මටත් අදට අවුරුදු හැත්තෑ හතක් පිරෙනවා. හෙට ඉදන් හැත්තෑ අටයි. කියන්න වෙනවා. ඉදහිට ජීවිතය මීදුමේ දිය කර අරින්න පුලුවන් නම් හොදයි. ඒත් කොටලා කොට...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මටත් අදට අවුරුදු හැත්තෑ හතක් පිරෙනවා. හෙට ඉදන් හැත්තෑ අටයි. කියන්න වෙනවා. ඉදහිට ජීවිතය මීදුමේ දිය කර අරින්න පුලුවන් නම් හොදයි. ඒත් කොටලා කොට...
අපි පිරිසක් එක්ක වැඩකට බැස්සම අනිත් එක්කෙනා කරනකම් බලා ඉන්නවා. එයා කලොත් තමයි මම කරන්නේ කියලා කල් අරිනවා. එයාට හොදනම් මට මොකද කියලා හිතනවා. ...
ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ - එක තමයි ලොකුම බොරුව.... ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද ? ආහ්, ඒක තමය...
මුල්ලා නස්රුදීන් ගේ කතා බොහොමයක් උපහාසයට බරයි. පුංචි කතාවක් ඇතුලේ ලොකු කතාවක් කියනවා. බොරුවකට එහා ගිය තර්කාණුකුල සත්‍යය ඒ කතාතුල තියෙනවා. අප...
බ්‍රිතාන්‍ය පාළනය විනය රැක්කේය. ආණ්ඩුකාරයාද නීතියේ ආදිපත්‍යයට යටත් කරන ලදී. සුද්දා හැදූ ව්‍යවස්ථාවෙන් විනිසුරන්ගේ ස්වාධීනත්වය ඉහලින්ම ආරක්ෂ...
න ස්රුදීන් සුල්තාන්වරයාගේ සේවකයෙක්ව හිටි කාලේ ,සුල්තාන්වරයා තීරණය කලා “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතුයි කියලා. හර...
උඩරට රාජධානි කාලේ පටන් කොළඹ සිට මහනුවරට වැටී තිබුණේ කැලණි ගංගා නිම්නය ඔස්සේ විහිදුණු අඩිපාරක්. මේ පාරේ අශ්වයකු පිටේ ගමන්කිරීමට හෝ දෝලාවක ගමන...
හිණ්දුන් වර්ෂය පුරාවට පවත්වන එක් එක් ආගමික උත්සව අතරට එක්වන එක් ආගමික උත්සවයකි දීපාවලි උත්සවය. දීපා යනු පහනයි + ආවලී යන්නෙන් පේලිය හැදින...