මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි කියලා ඔබ දැනසිටියාද..?අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද?ඒ ඇයි........අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව පිහිටි අඹසැඩ නම් බමුණුගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්‍රසාල නම් ගුහාවේ වාසය කළේ ය.එකල දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර තුන්කෝටි හැටලක්ෂයක් ආයු වළඳා සිටියේ ය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පිං ගෙවී චුත වීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දෙව්ලොව සැප අත් හැරීමට දුකක් හට ගත්තේ යසක්දෙවිඳු පන්චසික පෙරටු කරගෙන මුළු දිව්‍ය සභාවම සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ආවේ ය. වේදීය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පන්චසික ගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේ ය.( කථාව බොහෝ කෙටි කර ඇත )සක්දෙවිඳු පැමිණ මුණි සිරිපා නමදින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර විය. මෙය සෙසු දෙවියන් නොදුටුවේ ය. බුදු රජාණන් වහන්සේ ආයු බෝ වේවා යැයි පතා, සක්දෙවිඳු නැවත ජීවත් වීමට , ආයු ලැබීමට තරම් පිං කර තිබේදැයි බැලීය.සක්දෙවිඳු පෙර ආත්මයක මනුලොව සිටියදී ගොපළු දරුවෙකුව සිටියේ ය. මේ ගොපළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරාවැටී ගිය ස්ථූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවෙමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටුවේ ය. මේ ගොපළු දරුවා වහා ලඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන එයට වතුර ගෙනවිත් ඉස, මල් ප්‍රාණවත් කළේ ය.මේ පින දැක සක්දෙවිඳු හා පිරිසගේ ආයු බෝ වේවා යි ප්‍රාර්ථනා කළේ ය. එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර තුන්කෝටි හැටලක්ෂයක් ලැබිණි.* හදිසි මරණයකට ගොදුරු නොවේවා! යි පතා ඔබත් මල් වලට පැන් ඉහින්න.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.