Wednesday, January 15, 2025

සොඳුරු විරාමය -






නංගිට බබා ලැබුනෙන් ප්‍රිය බිරිඳ මගේ
සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ
පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ.. 
කළ විට සීනි බඳුනේ මූඩිය විවර
කොළයක් දුටිමි මතකයි අයගේ අත් අකුර
"මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර"
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොඳුර...

 ඇර තේ පෝච්චිය බැලු විට තිබුණි ලියා 
"පාළුවේ වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා
ෆිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නිසා
අලවා තිබුනෙ මුදු ආදර වදන් එයා....

හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටිවිට ඇගේ ගුණ අයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි... 
දින පහ ගෙවී වැඩ නැති අවසන ශනිදා
දහවල් දවස ගතකර ඇඳ උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය සිතින් බදා...
උරුවම් බබා ඇර අල්මාරිය පියන
ඇඳුමක් සොයාගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතරේ තෝ මූසල ගල් බමුණ
බොන්ඩ ද යන්නේ" කොළයක අමුණා තිබිණ... 
--පරාක්‍රම කොඩිතුවක්කු





A day in the life

5 comments:

kumudu said...

its really funny...................:D :D :D

Anonymous said...

බොන්න එපා අප්පච්චි

අජිත් ධර්ම කීර්ති said...

මෙය ඉතාමත් විහිළු සහගත සහ රසවත් කතාවක්. මෙම කතාවේ රචකයා ඉතාම සියුම් තැන් ගැන පවා අවධානය යොමු කර ඇති අවකාරය ඉතාම අපූරුයි.

ප්‍රවීණ සාහිත්‍යදර පරාක්‍රම නිරියැල්ල කුඩිතවක්කු මහතා සිංහල සාහිත්‍ය වංශය වෙනුවෙන් සහ කලාකෙත අස්වැද්දීම වෙනුවෙන් ඉටු කරන මෙහෙය අනගි.

එම නිසා බෞද්ධ සංස්කෘතික අමාත්‍යාංශයෙන් අප ඉල්ලා සිටින්නේ මෙම කතාවට සාහිත්‍ය සම්මානයක් ලබා දෙන ලෙසයි.

මෙයට ප්‍රවීණ බ්ලොග් ලේඛක ලන්ඩනයේ සිංහල සංගමයේ අධ්‍යක්ෂක කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිසිස්ස අජිත් ධර්ම කීර්ති මැතිතුමා

Ajith Dharma. said...

මරු තමා ඒක . මා වෙනුවෙන් පෙනී සිටිය ඇනෝ තුමාටත් ස්තූතියි

මීදුම said...

පරාක්‍රමයන් මට මුණ ගැසෙන්නේ ඔහු දේශපාලන අතවරයට ලක්ව දුෂ්කරවු පලාතක පාසලකට ස්ථාන මාරුවක් ලැබ කරකවා අතරමං කල කාලයක. එකල එම පාසලට ගමනා ගමනාගමනය සදහා ප්‍රවාහන පහසුකම් තිබුනේ නැහැ. නේවාසික වන්න නිසි තැනක් සොයා ගන්නා තෙක් කිමි පහක් පමණ උදේ හවස ශාරීරික ව්‍යායාම පිනිස පයින් යන්න ඔහුට සිදුවුවා. මේ පුංචි පාසලේ ඔහුට කරන්න කාරියක් නොතිබුනත් ඔහු සතුටින් තම යුතුකම් ඉටු කල බව එකල දොඩමලු වන විට මම හිතු දෙයක්. ඔහු නිරිමාණශීලි රසවතෙක්.

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon