අහලා බලමු අපේ ලස්සන ජන කතාවක්.ඉස්සර කාලේ ගම් වල තිබුනේ කෘෂිකර්මය මුල් වුන ආර්ථික ක්රමයක්නේ.ගමේ ගොඩක් අය කලේ භෝග ජාති වගා කරන එක තමයි.මේ ගමේ ගමරාලත් එහෙමයි.මඩ ගොවිතැන් ඉවර වෙලා ඊළඟ එන වැහි කාලේ ගොඩ ගොවිතැනක් කරන්න ඕන කියලා ගමරාළට හිතුනා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරාළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා."පරම්පරා ගන්නක ඉඳන් මේ ගහ අයිති මට.ඉතින් උඹ මොකටද මට අයිති ගහේ අතු පාහින්නේ?"-හෑ..උඹ මාර කතාවක්නේ කියන්නේ..මේක උඹට ගිය රට.මම මේ වගාවක් කරන්නයි මේ කැලේ එළි කරන්නේ.මෙහෙම කතාව දිගින් දිගටම ගියා.අන්තිමට යකා කියපි.හරි මම මේ ඉඩමේ උඹට වගා දිගා කරගන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි මට අස්වැන්නෙන් භාගයක් ඕන කියලා."මේ සැරේ අස්වැන්නෙන් මුල උඹට උඩ මට" යකා කිව්වා.ගමරාළ මේ කතාව හොඳට හිතට ගත්තා.අරගෙන බතල වගා කලා හේනේ.හේන පුරා බතල සරුවට වැවුනා.පොරොන්දුව වගේම ගම මහත්තයා උඩ හැදුනු වැල් ටික තියලා බතල ටික සේරම ගලවගෙන ගියා.ඇයි ඉතින් පොරොන්දුව පොරොන්දුවම නේ.ඔන්න ඉතින් ඊළඟ පෑවිල්ලත් ආවා.යකාට මතකයි ගිය පාර තමන්ට වුන ඇබැද්දිය"ගමරාල මේ පාර මුල මට උඩ උඹට"ගමරාළ මේ පාර වගා කලේ කුරක්කන්.ගිය පාර වගේම මේ පාරත් තමන් ගමරාලගේ ගැටේට අහුවුනා කියලා යකා දැනගත්තේ කුරක්කන් ඔක්කොම කපලා මුල්ටික විතරක් ඉතුරු කරලා ගියාට පස්සේ.හැමදාම මම මේ ගමරාළට පැරදුනා.දෙන්නම් මේ පාර වැඩක් කියලා හිතපු යකා "ගමරාළ මීට පස්සේ මුලත් මට උඩත් මට උඹට ඕන නම් මැද්ද දෙන්නම්"කියලා කිව්වාගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.අන්තිමට පරාජය භාර ගත්ත යකා හේනේ තිබුන ගහ දාලා යන්නම ගියා.සම්පූර්ණ කතාව උපුටාගැනීමකි.
ස්තුතියි
මුල්හිමිකාරිත්වයට
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.