මගේ ගස මගේ චොකලට්..
අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති.
ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආරම්භ කරන්න පොඩි ප්රවේශයක් ගත්තා අකුරැස්සේ සණස සංගමය එක්ක. එහිදී ඔවුන්ට ලබා දෙන්න මාතලෙන් ගෙන්නපු කොකෝවා පැල වලින් එකක් මං මගේ වත්තේ හිටෙව්වා. මේ තියෙන්නේ අවුරුදු 3ක් වයස ගසේ ඵලදාව.
මේ කොකෝවා ඉදෙන සීසන් එක. අපරාදේ සත්තුන්ට කන්න අතෑරල දාන්න එපා. මාතර අවට නම්, ගෙඩි ටික මට දෙන්න. මං සල්ලි දීලා ගන්නම්.
ගේන්න බැරි දුරක නම් ඉන්නේ, කොකෝවා ඇට පැසවන විදිය මම කියන්නම්, එසේ දින 10 ක් පැසවලා වේලපු ඇට මට එවන්න හෝ ඇවිත් ගෙනියන්නම්.
කොකෝවා වැවෙන ප්රදේශවල අපි මිලදීගන්න ස්තාන කීපයක් හදන්න හිතාගෙන ඉන්නවා. මාතලේ, කෑගල්ල, අකුරැස්ස, දෙණියාය.. ලංකාවේ හොඳම කොකෝවා හැදෙන ප්රදේශ. රටේ ආර්ථිකය නංවන්න මොනවද කරන්න බැරි...
චොකලට් කියන්නේ ආගමක්.. ඒකට ඔය එක එක සූත්තර දාන්න එපා. දිවුල් චොකලට්, කිතුල් චොකලට් කිය කිය තාච්චුවේ දාලා දොදොල් හදනවා වගේ චොකලට් හදන්න බෑ... ඒවා චොකලට් නෙමෙයි.
නිවැරදි තාක්ශණයට හෝම්මේඩ්/හෑන්ඩ්මේඩ් චොකලට් හදන්න ඉගෙන ගන්න අවශ්යනම් කියන්න.
කොකෝවා ගහක් කියන්නෙම මුදල් මැශිමක්. ඒක හරියට නඩත්තු කරමු.
කවුරුහරි පොඩි චොකලට් outlet එකක් දාන්න කොකෝවා වගාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් ආයෝජනය කරන්න බයවෙන්න එපා. කතාකරන්න.
මහාචාර්ය නිලන්ත ලියනගේ,
ආහාරවිද්යා තාක්ශණ අධ්යයන අංශය,
රුහුණ.වි.වි.
මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.
A day in the life
මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment