ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2023-10-17

ආච්චිගෙ සාක්ෂි 😀


----මූනු පොතෙන්
විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.
විදේශ රටක එක්තරා ප්රාදේශීය නගරයක උසාවියකි. පළමු සාක්කිකරු ලෙසින් සිටියේ වයස අවුරුදු 75ක් පමණ වූ කාන්තාවකි . ඇය වෙත ළං වූ පැමිණිල්ලේ නීතිඥවරයා මෙසේ ඇසුවේය.
" මිසිස් ජෙනිෆර් ... ඔබ මාව හඳුනනවද..? "
" අපොයි ඔව්... ඇයි විළියම් මහත්තයා, මම මොකද ඔහේ නොදන්නේ...! මම ඔහේව දන්නේ ඔහේ පුංචි කාලේ ඉඳලම. ඇත්තම කියනවනං.. ඔයා මහ පච මෝලක්...ඔයා ඔයාගේ බිරිඳව රැවැට්ටුවා. ගොඩාක් මිනිස්සු ඔයා නොමග යැව්වා... විතරක් නෙමෙයි... එයාලගේ පිටිපස්සෙන් ගිහින් පිහියෙන් අනින ජාතියේ මිනිහෙක් ඔයා. ඒ උනාට ඔයා හිතාගෙන ඉන්නේ, ඔයා තද පොරක් කියලා ..! ගමේම මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා . ඔව් මම ඔයාව හඳුනනවා හොඳට..! "
මේ අපහාසය හේතුවෙන් පැමිනිල්ලේ නීතිඥයාට කර කියා ගන්නට දෙයක් නැති විය.
කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි වූ ඔහු විත්තියේ නීතිඥ දෙසට ඇඟිල්ල දිගු කර,
" හොඳයි ජෙනිෆර් මහත්මිය. දැන් මට කියන්න ඔබතුමී.. මේ විත්ති පාර්ශවයේ නීතිඥතුමා ව හඳුනනවා දැයි..? " ඇසුවේය.
ජෙනිෆර් මහත්මිය නැවත පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.
" ඔව් ඇයි මොකද මම නොදන්නෙ..! ඔය ජොන්සන් මහත්තයත් , මම පුංචි කාලේ ඉඳලම දන්නවා. මහා කම්මැලියා . ආත්මාර්ථකාමී මහා කුහක මිනිහෙක්. අරක්කු පෙරේතයා. එයාට බෑ.. කා එක්කවත් සාමාන්ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. මේ පළාතේම ඉන්න ජරාම නීතිඥයා තමා එයා. මම ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එයා එයාගේ නෝනා රැවැට්ටුවා. හොර ගෑණු තුන්දෙනෙක් ඉන්නවා එයාට. එක්කෙනෙක් ඔහේගේ නෝනා. "
පැමිනිල්ලේ නීතිඥයාට උන්හිටි තැන් අමතක විය.
මේ දෙස බලාසිටි විනිශ්චකාරතුමා, විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන් දෙදෙනාම තමන් අසලට කැඳවූයේය.
අනතුරුව පහත් හඬින් ඔවුන් දෙදෙනාට මෙසේ කීවේය.
" මදැයි කෙරුවා. තොපි දෙන්න ගෙන් කවුරුහරි එකෙක්, ඔය නාකි ගෑනිගෙන් ඇහුවොත් එහෙම, මාව අදුරනවද..? කියලා ආයෙ දෙකක් නෑ , මම තොපි දෙන්නම එල්ලනවා.

notes of imaginary

2023-10-16

මා පිය සබද මා ගැන මතක ද ? තවම




මට හැකි පමණ අත්වැල් පටලා ලොවම
සිතුවිලි පෙලගසා මානයකින් නවම
රතුපැහැ රුවින් හැඩගන්වූ ලක්දිවම
මා පිය සබඳ මා ගැන මතකද තවම

සැම තොරතුරම සුරැකිව රඳවමින් මුවේ
මාකල මෙහෙය සුළුපටුසේවයක්නොවේ
පරසිදු වුවද එදවස මා මිතුරු ලොවේ
අද නම් විවේකීවම කල දවස ගෙවේ

කුසතුළ හොවාගෙන සිට කරදහි කඳුම
තවමත් රෝග⁣යක් නැති එකමය පුදුම
රෑ දහවලේ සිදුවී දුහුවිලි වැදුම
අවපැහැ වෙලාදෝ මගෙ රතුපැහැ ඇඳුම

ගරුතර ලියුම් රජයේ සලකුණුද තියා
ලියවුනු හසුන් නෑකම් මිතුරන්ද සොයා
යායුතු මංතලය පසුවට සොයන නියා
පුදුමයි නේද පළමුව මගෙ කුසට ගියා

එනමුදු හෙනහුරා පැන මගෙ කුස මතට
කටකන පෙත්ත ආවා ඔබ ගේ අතට
පණිවුඩ දුන් සැනින් ලැබුනත් ඔබ අතට
මහ කණගාටුවක් ඇත මගෙ නම් සිතට

එදවස ලිපි සමග මාවෙත පියමැන්න
රසබර කතා ඇත තවමත් පවසන්න
ඔබටත් අවැසි නම් ඒවා දැනගන්න    
ළඟදිම දිනක ලිපියක් ගෙනවිත් දෙන්න

--සුරංග බණ්ඩාර

notes of imaginary

2023-10-14

දුකට කියන කවි



















ගොම්මන් පාළුවේ පිල්කඩ උඩින් හිඳ
සන්සුන් වෙන්න හැදුවත් කොච්චරක් අද
හොල්මන් කරන බියකරු සිතුවිළි නිබඳ
සැනසෙන්නට නො හැක හිමියනිනො දැක බිඳ
වැවේ මායිමේ තනියා දුටුවාද
රැලේ ගමන් යන නපුරන් හමුවීද
උදේ කාපු කුරහන් රොටි විතරමද
මගේ හිතට සැක සංකා නැතුවා ද .
රෑ බෝවන්ට පෙර එන බව කිව්වාට
වෑ කන්දේ කරුවල ඇවිදින් පිලට
කණාමැදිරි එළි දෙවැටේ නටන කොට
උල ලේනියක් අඬනව ඇහෙනව දුරට .
පොඩි පුතු කුසේ හිඳ දඟලා පහර ගසයි.
වැදුම් ගෙයට හෙට පුරහඳ ඒවි වගෙයි
අලිමංකඩේ තනියා ගැන හිතට බයයි
හිමි ඔබ තවම නැති හින්දා ම’සිත තැවෙයි .
සංහිඳ පාමුලේ දෙවියන් සිටින තුරා
රන්කඳ මගේ රැකදීපන් සමා වෙලා
තනියෝ මංකඩ දි මගෙ හිමි ඇහැ ගැහිලා
හදියක් නො කර පලයන් පුතු ගැන හිතලා .
රෝ.සි.

notes of imaginary

2023-10-13

සිතන්නට යොමු කරමු.


එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා. ඊටපස්සෙ ඇය කිව්වා ඒ එක එක නමට යටින්, ඒ කෙනාගෙ දැකලා තියෙන ලස්සනම ගතිගුණය ලියන්න කියලා. පීරියඩ් එකේ ඉතුරු වෙලාව ගත වුණා හැමෝටම ගතිගුණ ටික ලියන්න. පීරියඩ් එක අවසානයේ ඇය ඒ කොළ ටිකත් එකතු කරන් පන්තියෙන් පිටත්වෙලා ගියා.
ඒ සතියේ අග එළැඹුණු සෙනසුරාදාවේ මේ ගුරුතුමිය හැම ශිෂ්යයෙක්ගෙම නමින් එක කොළයක් බැගින් වෙන් කරලා, ඒ හැම කොළයකම, මුළු පන්තියෙම දරුවො ඒ කෙනා ගැන ලියලා තිබ්බ ලස්සන ගතිගුණ ලැයිස්තුව ලිව්වා. පන්තියේ හැම ළමයෙක්ගෙම නමින් කොළයක් නිර්මාණය වෙලා අවසන් වුණා සති අන්තය අවසන් වෙද්දි. සඳුදා පන්තියට ගිහින් ඇය එක එක දරුවට, එයාට අදාළ වුණු කොළේ අතට දුන්නා. වැඩි වෙලා යන්න කළින් මුළු පන්තියමෙ, හැම ළමයෙක්ගෙම මූණුවල හිනාවක් ඇඳෙන්න පටන් ගත්තා. ගුරුතුමීට ඇහුණා එක්කෙනෙක් මුමුණනවා,
"ඇහ්..ඇත්තටම? මම දැනන් හිටියෙ නැහැ මගෙන් කාටවත් වැඩක් තියෙනවා කියලා"
ආයෙත් ඇයට ඇහුණා තව කෙනෙක් කියනවා " මම හිතුවෙ මටනම් කවුරුත් කැමති නැහැ කියලයි"
පන්තිය පුරාම තිබ්බේ ඒ වගේ පොඩි පොඩි අදහස්. කෙඳිරීම්...
ඉන්පස්සෙ කිසිම දවසක්, කිසි කෙනෙක් ඒ කොළේ ගැන කවදාවත් කතා කරේ නැහැ. අඩුමගාණේ පන්තියෙන් පස්සෙ හෝ දෙමාපියො එක්ක හෝ කිසිම විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒත් ඒ කොළය විසින් කලයුතුව තිබූ කාර්යය සිද්ධ වෙලා තිබ්බා. හැම ශිෂ්යයෙක්ම තමන් එක්කත්, අන් අය ගැනත් සතුටට පත්වෙලයි හිටියෙ. ඒ ශිෂ්යයො කණ්ඩායම ඒ පන්තියෙන් ඉවත් වෙලා ඊළඟ පන්තියට ගියා. කිසිම අමුතු යමක් වුණේ නැහැ.
අවුරුදු කිහිපයකට පස්සෙ වියට්නාමයේදී ඒ ශිෂ්යන් අතරින් කෙනෙක්ව හිටපු, පසුකාලීනව සොල්දාදුවෙක් වුණු මාර්ක් මිය ගියා. මේ ගුරුතුමියත් ඒ අවමංගල්ය උත්සවයට සහභාගී වුණා. ඇය ඇගේ මේ විශාල ජීවිතයේ කිසිදාක එතරම් ලස්සන මෘත දේහයක් දැකලා තිබ්බෙ නැහැ. මාර්ක් ඉතාම කඩවසම්ව, පරිණත පෙනුමක් සහිතව ශාන්තව වැතිරිලා හිටියා. පල්ලිය පිරෙන්න මාර්ක්ගෙ මිතුරො පිරිලා හිටියා. හැම කෙනෙක්ම නිසල සිරුරු ළඟට ඇවිත් තමන්ගේ අවසන් ගෞරවයත්, ආශිර්වාදයත් ලබා දෙමින් හිටියා. අවසාන කෙනා වුණේ මේ ගුරුතුමිය. ඇය මාර්ක්ගෙ ළඟ හිටගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි, මාර්ක්ගේ අවමංගල්ය උත්සවයට සහභාගී වුණු හමුදා නිළධාරීන් අතර ප්රධානියා ඇයගෙ සමීපයට ඇවිත් "ඔයාද මාර්ක්ගෙ ගණිත ගුරුතුමිය?" කියලා ඇහුවා.
"ඔව්" ඇය උත්තර දුන්නා.
"ඕහ්! මාර්ක් ඔයා ගැන නිතරම කතා කරා" ඔහු ප්රශ්නයක් හෝ උත්තරයක් නොවන විදිහට කියලා යන්න ගියා.
පල්ලියේ චාරිත්රවලින් පස්සෙ හැමෝම කුඩා ආපනශාලාවකට එකතු වුණා මාර්ක්ගෙ දෙමාපියන් එක්කම. මාර්ක්ගෙ දෙමාපියන් බලාගෙන හිටියා ගුරුතුමිය එක්ක කතා කරන්න.
"අපිට ඔයාට යමක් පෙන්නන්න ඕනේ" තමන්ගෙ සාක්කුවෙන් පසුම්බියක් එළියට ගන්න ගමන් මාර්ක්ගෙ තාත්තා කිව්වා.
"මාර්ක් මියගියාට පස්සෙ එයාලා මාර්ක්ගෙ ළඟ තිබිලා මේක හොයාගත්තා. අපි හිතුවා ඔයා මේක අඳුරගනී කියලා"
ඔහු කිව්වෙ අතටම දියවුණු පෙණුමක් තියෙන කොළ දෙකක් පෙන්නමින්. ඒ කොළ දෙක ඉතා විශාල වාර ගණනක් නවපු සහ දිග ඇරපු බව පේන්න තිබුණා. ඒ කොළ දැකපු ගමන් ගුරුතුමිය දැනගත්තා ඒ තිබ්බේ මාර්ක් ගැන එයාගෙ පන්තියේ අනිත් අය කිව්ව සේරම හොඳ ඇතුළත් කරලා එයා ලිව්ව කොළ දෙක තමයි ඒ කියලා.
"ඔයා ඒක කරාට ගොඩාක් ස්තූතියි. මාර්ක් හුඟාක් අගය කරා ඒක. එයා හුඟාක් පරිස්සම් කරා මේ කොළ දෙක" මාර්ක්ගෙ අම්මා හෙමින් කිව්වා.
මාර්ක්ගෙ පන්තියේ හිටපු පරණ යාළුවෝ හැමෝම මේ වෙද්දි ගුරුතුමිය සහ මාර්ක්ගෙ දෙමාපියන් වටේ වටවෙන්න පටන් අරන් තිබුණා. ඒ අතරෙ චාර්ලි ලැජ්ජාවෙන් හිනාවෙවී කිව්වා
"මගේ ළඟත් මේ කොළේ තාම තියෙනවා. ඒක මගේ කබඩ් එකේ උඩ ලාච්චුවේ තියෙනවා" කියලා.
චක්ගෙ බිරිඳ කිව්වා " චක් මට කිව්වා එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකට දාමු කියලා. ඉතින් එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකේ තියෙන්නෙ" කියලා.
මැර්ලීන් අනිත් අය දිහා බලමින් කිව්වා "මගේ කොළෙත් තියෙනවා. ඒක මම මගේ ඩයරි එක ඇතුළෙ තියලා තියෙන්නෙ" කියලා.
ඒ පන්තියේම කෙනෙක් වෙච්ච විකී එයාගෙ සාක්කුවේ තිබ්බ පොඩි නෝට්බුක් එක අතට අරන් ඒකෙන් කුණු ගෑවුණු, ඉරුණු කොළයක් එළියට ගන්න ගමන් කිව්වා "මම යන ඕනෑම තැනක මම මේක අරන් යනවා" කියලා. ඒ කියලා ඇහිපිල්ලමක් ගහන්නවත් ප්රමාද නොවී ඇය කිව්වා "මං හිතන්නෙ අපි හැමෝම අපේ ලිස්ට් එක පරිස්සම් කරගත්තා" කියලා.
හරියටම අන්න ඒ මොහොතේ තමයි එයාලගෙ ගුරුතුමිය ඒ ළඟ තිබුණු පුටුවක ඉඳගෙන අඬන්න පටන් ගත්තෙ. ඇය මාර්ක් වෙනුවෙන් වගේම ආයේ කිසිම දවසක මාර්ක්ව දකින්න නොලැබෙන ඔහුගෙ යාළුවො වෙනුවෙන් ඇඬුවා.
-----
සමාජයක් විදිහට අපි කොච්චර ඝන කටු සහිත මිනිස්සු බවට පත්වෙලාද කියනවනම්, අපිට සමහර වෙලාවට අමතක වෙනවා අපේ ජීවිත යම් මොහොතක නැති වෙන්න පුළුවන් කියලා. අපි අඩුගාණේ ඒ දවස මොකක්ද කියලවත් දන්නෙ නැහැ.
ඒ නිසා මතක ඇතුව, ඔයා ආදරේ කරන අයට ඒ බව කියන්න. ඔයාට විශේෂ අයට ඒ ගැන කියන්න. ඔයාට වැදගත් අයට ඒ බව කියන්න. ඔයාට වැළඳගන්න පුළුවන් අයව වැළඳගන්න. සිපගන්න පුළුවන් අයව සිපගන්න. පරක්කු වැඩි වෙන්න කළින් ඒක කරන්න. කිසිම දාක, තව කෙනෙක්ගෙන් ආදරේ වචනයක් නොඅහපු, ප්රශංසාවක් නොලබපු, තමන් වැදගත්බව හෝ වටිනබව අහන්න නොලැබුණු ජීවිත දහස් ගාණක් අපි වටේ ඉන්නවා. ඇස් ඇරලා බලලා කියන්න.
එහෙම කිව්වට පස්සෙ ප්රාතිහාර්යක් වෙලා, එකපාරටම සියල්ල යහපත් වෙන එකක් නැහැ. ඒත්,
පසු වදන...
ඔව් ඒත්, අවුරුදු ගාණකට පස්සෙත් නෝට්බුක් එකක් ඇතුළෙන් මතුවෙන දියවුණු පොඩි කොළයක් වගේ බලාපොරොත්තුවක් විදිහට ඒක මතුවේවී!! මතුවිය හැකි යමක් නිර්මාණය කරන්න
අද දිනට යෙදෙන සියදිවි හානිකර ගැනිමේ දිනයට සමගාමි
දරුවන්ට සතුටින් සිටින්නට හිතන්නට
අපි වෙනස් වෙමු...වැඩ සටහනේ තේමාව
උපුටාගැනීම: බෙටී බයිරම්
අනුවාදය: ෂෙනූ පෙරේරා


notes of imaginary

2023-10-11

එය තවම ඔහු ලග.



හිරු නිවෙන්නට දෙපැයකට පෙර
බිමට යොමුවූ දෑස් අතරින්
රාජගිරියට ඇදෙන පෙරහැර
දනිති යනවග නො එන ගමනක.

බාල ලී පෙට්ටියේ සැතපී
ගියත් මට නුඹලා කියෙව්වැකි
නොදැනේද මා දුන් සැහැල්ලුව
අවමඟුල් උත්සව කපාහැර.

මල් වඩම් හා බැනර් කැපුවෙමි
නෙස්කැෆේ පුටු ටෙන්ට් හැලුවෙමි.
එම්බාම් නැති දුගඳ මිනියක
සාද සාමීචියට ඉඩ නැති.

හුදෙකලා වී කුටියෙ සිරවී
පන්හිඳෙන් ජීවිතය අමුණා
හුස්ම රැල්ලක් ගැටගැසූ මට
සමුගැනීමේ කතා කුමටද?

විච්චේදනය කර ඉගෙන ගන්නට
වෙද නලා පලඳවා ගන්නට
මාවටා රොක් වේවි සිසු කැළ
පුදුම වන්නට කිමද කාරණ ...

මගේ මිනියෙහි හදවතක් නැති.!
නොවටිනා ගාණකට මිළ කර
උගස් කළ එය තවම ඔහු ළඟ .!!!

රෝ.සි.


notes of imaginary

2023-10-10

විද්‍යඥ නිකොලා ටෙස්ලා.




ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්රේෂ්ඨ විද්යාඥයෙකු බව පිළිගන්නවාද ?
ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?
පළමු ප්රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි.
උදේ තමයි, දැන් කියවන්න කම්මැලියිනම් පස්සේ කියවන්න Notepad හෝ Offline Save දාගන්න. හුඟක් වැදගත් වෙවි. මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් !
ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි !
නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්යම රාත්රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා.
ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්රම දුටු කුඩා ටෙස්ලාට අවශ්ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.
දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා.
කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්රමණය වීමටයි.
ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්රේෂ්ඨ විද්යාඥයා" වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්යාගාරයටයි.
එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.
සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්ය වීම,සම්ප්රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්ය වීම,ගිණිගැනීම් අධික වීම,ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා.
එවිට එම මුදල් දීම ප්රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා
"Tesla, you don't understand our American humour"
"ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරේන්නේ නෑ"
එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්ය අනුග්රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්රත්යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.
මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්රමාණවත් වීම,සම්ප්රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්රමාණවත් වීම,නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම
ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි.
එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ "ශ්රේෂ්ඨ විද්යාඥයා" එම සියළු සතුන් ප්රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.
අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.
මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).
ශ්රේෂ්ඨ විද්යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා...
නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.
නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.
Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.
ඉතාම සංකීර්ණ ත්රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය.
මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.
එඩිසන්ගේ මූල්ය අනුග්රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්ය වලට පිළිතුරු දුන්නේ
"Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"
ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.
ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.
ඔහු ට්රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට එන්නේද නැත.
අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.
අභ්යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්යාඥයාය.
භූමිකම්පා නිපදවිය හැකි යන්ත්රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
පෘථිවියේ අනුනාද සංඛ්යාතය සොයාගත් විද්යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.
දුරස්ථ පාලකය.රැහැන් රහිත සන්නිවේදනය.නියෝන් ලයිට්.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්ර දක්වා ඇත්තේ AC මෝටර්ය).විද්යුත් චුම්බක ක්ෂේත්රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන් රහිත විදුලි සම්ප්රේෂණය
ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද?
ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර "මුළු ලෝකයටම රැහැන් රහිතව" නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.
මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය.
නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය.
නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.
ඉතින් සියවසේ විද්යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය.


#copied
උපුටා ගැනීමකි
notes of imaginary

2023-10-09

ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි



කවියකට
නවතින්න පුලුවන් කවියෙක් ඇතුළෙ විතරමද
මං දැක්කා කවියක්
ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි
කරගැට පිරි අත්ලක් මැද
උණුහුම් වී හිනැහෙන හැටි
අහම්භයක් වෙන්නට ඇති
ප්රේමය ලිස්සල වැටුණම
නැගිටින්නට අත දීගෙන
කවියක් හිනැහෙනු දුටුවෙමි
ඒ කවියම
තනපුඩුවක එල්ලීගෙන
හිනා මවන බිළිඳුන් ළඟ
ඉන්ද්රචාප මවනු දුටිමි
අරගලයක සටන් පාඨ
කලබලයෙන් ඇහැරෙන විට
තුවක්කුවක සිදුරක් ළඟ
කවියක් ලතැවෙනු දුටුවෙමි
ඒ කවියම
හරස් පාරකින් ඇවිදින්
ඉසියුම් තැන් ඇහැරවමින්
ප්රේමය තැවරුව කොපුලත
මතකය මඟහරිනු පිණිස
රිදවුම් පිරිමදින රහස
ලතෙත් අකුරු වල පටලා
කවියක් මුමුණනු දුටුවෙමි
ඒ කවියම
ඊළඟ මොහොතේ සුවඳැති
මල් පෙත්තක මම දුටුවෙමි
කවියෙක් උපදින්නට නම්
කවියක් ආ යුතු පපුවට

සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary