තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2025-11-18
පුංචිම පුංචි සටහනක්
2025-11-17
කෝපයට පත් දරුවා සන්සුන් කරවන්න.
දරුවෙක් කෝපයට පත්වූ විට බොහෝ මව්පියන් එය “නරක හැසිරීමක්” ලෙස හෝ “අනවශ්‍ය දේකට තරහ වීමක්” ලෙස දැකගන්නා අතර, ඔවුන්ගේ පළමු ක්‍රියාව එය නවත්වීමට උත්සාහ කිරීම වීමය.
නමුත්, සත්‍යය වන්නේ — දරුවාගේ කෝපය යනු ඔහුගේ ඇතුළත ඇති හැඟීම් හා අවශ්‍යතාවයන් පිළිබඳ සංඥාවක් පමණක් බවයි.
දරුවා කෝපයට පත්වන්නේ ඇයි?දරුවන්ට තවමත් තම හැඟීම් වචන මගින් පැහැදිලිව පෙන්වීමේ හැකියාව සම්පූර්ණව නැත.
ඒ නිසා ඔවුන් තම ශරීර භාවය, හඬ, හෝ හැසිරීම මගින්ම “මට අමාරුයි” හෝ “මට අවශ්‍ය දේ නොලැබුණා” යන අරුත ප්‍රකාශ කරති.
කෝපයට පත් වීමට හේතු විය හැකි කරුණු කිහිපයක් මෙසේය:
• අවශ්‍ය දේක් නොලැබීම හෝ විරුද්ධාත්මක ප්‍රතිචාරය ලැබීම
• අධික ශබ්ද, බිය, හදිසි වෙනස්කම් හෝ කාලසීමාගත උපදෙස්
• විවේකයේ හා ආදරයේ හිඟය
• මනෝභාව පාලනයේ හැකියාව තවමත් අවධියක් තුළ වීම
දරුවා සන්සුන් කිරීමට මව්පියන්ට අවශ්‍ය පියවර
ඔහුගේ හැඟීම් තේරුම් ගන්න
දරුවා කෝපයට පත්වූ විට “නවත්වන්න” කියා විරෝධය පෙන්වීම වෙනුවට, ඔහුට පවසන්න “අම්මට තේරෙනවා ඔයා දැන් ගොඩක් තරහින් ඉන්නේ .ඒක හරි, හැමෝටම එහෙම වෙන්න පුළුවන්.”
මෙවැනි වචන ඔහුට ආරක්ෂිත හැඟීමක් ලබා දෙයි.
එය ඔහුගේ මනෝශක්ති පද්ධතිය සන්සුන් කිරීමට මුල් පියවර වේ.
ශරීරමය සන්සුන් කිරීමේ ක්‍රම භාවිතා කරන්නකෝපය ඇතිවෙද්දී, දරුවාගේ හෘද ගතිය හා හුස්ම ගැනීම වේගවත් වේ.
මෙය සන්සුන් කිරීමට පහසු ක්‍රම කිහිපයක් මෙසේය:
• “අපි දෙන්නම එකට ගැඹුරු හුස්ම ගනිමු.”
• “අපි දන් ගනන් කරමු, දැන් හුස්ම ගමු.
මෙය ඔහුගේ මොළයේ Amygdala නම් අංශය (කෝපය හා භය පාලනය කරන මධ්‍යස්ථානය) සන්සුන් කිරීමට උපකාරී වේ.
හැඟීම් නම් කිරීමදරුවාගේ හැඟීම් නම් කිරීම ඔහුට තම මනෝභාව හඳුනාගන්න උදව් කරයි.
උදාහරණයක් ලෙස,
“ඔයා දැන් තරහින් නේද?”
“ඉල්ලපු දේ ලැබුනෙ නැති නිසාද ඔයාට මේ විදියට දුක් හිතුනෙ ?”
මෙවැනි වචන ඔහුගේ මනෝවිද්‍යාත්මක වර්ධනයට අතිශය ප්‍රයෝජනවත්ය.
ඔබම උදාහරණයක් වෙන්නදරුවා ඔබගේ හැසිරීම මගින් තම හැසිරීම ඉගෙන ගනී.
ඔබ කෝපයට පත්වූ විටත් සන්සුන්ව සිටීම, ඔහුට තමාගේ හැඟීම් පාලනය කිරීමට මනෝභාවයෙන්ම උපදෙස් දෙන ක්‍රමයකි.
Time-out” නොව “Time-in” ලබා දෙන්නදරුවාට තනිව යන්න කියා නැතිව, ඔහු සමඟ එකට නිශ්ශබ්දව සිටීම උචිතය.
“අපි එකට ටිකක් නිශ්ශබ්ද වෙමු.”
මෙය දරුවාට ආරක්ෂිත බවක් හා විශ්වාසයක් ලබා දෙයි.
පසුකාලීනව සාකච්ඡා කරන්නදරුවා සන්සුන් වූ පසු, මෘදු ලෙස විමසන්න
“ඔයාට තව පාරක් කේන්ති ගියොත් අපි කොහොමද ඒක නැති කරගන්නෙ?”
මෙම විධියෙන් ඔහුට තම හැඟීම් පිළිබඳ අධ්‍යාපනික අවබෝධයක් ලැබේ.
දරුවාගේ කෝපය පාලනය කිරීමේ දිගුකාලීන ප්‍රතිඵල
මෙවැනි අධිකාරි සහ ආදරණීය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන්,
දරුවාට තම හැඟීම් හඳුනාගෙන පාලනය කිරීම ඉගෙන ගන්න හැකි වේ.
මව්පියන් හා දරුවා අතර විශ්වාසය සහ ආදරය පදනම් වූ සබඳතාවයක් වර්ධනය වේ.
අනාගතයේදී දරුවාට ගැටුම් සාමකාමීව විසඳන්න හැකියාව ලැබේ.
අවසාන වචන
දරුවාගේ කෝපය පාලනය කිරීම යනු ඔහුගේ හැඟීම් නසන එකක් නොවෙයි.
එය ඔහුට තම හැඟීම් හඳුනාගෙන, ඒවා සමඟ සාමකාමීව සිටිය හැකි හැසිරීමක් ඉගැන්වීමකි.
“දරුවාගේ කෝපය සන්සුන් කිරීමට පෙර,මව්පියන් තම කෝපය සන්සුන් කරගත යුතුය.”
2025-11-16
පරසතු මලේ සේදිරිස් මතකද?
බොනී මහත්තයා සේදිරිස්ට කතා කළේය.
‘සේදිරිස් මෙහෙ ආවොත්’
සේදිරිස් කාමරයට දිව්වේය.
‘ඉඳගම්මු පුටුවකින්’
‘නෑ නෑ රාළහාමි . . . . . . . . ඉඳ ගන්නේ නැහැ’
‘අද වාඩිවෙන්න ඕනෑ තේරුණාදැයි’ බොනී මහත්තයා කරුණාවෙන් කීවේය.
මැගී ලස්සනට සැරසී බුලත් හෙප්පුවක් ගෙනවිත් සේදිරිස් අතට දුන්නයා. ඔහු නැගිට එය පුදුමයෙන් ගත්තේය.
‘මැගී’ යි යළිත් බොනී මහත්තයා කතා කළේය.
‘සුරුට්ටු’ ඇය සේදිරිස්ව පුදුම කරවමින් වීදුරු බඳුනක ලූ සුරුට්ටු ගෙනවිත් දුන්නේය.
‘අනේ මේ මොනවටද, මං කුස්සිය දිහාට ගිහිල්ල තේ එකක් බොන්නම්’ යි සේදිරිස් හිරිකිතිය පෑවේය.
‘ඒක නොවෙයි සේදිරිස් එන්න කිව්වේ මේකටයි, ඔය වත්ත බලන කොට කසාද නොබදින එකත් පාඩුවක්’ යි බොනී මහත්තයා කතාවට මුල පිරුවේය.
සේදිරිස් තුෂ්නිම්භූත විය.
‘අනික තමන්ගේ කියල බස්තමක් හරි තියෙන්ඩ ඕනෑ මිනිහෙකුට. මාත් බඳිනව කවද හරි . . .’
‘රාළහාමි එහෙම දෙයක් ගැන මං හිතලවත් නෑ, වත්තෙ පොල් ගස් දිහා බැලුව මිසක’යි සේදිරිස් අවංකවම කියා සිටියේය.
‘දැන් කල්පනාවක් දානව බලන්න. මේ මැගී ගැන කොහොමද? එයා සේදිරිස්ට කැමතියි. මිනිහෙකුට සැප දෙන ගෑනියෙක්. මට කියන්න පුළුවන් ඒ ටික. ඒ වගේම තමුසෙට ඒක නම්බුවක්. මගේ කීම අහක දානවද සේදිරිස්’.
සේදිරිස් බිම බලාගෙන කාමරයෙන් පිට විය. මිදුලට බැස තණකොල සීමාව දක්වා ගොස් කට පුරවා ගෙන සිටි බුලත් විටෙන් නිදහස් විය. යළිත් කාමරයට ආවේය.
‘මහත්තයා මං ඒක කරනවා’
මීට වසර 52 කට ඉහත ‘පරසතු මල්’ චිත්‍රපටය නැරැඹූ වැඩිහිටි ප්‍රේක්ෂකයකුට මේ දර්ශනය නම් අමතක නොවනු ඇති. මහා පෞරුෂයකට, ආධිපත්‍යයකට හිමිකම් කී පුරුෂයකු වූ බොනී මහත්තයා තම ජීවිතයේ හුදකලා වූ ද අසරණ වූ ද මුල්ම අවස්ථාව මෙයයි.
සේදිරිස් ලෙස ‘පරසතු මල්’ චිත්‍රපටයේ රඟපෑවේ එතෙක් වේදිකා නාට්‍යය ලෝකයේ නමක් දිනූ කලාකරුවකු වූ ධර්මදාස කුරුප්පුය. ඔහුට ටවර් හෝල් යුගයේ ද අත්දැකීම් රැසක්ම මතකයේ තිබුණි. කුඩා කල සිටම ඔහු තමා දුටු මුල්ම නාට්‍යය ගැන මට විස්තර කර තිබුණේ මෙසේය. 70 දසකයේ කුරුප්පු මහතා හෙවත් එදා ‘කුරුප්පු අංකල්’ ද පසුව ‘කුරුප්පු මහත්තයා’ නමින් ද ආදරයෙන් ඇමතූ ඔහු වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම කාරුණික, හිත හොඳ මිනිසෙකි. යහපත් මිනිසෙකි. කුණු බින්දුවක් නැති සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී ලේක්හවුසියේ සරසවිය කර්තෘ මණ්ඩලයට එන ඔහුට විශේෂ ගෞරවයක් තිබුණි. එයට හේතු වූයේ ඔහු පැරැණි නාට්‍ය කලාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති වැඩිහිටි කලාකරුවකු වීමය. ඔහු පැලඳ සිටි ධර්ම චක්‍රය මට කිසිදා අමතක නොවේ.
‘මම හාපුරා කියලා නාට්‍යයක් දැක්කේ 1927 වසරේ මීගමුවේ නාට්‍ය ශාලාවක වේදිකා ගත කළ ‘බැලසන්ත හෙවත් ‘ඔරිසෙන් පාලෙන්තෙන්’ කියන නාට්‍යය. මට එතකොට වයස අවුරුදු 8 ක් විතර ඇති.’ දිනක් කුරුප්පු මහතා කතාව පටන් ගත්තේය.
‘බැලසන්ත නාට්‍යයේ මගේ වීරයා වූයේ එහි ප්‍රධාන චරිතය බැලසන්ත කුමාරි ලෙස රඟපෑ සී. බෙන්ජමින් ප්‍රනාන්දු. ඒ කාලේ ගැහැනු චරිත රඟපෑවේ පිරිමි. ඒ නාට්‍යයේ සිට බැලසන්ත කුමාරි, වැළහින්න, පාලෙන්තෙන් කුමරු ආදී චරිත මට යාන්තමට මතකයි. එදා මම නාට්‍ය බැලුවේ නාට්‍ය කලාවට ඇති ආදරය නිසා නොවෙයි. පොඩි කාලේ පුංචි කොලුවෙකු තුළ තිබුණ බොළඳ ආසාවට හා විනෝදයට. නාට්‍යවල රඟපෑමට මා තුළ ආශාව දියුණු වුණා. හැබැයි නාට්‍ය බැලීමට දෙමාපියන්ගේ අවසරය නම් ලැබුණේ නෑ. රාත්‍රී කෑමෙන් පසු දෙමාපියන් නිදා ගත් පසු ඇඳේ කොට්ටෙට රෙදි පොරවා හොරෙන් යාළුවන් එක්ක බයිසිකල්වල නැඟී දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, ඌරාපොළ ආදී ප්‍රදේශවලට ගොස් නාට්‍යය බලා පාන්දර තුනට පමණ ගෙදර විත් නිදා ගත් හැටි මම අද සිහි කරන්නේ සතුටින්.’
කුරුප්පුගේ ප්‍රියතම නළු නිළියන් වූයේ රොම්ලස් ද සිල්වා, ලක්ෂ්මී බායි, ටී. පී. අල්මේදා, ඩබ්ලිව්. සිල්වෙස්ටර්, ඇනී බොතේජු, ටී. ඩී. ඇඩ්වින් පෙරේරා, ඩී. සී. සේනානායක ආදීන්ය.
1919 පෙබරවාරි 06 වැනිදා වේයන්ගොඩ උපත ලැබූ ධර්මදාස කුරුප්පු කුරිකොටුව සිංහල පාසල, ශාන්ත මේරි විද්‍යාලවල ඉගෙනීම ලබා නාට්‍ය කලාවට එක් වූයේ 1952 වසරේදීය.
‘ඒ කාලයේ තැපැල් හා විදුලි සන්දේශ කටයුතු භාර ඇමතිවරයා වූ එන්. එච්. කීර්තිරත්න මහතාගේ පුද්ගලික ලිපිකරු මමයි. කීර්තිරත්න මහතා කෑගල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දවසක් මම කාර්යාලයේදී පත්තරයක් බලමින් හිටියා. මැති ඇමතිවරුනුත් සිරිසඟබෝ නාටකයේ රඟපාන බව කියවෙන ප්‍රවෘත්තියක් පත්තරේ පළ වෙලා තිබුණා. ටික වේලාවකට පස්සේ කීර්තිරත්න මහතා මම ඉන්න තැනට ආවා.
‘සර්, මැති ඇමතිවරුන් නාට්‍යවල රඟපානවා කියලා පත්තරේ දාල තියෙන්නේ’ මම කිව්වා.
‘හොඳයි, තමුසෙට රඟපාන්න ඕනෑ නම් එනවා මාත් එක්ක’ උන්නැහෙ කිව්වා.
උන්නැහේ මාව එවකට අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ ටී. ඩී. ජයසූරිය මහතා ළඟට එක්ක ගියා. ‘සිරිසඟබෝ’ නාට්‍යය කරන කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා මහතා ජයසූරිය මහතාගේ ගජ යාළුවා. ජයසූරිය මහතාගේ හඳුන්වාදීමෙන් තමයි මම ‘සිරිසඟබෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම සහභාගි වුණේ රජ සභාවේ සමූහ ගායනා කිරීමටය. එතකොට මම දරු දෙන්නෙකුගේ පියෙක්. මගේ බිරියගේ සහාය නිසා මට රඟපාන්න පුළුවන් වුණා. මම වේදිකාවේ පේවිලා. මොකද වස් දොස් වදියි කියලා. ආර්. ජෝන් පෙරේරාගේ ‘සේනක’ නාට්‍යයේ සක් දෙව් රජුගේ චරිතය රඟපෑවේ. මම රඟපානවා දැකලා කාන්තාවන් පිරිසක් මෙහෙම කිව්වා.
‘බලන්නකෝ ධර්මදාස අයියා රන් රූපයක් වගේ නේද, මෙහෙම රඟපාන්න ගොඩන් පින් කරන්න ඕනෑ නේ’ කියලා.
මට වස් වැදුණා. මට ඉක්මනට දෙහි ටිකක් කප්පවා ගන්න කියලා යාළුවෙක් කිව්වා. ඊට පස්සේ ඉඳලා ටවර් ශාලාව ඉදිරිපිට තියෙන අභයසිංහාරාමයට ගිහින් බදුන් වැඳලා, දෙවියන්ට පින් දීලා තමයි රඟපෑවේ’ කුරුප්පු කලාකරුවා මට කීවේය.
ජේ. ඒ. ඩී. පෙරේරාගේ වෙස්සන්තර, හරිශ්චන්ද්‍ර, ශ්‍රී වික්‍රම, ඉලංගරත්නගේ ‘හඳහන’ නාට්‍යවල රඟපෑ ඔහු හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාව, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ හොට බරි යුද්දේ, තහංචි, ෂෙල්්ටන් ප්‍රේමරත්නගේ ‘ඩුං ඩුං බෙරේ’ නාට්‍යවල වේදිකා පරිපාලනය කරමින් චරිත ද රඟපෑවේය. 1970 වසරේ මා සරසවිය පත්‍රයේදී හඳුනාගන්නා විට කුරුප්පු මහත්තයා සිංහල නාට්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට නාඩගම් යුගයත්, නූර්ති යුගයත්, ටවර් යුගයත්, නූතන යුගයත් එක් කරන අපූරු සන්දර්ශයක් සංවිධානය කොට තිබුණි. එකල ඒ ඒ යුගයට අයත් ජීවතුන් අතර සිටි නළු නිළියන් හැකිතාක් සම්බන්ධ කරගත් අතර ඒ අසීරු කාර්යයට ඇප කැප වී කටයුතු කළ බව මම දනිමි. ඔහුගේ මේ අප්‍රතිහත ධෛර්යට අපි හැකි උපරිම සහාය සරසවිය පත්‍රයෙන් දුනිමු.
එකල කුරුප්පු මහතා තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවකු ලෙස කටයුතු කළ අතර කොතරම් කලා කටයුතුවල යෙදුණත් රාජකාරිය දේව කාරියක් ලෙස ඉටු කළේය. කුරුප්පු මුලදී සිනමාවට එක්වන්නේ නළුවකු වශයෙන් නොවේ.
‘මගේ හොඳම මිත්‍රයා හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න. එයා හොඳ කවියෙක්. ඒ වගේම හොඳ ඉස්කෝලේ මහත්තයෙක්. ලස්සන කතා ලියන ලේඛකයෙක්. ගුවන් විදුලිය ඔහු ලියපු ‘කුරුලු බැද්ද’ ගුවන් විදුලි නාට්‍යය ශ්‍රාවකයන් කුතුහලයෙන් ඇහැව්වේ. පී. කේ. ඩී. ඒ කතාව සිනමාවට නඟන කොට නිෂ්පාදන අංශයට මාව සම්බන්ධ කර ගත්තට චරිතයක් රඟපාන්න දුන්නේ නැහැ. ඊට පස්සේ පී කේ. ඩී. ලිව්ව ‘සිකුරු තරුව‘ හා ‘පරසතු මල්’ චිත්‍රපටවලත් මම නිෂ්පාදන අංශයේ වැඩ කළේ’ කුරුප්පු කිවේය.
පරසතු මල් චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය ධර්මදාස කුරුප්පු ගැන කියන්නේ මේ කතාවය.
‘ධර්මදාස කුරුප්පු මගේ නෑයෙක්. මම පදිංචිව හිටියේ ගම්පහ. කුරුප්පු වේයන්ගොඩ. පී. කේ. ඩී. හිටියේ පල්ලෙවෙල. මම චිත්‍රපටයකට කතාවක් හොයන බව දවසක් මම කුරුප්පුට කිව්වා.
‘ඕකට හොඳම මිනිහා පී. කේ. ඩී. මිනිහා අපූරු කතාකාරයා. අපි යමු මිනිහා හම්බවෙන්න’ කුරුප්පු මට කිව්වා.
එතකොට පී. කේ. ඩී. හිටියේ පල්ලෙවෙල. අපි එහෙ ගියා. ඔහු හිටියේ වෙලක් ගාව, සරම කැහැපට ගහගෙන. එයා නියර දිගේ ඇවිදගෙන එනවා.
‘ධර්මෙ, උඹ මේ කෙහේද යන්නේ’ පී. කේ. ඩී. කුරුප්පුගෙන් ඇහැව්වා. මාවත් ඔහු අඳුන්වලා දුන්නා.
‘මට සති දෙකක් කල් දියන්, කතාවක් ලියලා දෙන්නම්’ පී. කේ. ඩී. කිව්වා.
‘පරසතු මල්’ කතාව උපන්නේ එහෙම’
චිත්‍රා අතීත කතාව කිව්වා.
චිත්‍රා කියන්නේ ඩඩ්ලි සේනානායක මහතාට සිංහල ඉගැන්නුුවේ පී. කේ. ඩී. බවය. ඒ කාලේ පී. කේ. ඩී. සමඟ ඩඩ්ලි සේනානායක මහතා පදිංචිව සිටි මීරිගම බෝතලේ වලව්වට කුරුප්පු මහතා ද ගොස් ඇත. මීරිගම මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සේනානායක මහතාත් පී. කේ. ඩී. ගේ ඇසුරට කුරුප්පු ද සම්බන්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස අමරතුංග මහතා කුරුලු බැද්ද හා සිකුරු තරුව නිෂ්පාදනය කර ඇත්තේ. ‘පරසතු මල්’ චිත්‍රපයට ගම්පහ අග්‍රා නිවස (බොනී මහත්තයාගේ නිවස) එහි අයිතිකරු දානපති ජී. ඩී. කරුණාරත්න මහතාගෙන් ලබා ගැනීමට උපකාර කර ඇත්තේ ද ඩඩ්ලි සේනානායක මහතා බව කියන චිත්‍රා බාලසූරිය ඒ සඳහා පී. කේ. ඩී. හා කුරුප්පු ගෙන් වූ සේවය ඉමහත් බව පවසයි.
‘කුරුප්පු ධනවතෙක් නොවෙයි. යහපත් මනුෂ්‍යයෙක්. ඔහු හදවතින් පොහොසත් . සැමට උපකාර කළ සත්ගුණවත් පුද්ගලයෙක්. පරසතු මල්වල සේදිරිස්ගේ චරිතයට ගාමිණී ෆොන්සේකා තෝරා ගන්නා විට මමත් ඔහුට අනුබල දුන්නා. මේ ඇත්තටම මගේම යෝජනාවක්. අද කුරුප්පු අප අතරින් වෙන් වුණාට ඔහුගේ මානව දයාව, කළගුණ සැලකීම ඔහුගේ පුත්‍ර රංජිත් කුරුප්පුටත් (සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ හා චිත්‍රපට තිර නාටක රචක) නොඅඩුව තියෙනවා.’
චිත්‍රා බාලසූරිය නිෂ්පාදනය කළ මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුං මං හන්දිය’ චිත්‍රපටයේ කුරුප්පුු සේතන්ගේ චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රම හා ස්වර්ණා මල්ලවාරච්චි සමඟය. රන්සළු, වෙස් ගත්තෝ, මාතර ආච්චි, තිලක හා තිලකා, ශ්‍රී මදාරා, අරුණට පෙර, සෙයිලම චිත්‍රපටවල ඔහු රඟපෑ චිත්‍රපට චරිත විශේෂය. ගොළු හදවත, චණ්ඩියා, තෙවත, පූජිතයෝ, රන් ඔන්චිල්ලා, සිහින ලොවක්, කල්‍යාණි ගංගා, පෙම්බර මධු, වදුල, චූඩා මාණික්‍යය, සිල්වා, විසි හතර පැය, ඇර සොයිසා, ප්‍රාර්ථනා, මංගල තෑග්ග, අංගුලිමාල, කෙළිමඬල, රජ කෙල්ලෝ, පවන රළු විය, අරගලය, යුවතිපති, බව දුක, පොරොන්දුව චිත්‍රපටවල රඟපෑ ඔහු ‘කපුටු කාක්’ වාර්තා චිත්‍රපටයෙත්, ලෝක පූජිත අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ගේ චිත්‍රපටයකද රඟපෑවේය.
චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඔහු තම පුත් රංජිත් කුරුප්පු අධ්‍යක්ෂණය කළ ‘පවන රළු විය’ චිත්‍රපටයට එච්. ඩී. ප්‍රේමසිරි සමඟ සමඟ නිෂ්පාදනයට හවුල් විය. රංජිත් දැනට ජර්මනියේ පදිංචිව සිටින අතර ඔහු දක්ෂ පරිවර්තන ලේඛකයෙකි. මරණයේ දොරටුව, හිට්ලර්ගේ අවසානය, යුද්ධයේ අතුරු කතාවක්, කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, ගිමැද සක්මන, ගිම්හානයේ ගීතය, සාතන්ගේ දියණියෝ, දෑත යොමා අහස දෙස, ප්‍රේම සදෑවෝ මේ පරිවර්තන කෘතියි. මෙරට පරිවර්තන සාහිත්‍යයේ ඉහළම වර්තාගත අලෙවියක් සටහන් කර ඇත්තේ ඔහු විසින් පරිවර්තිත ‘කාන්තාරයේ කුසුම’ හා කොටස් පහකින් දැනට නිකුත් කොට ඇති ‘ප්‍රේම සැදෑවෝ’ නවකතාය. කුරුප්පු මහතාගේ දියණියක් වූ පද්මා මාලිනී කුරුප්පු ප්‍රංශයේ පදිංචිව සිටින අතර ඇය ද නවකතා කතුවරියක් මෙන්ම කිවිඳියක් ද වන්නීය.
නිතර ධර්ම චක්‍රයකින් සැරසී සිටි ධර්මදාස කුරුප්පු නම් මේ යහපත් මනුෂ්‍යයාගේ ආගමික ජීවිතය ද අගය කළ යුතුය . හවසට පැයක් පමණ බුදුන් වඳින ඔහු තම ජීවිතයට අත හිත දුන් සත් පුරුෂයන්ගේ නම් කියමින් පින් අනුමෝදන් කරයි. එම ලේඛනය දිග එකකි. මට මතක හැටියට ඒ ලේඛනයේ ජේ. ඩී. ඒ. පෙරේරා, පී. කේ. ඩී. සෙනෙවිරත්න, ඩඩ්ලි සේනානායක, ගාමිණී ෆොන්සේකා, ජෝන් අමරතුංගගේ නම් තිබුණා මට මතකය.
මේ යහපත් මනුෂ්‍යයා, උතුම් කලාකරුවා 1998 මාර්තු 19 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය.
ඒ
ඩී රන්ජිත් කුමාර මහතා විසින් සරසවිය පුවත්පතට ලියු ලිපියකී
උපුටා ගැනිම
සිනමා රූ සේයා
Ranjith Kuruppu
2025-11-14
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි.
ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග!
ලෝකයේ නිල් මැණික් (Blue Sapphires) පවතින්නේ රටවල් කිහිපයක පමණයි.
ඒ අතරින් කිසිඳු තර්කයක් නොමැතිවම ලෝකයේ අලංකාරම සහ මිල අධිකම නිල් මැණික් පවතින්නේ ශ්‍රී ලංකාවේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ.
ශ්‍රී ලංකාවේ සුලබම මැණික් වර්ගයක් තිබෙනවා. ඒ ගෙවුඩ. මේ සුලබතාවය නිසාම අතීතයේ ගෙවුඩ සඳහා නිසි මිලක් තිබුණේ නැහැ.
අතීතයේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රත්නපුර ආදී ප්‍රදේශ වල ගෙවුඩ මැණික්, නිවාස වල අලංකාරයට පවා යොදාගෙන තිබුණා. ඇතැම් නිවෙස් වල නානකාමර බිත්ති වලට පවා ගෙවුඩ අල්ලා තිබුණා.
ගෙවුඩ ඒ තරම් සුලබයි. එමෙන්ම ගෙවුඩ එකල වටින මැණිකක් නොවෙයි.
ඔය අතරේ 1970 දශකයේ තායිලන්ත ජාතිකයො කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා.
ඔවුන් රත්නපුරයට ගිහින් ගෙවුඩ එකතු කළා. ඔවුන් ලාංකිකයන්ට කිව්වේ තායිලන්තයේ පන්සලක් හදන්න මේ විදියට ගෙවුඩ එකතු කරනවා කියලා.
කතාවට කියන්නේ රත්නපුරේ මිනිස්සු තමන් සතුව තිබුණු ගෙවුඩ ඔවුන්ට දීලා වැන්දා කියලා.
ඒ තායිලන්ත ජාතිකයෝ ලංකාවෙන් ගෙවුඩ අරන් ගිහින් තිබුණේ පොහොර උර වල දාගෙන. ඒ තරම් ඔවුන්ට ගෙවුඩ එකතු වෙලා තිබුණා.
නමුත් අපි රැවටුණු බව දැනගත්තේ ඉන්පස්සේ.
ගෙවුඩ කියන්නේ මැණික් රසායනිකව පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකල අතරමැදි මැණිකක්.
එහි අර්ථය තමයි මැණික් රසායනික පරාවර්ථනය වීමේ ක්‍රියාවලිය බාහිරෙන් සිදු කළ විට මේ ගෙවුඩ වටිනා නිල් මැණිකක්, පුෂ්පරාගයක් හෝ රතු කැටයක් බවට පත් කළ හැකි වෙනවා.
එය නීත්‍යානූකුල, ස්වාභාවික මැණිකක්.
තායිලන්ත ජාතිකයන් ගෙවුඩ පිළිස්සීමෙන් (Heat treatment) නිල් මැණික් සහ වෙනත් වටිනා මැණික් සාදා ගන්නා කලාව ඉගෙන ගෙන තිබුණා.
ඔවුන් ලංකාවෙන් ගෝනි පුරවාගෙන රැගෙන ගිය ගෙවුඩ, පුළුස්සා නිල් මැණික් බවට පත් කරගත්තා. ඒ ඔස්සේ ඩොලර් බිලියන ගණනින් ලාබ ලබා ගත්තා.
මේ බව ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් ප්‍රමාද වී හෝ දැනගත්තා.
ඔවුන්ගෙන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර මේ ගෙවුඩ පිළිස්සීමේ තාක්ෂණය ලංකාවට ලබා ගැනීමට පරීක්ෂණ කළා.
පරීක්ෂණ ගණනාවක් අසාර්ථක වී, රුපියල් කෝටි ගණනාවක් දිය වී, අවසානයේ ඔවුන් සාර්ථක වුණා.
ලෝකයේ හොඳම මැණික් පිළිස්සීමේ උඳුන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රළු මැණික් පිළිස්සීමටම විශේෂඥ උඳුන්, තාක්ෂණය සහ කාර්මිකයන් ඔවුන් ගොඩනැගුවා.
ඒ පසුපස විශාල මුදලක් සහ අසාර්ථක උත්සාහයන් ගණනාවක් තිබුණා.
එතැන් පටන් මෙරට ගෙවුඩ සඳහාත් වටිනාකමක් නිර්මාණය වුණා. ඒ මිල කිසිසේත්ම ගෙවුඩ පිළිස්සීමෙන් නිර්මාණය කරනා අගය එකතු කළ මැණික් වලට සමාන නොවුනත්, ගෙවුඩ පැවති මිලට වඩා ඉහළ වටිනාකමක් නිර්මාණය වුණා.
තායිලන්තය විසින් සිදු කළ ජාවාරම නැවතුණා.
ශ්‍රී ලංකාව තුළම ගෙවුඩ නිල් මැණික් බවට පරිවර්ථනය වුණා. ඒවා විකුණා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත්තා.
ඒ කර්මාන්තය දිනෙන් දින පුලුල් වුණා.
මැණික් පිළිස්සීම සහ ඔප දැමීම, උඳුන් නිෂ්පාදනය, අලුත්වැඩියාව යන ක්ෂේත්‍ර වල දහස් ගණනකට රැකියා නිර්මාණය වුණා.
ගෙවුඩ විකුණා ලැබෙන මුදලට වඩා සිය ගුණයක් පමණ ආදායමක් නිල් මැණික් විකිණීමෙන් ශ්‍රී ලංකාව ලැබුවා.
නමුත් පෙර කියූ ලෙසම මේ තාක්ෂණය සෑම මැණික් ව්‍යාපාරිකයෙකු සතුව නැහැ.
ඇතැම් ව්‍යාපාරිකයන් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය වැය කිරීමට හෝ පර්යේෂණ කිරීමට මහන්සි වුණේ නැහැ.
අන්න ඒ ජාවාරම්කරුවන් දිගින් දිගටම අඩු මිලට ගෙවුඩ මිල දී ගෙන, තායිලන්තයට අපනයනය කළා.
තවමත් මැණික් පොලවල් සහ ප්‍රාදේශීය කුඩා වෙන්දේසි වල සැබෑ වටිනාකමට වඩා අඩු මිලට ගෙවුඩ අලෙවි වනවා.
ජාවාරම්කරුවන් තායිලන්තයට හොර පාරෙන් රැගෙන යන්නේ ඒ ගෙවුඩ.
එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්. තායිලන්තයට විශාල ලාභයක්.
නමුත් මේ ජාවාරම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන් කිසිදු ආයෝජනයක් නොකර, අවදානමක් නොගෙන පහසුවෙන් සුලු හෝ ලාභයක් උපයන නිසා එම ක්‍රියාවලිය ඔවුන්ට ලාභදායකයි.
මෙය රටට මහා පාඩුවක් බව තේරුම් ගත්තු හිටපු පාලකයන් මෙලෙස රළු මැණික්, විශේෂයෙන්ම ගෙවුඩ අපනයනය කිරීම තහනම් කළා.
එය සිදු කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධ නියාමන පනතින්.
ඒ අනුව මෙරටින් හමුවන ගෙවුඩ, අනිවාර්යෙන්ම අගය එකතු කළ මැණික් කළ යුතුයි.
අපනයනය කළ හැක්කේ ශ්‍රී ලංකාවට වැඩි ලාභයක් ලැබෙන අගය එකතු කළ මැණික් පමණයි.
ගෙවුඩ පුළුස්සා වටිනා මැණික් බවට පරිවර්ථනය කිරීමෙන් මිසෙක ගෙවුඩ විකිණිය නොහැකියි.
ඒ නීතිය මැද වුනත් ඇතැම් ජාවාරම්කරුවන් පිරිසක් සිංගප්පූරුව හරහා ගෙවුඩ තායිලන්තයට අපනයනය කළා.
එය බොහොම රහසිගතව, රේගුවට කප්පම් ගෙවා සිදු කරන හොර වැඩක්. ජාවාරමක්.
එය නීතිවිරෝධියි. අත්අඩංගුවට පත්විය හැකි වරදක්.
අලුත්ම තත්ත්වය තමයි මේ මැණික් ජාවාරම්කරුවන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ තමන්ගේ සාක්කුවට දාගෙන.
දැන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇමතිවරයාම, මැණික් හා ස්වර්ණාභරන පනත සංශෝධනය කිරීමට යනවා.
එහිදී ඔවුන් රළු මැණික් එනම් අගය එකතු නොකළ ගෙවුඩ අපනයනය කිරීම නීතිගත කිරීමට උත්සාහ කරනවා.
76 වසරක ශාපයක් යයි කියූ පාලකයන් විසින්, මෙරට මැණික් කර්මාන්තය රැකගැනීමට පැනවූ නීතියක්, මාලිමාවේ හඳුන් ලා ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවයට වෙනස් කිරීමට යනවා.
මේ නීතිය වෙනස් වූ සැණින් ගෙවුඩ රළු මැණික් වශයෙන් අපනයනය කළ හැකියි.
අගය එකතු කිරීමේ ශුද්ධ ලාභය තායිලන්තයට, සිංගප්පූරුවට හෝ ඉන්දියාවට.
එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ සුලභම මැණික් වර්ගය ගෙවුඩ.
තවමත් සෘජුවම කුඩා මැණික් වෙන්දේසි ඔස්සේ සැබෑ අගය එකතු කළ මැණිකේ වටිනාකමට වඩා බොහෝ අඩුවෙන් ගෙවුඩ මිලට ගත හැකියි.
ගෙවුඩ අපනයනය නීතිගත කළ සැණින් විදේශීය ආයතන වලට සෘජුවම ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ වී ඉතා අඩු මිලට ගෙවුඩ රැගෙන යා හැකියි.
තායිලන්ත ජාතිකයන්ට නැවත මෙරට මැණික් වෙළඳපොලට සම්බන්ධ විය හැකියි.
හඳුන්නෙත්ති ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ දී අගය එකතු කළ නොහැකි මැණික් පමණක් අපනයනයට අවසර ලබා දෙන බව.
නමුත් එය පට්ටපල් බොරුවක්. කොලේ වහලා ගැහිල්ලක්.
වර්තමානයේ ශ්‍රී ලංකා ගෙවුඩ පිළිස්සීමේ විශේෂඥ ඥානය ඇත්තේ ශ්‍රී ලංකාවට.
ශ්‍රී ලංකාවේ දි අගය එකතු කළ නොහැකි මැණික් දැන් නැහැ.
මේ ඩොලර් බිලියන ගණනක වංචාවක්. රටට විදේශ විනිමය ඩොලර් බිලියන ගණනක් අහිමි වෙන වැඩක්.
අප මහජන බදු මුදලින් තේ කර්මාන්තකරුවන්ට ලාභ අත් කර දී, තේ කර්මාන්තය රැකගැනීමට උත්සාහ කරනවා.
නමුත් තේ කොල ටොන් ගණනක් විකුණා ලබන මුදල, එක් නිල් මැණිකක් විකුණා ලැබිය හැකියි.
මේ එතරම් විශාල කර්මාන්තයක්.
මේ ගණුදෙනුව පසුපස හදුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ දැමූ ඩීල් දන්නේ ඔවුන් පමණයි.
කෙසේ වෙතත් ජාවාරම්කරුවන්ට විකිණී, මේ පනත වෙනස් කළ සැණින් මෙරට මැණික් කර්මාන්තයේ අභාවය ලියවෙනවා.
අවසානයේ එක් දිස්ත්‍රික්කයකින් රටම ගොඩදැමිය හැකි යයි කියූ හදුන්නෙත්ති, රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයත් සහමුලින්ම විනාශ මුඛයට ඇද දමනවා.
2025-11-13
ඉල් මහ සමරුව - රෝහණ විජේවීර
1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ.
ශ්‍රී ලංකාවේ දකුණු දිග පිහිටි කුඩා ගම්මානයක් වන කෝට්ටෙගොඩ විසූ දිළිඳු පවුලක උපන් ඔහුගේ ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර සහ මව නැසිනෝනා වික්‍රම කළතොට නම් වූහ.
"ඔහු පොහොසත් කෙනෙකු හෝ උසස් යැයි සැලකෙන කුලයකට අයත් අයෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් දුප්පත්, සාමාන්‍යය මිනිස්සු," යැයි කලෙක විජේවීරගේ සමීප මිතුරෙකු වූ වික්ටර් අයිවන් ඔහුගේ මරණින් පසු ලියූ ලිපියක සඳහන් වේ.
ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.
1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය.
වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.
ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.
"රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ මාතර ගමක ඉතා දුප්පත් පවුලක උපත ලැබූ පුද්ගලයෙක්. ඔහු සිය අරමුණ වෙනුවෙන් දැඩි ලෙස කැපවුණ, දැඩි අධිෂ්ඨානයක් තිබූ කෙනෙක්. ලුලුම්බා විශ්වවිද්‍යාලයට ලැබුණු ශිෂ්‍යත්වයත් සමග වෛද්‍යවරයෙකු වෙන්න ඉගෙන ගත්තත්, එය හැර දමා සමාජය වෙනුවෙන් කැපවෙන්න ඔහු තීරණය කළා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.
1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මත ගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට පිවිසෙමින් තිබිණි. රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී සමාජවාදී ක්‍රමයකට අනුගත වෙමින් පැවතුණි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්විය.
නමුත් පසු කලක එය රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස බෙදී ගියේය.
වාමාංශික දේශපාලනයට නැඹුරු වූ විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළේය.
රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර චීන කොමියුනිස්ට් පිළෙහි දේශපාලනයට සම්බන්ධ වූයේය. මේ අතර, ශ්‍රී ලංකාවේ පැවති රුසියානු හිතවාදී වාමාංශික දේශපාලනය ද ඔහු දැඩි ලෙස විවේචනය කරන්නට විය.
නිවාඩුව අවසන් වී නැවත රුසියාව බලා පිටත් වීමට සැරසෙන විජේවීරගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය ක්‍රියා කළේය. මෙතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහය දැක්වූ විජේවීර, මෙයින් පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය.
කෙසේනමුත්, වැඩි කල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියා කලාපය හේතුවෙන් කලකිරුණු විජේවීර, එය තුළ 'ප්‍රති කණ්ඩායමක්' ගොඩනැගීමට කටයුතු කළේය. මෙම කණ්ඩායම පසු කලක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය විය.
කැරලි ගැසුණු දිගු කොණ්ඩය සහ හිස පැළඳි තරු ලකුණ ඇති තොප්පිය නිසා ඔහු කියුබානු විප්ලවයේ 'වීරයෙකු' ලෙස සලකන චේ ගුවේරා අනුගාමිකයෙකු යැයි බොහෝ දෙනෙක් සිතූහ.
සමහරු මෙම විප්ලවාදීන් හැඳින්වූයේ "චේ ගුවේරාකාරයෝ," ලෙසය.
ක්‍රියාකාරී දේශපාලනය සහ 'විප්ලවය'
1965 වර්ෂයේ දී ගාල්ලේ පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි. පැරණි වාමාංශික පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ, සමගි රජය සමග එක් වීම මෙම නව පක්ෂය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව විය.
'ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම' මෙම පක්ෂයේ අරමුණ විය.
"ධනපති ක්‍රමය තිබෙන තාක් කල්, ධනේශ්වර සූරාකෑම තිබෙන තාක් කල්, ධනේශ්වර පාලන පංතීන් තිබෙන තාක් කල්, ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණු ඇත. කළ හැකි සෑම සටකපට උපක්‍රමයක්ම යොදනු ඇත" ලෙස රෝහණ විජේවීර රචනා කළ 'අත්දැකීම් කිහිපයක්' නම් ග්‍රන්ථයේ සඳහන් වේ.
විජේවීර ඇතුළු තරුණ කණ්ඩායම් මෙම දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා රට පුරා රැස්වීම පැවැත් වූ අතර, ඔහු දක්ෂ කථිකයෙකු ලෙස ප්‍රචලිත විය.
"ඔහු ඉතා ජනකාන්ත, බලවත් කථිකයෙක්. සටහන් නැතුව ඔහුට පැය තුනක් හෝ හතරක් එක දිගට කතා කරන්න පුළුවන්" යැයි විජේවීරගේ නීතීඥවරයෙකුව සිටි පී. රාජනායගම් මින් වසර කීපයකට පෙර බීබීසී සේවයේ පළ වූ ලිපියකට සිය අදහස් දක්වමින් පැවසීය.
1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ආරම්භ කෙරිණි. විප්ලවවාදී කණ්ඩායම්වලට අයත් තරුණයන් සෙවීමට 'චේගුවේරා බියුරෝව' නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිටිටුවීමට ද ආණ්ඩුව පියවර ගත්තේය.
එම වසරේ අගෝස්තු වන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලා සිටි අතර, හදිසි නීතිය පැනවීමට ක්‍රියා කරන ලදී.
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සඳහා රහසේ ආයුධ එක්රැස් කරන බව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබිණි.
1971 මාර්තු මස රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, පසුව යාපනය බන්ධනාගාරයට මාරු කර යැවිණි.
කෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණේ පොඩි අතුල ලෙස හැදින්වූ වික්ටර් අයිවන් ඇතුළු සෙසු නායකයන් '71 කැරැල්ල' ආරම්භ කර ඒ තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සැලසුම් කළහ.
මේ අනුව, 1971 අප්‍රේල් 05 වෙනි දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එකම වේලාවක දී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේ දී පහර දීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම වෙනස්වීම මොනරාගල දිස්ත්‍රික්කයට දැනුම් දීමට අසමත් විය.
මේ හේතුවෙන්, අප්‍රේල් 05 අලුයම වැල්ලවාය පොලිසියට පහරදීම සිදු විය. මෙම ආරම්භයත් සමග ජනතා විමුක්ති පෙරමුණ සගයන් පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පහර එල්ල කළ අතර සමහර ගොඩනැගිලිවලට දැඩි හානි සිදු විය.
නමුත්, සැලසුම්කරණයේ දී සිදු වූ වැරදි හේතුවෙන් කැරැල්ල අසාර්ථක විය. මෙයින් පසු, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දහස් ගණනක් තරුණ තරුණියන් එවක පැවති ආණ්ඩුව විසින් ඝාතනය කළ අතර, තවත් විශාල පිරිසක් සිරගත කෙරිණි.
කැරැල්ලට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින්1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය.
එවක රාජ්‍ය නායිකාව වූ මහ රැජිනට විරුද්ධව වීම, ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවල යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු විජේවීර ඇතුළු පක්ෂ කැරැල්ලට සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයන්ට එල්ල වූ චෝදනා ය.
මෙහි එක් සැකකරුවෙකු වූ විජේවීර සිය නඩුව සඳහා නීතිඥයෙකුගේ ලබා නොගෙන තනිව ඉදිරිපත් වූයේය. නඩු විභාගයේ දී සැකකරුවන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස් කෙරුණු අතර තවත් හාරසියයකට ආසන්න පිරිසකට සිරදඬුවම් නියම කරන ලදී.
රෝහණ විජේවීර ඇතුළු පුද්ගලයන් පස් දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම විය.
කෙසේවෙතත්, විජේවීර බන්ධනාගාරයේ සිට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කළේය.
කැරැල්ල අසාර්ථක වුණේ ඇයි?
1971 සහ 1989 කැරැල්ල අසාර්ථක වීමට හේතු ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් විජිත හේරත් පැවසුවේ, "ඒ වසර දෙක තුළ ම සන්නද්ධ අරගලයකට යෑමට සුදුසු තත්වයක් තිබුණේ නැහැ. ආණ්ඩුවෙන් දැඩි මර්දනකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ වගේ වෙලාවක සන්නද්ධ කැරැල්ලකට ඉඩක් ලැබෙන්නේ නැහැ," යනුවෙනි.
විජේවීර නිදහස්
1976 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය එතෙක් ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබූ තහනම ඉවත් කළේය. ඒ අනුව පක්ෂය නීත්‍යානුකූල විය.
ඉන්පසු 1977 දී ජේ ආර් ජයවර්ධන රජය බලයට පත් වීමත් සමග අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කළ අතර, ඒ යටතේ සිරදඬුවම් නියම වූ රෝහණ විජේවීර ඇතුළු සියල්ලන් නිදහස් වූහ.
යුග දිවියට
1980 මාර්තු මස රෝහණ විජේවීර මොරටුව විල්ලෝරාවත්තේ පදිංචිව සිටි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග යුග දිවියට එළබුණි.
සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ශ්‍රීමතී චිත්‍රාංගනී මෙම විවාහයට අකමැතිව සිටියත්, සිය සහෝදරයා වන චන්ද්‍රා ප්‍රනාන්දුගේ දැඩි බලකිරීම මත කැමැත්ත ලබා දුන් බව ඇය සඳහන් කර තිබේ.
විල්ලෝරාවත්තේ පිහිටි ශ්‍රීමති චිත්‍රාංගනීගේ නිවසේ දී විවාහ උත්සවය පැවැත්වුණි.
මෙම යුවලට දරුවන් සය දෙනෙකු සිටි අතර, විජේවීර ඉතා දයාබර පියෙකු වූ බව ශ්‍රීමති චිත්‍රාංගනී වරෙක පැවසුවාය.
විජේවීර ජනාධිපතිවරණයට
1981 දී පැවති දිස්ත්‍රික් සභා ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් විය.
ඡන්දය වෙනුවෙන් රට වටා පැවති රැස්වීම් ගණනාවකින් පසු සිය නියෝජිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික් සභාවට පත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 වර්ෂයේදී ය.
එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.
මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය.
"ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා" යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි.
නැවත තහනම් වූ ජවිපෙ
1983 ඇති වූ කළු ජූලියත් සමග අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය යන වාමාංශික පක්ෂ තහනම් කළ බව ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් ආයුධ ලබා ගන්නා බවට චෝදනා ලැබ තිබිණි.
කෙසේනමුත්, විජේවීර පසු කලක දී සිය පොත් පත් මගින් එල්ටීටීඊ සංවිධානය විවේචනය කර තිබෙනු දක්නට හැකිය.
උතුරේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත් වීමත් සමග දෙමළ විරෝධී ජාතීවාදී පිරිස් රට පුරා කලබල ඇති කළහ. මෙහි දී දේපළ හානි සිදුවූ අතර, විශාල පිරිසක් මරණයට පත් වූහ. කළු ජූලියට සම්බන්ධ යැයි චෝදනා නගමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ තහනම් කළේය.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට යන වග සැල වූ වහාම රෝහණ විජේවීර සිය බිරිඳ සහ දරුවන් සමග මොරටුවේ නිවස හැරදමා තංගල්ල බලා පිටත් විය.
එහිදී චිත්‍රාංගනී සහ දරුවන් විජේවීරගේ මවට බාර කර එම නිවසින් පිට වී වෙනත් ආරක්‍ෂිත ස්ථානයක සැඟවීමට පිටත් වී තිබේ.
දෙමසකට ආසන්න කාලයක දී කොම්යුනිස්ට් පක්ෂය තහනමෙන් මිදුනත්, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි තහනම දිගටම ක්‍රියාත්මක විය.
ඒ අතර ආණ්ඩුවට භාර වන ලෙස කෙරුණු ඉල්ලීම් ඉවත ලූ විජේවීර සැඟවී සිට සිය සගයන් ද සමග යටි බිම් ගත දේශපාලන කටයුතුවල නියැලිණි.
1987 - 1989 සන්නද්ධ අරගල
1987 දී එළැඹුණු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම දේශපාලනික පියවරට විරුද්ධව ජනතාව නැගී සිටීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ ද සිය අරගල කිරීම් ආරම්භ කළේය. විජේවීර ඇතුළු සාමාජිකයන් පිරිසක් රට පුරා විවිධ ස්ථානවල සැඟවී සිය සැලසුම් ක්‍රියාත්මක කළහ.
මෙය සන්නද්ධ අරගලයක් වූ අතර, එවක සිදුවූ දෙපළ හානි මෙන්ම මනුෂ්‍ය ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට විමුක්ති පෙරමුණ ද වගකිව යුතු විය.
මේ අතර එවක පැවති ආණ්ඩුව ද දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි සැක කළ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය කෙරුණු අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වූහ.
මෙම කාලය තුළ රටපුරා වීදිවල ටයර් සෑ මත තරුණ මළසිරුරු පිළිස්සෙමින් තිබූ අතර ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.
විජේවීර ඝාතනය
මේ අතර, 1989 වසරේ උලපනේ ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අත්තනායක නම් ව්‍යාජ නමකින් සැඟවී සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට රජයට හැකිවිණි. එම අවස්ථාවේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටි රෝහණ විජේවීර අවසාන වශයෙන් ඉල්ලා ඇත්තේ සිය දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන ලෙස බව ශ්‍රීමති චිත්‍රාංගනී පසුව හෙළි කර තිබිණි.
අදටත් අභිරහසක්ව පවතින මෙම මරණය සිදු වූ ආකාරය ගැන සමාජයේ මත දෙකක් පවතී.
විජේවීර බේරා ගැනීමට දැරූ උත්සාහයක දී පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවක දී ඔහුට වෙඩිවැදී මියගිය බව ඉන් එක් මතයකි. නමුත් වඩාත් ප්‍රසිද්ධ මතය නම්, ඔහු අත්අඩංගුවට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කර, වධහිංසා පමුණුවා, බොරැල්ල කනත්තේ දී වෙඩි තබා මියයන තෙක් පුළුස්සා දැමූ බවය.
"මට මරණය ගැන දැනගන්න ලැබුණා. එය ඇත්තෙන්ම බලාපොරොත්තු නොවූ දෙයක් නොවෙයි. එය කෙදිනක හෝ පැමිණෙනවා කියලා මම දැනගෙන හිටියා" යැයි එකල විජේවීරගේ මිතුරෙකු වූ නීතීඥ ප්‍රින්ස් ගුණසේකර වසර කීපයකට පෙර බීබීසී ඉතිහාස වැඩසටහනක දී පවසා තිබිණි.
"මේ අරගලයට හේතුව ජනාධිපති රටේ ආරක්ෂක අංශවලට දන්වා තිබුණා විප්ලවකාරීන් මරා දමන්න කියලා. එයින් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට ඇදලා දැම්මා."
"ජවිපෙට සම්බන්ධ යැයි සැක කළ තරුණයන් අත්අඩංගුවට ගත්තා, හිස ගසා දමලා ඒ හිස් කණුවල එල්ලලා තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන වැව වටේ ඒ කණු හිටවල තියෙනවා මම දැකලා තියෙනවා. ඒ අයට ඕනේ වුණේ අරගලයට සම්බන්ධ අයට වෙන දේ ගැන පණිවිඩයක් දෙන්න," ප්‍රින්ස් ගුණසේකර තවදුරත් සඳහන් කර තිබිණි.
1971 පළමු කැරැල්ලේ ප්‍රමුඛයකු වූ වික්ටර් අයිවන් 2014 වර්ෂයේ දී බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ, හිංසාවේ විකෘති චක්‍රයෙන් මිදී රට ප්‍රකෘති තත්වයකට ගෙන ඒමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමාජය තවමත් අසමත් වී ඇති බවය.
විජේවීරගේ මරණින් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් සය දෙනා නාවික හමුදා කඳවුරක රඳවා තැබිණි.
මිය යන විට 46 වෙනි වියේ පසු වූ විජේවීරගේ දිවි ගමන එසේ අවසන් වුවත්, ඔහු නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනය තුළ තෙවන ප්‍රධාන පක්ෂය ලෙස දිගු ගමනක් පැමිණ තිබේ.
1971 සිට 1989 අවසානය දක්වා අතරින් පතර සිදු වූ මෙම අරගලවලින් 70,000කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇත.
2025-11-12
ඇස් පරිස්සම් කරමු --"කෙරටොකෝනස්"?
2025-11-10
කොක්කු තනි කකුලෙන් .
එක පයින් එන්න කැමති අය ඉන්නවා.ඒත් එක පයින් ඉන්න අය නම් නැහැ.
එක පයින් ඉන්න කාණ්ඩයක් ඉන්නවා.
එයාලා ඉන්නේ කුඹුරු වල , වැව් තෙර වල.
වර්ග කිහිපයක්......
ඒ කියන්නේ වර්ග දාහතක්
මෙයින් වර්ග නවයක් විතර වද වීමේ තර්ජනයකට මුහුණපාලා.
මේ අය සිකොනිෆෝමේස් (Ciconiformes) කියන ගෝත්‍රයට තමයි අයත් වෙන්නේ.
ඒ වගේම තමයි මේ අය අතරින් අපේ මේ ලංකාවේ සිකොනිඩේ (Ciconidae) ත්‍රෙස්කියොර්නිතිඩේ (Threskiornithidae) ආර්ඩේයිඩේ (ardeidae) හා ෆීනිකොප්ටෙරිඩේ (Phoenicopteridae) යන කුල හතරට අයත් අය දැක ගන්න පුළුවන්.
අපේ වහරෙන් කිව්වොත් කලපු කොකා, ලොකු සුදු කොකා, අලි කොකා, සුදු කොකා, හරක් කොකා, කණ කොකා, පොඩි කොකා, රෑ කණ කොකා, රෑ කොකා, මැටි කොකා, කුළු කොකා හා සියක්කාරයා වගේ නම් වලින් මෙයාලා හදුන්වනවා.
කොක්කු ගස්මුදුන්වල කදු ප්‍රපාත වල එහෙම ලස්සනට කෝටු වලින් කූඩු හදා ගන්නවා .
ගෑනු සතාට තමයි කෙහිනිය කියන්නේ මේ කෙහිනිය වරකට බිත්තර 3ක්-6ක් විතර දානව.සාමාන්‍යෙන් මේ කොකෙගේක් ආයු කාලය අවුරුදු 10ක් 11ක් විතර වෙනවා.
අපි හැමදාමත් දකින කොක්කු එක කකුලෙන් හිටගෙන ඉන්න හේතුව දන්නවද. කුඹුරකට, වැවකට ගිහින් තියෙන ඕනම කෙනෙකුට දකින්න පුලුවන් මේ සත්තු තමන්ගෙ එක කකුලක් ඔසවගෙන ඉන්නෙ කියල.
අපි ගොඩක්ම මෙහෙම දකින්නෙ දවල් කාලෙදි උනත්, රාත්‍රී කාලයේදිත් බොහෝවිට කොක්කු මේ විදිහට නිදාගන්න බව වාර්ථා වෙනව.
මෙයාලා මේ විදිහට ඉන්නෙ තමන්ගෙ ශරීරයට ලොකු වාසියක් අත් කර ගන්න.
කොක්කු වැඩිපුර ජීවත් වන්නේ ජලය ආශ්‍රිත පරිසරයේ නිසා ඔවුන්ගේ කකුල් වල උෂ්ණත්වය පහළ බසිනවා.මේ හේතුවෙන් හදවතේ සිට රුධිරය කකුල් වලට ගමන් කිරීමේදි , ශරීරයේ නිපදවූ තාපය , කකුල් වල සීතල නිසා අඩු වෙලා යනවා.
ඉතින් මේ නිතරම සිදුවන තාපය අඩුවීම අවම කර ගන්නට කොකෙක් තමන්ගෙ එක කකුලක් ශරීරය අසලට ගෙන උණුසුම් කරනවා. මෙය මාරුවෙන් මාරුවට කකුල් දෙකටම සිදු කරනවා.
ඒ හේතුවෙන් ශරීරයේ නිකුත් වන තාපය සමතුලිත වෙනවා.
ඉතින්, සමහර විට ඔයාලා වැඩි දෙනෙක් කොක්කු මේ විදිහට තනි කකුලෙන් ඉන්නෙ ඇයි කියල දැන ගත්තෙ අද වෙන්න ඇති නේද..
2025-11-09
අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.
ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.
වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන් ඉතා උසස් ලෙස ලබාගෙන, ජීවිතය පුස්තකාළයක් කරගෙන, ගිහි ජීවිතයක නිවස තුළ, රැකියා තුළ, ගිහි බැඳීම් අතරේ සිදුවන සියළුම ක්‍රියාකාරකාම් වල සිට, ගිහි ජීවිතය ගැන ගිහියන්ට වඩා හොඳට අධ්‍යනය කර, ඒ ගැන හොඳින් ඉගෙන ගෙන, ඇස් දෙකෙන් දැක, කන් වලින් අසා, නුවණින් විමසා එහි ඇති හිස් කම නිසාම එයට නොඇලී, හුඳකළාව වනගතව බවුන් වඩමින් අප ජීවත් වෙමු.
එම නිසා මෙම මාතෘකාව ගැන කථා කරද්දි “නොදන්න දේවල් කථා කරන්න එපා හාමුදුරුවනේ.” කියා ඔබට කීමට නොහැක. නොදන්නේ අප නොව කරුණු අධ්‍යනය නොකළ ඔබ ය. අප මේ දේ කථා කරන්නේ හොඳටම දැනගෙන ය. හොඳටම අධ්‍යනය කර ය. අපට ඇති දෙස් විදෙස් සම්බන්ධතා හරහා කරුණු කාරණා හොඳින්ම විමසා බලා ය. නොපෙනෙන ගුප්ත බලවේග ඔස්සේ නොව, ඇසට පෙනෙන්නට තිබෙන, කණට ඇසෙන්නට තිබෙන දේවල් මෙන්ම, ඇසට නොපෙනෙන්න, කණට නොඇසෙන්න සඟවාගෙන කුමණ්ත්‍රණය කරන අයගේ ඒ කුමණ්ත්‍රණ්ත්‍රණයන් ඉතාමත්ම හොඳින් අධ්‍යනය කර දැනගෙනම මේ බව කියන්නෙමු.
ගිහි ජීවිතය ගත කරමින් සිටින ඔබ පෙරහැරේ නටන පිරිසකි.
අපි ගෝල්ෆේස් අරගල භූමියට වැඩම කළෙමු. කරුණු දෑසින් දැක හොඳින්ම අධ්‍යනය කළෙමු. මෙය මහා කුමණ්ත්‍රණයක් බව අරගලයේ මුල සිටම අපි ඔබට කීවෙමු. ලීවෙමු. අද ද කියන්නේ මෙය ජන අරගලයක් නොවන බවයි. මෙය මහා කුමණ්ත්‍රණයක් බවයි.
ඌරාගේ මාළු ඌරාගේ පිට තබා කපන න්‍යාය මෙහිදී ක්‍රියාත්මක විය. සිංහල බෞද්ධයින් උසි ගන්වා ඔවුන් ලවාම සිංහල බෞද්ධ ජන සංහාරයක් කර බලය ගන්නට සැළසුම තිබුණත්, බුද්ධිමත්, ඉවසිලිවන්ත ගෝඨාභය රාජපක්ෂ නිසා ඒ කුමණ්ත්‍රණ කරුවන්ට අරමුණ බලාපොරොත්තු වූ ආකාරයටම ඉටු කර ගන්නට නොහැකි වූ බවද කිව යුතුම ය. ඒ ගැන ගෝඨාභය රාජපක්ෂට ස්තූති කළ යුතු ය.
මෙම අරගලයට සම්පූර්ණයෙන්ම නායකත්වය දෙන ලද්දේ කාදිනල්තුමා විසිනි.
කරුණු කාරණා අධ්‍යනය නොකරන තරුණ ආවේගයට සුළඟට හසුවී සිටින තරුණ මෝඩයින්ටනම් මෙය අරගලයක් විය හැකි ය. නමුත් මුල මැද අග හොඳින් ගලපා කරුණු විමසා බලා, අවබෝධයෙන්, නිසි අධ්‍යනයකින් සිටින අයටනම් මෙය මහා දැවැන්ත බෞද්ධ විරෝධී කුමණ්ත්‍රණයක්ම පමණී.
පහත පෙළගැස්වීම් ඔස්සේ කෙටියෙන් ඉතිහාසය මතකයට ගන්න.
1. වසර පන්සියයක පමණ ඈත සිට සිංහල කාන්තාවන් දූෂණය කරමින්, ගම්මාන පෙති ගසමින්, දරුවන් කෑලි කෑලිවලට පෙති ගසමින්, වෙහෙර විහාර කොල්ලකමින්, මේ රට සූරා කමින්, ධනවත්ව බලවත්ව සිටි බෞද්ධයිනට නැගී සිටින්නට ඉඩ නොදී සිටියේ, බටහිර ආක්‍රමණිකයන් සහ කතෝලික බලවතුන් ය.
2. මීට පෙර 1956 දී බණ්ඩාරනායක මහතා සිංහල බෞද්ධ ඡන්දයෙන් ආණ්ඩු බලය ලබා ගත්තේය. ඔහු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ අතර, ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුධ රැසකට මුහුණ දීමට සිදු විය. ඔහු අගමැති වීමේ සිට ඝාතනයට ලක් කරන තෙක්ම, ලංකාවේ වැඩිම හර්තාල් සහ උද්ඝෝෂණ ජන අරගල ව්‍යාපාර පැවතුනු කාළයක් විය. අවසානයේදී බටහිර කුමණ්ත්‍රණකරුවන් 1959 සැප්තැම්බර් 25 වැනිදා ඌරාගේ මාලු ඌරාගේ පිට තබා කපන න්‍යාය ඔස්සේ බණ්ඩාරණායක මහතාව ඝාතනයට ලක් කළේ ය. හසු කළේ තල්දූවේ සෝමාරාම නම් ශ්‍රමණ වේශධාරියෙකි. මාපිටිගම බුද්ධරක්ඛිත නම් ශ්‍රමණ වේශධාරියා ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරනු ලැබී ය.
3. බණ්ඩාරනායක රජයේ ජන සතු ව්‍යාපාරයත්, 1970 – 1977 මැතිනියගේ ආණ්ඩුවත් එහිදී ඇති වූ තරුණ කුමණ්ත්‍රණකාරීන්ගේ කැරැල්ලත්, ජේ ආර්ගේ විධායක බලය සහිත ආණ්ඩුවත්, 88 – 89 ජේවීපී කැරැල්ල සහ ප්‍රේමදාස භීෂණයත්, චන්ද්‍රිකා මහින්ද රනිල්, මෛත්‍රී ගෝඨාභය දක්වා ලංකා ඉතිහාසය හොඳින් අධයනය කරන්න.
දැන් ගෝඨාභයගේ ආණ්ඩුව ගැන අවධානය යොමු කරන්න.
1. ලංකාවේ වෙළද බලය සහ ව්‍යාපාරික බලය ඇත්තේ මුස්ලිම් සහ ද්‍රවිඩ පිරිස් වෙතය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙය සිංහලයින් දෙසට හරවන ලදී. විවිධ සංවර්ධන ව්‍යාපෘති සමඟ යාන වාහන දේපල ඉඩ කඩම්වලින් සිංහලයා සන්නද්ධ විය. වර්තමානයේ බොහෝ සිංහල ධනවතුන් මෙම පෙරළියේ ප්‍රතිඵල වේ. යුද්ධය අවසන් කර, රාජ්‍ය සංවර්ධනයන්ද සිදු වී, ණය ගෙවීම් සහ තිරසාර අනාගත දියුණුවකට රට යොමුවෙමින් තිබියදී, 2015 ආණ්ඩු පෙරලිය සිදු විය.
2. සියළුම බෞද්ධ බලවේග එකතු වී, ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා කර ගත්තේ මුළු රටම මහා ආර්ථික අගාධයකට වැටී තිබියදී ය. ලෝකයම ගිලගත් කෝවිඩ් වසංගතයට ඔහු සාර්ථකව විසදුම් ලබා දුන්නේ ය. සියළුම ආගමිකයන් සහ ජාතීන් රැක ගත්තේ ය. බහුතර සිංහලයින් විරුද්ධ වූවත් මුස්ලිම් නීතිය අනුව කෝවිඩ් මරණ ආදාහනය නොකර භූමිදානය කරන්නට ඉඩදීමද එම ජාතීන්ගේ ඉල්ලීමට කන් දෙමින් ගත් විශිෂ්ඨ තීරණයකි. එය සියළුම ජාතිකයන්ගේ නිදහසට ඉඩ දීමකි.
3. ගෝඨාභය රාජපක්ෂ සියළුම ජාතීන්ට සහ ආගමිකයන්ට නිදහසේ තම තමන්ගේ ආගම් අදහන්නට ඉඩ දුන්නේ ය. රටේ කිසිදු ජාතිවාදී ආගම්වාදී කෝළාහලයක් ඇතිවන්නට ඉඩ දුන්නේ නැත. ඔහු පත් වූ බෞද්ධ ඡන්ද පදනමට සාධාරණය ඉටු කරමින්, බුදු දහම නිරන්තරයෙන්ම පෝෂණය කළේ ය. බහුතර සිංහලයින් විරුද්ධ වූවත් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට අධිකරණ අමාත්‍ය ධූරයට සහ පසුව මුදල් අමාත්‍ය ධූරයට අලි සබ්‍රි පත් කළේ ය. නීතියට එපිටින් කිසිවක් නොකළ ගෝඨාභය නීත්‍යානුකූලව රාජ්‍ය පාලනය කළේ, කිසිදු දේශපාලන ඝාතනයක් නොකරය.
දැන් ජන අරගල කුමණ්ත්‍රණයට අවධානය යොමු කරන්න.
1. කෝවිඩ් වසංගතය පාලනයේදී ලොව හොඳම ජනාධිපතිවරයා වූයේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහුට සහ හමුදාවට රට තුළ ඉමහත් කීර්තියක් ඇති විය. ඔහු එම සටන ජයගෙන නැවතත් රට ගොඩ නගන්නට යොමු වූවත් කුමණ්ත්‍රණකරුවන් වැඩ ආරම්භ කළේය.
2. ගෝඨාභය උද්ඝෝෂණ කරුවන්ට ගෝල්ෆේස් භූමියේ උද්ඝෝෂණ කරන්නට වෙනම තැනක් නිර්මාණය කළේ ය. එහි උද්ඝෝෂණ ආරම්භ කළේම සංඝරත්නය විවේචනය කරමින් සංඝරත්නයට කථා කරන්නට තිබෙන අවශ්ථාව අහිමි කරමිනි. පළමුව ඝරත්නය සහ මහජනතාව බිඳවන්නට විය.
3. ගෝල්ෆේස් පිටියේදී බෞද්ධයින් අන්‍යාගමික කරනය සහ නිරාගමික කරනය කළ අතර, පාස්කු ප්‍රහාරය, සහරාන් ඇතුළු පිරිසම කළ බවට සාක්ෂි කොපමණ තිබුණත්, කාදිනල් තුමා එය ගෝඨාභය ආණ්ඩුව පිටට හරවමින් තමන්ගේ යටි අරමුණ ක්‍රියාත්මක කරන්නට විය. ඔහු බොරුව සමාජ ගත කළ අතර, මේ මහා කුමණ්ත්‍රණයේ නායකයා විය.
4. මේ වන විට අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස සඳහිරු සෑයේ නිධන් කළ රත්තරං පිළිමය වැනි තවත් පිළිමයක් තනා ඇති බවත්, ඇත්ත පිළිමය සොරකම් කර ඇති බවටත්, බොරුව සමාජ ගත කරන ඔහුගේ කටින් එම බොරුවද සමාජ ගත කළේ ය. එයද ශ්‍රීපාදස්ථානයේ ඝණ්ඨාරය, පහන මෙන් මහා බොරුවකි. ඔහු සදහිරු සෑය නැවත විවෘත නොකරන බව දනී. බෞද්ධයින් තුළ ගෝඨාභය ආණ්ඩුව ගැන තිබූ විශ්වාසය එයාකාරයෙන් පළුදු කිරීම ආරම්භ කළේය. (හැකි ඉක්මණ් දිනකදී සඳහිරු සෑය විවෘත කර එම ප්‍රතිමාව ගැන සත්‍ය ලෝකයාට පෙන්වා දිය යුතුයම ය. ශ්‍රීපාදස්ථානයේ පහන සහ ඝණ්ඨාරය ගැන පුරාවිද්‍යා පර්‍යේෂණක් කළ යුතුම ය. අනුර කුමාර දිසානායකට බෞද්ධ විශ්වාස සමඟ දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුය.)
5. කාදිනල්තුමා ප්‍රමුඛ ද්‍රවිඩ ඩයස්පෝරාව, ජේවීපී, පෙරටුගාමීන්, නිරාගමිකයන්, මුස්ලිම් අන්තවාදීන් ආදී මහා කුමණ්ත්‍රණ කරුවන්, මනාව සංවිධානය වී රටට පිටරටින් තෙල්, ගෑස්, සහ ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට තිබූ ඩොලර් ලැබෙන මාර්ගය අවහිර කරන්නට විය. සංචාරක ව්‍යාපාරය විනාශ කර දැමී ය. විදෙශ්ගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්නට එපා යැයි කීය. රට තුළ උන්ඩියල් වැනි අයථා ක්‍රම සමාජ ගත කර රාජ්‍ය ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ය.
6. කාදිනල්තුමා ඇතුළු කුමණ්ත්‍රණ කරුවන් රටට ඩොලර් ලැබෙන මාර්ගය අවහිර කරමින්, රට වැසියන් බඩ ගින්නේ තබමින්, තෙල් ගෑස් පෝලිම් නිර්මාණ කරමින් බෙහෙත් හේත්, අධ්‍යාපනය, ආදී අත්‍යාවශ්‍ය සේවාද, සියල්ලම අඩපණ කරමින්, මුළු රටම දැඩි පීඩණයකට ලක් කරමින් මහජන මහා උද්ඝෝෂණයක් නිර්මාණය කළේය.
7. පුදගලිකව අපද, රටට ආදරය කරන අනෙක් පිරිසද ඩොලර් එවන්න ඩොලර් එවන්න යැයි කීවත්, සුළුපිරිසක් හැර බහුතරයක් එයට කන් දුන්නේ නැත. බොහෝ දෙනා කාදිනල්තුමා ඇතුළු කුමණ්ත්‍රණ කරුවන්ට රැවටුනි. ඒ බෞද්ධ කිසිවෙකු රට ජාතිය ගැන සිතුවේ නැත. නමුත් කතෝලිකයින්, ද්‍ර්විඩයින්, මුසල්මානුවන් ආදී පිරිස් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැත. ඔවුන් අරමුනට ගියේය.
8. මෙම කුමණ්ත්‍රණකරුවන්ට අවශ්‍ය වූයේ සමූල ඝාතනයක් කර රාජ්‍ය බලය ගන්නටයි. බෞද්ධයින් ලවා වෙහෙර විහාරස්ථාන විනාශ කරවා, කථා කරන මහනායක හිමිවරුන් සහ ගලගොඩ අත්තේ හිමියන් වැනි රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කර ඇති හිමිවරුන් ඝාතනය කර, දළදා මාළිගාව වැනි පූජණීය ස්ථාන කොල්ල කා, විරුද්ධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඝාතනය කර, රටම අමු සොහොනක් කරන්නට තිබූ ඔවුන්ගේ පිඹුරුපත් සියල්ලම, රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන්, බෞද්ධ නායකයෙකු වූ ගෝටාභය රාජපක්ෂගේ ඉවසිලිවන්ත දූරදර්ශී ප්‍රඤ්ඤාගෝචර පාලන ක්‍රමය නිසා වළක්වා ගන්නට හැකියාව ලැබුණි.
9. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ දැඩි හිතමිතුරු කිසිදු ජෙනරාල්වරයෙක් මිණිමරුවෙක් නොකර, කිසිදු මනුෂ්‍ය ඝාතනයක් නොකර, සියළුම නින්දා අපහාස විඳ දරා ගනිමින්, සියළුම ආගමිකයන්ට සහ ජාතීන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලබා දීම ප්‍රසංසනීය ය. ඔහු තමන් පිස්සෙකු නොවන බවත්, කිසිදු සත්ව ඝාතනයක් නොකරන මානව දයාවෙන් පිරුණු සැබෑ බෞද්ධ නායකයෙකු බවත්, ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවේ ය. ඔහු, රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන් නායකයෙකු ලෙස මේ තරම් කුමණ්ත්‍රණ හමුවේත් ලෝකයා ඉදිරියේ බෞද්ධයින්ගේ ගෞරවය ආරක්ෂා කරදීම ඇත්තෙන්ම ප්‍රසංසනීය ය.
10. කාදිනල් තුමා, ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් දේශපාලකයින්, ජේවීපී සහ පෙරටුගාමීන් මේ තරම් භයානක සමූලඝාතන කුමණ්ත්‍රණයක් ක්‍රියාත්මක කළත්, එය සාර්ථක කර ගන්නට නොහැකි වූයේ, යුධ හමුදා නිළධාරියෙකු වූ කුමණ්ත්‍රණයේ හැඩරුව හොඳින්ම අවබෝධ කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ නිසා ය.
11. බැසිල් රාජපක්ෂ, වැනි රාජපක්ෂ පවුලේ සමහර උන්මත්තකයින්ගේ අල්ලස් දූෂණාදියෙන් පීඩාවට පත්ව සිටි මහ ජනතාව රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කළේ ය.
12. ගෝඨාභය රාජපක්ෂගේ පාලනය ඉදිරි වසර තුනත් තිබුණානම් තමන්ගේ අරමුණට යෑමට නොහැකි වන බව දන්නා කාදිනල් තුමා ඇතුළු සමස්ත කුමණ්ත්‍රණ කරුවන් රටට ඩොලර් එවන්න එපා යැයි I M F එකට සහ විදෙස් රටවලට බලපෑම් කළේය. එහි ප්‍රමුඛයෝ කාදිනල් තුමා සහ ජේ වී පී එකයි. ඩොලර් හිඟයකින් රට සාගතයකට හරවා මහා ජන සංහාරයකින් බලය ගන්නට කළ මහා කුමණ්ත්‍රණයක් තාවකාලිකව එසේ නතර විය. අදූර දර්ශී තරුණ පිරිස මිනීමරු කුමණ්ත්‍රණ කරුවන්ගේ ඇම ගිල්ලේ ය. ඔවුන් රටේ තාරුණ්‍ය නොමඟ යැවුවේ ය.
ඉතිහාසයේ මෙම සත්‍ය කථාව හොඳින් අධ්‍යනය කරන්න.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය තුළ ඔනෑම කෙනෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. ඊයේ දින ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂද එම අයිතිය සියළුම රට වැසියන්ට දී තිබුණි. වර්තමානයේදීද ජන අරගලකරුවන් එම කථා කිරීමේ නිදහස එයාකාරයෙන්ම අපට දී ඇතැයි සිතමි.
ගෝඨාභයගේ ආණ්ඩුවේ තිබූ, සියළුම ආගම් නිදහසේ ඇදහිය හැකි, ඕනෑම මතවාදයක් නිදහසේ දැරිය හැකි, මධ්‍යස්ථ මතධාරීන්ට මධ්‍යස්ථව සිටිය හැකි, නිදහස් අදහස් ප්‍රකාශ කළ හැකි රට, ජන අරගලකරුවන් තලේබාන් පන්නයේ අන්තවාදයට තවම ගෙනගොස් නැතැයි සිතමි.
මෙය කාදිනල්තුමා, ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන්, ජේවීපී, පෙරටුගාමීන්, සහ අන්තවාදී දේශපාලකයින් තමන්ගේ මවු රටවල් වන බටහිර ජාතීන්ගේ උදවු ඇතිව කළ මහා ජන සංහාර කුමණ්ත්‍රනයකි. මහා සංඝරත්නය ඝාතනය කරමින්, රාජ්‍ය දේශපාලන විරුද්ධ පක්ෂ නායකයින් ඝාතනය කරමින්, තල්දූවේ සෝමාරාම ලවා බණ්ඩාරණායක මහතා ඝාතනය කරවන්නට කටයුතු කළාක් මෙන්, සිංහල බෞද්ධයින් ලවාම සියල්ලම විනාශ කරවන්නට කළ මහා භයානක කුමණ්ත්‍රණයකි.
දූරදර්ශී පාලකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ විසින්, මහා සංඝරත්නය රැක් ගනිමින්, යුධ සෙන්පතියන් වූ සියළුම ජෙනරාල් වරුන් රැක ගනිමින්, තමන් කුමණ්ත්‍රණයකට හසුව සිටිනා බව නොදන්නා තරුණ පිරිසේ ජීවිතද රැක ගනිමින්, සාර්ථකව පාලනය කර දෙන ලදී. ඔහුට බලය අත් හැරීමට සිදු වූවත්, ඔහු බෞද්ධයින්ව සැබෑවටම සමඟිව තබන ලදී.
කුමණ්ත්‍රණ කරුවා නුදුරු අනාගතයේදී මහා විනාශයක් අනිවාර්‍ය්‍යෙන්ම කරනු ලැබේ.
අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න.
ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.
සියළුම බෞද්ධයෝ වහා සමගි වෙත්වා!
තෙරුවන් සරණයි!
පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කම්මට්ඨානාචරිය, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, මිණිපුර අමා ශාන්ති ත්පෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හී විහාරාධිපති.
2025-11-08
හෘදාබාධයන්ට පෙර සංඥා.
අපි දුර්වල ලෙස නිදා ගනිමු.
අපි ආතතියෙන් ජීවත් වෙමු.
අපි ඉක්මනින් කනවා,
මේ අතර, අපේ හදවත්... සංඥා යැවීමට පටන් ගනී.
නමුත් කිසිවෙකු සවන් දෙන්නේ නැත.
හෘදයාබාධයකට වසරකට පෙර, ශරීරය දැනටමත් අනතුරු ඇඟවීමේ සංඥා ලබා දෙයි.
• ඔබ හොඳින් නිදා ගත්තත් නිරන්තර තෙහෙට්ටුව.
• පඩිපෙළ නගින විට හුස්ම හිරවීම.
• පිටුපස හෝ වම් අතේ වේදනාව.
• වළලුකර ඉදිමීම.
• නැතහොත් පැහැදිලි හේතුවක් නොමැතිව කාංසාව සහ දහඩිය දැමීම පවා.
ගැටලුව නම් අපි එය "ආතතිය" හෝ "සාමාන්‍ය තෙහෙට්ටුව" යැයි සිතීමයි.
අවසානයේ එය අපගේ හදවත බව අපට වැටහෙන විට... එය දැනටමත් ප්‍රමාද වැඩියි.
අධික ලෙස සැකසූ ආහාර, අධික සීනි, මධ්‍යසාර, දුම්කොළ සහ උදාසීන ජීවන රටාව තරුණ හදවත් වැඩි වැඩියෙන් අසනීප කරයි.
නරකම කොටස... බොහෝ දෙනෙකුට "සනීපයක් දැනෙන" නිසා ඔවුන් පරීක්ෂාවන් පවා සිදු නොවේ.
නමුත් එයින් ගැලවීමට මාර්ගයක් තිබේ.
අද ඔබේ පුරුදු වෙනස් කළහොත් ඔබේ හදවත සුව කළ හැකිය.
• දිනපතා ක්‍රියාකාරී ව්‍යායාම විනාඩි 30ක්.
• තිර(දුරකථන වැනි උපාංග) නොමැතිව අවම වශයෙන් පැය 7ක් නිදාගන්න.
• වැඩිපුර ස්වාභාවික ආහාර, අඩු සැකසූ ආහාර අනුභව කරන්න.
• සෑම වසරකම හෝ මූලික රුධිර පරීක්ෂණයක් ලබා ගන්න.
මක්නිසාද යත්, ඔව්, ඔබේ ශරීරය ඔබට අනතුරු ඇඟවීම් ලබා දෙයි... නමුත් සවන් දීම ඔබට භාරයි.
ඔබේ හදවත ගැන සැලකිලිමත් වන්න, එය රිදවන තුරු නොව, අද සිට.
එය වෘත්තීය වෛද්‍ය ඇගයීම ප්‍රතිස්ථාපනය නොකරයි.
ඔබ මෙම රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්,




















