පහුගිය දවසක මේ ගොඩ හොද්ද ගැන කෙනෙක් අහල තිබිල මතක්වුණා ඉස්සර කාපු ගොඩ හොදි ගැන.
" ඔය ගොඩ හොද්දක්වත් ඉක්මනට හදල ගනින් යෝදියේ! " කෑම පරක්කු වෙනව නම්, ඉක්මනින්ම උයාගන්න පුලුවන් දේ තමයි ගොඩ හොද්ද.
මේකට ගොඩ හොද්ද කියන්නෙ, ලිපේ තියන්නෙ නැතුව අමුවෙන්ම කෑමට ගන්න නිසා. බත්, දියබත්, පිට්ටු , තලප වගේ දෙයක් එක්ක ආහාරයට ගන්නව.
පාන් එක්ක නම් කාල නැතිනිසා, ඒ ගැන කියන්න දන්නෙ නෑ.
සමහර උඩරැටියන් මෙයට නිරිහොද්ද කියාත් කියනව. තවත් සමහර ප්‍ර දේශවල දියබත් කියලත් කියනවා.

මේක හදන ක්‍රම කීපයක්ම තියෙනව. වඩාත් ප්‍රචලිත ක්‍රමය තමයි අපි දිය බත් හදන විදිය.
දියබත් හදන විදිය.
1 පොල්කිරි සමග හදන ගොඩ හොද්ද:
අවශ්ය ද්රව්ය:
-පොල් කිරි අවශ්ය පමණ( ඉන්න අයට කෑමට හොද්දකට සෑහෙන පමණ.)
⁃ වියලි මිරිස් කරල් කීපයක්.
⁃ රතුලූනු ගෙඩි කීපයක්.
⁃ දෙහි ගෙඩියක්.
⁃ උම්බලකඩ ස්වල්පයක්.
⁃ අවශ්ය පමණ ලුණු
⁃ කරපිංචා ඉත්තක්
වියලි මිරිස් කරල් ටික හා කරපිංචා ඉත්ත ගින්නට අල්ලා හෝ කබලක දමා හෝ තරමක් කළු පැහැයට එනතුරු බැදගන්න.
ඉන් අනතුරුව, රතුලූනු ගෙඩි හා උම්බලකඩ සිහින්ව ලියා, පොල්කිරි සමග මුසු කර ගන්න.
බැදගත් මිරිස් කරල් ටික, කැබලි වනසේ අතින් පොඩිකර, පොල්කිරිවලට දා ගන්න. දෙහි හා ලුණු කැමති පරිදි දමා කෑමට ගන්න.
උම්බලකඩ නොමැතිව වුවද සකසාගත හැකියි.
ඇතැම් අය වියලි මිරිස් වෙනුවට, අමුමිරිස් සිහින්ව ලියා දමා මෙය සකසා ගන්නා අතර, වඩා රසවත් ක්ර්රමය වන්නේ වියලි මිරිස් දමා සෑදීමයි.
දියබත් සමග- රාත්රීයට ඉතිරිවෙන බත්වලින් සකසන දියබත්වලට මේවා වෙනමම නොදමා , එකටම දමාද සකසනු ලැබේ.
2 ක්‍රමය:
මේ ගොඩ හොද්ද මට කෑමට ලැබුණේ හම්බන්තොට ප්රදේශයේදීයි.
එය සකස් කිරීමට අවශ්ය වන්නේ රතුලූනු ගෙඩි ටිකක් හා මැටි නෑඹිලියක් පමණි.
රතුලූනු සුද්දකර, සෝදාගත් මැටි නෑඹිලියක ඇති දාරවල අතුල්ලා උරච්චි කළ යුතුයි. එසේ උරච්චි කරගත් තලපයට සුලු ප්රමාණයක් ජලය එකතු කොට, අවශ්ය පමණට ලුණු යොදා බත්, පිට්ටු , තලප සමග ආහාරයට ගනු ලැබේ. මැටි නෑඹිලියේ දාරවල හැර වෙනත් තැන්වල උරච්චි කර නියම රසය නොලැබෙන බව පැවසේ!
මා සිතුවේ පොල් සොයාගැනීමට අපහසු නිසා සකසන්නක් බව වුවත්, එසේ නොවන බව පසුව දැනගැනීමට හැකි විය.

ඇග සිසිල් කරන ආහාරයක් ලෙස දියබත් සලකනවා. බඩේ දැවිල්ලට හිස් බඩ බොන එක සුවට හේතුවක් වෙනවා.
Channa Withana
A day in the life
ඡායාරූපය
Thusantha Wickramanayake

1 ප්‍රතිචාර:
මෙය ඉතාම ගුණදායක ආහාරයක් නේද.
Post a Comment