හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහතා සෝවියට් නායකත්වයට පත් වීමෙන් පසු එකී කම්මුතුකරන්නාගේ (Terminator) චරිතය ඔහුට ආදේශ කරන්නට සමහරු උත්සාහ කළා. ගොර්බචොව්ගේ හිසේ පැහැදිලිව එවැනි පැල්ලමක් තිබුණා. ඒ නිසා අනාවැකි විශ්වාසකරන්නන් සිතුවේ මහා බලවතුන් අතර තිබූ සීතල යුද්ධය ගිණියම් වී ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා තල්ලු වී යනු ඇති බව.
තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2022-09-01
මිහායෙල් ගොර්බචොව්. - සෝවියට් සමුහාණ්ඩුව.
හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහතා සෝවියට් නායකත්වයට පත් වීමෙන් පසු එකී කම්මුතුකරන්නාගේ (Terminator) චරිතය ඔහුට ආදේශ කරන්නට සමහරු උත්සාහ කළා. ගොර්බචොව්ගේ හිසේ පැහැදිලිව එවැනි පැල්ලමක් තිබුණා. ඒ නිසා අනාවැකි විශ්වාසකරන්නන් සිතුවේ මහා බලවතුන් අතර තිබූ සීතල යුද්ධය ගිණියම් වී ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා තල්ලු වී යනු ඇති බව.
2022-08-31
අපිත් මේ රටේ දරු පැටව්
උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණයක්. එතුමන් ලංකාවේ දූෂ්කර අති දුෂ්කර ප්‍රදේශවල ශිල්ප බෙදා දී අත්දැකීම් සම්භාරයක් අත්පත් කර ගත් බෙදාගත් ගුරුවයෙක්, විදුහල්පතිවරයෙක්.
පත්තරේ වාහිණියෙ රේඩියෝවේ ඇහෙයිහංදියේ බස් එකේ පෝලිමේ දිග හැරෙයි
කියන්නෙම උසස්පෙළ සමත් උන් වරුණෙමයි
මහත්තයො උසස්පෙළ මමත් ලිව්වා තමයි
තාත්තා මැරුණෙ මගෙ පොල්ගහෙන් ඇදවැටිල
අම්ම කොහු මෝලෙ වැඩ එන්නෙ හොඳටම නැහිල
මොනව හරි තම්බන්නෙ ඇවිත් පාසල ඇරිල
නංගීට මල්ලීට මම තාත්තෙක් වීල
සෙනසුරාදා ඉරිද අත්වැඩට මම යනව
හැමදාම හවස්කරෙ වත්තෙ පොල් ඇහිඳිනව
ලැබෙන සොච්චම අරන් රෑට ගෙදරට එනව
තාත්තෙකුගේ අඩුව පුරවන්න වෙහෙසෙනව
මෙහෙම දහදුක් විඳල උදේ පාසල් යනව
පෑන් පැන්සල් නැතත්,පංතියේ පළවෙනිය
රූල්වල ලිව්වොතින් පොතේ ඉඩ මදිවෙනව
රූල් තිබුනත් පොතේ ඒව අමතක වෙනව
උපෙළට හිටියේම ගුරුවරුන් තුන් දෙනයි
අපි කැමති මුත් නැතත් ඉගැන්නුවෙ එච්චරයි
ඉතිහාසෙ භූගෝලෙ අකමැතිම සිංහලයි
ටියුෂනුත් ගියෙ නැත්තෙ සල්ලි නැති හින්දමයි
තිබුනේම අඳින්නට එකමඑක කළිසමයි
ඒක හේදුව දාට ඇන්දෙ තෙත පිටින්මයි
යාළුවන් ගේන බත් දෙකටකින් බඩ පිරෙයි
වැවේ මඩ වතුර සමහරදාට හරි රහයි
තෙල්ටිකක් නැති දාටකුප්පි පහනත් නිදයි
වැඩපලක් නැතිදාට කුසේ ගිණිබඩ දවයි
වැස්ස වැස්සොත් එහෙම ගේ ඇතුළ දෝර යයි
ගම් වදින අලින්ටත් පේන්නේ අපිමමයි
ආනන්දෙ,ට්‍රිනිටියේ අච්චරයි මෙච්චරය
සිරිමාවො සෙන්ට්බ්‍රිජට් අච්චරට මෙච්චරයි
අපට ඉතිරිව තිබුනෙ F අකුරු විතරමයි
මගේ පාසල් දිවිය මහතුනේ හෙට නිමයි
නුඹළාගෙ රජපැටව් හෙට ඉඳන් රට යවයි
සෑම සරසවියේම දොරටු නුඹලට ඇරෙයි
හෙට ඉඳන් මගේ අත්වලත් කරගැට පිපෙයි
මහත්වරුනේ අපිත් මේ රටේ දරු පැටව්
2022-08-30
උසස් පෙල ප්‍රතිපල. -විශ්ව විද්‍යාල දෙකක උපකුලපති
සමත් වු අය අගයන ගමන් දෙවෙනි පෙලත් අගයන්න දෙමව්පියෝ ගුරුවරුන් වැඩිහිටියෝ අවධානය යොමු කරන්න ඕන. කොරෝනාවක්, දේශපාලන ආර්ථික අර්බුදත් පිරුණ සමයක මේ දරුවෝ විභාගයට පෙනී සිටියේ. දෙමව්පියන්ට තදින් බල පෑ අර්බූද දරුවන්ට බල නොපෑවයි කියලා හිතන්න හොද නැහැ.
සාමාන්‍ය පෙල , උසස්පෙල එකවර සමත් නොවුන එහෙත් නැවත නැවත උත්සහා දරා අධ්‍යාපපනයෙන් ඉහලටම ගිය චරිත අපිට ඕන තරම් හමු වෙනවා. ඒ වගේම උසස් පෙලින් පසු තමන්ගේ ගමන් මග වෙනස් කර ගෙන ජීවිතය ජයගත් චරිත ඕන තරම් ඉන්නවා.
උත්සහායයි වැදගත් වෙන්නේ.
මට වතපොතෙයි පලකර තිබු එවන් චරිතයක් ගැන කියවන්න ලැබුනා. ඔහුගේ ගමන් මග පුරන්න පටන් අරන් තියෙන්නේ පලමු බිදවැටිම ජයග්‍රහණයක් කර ගැණීමෙන්.
උසස් පෙළ ගණිත අංශයෙන් විභාගය දිනන්න සිහින මවන තරුණයෙක් කොයි තරම් මහන්සි උනත් ලබුනේ F සාමාර්ත හතරක්. ඔහුගේ සිහින බිද දාන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මරදාන කාර්මික විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරණවා. ඊට පස්සෙ Water Board එකේ වැඩට යනවා.
උසස් පෙළ විභාගයෙන් බලා පොරොත්තු බිද ගන්නේ නැතුව ඔයාගේ දක්ෂ කම තියෙන්නේ කොහේදැයි විමසන්න. ඔබ ඉදිරියේ විකල්ප තියෙනවා. පරදින්නේ ඔබ පරාජය බාරගෙන නැවතුනොත් විතරයි. උසස් පෙළ ප්‍රතිපළ ඔබේ ජීවිතය නවත්වන දෙයක් විය යුතු නැහැ. දිරිමත් වන්න. දිනන්න ඔබට පුළුවන්.
දයන්තා කිසිවෙකු කිසිදා නොබිඳී ය හෑකි වාර්තාව ක් තියලා තියෙනවා. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ අවුරුදු 9 ක්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ අවුරුදු 6 ක්ද ලෙස අවුරුදු 15ක් උපකුලපති ධූරය දරමින්. ඔහු තමයි විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වරයා වූ පළමු වැන්නා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ට අයත් විශ්ව විද්‍යාල වල එසේ විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වූවන් ඉන්නේ තව දෙන්නයි.
ඔහු vocational education පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක්. ඔබට චිරං ජයතු දයන්තා
උපුටා ගැනිමකි...
notes of imaginary
2022-08-29
රන්ජන් ගේ පාඩම
අපේ රටේ දේශපාලනය
වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය.
වරෙක දුමින්ද
සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර රන්ජන් වැනි අය එළියට එන්නට
බලාපොරොත්තු ඇතිව හිර ගෙදරය. තවත් වරෙක දුමින්ද සිල්වා නැවතත් ඇතුලට යන අතර රන්ජන්
එළියට විත් ආණ්ඩුවෙන් තනතුරුද විපක්‍ෂ නායකයා ගෙන් තනතුරු වරප්‍රසාද පෝලිමක්
ලබන්නට හේතු වාසනා ඇතිවන්නේය.
වරද දේශපාලකයාට මෙන්ම අවශේෂ ජනතාවටද සමවන්නේය. එය කතාවකි. නීතිය ඉදිරියේ කවුරුත් සමානව සලකන බව කියවෙන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ රස්සාව කරන අයට මෙය වෙනස්ය. තමන්ගේ ලොක්කා රජවු පමනින් නීතිය ඒ දෙසට නැමෙන්නේය. හිරු දෙසට නැමෙන පීණිබර මළක් සේය.
අධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 4ක් හිරේ ගිය රංජන් අවුරුදු දෙකක් ගතවීමටත් පෙර ගෙදර ආවේය.රජන්ට හිරේ යන්න වුණේ විනිසුරුවන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සියයට 95ටත් වඩා දූෂිතයැයි කීම නිසාවෙනි.
මෙම වරදට රංජන්ට හිරේ නොගොස් බේරෙන්න අවස්ථාව
තිබුණි. ඒ මුල් අවස්ථාවේදී ම ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමෙනි. එහෙත් රංජන් නැවත නැවතත් කීවෙ තමන් කී
දේ සත්ය බවත් එය
කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බවයි. එසේම ජීවිත කාලයම හිරේ දැම්මත් සමාව ගන්නේ
නැති බවද කීවේ පුදුම වීරත්වයක් නිර්භීත කමක් පෙන්වමිනි.
එහෙත් ඊයේ පෙරේදා රංජන් වචනයෙන් පමණක් නොව ලිඛිතව දිවුරැම් ප්රකාශයක් ලබා දෙමින් තමන් කී දේ මුලුමනින්ම වැරදි බවත් තම ප්රකාශ පිළිබඳ සමාව ගන්නා බවත් කියා සිට ඇත.
රන්ජන්ද මුලදී සිටියේ කේසර සිංහයෙකු විලසිනි. පසුව ටිකින් ටික සිංහ සෙයියාව අතහරින්ට ඇරෙන්ට ඇත. පසුගිය මාධ්‍ය
හමුවකදී දුටුවේ ගෙදර ඉන්නා සුරතලෙක්ගේ තත්වයෙන්ය.
කවුරුත් ජීවිතය අවබෝධයෙන්
හැසිරිවිය යුතුය. රන්ජන් කියාදෙන පාඩම එයයි සිතෙන්නේය.
2022-08-24
තණ්හාව (The Lust)
2022-08-23
නිලාවරෙයි පතුළක් නැති ළිඳ - යාපනය
දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.
බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති.
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.
“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.
ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.
මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ.
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ.
මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.
වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.
වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”
ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.
මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.
තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.
“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”
පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි.
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.
“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.
ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ.
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ.
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.
සජීව විජේවීර
2022-08-19
ගමුකෝ රෙද්දක් අමුඩේ ගහන්න.
මේ රණිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවු සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එතුමා ගේ රජයේ මංත්‍රීවරයෙකුගේ හැසිරීමකි.
නන්දසේන මහතා පොලොන්නරුව අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා දන්නා කියන ජනප්‍රිය විදුහල්පති වරයෙකි.
මේ කතාන්දරය දිග හැරෙන සමයේ ඔහු නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කලාය. ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තකි.
පන්තියක සිටිය යුතු උපරීම ශිෂ්‍ය සංඛ්‍යාව එකල සීමාවුයේ හතලිහකටය.මේ සීමාව ඉක්මවා කටයුතු කිරීමට ඔහුට බාදා ඇත. සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම අසීරුය. ගුරුවරුන්ගේ මේ දුෂ්කරතා දෙමව්පියන් අදහන්නේ නැත.
තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ ප්‍රතිපත්ති දරන විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.
මේ කියන වකවානුවේ පොලොන්නරුව ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. විදුහල්පති වරයා හමුවු ගෝල බාල තුමා තම අදහස සාකච්ඡා කලද විදුහල්පති තුමාට අනුව පංති කාමරයේ ඉඩ නැති පදනම මත දරුවා පාසලට ඇතුලත් කර ගැනීමට නොහැකි බව පවසා යෝජනාව ප්‍රතික්‍ෂෙප විය. එතනින් නොවැතුන ඔහු තමන්ගේ මංත්‍රීරයාවු උත්තමයා වෙත අදහසත් විදුහල්පතිවරයාගේ තීරනයත් සැලකර සිටියේය.
මංත්‍රීවරයා විසින් ලීඛිත ඉල්ලීම් විදුහල්පතිවරයාගේ කුණු කූඩයට විසි වුන බැවින් ගෝලයා මංත්‍රීතුමා වෙත නිතර පැමිණිලි කරන්න විය. ඇතිවු මදි පුංචි කම නිසා මංත්‍රීතුමා කෝප පයට පත්ව පසු දිනක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගෙන පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා කාර්යාලයට කඩා වැදුනේය.
💢💢💢💢💢💢💢එතැන් සිට එදා සිදුවු කතා බහ මෙලෙස විය.
ආයුබොවන් !
වාඩිවෙන්න මංත්‍රීතුමා.
වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ?
මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .
මංත්‍රීතුමා , පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි.
ඒ නිසා තවත් බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ.
තමුසේගේ කතා වලින් වැඩක් නැහැ මේ ලමයා ගන්න ඔනී.
මට නම් ඒ වැඩේ කරන්න බැහැ.
මන්ත්‍රී උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.
තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ?
තමුසේ කතා කරන්නේ කා එක්කද ?💢💢💢
💣💣💣💣💣මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.
මංත්‍රීතුමා , මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් .
මගේඅප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. මාත්මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා
අප්පච්චීගේවැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.
ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම් අරුමයක්නැහැ. ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.💣💣💣💣💣
මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත.
පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.
ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම්යයි සිතා පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.
මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය විදුහල්පතිවරුතමන් දුන් සාක්‍ෂි කට උත්තර පවා දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය.
රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය.
විදුහල්පතිවරයා මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස පත්ව පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.
2022-08-16
හදවතටවන කම්පන (Heart Attack )
2022-08-14
කදුලක්.
ආදරය ප්‍රේමය කවදා කොතනක කොයි
මොහොතක සිත් තුල ඇතිවුනදැයි අප නොදන්නා සේම ආදරය ප්‍රේමය කවදා කොයි මොහොතක අප
අත්හැර යන්නේදැයි නිශ්චිතයක්ද නැත.
සොදුරු
පාසල් දිවියේ එක් දවසක ඔහුගේ නෙත් ඇගේ නෙත් හමුවුනා ය. පසුදින මේ අරුමය මා සමග
බෙදා ගත් ඔහු අපමන සතුටකින් මා හා දොඩමළු වූ අන්දම මට සිහිවිය. පාසල් වියේ පිළිසිද
තරුනවියේ ගබ්සාවු ඔහුගේ ආදරයේ සහ ප්‍රේමයේ වියෝ ගීතය මා කලක් අසා සිටියාය. මුල්
අවධියේ බලවත් කම්පාවට පත්ව සිටි ඔහුට ටික කලකින් ඒ කතාව අසන්නට මා මෙන්ම තවත්
අසන්නියක් සිටි බව මට තවත් දිනක ඔහු කීවාය. පාසල් වියේ උපන් ආදරය වසර ගනනාවකට පසු
ඒකාත්මීයවන්නට පෙර සිදී බිදී ගියත් ඒ විරහයේ කතාව බෙදා හදා ගත් අසන්නිය ඔහුට දශක
තුනකටත් වඩා කාලයක් තවමත් ඒකාත්මීව ආදරය කරන්නීය. ප්‍රේමකරන්නීය.
අප ඉදිරියෙන් සෙමින් ඇදෙන
අවමංගල්‍යය රථයේ ගමනට අනූරූපව සෙමින් මාද ඔහුද එකම මාවතක පියමනිමින් සිටියෙමි. මේ
ගමන කෙළවරවන්නේ සුසානයේ පිහිටි ආදාහනාගාරය අභියසින් බව දැන සිටියත් ඒ බවක් මා සිතට
නො අවාය. ඒ වෙනුවට මගේ සිත ඔහුගේ අතීතයට ඔහුත් සමග පියමැන්නාය. මා මෙන්ම ඔහුත්
සෙමින් සෙමින් ඒ අතීතයට පියමනින්න ඇතැයි මා සිතුවේ මගේ නිහඩතාවය ට ඉඩ දී ඔහු ගොළුව
සිටි යයි මගේ සිත කියන්න වු බැවින්ය.
අප සමග
අවමංගල්‍ය රථය තුල නිසලව මේ ගමන් කරන්නේ ඔහු සමග පාසල් වියේ සිට තුරුණු විය
දක්වා ගමන් කර ඔහු ඔසවා පොලොවේ ගසන ලද ඔහුගේ ආදරයයි. ඔහුගේ ප්‍රේමයයි.
ඔහු නිර්දය ලෙස දෝෂාභියෝගයකට
ලක් කර ඇය , ඇයට ඇය ප්‍රේම කරන බවත් ඇයට ඇය ආදරය කරන බවත් ඔහුට කීව බව මා
හා වේදනාවෙන් පවසා ඔහුට ආදරය කරන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ඈ මග පෙන්වු බව කියමින්
ඔහුගේ සිත සැහැල්ලු කර ගත් ඒ අතීත දවස මට සිහිපත් විය.
ආදරය සහ ප්‍රේමය අතහැර ඈ අපටත්
කලින් නිසල චාරිකාවක යෙදී සිටින විට අප ඈත් සමග අනිත්‍යවු සංසාර ගමනක පසු ගමන්
කරුවන් බවට පත්ව ඈ හා සුසානය කරා යන්නට මදක් පින් කර ඇති බව මා සිහිපත් කර ගත්තාය.
එහෙත් එය අසන්නට මා සමග පියමන් වන ඔහුට කන් නැත.
ඔහු තවමත් නිහඩය. දෙනෙත් කෙවෙනි
තුල උපන් කදුලක් දෙනෙත් තුලම වියකී යන්නට තතනන විට මා දැහන බිද “ අපි යමු” යැයි
ඔහුට යෝජනා කලාය. “වතාවත් එවරවෙලාම යමු.”ඔහු නිහඩතාවය සිද දැම්මේය. ඈ
ජීවත්වු සමාජය නවීකරනයව වැලදගත් සිරිත් විරිත් අකුරට යමින් දේහය ආදාහනාගාරයෙ
කවුළුවෙන් රිංගා දිදුලන්නට පටන්ගත්තාය. උස්වු කුලුණින් වලාවක් මිදෙන්නට විය.
ඔහුත් මාත් මගට පිවිසුනාය.
සුදුවැලි ඇතූරු මාවතක – සුදු කොඩි සැරසු දෙපසක – ගොක්කොල සැරසිලි මැද “මාද පෙර
ගමන් යන්නේ ?.යයි විමසු විට නෑ ..නෑ ..අපි දෙන්නාම” යයි කී
බවක් ඔහු මා සමග අතීතයේදී කියා ඇත. ආදරය ප්‍රේමය අධිතක්සේරුව මුලාවක් වු ඈ – මින්
බොහෝ කාලයකට පෙර ඔහු සුසානයකට තල්ලු කර වාසනාව සොයා ගියාය. ඔහු සුසානය තුලින්
යලිත් ජීවිතය සොයා ගත්තාය.
ඈත් ඔහුත් දෙමගක ගියත් කවදා හෝ
එක් මගකට පිවිසෙන බව එදා ඈ හට නොසිතෙන්නට ඇත.වාසනාව විසින් තවමත් ඔහුට ආදරය සහ ප්‍රේමය
ඉතිරි වී ඇති බවක් ඔහුට කියන්නට මගේ සිත කීවත් එය අසන්නට ඔහු සුවපත්වී නැති බව
ඔහුගේ දෙනෙත මට කීවාය.
රිය තුල ගොළුවු අප – ගලා ආ
අදුරත් රැගෙන ආපසු පැමිනෙමින් සිටියාය. මා නිවස අසල හැර දමා ගොළුවතින්ම විසිර
යන්නට ඉඩ දී ඔහුගේ රිය කවුළුව වැසීගියේය. මම දෑත වැනුවත් ඔහු ඒ බව ග්‍රහණය නොකල බව
මතේ සිත සටහන් කර ගත්තාය.
2011.07.25 දින ම විසින් කඩුල්ලට කල සටහනකි.
අද 2022 අගෝස්තු 14 දා.
ඔහු මට දෑත වනන්නේ නැතිවම මගෙන් සමු අරන්. දින දෙකකට කලින් අපි රෝගී මිතුරෙකු හට සුවපතන්නට ගොස් වෙන්ව ගියෙමු.නිවසට පැමිණ " මට මහන්සියි " කියා ඇලවුන ඔහු ගේ අවසන් වදන් පෙල වුයේය.ඔවු මිත්‍රයා දැන් අපිට මහන්සියි.




















