පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, February 13, 2024

ආදරවන්තයන්ගේ දිනය





වැලන්ටයින් දිනය සාන්තුවරයකුට සම්බන්ධ දිනයක් බව වැඩිදෙනා නොදනිති. ඔවුන් කල්පනා කරන්නේ මෙය ප්රේමයේ දවසට යොදන නම බවය.

වැලන්ටයින් දිනය ඩොලර් බිලියන තිහ හතළිහක  බඩු භාණ්ඩ ලොව පුරා විකිණෙන ව්යාපාරික දිනයකි. රටවල් වැඩි හරියක් ආගම් භේද නොසලකා මේ දිනය පවර්ධනය කර ආදායම් උපයා ගන්නා දවසකි.

අද දවස තුළ ලංකාවේ හැම තරු පහේ හෝටලයකම වැලන්ටයින් දිනය සමරන ඩිනර් ඩාන්ස්, ටී පාර්ටි, වැලන්ටයින් ලන්ච් යනාදිය පැවැත්වේ.

ලෝකයේ වැඩියෙන්ම රෝස මල් විකිණෙන්නේ වැලන්ටයින් දිනයේදීය. මේ දිනය අද ? දොළහෙන් අවසන්ය. එය සැමරීම සඳහා විකුණනු පිණිස සාදන ලද මල් පොකුරු, චොක්ලට්, අනුස්මරණ ඵලක, ස්වර්ණාභරණ වැනි දේවල් මේ මාසය පුරාම විකුණනු ලැබේ.

වැලන්ටයින් සාන්තුවරයා මානව හිතවාදියකු බවත් පෙම්වතුන් වෙනුවෙන් අපමාණ මෙහෙයක් කළ මිනිසකු බවත් මේ සැමරුම්වලට සහභාගි වන වැඩිදෙනා නොදනී. ඒතුමන් සිහිපත් කිරීමට නම් කල දිනය  පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දිනය බවට පත්ව තිබේ.

 

ලංකාවේ එක් විද්යුුත් මාධ්යයක් විසින් කළකට පෙර උන්මාදයක්   ඇති කරමින් ප්රචලිත කල ආදරවන්තයින්ගේ දිනය වෙලෙන්දන්ගේද ආදරණීය දිනයකි.  වැට් නිසා රජයටත් ආදායම වැඩි  වන දිනයකි.

ඕනෑම දෙයයක් විචාරයක් නැතිව බදා ගන්නා පරපුරක් ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ ඇයිද යන්නවත්  දැනුම්වත්ව ඇත්දැයි හිතාගන්නට බැරිය.

 

 ලොව පුරා සිටින කතෝලික  තරුණ  තරුණියන්  අතර වැඩියෙන්ම ජනප්රිය  සාන්තුවරයා ශුද්ධ වූ වැලන්ටයින් තුමාය.

සෑම අවුරුද්දකම අද වැනි පෙබරවාරි 14 වැනිදාවක උන්වහන්සේ සමරනු ලැබේ. කතෝලික ආගම වෙනුවෙන් මුලින්ම දිවිපිදු බැතිමතුන් අතර ප්මුඛ තැනක් වැලන්ටයින් සාන්තුවරයාට හිමිවේ.

ක්රිස්තුස් වහන්සේගේ අභාවය  සිදුවන අවදියේ   රෝම අධිරාජ්ය තුළ කරිස්තියානි ආගමට තැනක් තිබුණේ නැත. ඒ වනවිට රෝම අධිරාජ්යවාසී ජනතාව ගස් ගල් සහ මල පෙරේතයන් අදහමින් බෙහෙවින් පරාථමික ආගමික ජීවිතයක් ගත කළහ.

 කරිස්තියානි ආගම පැතිරෙනු   දුටු රෝම අධිරාජ්යයා දුටුතැන ඔවුන් මරන්නට විය. කිතුදහම රහසේ අදහා හෝ කිතුනුවන් ලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ රෝමන්වරුන් තමන් කිතුනුවන් නොවන බව පතික්ෂේප කළ විට රෝම අධිරාජ්යයා ඉතාම අමානුෂික  දිවිරීමක් ගැණීමේ සම්ප්රදායක් ඇරඹීය.

 

 ඒකල කෙනෙක් සොරකමක් පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්වූ පසු ඔහු සොරෙක්ද නැත්ද යන්න සොයාගැනීම පිණිස උතුරන තෙල් තාච්චියකට අත ඔබන ලෙස අණකරනු ලැබේ. රජතුමාගේ තීරණයට අනුව උතුරන තෙල් තාච්චියට අත දමන තැනැත්තා සොරෙක් නම් අත පිළිස්සේ. සොරකු නොවන්නේ නම් අත පිළිස්සෙන්නේ නැත. උතුරට තෙල් තාච්චියකට අත දමන විට හොරකම් කළා වේවා හොරකම් නොකළා වේවා අත පිළිස්සීම ස්ථිරය. මේ නිසා නිවැරදිකරුවන්ද සොරුන් ලෙස හ`දුනාගෙන තවදුරටත් දඬුවම් කරනු ලැබේ.

මේ ආකාරයෙන් රෝමන්වරුන් කතෝලික දහම අදහන්නේද යන්න සොයාබැලීමට රෝම අධිරාජ්යයා වැඩපිළිවෙළක් යොදා තිබිණ. ඒ අනුව සැකකරු කණුවක බැ`ද තෙල් වත්කොට සිරුරට ගිනිතබනු ලැබේ. ඔහු පිළිස්සුනොත් කතෝලිකයෙකි. පිළිස්සුණේ නැතිනම් කතෝලිකයකු නොව රෝම රජතුමාගේ සාම්පදායික ආගම අදහන්නෙකි.

මේ පරීක්ෂණයේ තවත් අවස්ථාවක් වන්නේ  සැකකරු බඩගින්නේ සිටින සිංහකූඩුවක් ඇතුළට දැමීමය. එවිට සැකකරු කතෝලිකයකු නොවන්නේ නම් සිංහයන් ඔහු මරා නොකන බව රජු කල්පනා කළේය.  බඩගිනි සිංහයන් සිටින කූඩුවකට ලී කැබැල්ලක් දැමුවද හප කරනු ලැබේ.

 

මේ කියන පරීක්ෂණ කමයට අනුව කතෝලිකයන් වුණත් නොවුණත් මරණය හිමිවී කතෝලිකයන් ලෙස හංවඩුවක් වැදීම නියත විය. අප මේ කතාකරන්නේ මෙයට අවුරුදු එක්දහස් හත්සිය ගණනකට පෙර තිබූ කරි.. 300 පැවැති ලෝකය ගැනය. මේ අසංවිදිත ක්රම වලින්  කතෝලිකයන් බේරාගැනීම සදහා වැලන්ටයින් නමැති තරුණ පූජකයා විශාල මෙහෙවරක් ඉටුකළේය.


තරුණ පූජක වැලන්ටයින්ට පරාතිහාර්යය සිදුකළ හැකි බව ප්රකටව  වී තිබිණ. වරක් වැලන්ටයින් පූජකවරයා හිරේ දමනු ලැබ සිටියේය.

මේ හිරගෙදර භාර ජේලර්ගේ දියණිය අන්ධ දැරියකි. දිනක් ජේලර් පියා සමඟ අන්ධ දියණිය  සිරගෙදරට ආ වෙලාවේදී වැලන්ටයින්තුමා ප්රතිකාර කර ඇගේ අන්ධ භාවය නැති කළේය.

මේ දියණිය නව යෞවණියකි. හිරගෙදර සිටි වැලන්ටයින් පූජකවරයා මරන්නට නියම විය. එහිදී ජේලර්ගේ දියණියට ලියුමක් ලියූ වැලන්ටයින් පූජකවරයා එය අවසන් කරන්නේ මෙසේය. ‘‘මා ඔබේ වැලන්ටයින්’’ යනුවෙන් ආදරණීය ලෙසය

වැලන්ටයින් සාන්තුවරයා පිළිබදව තවත් කතාවක් තිබේ. එකල කිතු දහම අදහන සොල්දාදුවන්ට විවාහ වීම තහනම්ය. වැලන්ටයින් සාන්තුවරයා පෙමින් වෙලී සිටින සොල්දාදුවන් සියලූම දෙනා විවාහ කරවූයේය. මෙය අධිරාජයාගේ උදහසට ලක් විය.

සාන්තුවරයා සැමරීමට පටන්ගන්නේ ඔහුගේ මරණයෙන් අවුරුදු 196 කට පසු ජෙලාසියස් නමැති පාප්වරයකු විසිනි. ඉන්පසු ඉතා කමානුකූල ලෙස වැලන්ටයින් සාන්තුවරයා පිළිබද කතන්දරය සහ ඔහුගේ මරණය සිදුවූ දිනය පෙම්වතුන්ගේ කතන්දරයක් බවටත් පෙම්වතුන් ස්වකීය ප්රේමය සමරන දිනයක් බවටත් පත්විය.




නෝමන් පළිහවඩනගේ ලිපියක් ඇසුරෙනි.






A day in the life

No comments: