මේ දවස්වල කොතැන ගියත් අසන්නට ලැබෙන්නේ "චන්දය" ගැන ප්රශ්ණය."කවුරු එයිද?""කවුරු දිනයි ද?""අහවලාත් එනවලු නේද?""මේපැ නම්.....හතළිස් අටේ ඉංග්රීසීන් බාර දී,යනවිට "ආසියාවේ දෙවන ආර්ථිකය" වූමේ රට "බංකොලොත්" තත්වයට ගෙන ආවේමෙතෙක් රට කරවූ දේශපාළකයන් බව නොකිවමනාය.මහජන චන්දයෙන් පත්ව අවුත්,මහජන දේපොල මංකොල්ලකා අවසානයේ එහි අනිටු ප්රතිඵලභුක්ති විඳින්නට සිදුව ඇත්තේද ජනතාවට ය.මහජන දේපළ මංකොල්ල කෑ එවුන් යෙහෙන් වැජඹෙමින් සිටිනා,තරජනතාව තලා පෙලා බදු අයකරමින් සිටිති.දැන් යළිත් "මහජන චන්දය" හෙවත් "මහජන කැමැත්ත"ගැන කතා බහ කරළියට පැමිණ ඇත.හතළිස් අටේ ඉංග්රීසීහු මෙරට හැර යනවිටරට බාර ගතුයේ ඉංග්රීසීන් විසින්ම නිපදවන ලදඅභිනව ධනපති පැළැන්තියකි.ඇතැමුන් ඔවුනට "කළු සුද්දන්"යැයි කියති.එහෙත් එදා ජාත්යන්තර තලයෙහි ඉංග්රීසීන් පැමිණ සිටිප්රජාතන්ත්ර තලයට මොවුහු පැමිණ නොසිටියහ.කොටින්ම "ඉංග්රීසීන්ගේ හැර යාම පවා "ප්රතික්ෂේප කළ හ."සර්ව ජන චන්දය" පවා නොපිළිගත්තවුන් වූහ.කොටින්ම ටයි කෝට් ඇන්දදඅන්ත පසුගාමී පිරිසක් වූහ.අවසානයේ රට කරවීමට බාර ගතුයේ"කොමිනිස්,කාරයන් අතට යතැයි" බියෙනි.ඒ කෙසේ වුවද හැත්තෑ හත තෙක් රට කරවූ හ.ඒ පක්ෂ දේශපාලන යාන්ත්රණය මඟිනි.එම කාල පරාසය තුළද මහජන චන්දය නමින් කෙරුනේඔවුන්ව බොරුවෙන්,රැවටීම මිස අනෙකක් නොවේ."හඳෙන් හාල්" ඇට අට"කාටත් අමතක නැත.ඉන් පසු හැත්තෑ හතෙන් පසු "මැතිවරණ නමින්සිදුවුණේ මහජන කැමත්ත මංකොල්ල කෑමයි."ලාම්පු කළ ගෙඩි සෙල්ලම"හොර චන්ද,මැර චන්ද කාටත්,අමතක නැත.කොටින්ම මැතිවරණ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේමහජනතාවට කෙළවන ඉතිහාසයකි.එළඹෙන මැතිවරණයද එම ගමණේම දිගුවක් මිස.යහපතක් ඉටුකෙරෙන්නක් වනු නොමැති බවමගේ අදහස යි.
සටහන
කමල් පී අලහකෝන්
A day in the life
1 comments:
අතින් ගෙවාලා විණ කරවා ගැන්ම
පුරුදුයි අපට නැත එහි වෙනසක් අරුම
තව දුරටත් කර ගහගෙන මේ කරුම
නොයන බවයි පෙනෙනුයෙ දැන් හැම තැනම
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.