදුරු හෙවිල්ලපු පුංචි ගෙදරක මෙලොව එළිය දැක්ක මම කලක් යන කම් දැක්කේ මේ පාරේ යන බස් හතරක් විතරයි.ඒවා කොළඹ ගියේ පානදුරය හරහා. ලියෝ ප්‍රනාන්දු සමාගමේ තමයි මේ බස් හතර. බස් ජනසතුව දක්වා මේ තත්වයේ වෙනසක් තිබුනේ නැහැ. පැය දොළහක පමනකින් අපේ ගෙදර ගාවා ඉදන් කොළඹට යන්න පුළුවන්.බදුල්ලේ ඉදන් නම් පැය පහලොවක් විතර යනවා ඇති.පුංචි පාරේ වල ගොඩැලි මැදින් මේ යන ගමන හරි අපූරුවට තියෙන්න ඇති. මම නම් ඒ් කාලේ දුර ගමන් ගිහින් නෑ .
අර පුංචි ගෙදර දැන් නම් නැහැ. තාත්තා කාලෙට ගැලපෙන ගෙයක් එතන හදලා. කරත්ත පාර වගේ තිබුන පාර මංතීරු දෙකක කාෆට් කරපු පාරක් වෙලා. තොරතෝංචියක් නැතිව ඉහලට පහලට යන වාහන නිසා කන් දෙකට කිසිම නිදහසක් නැහැ. ගේ වටේ තියෙන තාප්පේ නිසා ඇස් දෙකට නම් විවේකයක් තියෙනවා. දැන් මෙතනින් කොළඹට , පානදුරේට පැය හතරකින් පොදු වාහනයකින් ( බස් එකකින්) යන්න පුළුවන්. මඩකලපුවට , අම්පාරෙට, මෛයියන්ගනේට, බදුල්ලට ,කුරුණෑගලට , ඇඹිලිපිටියට යන්න පොදු ප්‍රවාහණ සේවා තියෙනවා
අවුරුදු හැත්තෑහයක් තිස්සේ වෙලා තියෙන දේවල්……….
මම හෝඩියේ පන්තියට ගියේ ගමේ ඉස්කොලෙට. එක ගොඩනැගිල්ලයි. ලොකු ස්කෝලේ මහත්තයාගේ නවාතැන උනෙත් ඒ ගොඩනැගිල්ලේ වෙන්කර තිබු කෙළවරක කාමර දෙකක්.ලොකු මහත්තයා ජයසේන , ලොකු නෝනා පෙරේරා. පුංචි අපිට හරි ආදරෙයි. මේ දෙපලට දරුවෝ නැහැ. මම පාසලට ඇතුල්වෙන කොටත් විශ්‍රාම යන වයස දකිමිනුයි හිටියේ .අවට ගම් හය හතකට තිබුුනේ මේ පාසල විතරයි. දැන් කිමි. දෙකක් ඈතින් සබරගමුව විශ්ව විද්‍යාලය තියෙනවා. මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල දා හතරක්ද කොහෙදත් ,ගානක් නැති පෞද්ගලික විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන ආයතන තියෙනවා.
සිහින මරාපු අවුරුදු හැත්තෑ හයක් අනාගත සිහින දකින්න ඉතිරි කරලා මඩ නාගෙන ඉන්න පරපුරක සාමාජිකයෙක් වන මම අද සමරන්නේ හැත්තෑ හයවෙනි උපන් දිනය.
සැමට සෙත් වේවා !. යි ප්‍රාරථනා කරනවා.
උපන් දින සැමරුමක්...
මට නොපෙනන මාව පෙනුන හැටි.
3 comments:
Suba Upandinayak
නිරෝගී සුව පිරුන සුබ උපන්දිනයක්! තවතවත් රසවත් සිතුවිළි ගෙනඑන්නට වාසනාව ලැබේවා.
ස්තුතියි සුබ පැතුම් වලට
Post a Comment