තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2023-09-25
පිලිලයන් දරා උහුලන අළුත් ගස්.
යන්නට අවසරයි
සිකුරිටියෙක් ඕනැම නෑ
සිකුරට ඒ මගේ බොඩිය
හතරම උස්සලා ගාත
ට්රොලියෙන් දැම්මා ඇතුලට...
මල් ශාලාවක් කීවට
ගල් හිත් ඇති නරුම රැලක්
සල්ලි වලට බල්ලො මරන
කල්ලියක් වගෙයි
බාවා මළකඳ මැස්සේ
නාවා කළකට පස්සේ
හාවා හමගසා තිබේ
නෑ ඇඳසිටි ගොමස්කඩේ...
හවුහරණක් නැතිය කිසිත්
පිළිසරණක් නොමැත තවත්
කය නිරුවත් නැත කිසිවක්
උපත විපත නෑ වෙනසක්...
මූන පුරා වැඩුනු රවුල
සූරා දැම්මා විගසින්
පීරන්නට බෑ හිසකෙස්
හැඩපලු ගෙතිලා...
මල් ලියකම් හැඩ ගන්වා
විල්ලුද අතුරා සැකසූ
සව්සිරි පිරි සයනය මත
මා සැතපෙව්වා..
දැකුමෙන් කුණුකය නිරුවත්
ඇතිවිනි විලිබිය නැවතත්
එක පලුවක් ඇති ඇඳුමක්
බලියට එලුවා...
මළ මිනියට කලඑලියක්
කුල ගෙදරට සිරියාවක්
දළ දෙක දෙපසින් තැබුවා
මිනිය නෙමේ,... මෘත දේහය... !
සාංසාර දුක පිළිබඳ
ශාන්ත හිමියන්ගෙ දෙසුම
කාන්තාවො කීපදෙනෙක්
අහගන හිටියා...
හාමුදුරුවො බණ කියනව
හමහර අය නිදිකිරනව
මා මරනින්දේ හිටියට
මට පෙනෙනව... මට ඇහෙනව...!
සියළු වතාවත් නිමවා
පාංශකූලය පිදුවා
පාණ්ඩු පැහැයෙන් දිස්වන
කුණුකය අද... මෘත දේහය...!
මං කාගෙත් හිතවතාලු....
දැන් තියෙන්නෙ ගිහි කතාලු...!
මේවගෙ වෙලාවට විතරයි බණ පිරිත
බේබදුකමට යටවී ඇත කුලසිරිත
දෑතම තබාගන දේහය මත "මුරුත"
සෑහෙන වෙලාවක් ඔහු කැපුවේ බුරුත...!
කළකට පෙර සිටිය ලෙසට නැගී ඉන්න බෑ
"මළකොට බෙර රිඹටද බොල ?"
මට අහන්න බෑ....!
අසා ඉන්න බැරි තරමට
මුසා දෙඩුවෙ බොහෝ දෙනෙක්
දෙපා දෑත නොසෙල් වන්න
මාපටැඟිලි බැඳල මගේ...!
ආදාහන මැඳුර වෙතට හර්ස් එකෙන් මං යනකොට මා පසුපස එන්නෙ මොටද ?
රිය පෙරහැර... රිය පෙරහැර... !
මං ආපසු එන්නේ නෑ ඔබ මා හා යන්නෙත්නෑ...
ආදාහන ශාලාවේ
කෝ දන්නා කිසිම කෙනෙක් ?
ලෙනකට "දෙන" ඇතුල්කළා
කවුරුත් නෑ මගෙ තනියට...
ඔබේ හිතට දුක් කන්දක්
මා වටේම ගිනි කන්දක්
පිටතට නොපෙනෙයි
ඇතුලත....!
අහස උසට ච්මිනි දොරින්
ඉහල නගින දුම් රොටුවේ
රුව මැවිලා දකින්නෙපා හිත තැවුලක් රැඳෙන්නෙපා...!
ඉහල නගින දුම් වලාව
සැඩ හිරු රැස් වෙලා ගනී...
මා වෙන්වී යන මොහොතේ
ඔබට දැනේවා සිසිලක්.....!
*** යන්ට අවසරයි...!!!
2023-09-22
නිවිති - දියවැඩියාව නිසා ඇතිවන තුවාල වලට ගුණයිි.
නිවිති අවධාණයට
ලක් නොවු එළවළුකි. රස කර ගෙන පිසීමට සලාදයක් ලෙස ආහාරයට ගැණීමට නිවිති යොදා ගැනේ.
