අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-10-27
සාදරයෙන් පිලිගනිමි. - හැත්තෑ අට.

10/27/2025 10:00:00 pm
2

මටත් අදට අවුරුදු හැත්තෑ හතක් පිරෙනවා. හෙට ඉදන් හැත්තෑ අටයි. කියන්න වෙනවා. ඉදහිට ජීවිතය මීදුමේ දිය කර අරින්න පුලුවන් නම් හොදයි. ඒත් කොටලා කොට...

Read more »
2025-10-26
නස්රුදීන් - පංගු පේරුව

10/26/2025 08:00:00 am

අපි පිරිසක් එක්ක වැඩකට බැස්සම අනිත් එක්කෙනා කරනකම් බලා ඉන්නවා. එයා කලොත් තමයි මම කරන්නේ කියලා කල් අරිනවා. එයාට හොදනම් මට මොකද කියලා හිතනවා. ...

Read more »
2025-10-25
 ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ

10/25/2025 10:03:00 am

ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ  - එක තමයි ලොකුම බොරුව.... ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද ? ආහ්, ඒක තමය...

Read more »
2025-10-24
නස්රුදීන්  - ඉරට වඩා හද ප්‍රයෝජනවත්.

10/24/2025 10:00:00 pm

මුල්ලා නස්රුදීන් ගේ කතා බොහොමයක් උපහාසයට බරයි. පුංචි කතාවක් ඇතුලේ ලොකු කතාවක් කියනවා. බොරුවකට එහා ගිය තර්කාණුකුල සත්‍යය ඒ කතාතුල තියෙනවා. අප...

Read more »
2025-10-23
දූෂණය විසින් විනාශ කල අධිකරණය සහ නීතීඥ වෘත්තිය:

10/23/2025 10:00:00 pm

බ්‍රිතාන්‍ය පාළනය විනය රැක්කේය.  ආණ්ඩුකාරයාද නීතියේ ආදිපත්‍යයට යටත් කරන ලදී. සුද්දා හැදූ ව්‍යවස්ථාවෙන් විනිසුරන්ගේ ස්වාධීනත්වය ඉහලින්ම ආරක්ෂ...

Read more »
2025-10-22
නස්රුදීන්  -  එල්ලුම් ගහේ.

10/22/2025 10:00:00 pm

න ස්රුදීන් සුල්තාන්වරයාගේ සේවකයෙක්ව හිටි කාලේ  ,සුල්තාන්වරයා තීරණය කලා “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතුයි කියලා. හර...

Read more »
2025-10-21
රජ කාලේ කොළඹ නුවර පාර

10/21/2025 10:00:00 pm

උඩරට රාජධානි කාලේ පටන් කොළඹ සිට මහනුවරට වැටී තිබුණේ කැලණි ගංගා නිම්නය ඔස්සේ විහිදුණු අඩිපාරක්. මේ පාරේ අශ්වයකු පිටේ ගමන්කිරීමට හෝ දෝලාවක ගමන...

Read more »
2025-10-20
දීපාවලී - අදුර නසා අලෝකවත් වෙමු.

10/20/2025 08:00:00 pm
2

හිණ්දුන් වර්ෂය පුරාවට පවත්වන එක් එක් ආගමික උත්සව අතරට එක්වන එක් ආගමික උත්සවයකි දීපාවලි උත්සවය. දීපා යනු පහනයි + ආවලී යන්නෙන් පේලිය හැදින...

Read more »