In "Mala Minissu," I shed light on the pressing political issues surrounding the healthcare system in Sri Lanka. It's a raw, industrial rock anthem that exposes the harsh reality faced by countless citizens due to the importation of low-quality drugs. This negligence has resulted in tragic consequences, with lives lost unnecessarily in our hospitals."මල මිනිස්සු" තුළ මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය වටා ඇති දැවෙන දේශපාලන ගැටලු පිළිබඳව ආලෝකයක් ලබා දුන්නෙමි. එය ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් අසංඛ්‍යාත පුරවැසියන් මුහුණ දෙන කටුක යථාර්ථය හෙළි කරන අමු, කාර්මික පාෂාණ ගීයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් අපගේ රෝහල්වල අනවශ්‍ය ලෙස ජීවිත අහිමි වන ඛේදජනක ප්‍රතිවිපාක ඇති වී තිබේ.Lyrics - Somalatha Herath MenikeMusic & Composing - Dileep Mannlyricsතලා දමා අප හප කෙරුවාහිනාවෙවී උන් රජ වෙනවාබෙහෙත් පෙත්තටත් දමා කොමිස් ලණුතුසිතය මත මහ මාළිගාව තැනුදෙවියන් ලෙස පෙන්නූඅවජාතක හොරුරැලඉන්දියන් සාගරේ මුතු ඇටයක්මකා දමා හැදුවා පුස් ඇටයක්හදවතම පිලිස්සූබිම වැටුණ මිනිස්සුයුක්තියක් නැති බිමකඅපියි මළ මිනිස්සුඔලව අතගා ටොක්කකුත් ඇන්නාය අපහටබුරිය අතගා රුපියලත් ගත්තේය හෙමිහිටබෙහෙත් පෙත්තත් හප හපා කෑකලු පාට ගුල්ලෝය මහ උන්දරුවන්ගේ බොටුවත් මිරිකලාමොනර කොළ ළඟ රෙද්ද ඉස්සූඅපියි මළ මිනිස්සුහදවතම පිලිස්සූබිම වැටුණ මිනිස්සුයුක්තියක් නැති බිමක
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.