බොහෝ විට පරිප්පු අධික අල වර්ග හා එක්ව
පිසිමට ගත්විට රස එළවළුවකිෙ නිවිති
දියවැඩියා රෝගීන්ට ගුණදායි එළවළුවක් බව බටහිර වෛද්‍ය පරීක්‍ෂකයෝ අනාවරණය කර ගෙන
තිබේ.
විටමින්,
ප්‍රතිඔක්සිකාරක,
ග්ලූටමින් සහ සින්ක්
ඇතුළුව මෙම බලපෑම ඇති කළ හැකි සංයෝගවලින් නිවිති පිරී ඇත, නමුත් තුවාල සුව කිරීමට
ප්‍රවර්ධනය කිරීමට නිවිති සාරය ඉඩ දෙන යාන්ත්‍රණය තවමත් අපැහැදිලිව පවතී.
වණ ඇතිවීමට
පෙර නිවිති සාරය ලබාගත් මීයන් තුළ වඩාත් තීරණාත්මක තුවාල සුව කිරීමේ ප්‍රතිලාභය
දක්නට ලැබුණි.
මීයන්
සම්බන්ධයෙන් කරන ලද නව අධ්‍යයනයකින් පෙනී යන්නේ නිවිති, Spinacia oleracea,
දියවැඩියා වණ සුව කිරීම
ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවයි.
නිදන්ගත
දියවැඩියා වණ දියවැඩියා රෝගීන් සඳහා බරපතල ගැටළුවක් වන අතර එය මාස කිහිපයක් හෝ වසර
ගණනාවක් පැවතිය හැකිය. දියවැඩියා රෝගීන්ගෙන් 15%කට පමණ විශ්වාසදායක ප්‍රභවයක් පහළ අන්තයේ වණ
ඇති අතර ඒවා සුව නොවන අතර බොහෝ විට කපා ඉවත් කිරීමට හේතු වේ. නිදන්ගත දියවැඩියා වණ
දළ වශයෙන් ලෝක ජනගහනයෙන් 6.3% විශ්වාසදායක
ප්‍රභවයකට බලපායි.
නිවිති සාරය
දියවැඩියා තුවාල සුව කිරීම වැඩිදියුණු කිරීමට සහ බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කළ
හැකි බව සොයාගෙන ඇත, එය බොහෝ විට
අධික බර ඇති දියවැඩියාව ඇති පුද්ගලයින්ට ප්‍රතිලාභයකි. නව අධ්‍යයනයක්වු මෙය - Scientific ReportsTrusted Source හි ප්‍රකාශයට පත් කර
ඇත
පර්යේෂකයන්
විසින් නිවිති සාරය වර්ග දෙකක කාර්යක්ෂමතාවය විමර්ශනය කරන ලදී. එකක් ජලය මත පදනම්
වූ (ජලජ), අනෙක මත්පැන්
මත පදනම් වූ ඒවා විය. ද්‍රවක දෙකම සුවය ප්‍රවර්ධනය
කළහ, නමුත් මධ්‍යසාර
මත පදනම් වූ නිස්සාරණයට ජලයට තරම් ප්‍රබලත්වයක්
නොතිබිනි
මෙම අධ්‍යයනයට
වැඩිහිටි මීයන් 72ක් සම්බන්ධ වූ
අතර ඒවා කාණ්ඩ හයකට බෙදා ඇත:
A කාණ්ඩය -
මාසයක් සඳහා කිලෝග්‍රෑමයකට (mg/kg) බරින් යුත් සේලයින් ද්‍රාවණයෙන් මිලිග්‍රෑම් 300ක් නල පෝෂණය කළ
දියවැඩියා මීයන්
බී කාණ්ඩය -
මාසයක් සඳහා 300 mg/kg සේලයින් ද්‍රාවණයකින්
නල පෝෂණය කළ දියවැඩියාව නොමැති මීයන්
C කාණ්ඩය -
මාසයක් සඳහා S. oleracea ජලජ සාරය 300
mg/kg නල පෝෂණය කළ දියවැඩියා
මීයන්
D කාණ්ඩය -
මාසයක් සඳහා S. oleracea මධ්‍යසාර සාරය
300 mg/kg නල පෝෂණය කළ
දියවැඩියාව නොමැති මීයන්
E කාණ්ඩය -
පර්යේෂකයන් විසින් දියවැඩියා රෝගයට නිරාවරණය කර මාසයක් සඳහා S. oleracea ජලජ සාරය 300
mg/kg නල පෝෂණය කරන ලද
දියවැඩියාව නොමැති මීයන්, පසුව
අතිරේකයක් සඳහා S. oleracea ජලජ නිස්සාරණය
300 mg/kg නල පෝෂණය කරන
ලදී. මස
F කාණ්ඩය -
පර්යේෂකයන් විසින් දියවැඩියා රෝගයට නිරාවරණය කර මාසයක් සඳහා S. oleracea මධ්‍යසාර සාරය 300
mg/kg නල පෝෂණය කළ දියවැඩියා
රහිත මීයන්, පසුව
අතිරේකයක් සඳහා S. oleracea මධ්‍යසාර සාරය
300 mg/kg නල පෝෂණය කරන
ලදී. මස.
දියවැඩියා
රෝගය ඇතිවීමට පෙර සහ පසු මාස 2ක නිවිති සාරය
ලබා ගත් මීයන්, E සහ F කාණ්ඩවල ශක්තිමත්ම,
වේගවත්ම තුවාල සුවවීම
අධ්‍යයනයෙන් නිරීක්ෂණය විය.
සියලුම
කන්ඩායම්වල තුවාල සුවවීම සිදුවී ඇති බැවින් අධ්‍යයන කාලය අවසානයේදී තුවාල සුව
කිරීමේ සමහර ක්‍රමවල වෙනස්කම් සැලකිය යුතු නොවේ.
වඳ බයොප්සි
පන්ච් භාවිතා කරමින් පර්යේෂකයන් විසින් ඇති කරන ලද තුවාල නිරීක්ෂණය කිරීමෙන් තුවාල
සුව කිරීම තක්සේරු කරන ලදී. ඔවුන් VEGF විශ්වාසනීය මූලාශ්‍රය, රුධිරයේ සීනි මට්ටම සහ බර අඩු කර ගැනීම
ඇතුළුව සුව කිරීමට අමතරව විවිධ සාධක මැනිය.
දියවැඩියා
රෝගයේදී තුවාල සෙමෙන් සුව වන්නේ ඇයි?
මෙම අධ්‍යයනයට
සම්බන්ධ නොවූ ලියාපදිංචි පෝෂණවේදිනියක වන Yelena Wheeler තුවාලය සුවවීම සිදුවන ආකාරය වෛද්‍ය පුවත්
ටුඩේ වෙත පැහැදිලි කළාය.
“රතු රුධිර සෛල
නව පටක වල පදනම වන්නේ කොලජන් නිපදවන බැවිනි. කොලජන් නව සමේ පටක සාදයි, එය තුවාලය මත වැඩෙන
අතර, එය සුව කිරීමට
සහ ප්රමාණය අඩු කිරීමට හේතු වේ," ඇය අපට පැවසුවාය.
තුවාලයක් සිදු
වූ විට, සුදු රුධිරාණු,
ප්‍රෝටීන, පෝෂ්‍ය පදාර්ථ සහ
ඔක්සිජන් සමඟ බැඳුණු රතු රුධිර සෛල කැටි ගැසීම සහ සුව කිරීම සඳහා යවනු ලැබේ,
ලියාපදිංචි
පෝෂණවේදියෙකු වන සීසර් සවුසා ද අධ්‍යයනයට සම්බන්ධ නොවන බව පැවසීය. "මෙම සංයෝග
සියල්ලම තුවාල සුව කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය ඇත," ඔහු පැවසීය.
කෙසේ වෙතත්,
දියවැඩියා රෝගීන් සඳහා,
"රුධිර සීනි මට්ටම ඉහළ
යාම රුධිර වාහිනී දැඩි වීමට හේතු විය හැක, සංසරණය මන්දගාමී වීම සහ පටක වලට ඔක්සිජන්
සැපයුම අඩු කරයි" යනුවෙන් පර්යේෂණයට සම්බන්ධ නොවූ ඒකාබද්ධ ලියාපදිංචි
පෝෂණවේදියෙකු වන Kelsey Costa පැහැදිලි
කළේය.
"මෙය සුදු
රුධිරාණු වල ක්‍රියාකාරිත්වය අඩාල කරයි, තුවාලයක් ආසාදනය වීමට වැඩි ඉඩක් ඉතිරි කරයි,"
ඇය පැවසුවාය.
"අතිරේකව,
පර්යන්ත ස්නායු රෝග
වේදනාව අඩු කිරීමට හේතු විය හැක, එයින් අදහස් කරන්නේ තුවාල නොපෙනී ගොස් ප්‍රතිකාර නොකොට
නිදන්ගත විය හැකි අතර විශේෂයෙන් පාදය වැනි පහළ අත් පා වල සුළු තුවාල වලට ගොදුරු
විය හැකි බවයි."
නිවිතිවල ඇති
පෝෂ්‍ය පදාර්ථ මොනවාද?
නිවිති එහි
අනෙකුත් ගුණාංග අතර බොහෝ දෙනෙකුට ආරක්ෂිතව පරිභෝජනය කළ හැකි මෘදු එළවළුවක් බව අධ්‍යයනය
සටහන් කරයි. කෙසේ වෙතත්, එම අනෙකුත්
ගුණාංග, ප්රතිශක්තිකරණ
පද්ධතිය ඉහළ නැංවීමට අමතරව, තුවාලය සුව
කිරීමට සමත් වේ.
“පළමුවෙන්ම,
නිවිති සෑදී ඇත්තේ
ලුටීන්, ලයිකොපීන් සහ
ලිනොලනික් අම්ලය වැනි විශ්වාසදායක ප්‍රභවයක් වන ෆීනොලික් සංයෝගවලින් වන අතර ඒවා
ඔක්සිකාරක හානිවලින් සෛල ආරක්ෂා කරන බව පෙන්වා දී ඇත.”
කොස්තා
නිවිතිවල ඇති විටමින් C, E, K සහ ශාක
රසායනවල වැදගත්කම සඳහන් කළේය: "මෙම පෝෂ්‍ය පදාර්ථ කොලජන් සෑදීම ප්‍රවර්ධනය
කිරීම, සෛල වර්ධනය
වැඩි කිරීම සහ රුධිර වාහිනී ඝනත්වය වැඩි කිරීම මගින් තුවාල සුව කිරීමට උපකාරී
වේ."
නිවිති වල
ග්ලූටමින් ද අඩංගු වන අතර එය තුවාල සුව කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු
කරයි. Sauza ට අනුව,
"glutamine යනු arginine
සඳහා පූර්වගාමියා වේ,
තුවාල සුව කිරීමේ
ක්රියාවලීන් සඳහා විශාල වශයෙන් සහභාගී වන ඇමයිනෝ අම්ලය."
ඔහු තවදුරටත්
මෙසේ පැවසීය: “ප්‍රමාණවත්
තරම් සින්ක් තිබීම කොලජන් ඇතුළු ප්‍රෝටීන් වර්ධනයට අවශ්‍ය වේ. නිවිතිවල ඇති සින්ක්
අධ්‍යයනයේ මීයන්ගේ තුවාල සුව කිරීමට ද දායක වන්නට ඇත.
මධ්‍යසාර
නිවිති නිස්සාරණයේ තරමක් හොඳ කාර්ය සාධනය එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක සහ ඇමයිනෝ අම්ල
ගුණ නිසා සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් සහ වණ ව්‍යුහය ධනාත්මක ලෙස වෙනස්
කිරීමෙන් දියවැඩියා වණවලට ප්‍රතිකාර කිරීමේදී S. ඔලෙරේසියා හි විභවය ශක්තිමත් කිරීම සඳහා ආරෝපණය
කළ හැකි බව කොස්ටා පැවසීය.
නිවිති
වැළැක්වීම සඳහා භාවිතා කළ හැකිද?
අධ්‍යයනයේ
හොඳම ප්‍රතිඵලය වූයේ 50 mg/kg streptozotocin එන්නත් කිරීම හරහා පර්යේෂකයන් විසින් ප්‍රේරණය
කරන ලද දියවැඩියා රෝගයට පෙර දැනටමත් නිවිති සාරය ලබා ගනිමින් සිටි මීයන් සඳහා ය.
මෙයින් ඇඟවෙන්නේ
තුවාල වීමේ අවදානමක් ඇති පුද්ගලයින්ට සහ විශේෂයෙන් දියවැඩියා රෝගීන් සඳහා නිවිති
සාරය රෝග නිවාරණය සඳහා ස්ථානයක් ඇති බවයි.
"මෙම පර්යේෂණය
දියවැඩියා ආශ්‍රිත තුවාල, [නිවිතිවල]
පෝෂණ ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ධාරිතාව කෙරෙහි අවධානය යොමු කළත්, නව පටක වර්ධනය උත්තේජනය
කිරීමෙන් දියවැඩියා නොවන රෝගීන්ට ප්‍රයෝජනවත් විය හැක.
MEDICAL NEWS පරිවර්ථණයකි.
2023-09-20
වැහි දළු හා ගිනිදළු !!
2023-09-19
නාඩගම්කාරයෝ.
බ්‍රෙස්ලට්
චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත්
සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සැරසෙන බවක් පෙනෙයි. අළුත්ම
සිහිනය විශ්විද්‍යාල සිහිනයකි.
අපි ආර්ථික
අගාධයකට වැටී සිටිමු. රාජ්‍ය සේවකයා වියදමට සරිලන වැටුපක් නැතිව අසරණවී සිටියි.
ඔවුන්ගේ ජීවන වියදම වැඩිවීමට අනුරූපව
වැටුප් වැඩිවුනේ නැත. කෘෂිකාර්මිකයාගේ
නිෂ්පාදන වියදම ඉහල ගිය තරමට නිෂ්පාදන ආදායම නංවා ගැණීමට මැදිහත් වීමක් නැත.ඔවුන් ගේ
නිෂ්පාදන වියදම අඩුකරගැණීමට අධාරයක් නැත
මෑතක මුහුණ දුන්
බිත්තර කුකුල් මස් නිෂ්පාදනය, මත්ෂ්‍ය නිෂ්පාදනය රජයේ මැදිහත් වීමක් ඇත්නම් පාලනය
කර ගත හැකියාවක් ඇත. මේ රටේ පශු සම්පත් සංවර්ධණ අමාත්‍යංශයක් මෙන්ම ධීවර අමාත්‍යාංශයක්
ද ඇත. ඔවුන් නැත්තේ දැක්මක්ය.එළවළු වගා කරන්නෝ අස්වැන්න අළවි කරගතනොහැකිව විසිකර
දමන අතර පාරිභෝගිකයෝ එළවළු සදහා ගිණි ගණන් ගෙවන්නේය. කෘෂිකර්ම දෙපාර්මේන්තුවක් සහ
වෙළද දෙපාර්මේන්තුවක් මේ රට තුල තිබියදී ය.
රජයට කිසිවක
පාලනයක් නැත.මැදිහත් වීමක් නැත. නැත්නම් මේවා සදහා ප්‍රතිපත්ති ඇතිකිරීමට මොළය කළදක්වත්
නැත
මැතිවරණයක්
සමීප වන විට සිහින වෙන්දේසියේ යෙදෙන්නට නම් හැකිය.
2023-09-17
2023-09-16
බඩ ගින්නේ දකින සිහින.
අපි
ඉන්නේ හාමතේය. බොහෝ සම්පත් දස අතේ විසිර තියෙන බවත් ඇත්තය. ඒත් මේවා එකලස් කර
සුන්දර නිර්මාණ බවට පත් කිරීමට මෙ කාලය ද ?
බෙලිහුල්ඔය
සංචාරක ප්‍ර දේශයක් කිරීමට සුදුසුය.නමුත් අපිට මේ වකවාණුවේ ඒ ගමන යනවාට වඩා සමනල වැව ජල කාණ්දුව වසා ගෙන මෙ.වෝ. 120 ක්
දක්වා විදුලිය නිෂ්පාදනය කර ගත්තොත් එය අපුරුය.
තානායම පමනක් තිබු බෙලිහුල්ඔය අවට අද සංචාරක නවාතැන් බොහෝ ඇත. තව තවත් නවාතැන් පල වල් ඉ දිවෙමින්ද පවතී. මෙවාට ව්‍යාපාරික අවස්ථා නොමැතිව පාඩු ලබන තත්වයට පත්ව ඇත. නිසි අධ්‍යයනයක් නොමැතිව ව්‍යාපාර ක්‍ෂෙත්‍රයට පිවිසෙන ආයෝජකයෝ තම ආයෝජන පිලිබදව හිතන්නට පටන් ගන්නා විට කෝච්චිය ගොස් අතරමංවු තත්වයට පත්ව ඇත. දුවන්නන් වාලේ දුවන මොවුන් සියල්ලෝම අසරණය.
බෙලිහුල්ඔය හරහා විදේශීය සංචාරකයින් ගමන් ගන්නා ගමන් මාර්ගයක් නොමැත. කොළඹින් පිටත් වන සංචාරක කන්ඩායම් බොහෝ විට තෝරාගන්නා ගමන් මාර්ගය කොළඹ-පැල්මඩුල්ල-උඩවලව-කතරගම- වැල්ලවාය -ඇල්ල වැල්ලවාය -බණ්ඩාර.වෙල-නුවරඑළිය - මහනුවර - අනුරාධපුර දෙසට හෝ කොළඹට.යාමයි.
මේ මාර්ගයට උඩවලවේ සිට රජවක පිවිසුම සම්බන්‍ධ කරගැණිමේ වෑයමක් පසුගිය කාලයේ තිබුනේය. එසේ වුවානම් දේශීය සංචාරකයින් බෙලිහුල්ඔයට ආකර්ෂණය කර ගැනීමට මාවතක් විවර වෙන්නේය.බෙලිහුල්ඔයත් - උඩවලවත් (ඇඹිලිපිටිය) අතර දුර ප්‍රමාණය පැය දෙකකට පමන වන විට දේශගුණික ( උෂ්නත්වය 10 C ක පමන වෙනසක් ඇත) වෙනස නිසා බෙලිහුල්ඔය සුවදායක නවාතැනක් බවට පත්වන්නේය.
බෙලිහුල්ඔයට සංචාරකයන් යොමු කර ගැණීමට තවත් මගක් ඇත. එය හොර්ටන් තැන්නට පිවිසුම් දොරටුවක් ලෙස යොදා ගැනිමය. හෝර්ටන්තැන්නේ දකුණු මායිම බෙලිහුල්ඔය නොන්පෙරියල් වත්ත හරහා වැටී ඇත. දැනටමත් බේකර්ස් බෙන්ඩ් නැරඹීමට යන සංචාරක කණ්ඩායම් නාගරක් කොටසේ ඇති හෝර්ටන්තැන්නේ දකුණු මායිම අසලට යන්නේය.මෙතනට බෙලිහුල්ඔය බදුල්ල පාරේ සිට ඇත්තේ දුර කිමි 28 කි. බදුල්ල පාරේ ගමන් ගන්නා අයට මේ මග භාවිතා කලහොත් කිමි 70 ක් පමණ අඩු දුරකින් හෝර්ටන්තැන්නට ලගා විය හැක.
මෙම සංවර්ධන
ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය වන්නේ
බෙලිහුල්ඔය නොන්පෙරියල් මාර්ගය විධිමත්ව ප්‍රතිසංස්කරණය කිරීමත් , නාගරක්
කොටසේ හෝර්ටන්තැන්නට පිවිසුම් දොරටුවක් විවෘත කිරීම පමනක්ය.
බෙලිහුල්ඔය සංචාරක ආකර්ෂණය ගන්නා පරිසර පද්ධතියකට උරුම කම් කීවත් දින දෙක තුනක කාලයත් ගත කරන්නට අවශ්‍ය පරිසර පද්ධතියක් නැත. ඇති කරගත යුත්තේ එවැනි යටිතල පහසුකම් වුවත් පලාත් සභාවට හෝ ප්‍රා දේශීය සභාවට එවැනි විඥ්ඥානයක් පසුගිය කාලයේ තිබුනේ නැත. ඔවුන් කල ආයෝජනත් ගගට ඉණි කපා අත සෝදමින් මඩිය තර කරගත් ආයෝජණයන්ය..
2023-09-15
බා බා බා කිකිළී
2023-09-14
සත්කුළු පව් විලාශයෙන් නුඹ සිටියා අම්මේ .
අත පා මුදු පය පා මුදු නැත දිලුණේසිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේඅත හැරියේ හුස්මද අපවද මවුනේ .නෑරා අතින් අත ගම් දොර ළඟ හිටියාදීලා සෙවන සළුවෙන් වට කොට සිටියාපාලා ළතෙත් ගුණ කඳුළැලි පිස සිටියාමෝරා තලමලක් සේ සෙනෙහෙන් සිටියා .විලේ නෙළුම් පිපුණේ හිරු රැස් හින්දාමලේ බමරු රොන් ගත්තේ මධු හින්දාසිලේ පහන් රැකුණේ දුන් තෙල් හින්දාඅපේ ඔටුණු පැළඳුවෙ අපි නුඹ හින්දා .සුවඳ බොජුන් නැතුවත් නුඹගේ කුසටනිබඳ දරු සෙනේ දැනුණ යි හද ගැබටළමැද කිරි පොවා සා පැටවුන් හයටසුවඳ සමන් වැලකි ය නුඹ අප හැමට.නුඹ අප නැවත කිසිදින නෙත නො ගැටෙන්නේකළ පව් සමා අයදින්නම් පා වඳිනේදළ රළ පෙළ මැදින් එතෙරට යා ගන්නේබව ගිම් නිවා සසරට තිත තියපන්නේ .!
2023-09-09
සබද අපි කදු නොවෙමු.
1989 මැතිවරණ සමයේ ශ්‍රීලනිපයේ අපේක්‍ෂකයෙකු එක්ක ජයට ප්‍රචාරණ කටයුතු කරගෙන හිටියා.
මට මතකයි පුංචි පත්තරයක ස්වරූපයෙන් පිටු දෙකක පත්තරයක් අපේ සගයෙක් අතින් නිර්මාණය වුනා.
අපි මේ දවස් වල සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයට පෝස්ටර් නිර්මානය කරන පුංචි මුද්‍රනාලයක් පටන් ගත්තා අවම සම්පත් අපට තිබුනේ. තොගයට ඩිමයි පේපර්ස් කොළඹින් ගෙනාවා. තීන්ත ලග පාත තිබුන හාඩ්වෙයාර් වලින් අරගෙන වැඩේ කරගෙන යන කොට මේ කොටස විතරක් මුද්‍රනයවෙලා තිබුන ඩිමයි පේපර් එකක් හමුවුනා. දකින දකින එක කියවන මට එකපාරටම හිතට වැදුනා පද පෙල. මම හිතුවේ නැහැ ගීතයක් කියලා.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
මගේ අතින් පද පෙල දේශපාලනය වුනා.
මැතිවරණය අවසන් වුනා. මා නියෝජනය කල අපේක්‍ෂකයා පාර්ලිමේන්තු ගියා.
මම පදපෙල ගැන හොයන්න පටන් ගත්තා එතකොට තමයි ගුණදාස කපුගේ ගායකයානෝ ගීතය ගායනා කරන බව දැනගත්තේ. පද පෙලේ අයිතිකාරයා දර්ශණ මේදිස් මහතා කියලා තවත් අවධානයෙන් ඉන්න කොට දැනගත්තා ඔහු දිවයින පත්‍ර යේ - කව්මුතු තීරයට ලියු මේ පදපෙලින් ගුණදාස කපුගේ “සබද කදු නොවෙමු“ උපත ලැබුවේ කියලා.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
.සබද අපි කදු නොවෙමු.
අයියෝ සිරිසේන.
2023-09-08
"මා...දැන් මහළු...වියේ"...!
2023-09-07
බෙල්ලේ පහල මොලය තියෙන අය.
මෙල්බර්න් වල
ජීවත්වන සහෝදරයෙක් මුණු පොතේ බිත්තියේ මේ පෝස්ට්
එක අලවලා තිබුනා.
බෙල්ලෙන් පහල මොලය තියෙන අය තාමත් NPP එකට විරුද්ධයි කියලා
එයා පාච්චල් කරනවා. මම නිරීක‍්ෂණය කරපු කාරනයක් තමයි සියළු
සහෝදරවරු තම දේශපාලන අදහසට ප්‍රතිවිරුද්ධ අය පහත් කර සැලකිල්ල. අපහාස කිරීම. මට හිතෙන්නේ
එය පක්‍ෂ ප්‍රගතියට බාධාවක් කියලා.
ඒ බව කියා දෙන්න
ගිහිල්ලා ඇතිවුන කතා බහක් මම මෙහි පල කරනවා. සමහරවිට මගෙත් බෙල්ලෙන් පහල ඔළුව තියෙනවා
කියලා නිගමනය වේවි.
තවත් දවසක මගේ අසල්වාසියෙක් මට අවවාද කලා.
මෙවන්ම දේශපාලන සංවාදයකදී. එතුමා උපාධිධාරී
ගුරුවරයෙක්. එතුමා කරුණු කාරනා කිහිපයක් මට කියාදීලා බුද්ධිමත්ව හිතන්න කියලා NPP එකේ ආර්ථික න්‍යාය මට
එවලා තිබුනා. එය හොද ප්‍රවනතාවයක්.මගේ යම් අනවබෝධයන් දුරලා ගන්න එය හොද මගක් වුනා. ඒත් මට හිතුනා මම ගැන එතුමා හිතුවේ එතුමා තරම් මාබුද්ධිමතෙක් නෙවෙයි කියලා.
පලාත් පාලන ඡන්දෙට
නාමයෝජනා දීලා පක්‍ෂ ප්‍රචාරක කටයුතු සදහා පැමිණි නියෝජිතයෝ පිරිසක් අපේ නිවසට
ආවා. ඉන් වැඩි දෙනෙක්ගේ සමාජ අධ්‍යයනය ගුරුවරියකවු මගේ බිරිය සමග වාදයක
පැටලිලා. මට හිතුනේ මෙවන් බුද්ධිමත්
කණ්ඩායමකට සවන් දෙන්න උපදෙස් දෙන්න කියා දුන්නේ නැත්තේ ඇයි කියලා. වර්තමාන දේශපාලන
බහුභූතයොත් කරන්නේ ජනතාවට කන් නොදීම. තමන් ලග තියෙන දේ බෙදා දීලා එයින්පල නෙලා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනි.
මම මුණු පොතෙන් අප අතර වු
සංවාදය පල කරන්නම්.
Melbourne වල ඉන්න අනෙක් අය ඔහොම කියන්නේ නැ මල්ලී. ඔය වගේ අපවාද කරන කොට බෙල්ලේ පාළුවට ඔළුව තියෙන අය තව තවත් විරසක වෙනවා. බහුතරයක් ඉන්නේ බෙල්ලේ පාළුවට ඹළුව තියෙන අය.
ඔහු
මෙල්බර්න් ඉන්න ගොඩක් අය NPP ආන්ඩුවකින් ලංකාව හරි මගකට ගනියි කියල විශ්වාස කරනවා. දැක්ක නේද අනුර ආව දවසෙ එකතුවුන සෙනග?
දැක්කා. තොරතුරුත් ඇහුවා.
මට තොරතුරු කියන්නේ මල්ලිගේ කෝනයෙන් නම් බෙල්ලේ පහල මොලය තියෙන අය.
මම අදහස් කලේ NPP එක තවමත් බහුතරයක් වු ඡන්ද දායක ජනතාවට අපහාසවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම සම්බන්වයි. එසේ කිරීමෙන් විශ්වාශය දිනා ගන්න බැහැ. *******************
මල්ලී ඉන්නේ Melbourne වල. ලෝකයේ දියුණු රටවල පවා ආර්ථිකය සෙලවිලා තියෙන මොහොතක්.අපේ කතාවක් තියෙනවා නේද කූරපහියට හෙන ගහපුවම හුණු කිල්ලෝටේ ට මොන කතාද ? කියලා . අපේ රටත් අත්විදින්නේ ඒ වගේ වින්නැහියක්.
මෙවැනි ආර්ථික අර්බුදයකට 1970 -1977 කාලෙදිත් අත්වින්දා. ඒ කාලය රෝහණ විජේවීර තම කැරල්ල අත්හදා බැළුවා. අදත් සිදුවන්නේ එයයි. වාසනාවකටද කොහේද මල්ලිගේ විද්වතුන් රනිල්ට UNDERGROUNDS ස්වරූපයේ සහයෝගයක් දෙනවා.
ඒකට රනිල් ප්‍රතිඋපකාර කරනවා. ඊලගට එන්නේ ජනාධිපතිවරණය. බෙල්ලට උඩින් මොලය තියෙන අය 12% - 15% පගුවක් දැනටමත් වෙන් කරගෙන තියෙන්නේ . දැනට ඉතිරි 60% කට පමණ පංගුකාරයෝ ගොඩයි. රනිල්වත් එක්ක.ඔය කන්ඩායම් වලින් රනිල්ට එකතුවෙන කන්ඩායම් වැඩියි. සුළුජාතිකයන්ගේ ඡන්ද 75% ක් විතර රනිල්ට ලැබෙනවා. එවිට මොකක්ද ප්‍රතිපලය ?.රනිල් දිනනවා. මේ මම හිතන විදිය. මල්ලිලා අනියමින් රනිල්ට සහයෝගය දක්වනවා.
මල්ලි බෙල්ලෙන් උඩ තියෙන කොටස REFRESH කර ගන්න.
ඔහු.
ලෝකෙම මුහුනදුන් දරුනු වසංගතයක් නිසා අපේරට කිල්ලෝටයක් වෙලා අසල්වැසි රටවල්වලින්පවා හිගමන් යදිමින් ඉන්න තත්ත්වයට පත්වෙලාතියෙන්නෙ ඇයි කියල හිතල බැලුවොත් එකම හේතුව කිසිම විනයක්, කලමනාකරනයක්, සමාජ සාධාරනත්වයක් නැති අන්තනෝමතික තග් පාලනය කියල තේරුම්යනව. මැතිවරනයකින් රනිල්ල දිනුවත් රාජපක්ෂල දිනුවත් සජිත්ල හෝ සිරිසේන්ල දිනුවත් කිසිම වෙනසක් වෙන්න්නෙ නෑ
මම
වෙනසක් වෙන්නේ නැහැ. ඇත්ත.
එය නොවෙයි මම ලියුවේ වර්තමාන දේශපාලන හැසීරීමයි. අපේ කැමැත්තට වඩා රටේ දේශපාලනය ඇමරිකාව ඉන්දියාව හරහා මෙහෙවනවා. චීනය ,එක පිලක. අරගලයේ මුල් තිබුනේ අමරිකානු තනාපති කාර්යාලයේ.දැන් සිදුවෙන ආර්ථික වෙනස් කම් අධ්‍යයනය කලත් අනාගත පාලනය ගැන හිතා ගත්ත හැකියි.
කිසි ලෙසකත් අස්ථාවරව ආයෝජනයන් සිදුවෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පසුබිමි සකස් වෙනවා. අපිට හිතට එකගව මේවාට දායක වෙන්න බැහැ.
ඔහු.
රටක් උනත් පුද්ගලයෙක් උනත් ගෙවාගන්න බැරි ප්රමානයකයට ලෝකෙට නයවුනාම කියන කියනදේ කරන්න වෙනවා. අපේ අසල්වැසි රටවල් එක එකාගෙ පදේට මෙහෙම නටනවද?




















