ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. |
සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.
(වේදනාදි චෛතසික) ධර්මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.
නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.
"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.
ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. |
නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ
කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය,
ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මරණ
දඩුවම නියම කලේය.
දඩුවම් නියම කිරීමෙන් පසුව ආපසු
කැදවු මොහොමඩ් කරීම් හට නැපෝලියන් ජීවිතය ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.
“ධෛර්යයෙන් හා ශක්තියෙන් ඔබේ රට ආරක්ෂා කළ මිනිසෙකු ඝාතනය කිරීමට නියම
කිරීම ගැන මට කණගාටුයි. එසේ සිදු කිරීමෙන්
මම ඔවුන්ගේ මව්බිම ආරක්ෂා කරන වීරයන් ඝාතනය කල බවට ඉතිහාස
ගත වීමට මට අවශ්‍ය නැත ”
“ඔබ මගේ සොල්දාදුවන් ඝාතනය කිරීම සඳහා වන්දි ගෙවීමක්
ලෙස රන් කාසි දසදහසක් ගෙවන්නේ නම් මම ඔබට සමාව දෙන්නෙමි”.
“මට මේ
අවස්ථාවේ ප්‍රමාණවත් තරම් මුදල් නැත, නමුත් රන්
කාසි ලක්ෂයකට වඩා වත්කම් ඇති වෙළෙන්දන්ගෙන් මට ණයක් තිබේ.” යයි මොහොමඩ් කරීම් නැපෝලියන්ට කීවේය.
“එසේ නම් ඔබේ මුදල් එකතු කිරීමට මම ඔබට කාලය ලබා දෙන්නෙමි. යයි නැපෝලියන්
ඔහුට අවස්ථාව ලබා දුන්නේය. සිරකරුවෙකු වු මොහොමඩ්
කරීම් විලංගුවලින් බැඳ සොල්දාදුවන් විසින් වෙළදපල වෙත කැදවා ගෙන ගියේය. රන් කාසි
දස දහසක් එකතු කර ගැනීමට කරීම් වෙලෙන්දන් එකිනෙකා හමුවෙමින් ඔහුට නැපෝලියන් ගෙවීමට
නියෝග කල වන්දි මුදල සදහන් කරමින් ආධාර පැතීය.
කරීම් විසින් උදව් උපකාර ලබා ගත්
කිසිදු වෙලෙන්දෙක් ඔහුට යහපත් ප්‍රතිචාර නොදැක්වු අතර ඔහුට විවිධවු චෝදනා කරනු
ලැබීය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආර්ථික තත්වය පිරීහිමට කරීම් ගේ ප්‍රතිපත්ති හේතුවු බව
වෙලෙන්දන්ගේ මතය විය. කරීම්ගේ ක්‍රියාවන් නිසා වෙලෙන්දන්ගේ ව්‍යාපාර විනාශයට පත්වු බවට අවලාද නැගීය. කළකිරීමටත්
අපේක්ෂා භංගත්වයටත් පත් කරීම් අවසානයේදී එක් රන් කාසියකුදු නොලබා නැපෝලියන් හමුවට පමුනුවනු ලැබීය.
“ ඔබ අපට විරුද්ධ වී අපේ සොල්දාදුවන් ඝාතනය කළ මට කනගාටු නැත . එහෙත් ඔබේ මව්බිමේ නිදහසේ වෙළඳාමේ යෙදෙන බියගුලු මිනිසුන් වෙනුවෙන් සටන් කර ඔබ ඔබේ ජීවිතය අනතුරට පත් කරගැනීම නිසා මට කනගාටු යැයි ” නැපෝලියන් පවසා ඇත.
එයා ගමන් බිමන් යන්න භාවිතා කලේ බූරුවෙක්. නස්රුදීන්ගේ හැම කතාවකම මේ බූරු චරිතෙත් තනියට ඉන්නවා. නස්රුදීන් සංචාරකයෙක්. එක එක කාලෙට එක එක තැන පදිංචි වෙලා හිටිය බව කතා කියවන විට හැගෙන දෙයක්. මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .
නස්රුදීන් නත්තල් සමරන කෙනෙක් නෙමෙයිනේ. නත්තල නැති නස්රුදීන් ජනවාරි පලවෙනිදා අළුත් අවුරුද්දත් සමරන්නේ නැහැනේ ඒත් අල්ලපු ගෙදර උදවියටත් ගමේ බොහොමයකටත් ජයටම මේ උත්සව දෙකම තියෙනවා. ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන අය පරණඇදුම් පැළදුම් වල ඉදන් ගෘහ භාණ්ඩ පවා වෙනස් කරලා ගෙවල් තීන්ත ගාලා පොලොව මැදලා හැඩ වැඩ කරනවා.
නස්රුදීන් නානාට නෝනාලා තුන්දෙනයි. නෝනලා තුන් දෙනාම එක පයින්ම අල්ලපු ගෙදර අනුගමනය කරන්න ඕන කියලා එක යුද්ධයයි. නස්රුදීන්ගේ මොලේ මඥ්ඥං වෙලා පිස්සු වගෙයි. එක පිස්සුවක්ය , හිතා ගන්න පුළුවන්නේ නස්රුදීන්ට “පිස්සු ට්‍රිබල්” වෙන විත්තිය.
නසුරුදීන්ට අවුරදු නැතිවුනත් නෝනාලා තුන්දෙනට ඇහුම් කන් දෙන්න
සිද්ධවුනා. ගෙදර තිබුන පාරම්පරික ගෘහ භාණ්ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ
භාණ්ඩ ගෙනත් නවීන පන්නයටම තියන්න නස්රුදීන්ට සිද්ධ වුනා. .
නස්රුදීනුත් ගෙදර තිබුණ පැරැණි
ගෘහ භාණ්ඩ බුරු ගරාජයේ පැත්තකට දාලා නව පන්නයේ ගෟහ භාණ්ඩ ගෙදරට ගෙනාව. පහසු ගෙවීමේ ක්‍රමයට.
නස්රුදීන් අළුත් ගෘහ භාණ්ඩ ගෙනාවා කියලා ආරංචි වුණා විතරයි සිද්ධවෙන්න ඕන විදියටම
ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට
බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්රහ ඉදිරිපත් කරන්න පටන්
ගත්තා. නස්රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන
හිටියා.
අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. ඒත් එක්කම අසල්වාසී නවුෆරුත් ගොඩවුනා. “හා නස්රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හොදයි. ඒ වුණාට මේව තියල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. කමුර් කිව්වා. මේක අහගෙන හිටපු නවුපර් ඌණ පූරණයක් කලා “මේ පුටු සෙට් එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ”.
කෙලවරක් නැහැ. තව තව අය එනවා. ඉමිටියාස් ෆවුසිත් එක්ක ආවේ ඉමිටියාස්ගේ
බුරුවත් එක්ක.”මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල
තියෙන විදියට” ඒ ෆවුසිගෙ අදහස. “තව
ස්ටුල් එකකුත් තිබුනන් හොදයි “ඉමිටියාස්ගෙ අදහස.
මේ අතරේ නස්රුදීන්ගේ නෝනාලා තුන්දෙනා බරපතල වාදෙක. අළුත ගෙනා
ඩබල් ඇද තියන්න ඔනී කාමරේ ගැන.දෙන්නගෙම අදහස තම තමන් ගේ කාමරවලට ඩබල් ඇද ගෙනියන්න.
නස්රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම
තමන්ගෙ කාමරයට බව. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්රුදීන්ගෙ
පරණ බිරිඳ උම්මා.බලෙන්ම කතාවට එල්ලෙන තුන්වන නෝනා ෆරීනා. “කණ්නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ……….? ” කියලා කණ්නාඩියෙන් තමන්ගෙ පිරිහෙන රූප සොබාව නරඹන ගමන් කීව්වා.
නස්රුදීන් හිතලා බැළුවා. බැලුවාම එක බඩුවට තියන්න ඔනී තැන් 10-12 ක් තියෙනවා. නස්රුදීන්ට කවුරුවත් තරහ කරගන්නත් හිතක් පහල වුනෙත් නැහැ. නස්රුදීන් හිතුවා කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න.
ඔන්න පසුවදාත් කට්ටිය එන්න පටන් ගත්තා.
නස්රුදීන්ට හරි කරදරයක්. එක එක්කෙනාට එකම පිළිතුර නේ දෙන්න තියෙන්න. කල්පනා කලා මේ ඔක්කොමටම එකවර පිලිතුරු දෙන්න .
පැය දෙක තුනක් මේ ගොල්ල වෙන වෙන කතා කිය කියා රදවගන්න නස්රුදීන්ට සැළසුම් කලා . මෙහෙම පැය දෙක තුනක්
යන කොට ඊයේ ආපු ඔක්කොම වගේ ගෙදරට රැස්වෙලා .
ඔක්කොටම
තියෙන්නේ එකම ප්රශ්නයයි.
ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක්
නැහැ. නිකම්ම හිස් කාමර. කට්ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික.
එකක්වත් පේන්න නැහැනේ. මොකද කළේ ?. ඊයේ තිබුන ලස්සන බඩු වලට ?.
නස්රුදීන් ඔක්කොම පිරිස එක තැනකට
රැස් කරලා මෙහෙම කිව්වා .”ගෙනාපු අළුත්
බඩු තියන්න මේ ගෙදර කොතනකවත් පිලිවෙලක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ”
. කියලා නස්රුදින්
කම්මුලට අත තියාගත්තා .
එහෙම කියලා “යමු පෙන්නන්න මම ඒව ලස්සනට අහුරලා තිබ්බා’”. කියලා මිදුල මැදින් ගේ පිටුපසට කණ්ඩායමම එක්කරගෙන ගියා.
එක්කරගෙන ගිහින් දර මඩුව පෙන්නුවා.
අනේ ඉතින් අද තේ එකක්වක්
දෙන්න විදියක් නැහැනේ !. කෙහෙවළු පටලවා ගෙන නෝනාලා තුන්දෙනත් ඒ ගොල්ලන්ගේ ගෙවල්
වලට ගිහිල්ලා කියලා අත්පුඩියකුත් ගහලා නස්රුදීන් හිනාවුනා.
අපි
අනුන්ගේ වැඩ වලට උපදෙස් දෙන්න යන්න හොද නෑ කියලා හිත හිතා තේ එකක්වත් නස්රුදීන්ගෙන්
නොලබාම ආපු අය ආපහු ගියා.
ඔන්න ඔහොම නස්රුදීන් බොහෝම
සැහැල්ළුවෙන් අළුත් අවුරුද්ද පටන් ගත්තා.නෝනාලා
තුන් දෙනත් එයාලගේ දෙමව්පියන් ලගට ගිහිල්ලානේ.
මීදුම බෞද්ධයෙකි. යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන්
තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මය අසන විමසන සිතන බෞද්ධයෙකි. බෞද්ධයෙකු විසින් කළ යුතු යතිවරුන් වෙත කරනු ලබන ගෞරවනීය බව සමහර යතිවරුන්
විසින් කෙලෙසා ගෙන ඇතැයි සිතන බෞද්ධයෙකි.
කාලයා විසින් සිත් තුල මේ වෙනස ඇති කරවා ඇත්තේ ද
යතිවරුන් විසින් මයයි මීදුම සිතයි.
කාලයක සිට අපේ හාමුදුරුවරු දේශපාලනය ගැන උනන්දුවක් දක්වයි. පාලනයට සහභාගි වෙති. අතීතයේ හාමුදුරුවරු පාලනයට සම්බන්ධ නොවී උපදේශන සැපයු බව අප ඉතිහාසයේ
සදහන් වෙයි. . එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට
ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය
කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව කරන විකාරය දැන් දැන් මීදුම දකින්නේ අප්‍රසන්න කටයුත්තක් ලෙසයි. අපේ හාමුදුරුවරුන්
විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා
ගුටි - බැට හුවමාරුවලට යති. ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම්
ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. නැත්නම් දිවි නසා ගන්නා බවට තර්ජනය
කරති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති. ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම්
හාමුදුරුවරුන්ගේ හැසිරීම සමාජයට හිසරදයකි.අප්‍රසන්න
වෙති.බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වීම නිසා එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි.
දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ
විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගෙන් ලැබෙන ගෞරවය ද
කෙළෙසී යයි.
“විනයො නාම ශාසනස්ස ආයු ! “
ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය
විනයයි. එසේ හෙයින් ශාසනයේ ආයුකාලය පවතින්නේ විනයෙ පැවත්ම මතයයි බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි.
විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි.
ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයෝ
වෙති. ඔවුන්ගේ ජීවනය බෞද්ධාගම හා බැදි සිටී. පන්සල ඔවුන්ගේ ජීවිතයට මග පෙන්වන ආයතනයයි.
පන්සලත් ශාසනයත් දෙකක් නොවේ. ශාසනය
බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.
“සබ්බ
දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා”
“ මම සියලු දුක් කරදර නිමාකොට
නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි. යන්න පිලිගෙන මහනකමට පත්වන
හාමුදුරුවරුන් හට ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ තිබිය හැකිද ?. එතුමන් අපත් සසරින්
එතෙර කිරීමට මග පෙන්වා එතුමන්ලාත් සසරින් එතරවීමට වීර්ය දැරිය යුතුයැයි මීදුම
සිතයි.
එහෙත් වෙන්නනේ උඩුගං බලා යාමකි. බලය සොයමින් යති. වීර වරුන් වීමට වලි
කති,ප්‍රසිද්ධිය වැළද ගනී. යාන වාහන වස්තු දේපල රැස්කරයි.
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා
රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට
කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට
අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත්
සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික
විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.
පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය
විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.
දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය
විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය.
එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ
සඳහන් ය.
කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක්
සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි
බෞද්ධයන් දක්වන ගෞරවය යි.
භික්ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය
නොලැබීයයි. එවිට ශාසනයේ පැවත්ම විනාශවේ. සංඝරත්නය දේශපාලනය පසෙක තබා
ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව බොදවන්නේ
කනගාටුවට පත්කරවමිනි.
ඩෙල්ෆ් දූපතේ පාසලක් |
එකමත් එක කාලෙක මේ
රටේ හිටපු පුංචි එවුවො
සුදු සපත්තු ,මේස් දාල
ජැන්ඩි පහට සුදු ඇඳගෙන
පොත් බෑග් එකත් අරගෙන
ගියාලු ඉස්කෝලේ ..
යාළු මාළු එකතු කරන්
ස්කූල් බස් එකේ නැගල
හිනා කවට උතුර උතුර
සීත සුළං ඇඟ දවටන්
ගියාලු ඉස්කෝලේ ...
අරලිය ගස් සුවඳ දිදී
මල් පාත්ති හිනාවෙවී
සුදු වැලි උඩ සිත්තම් ඇඳ
බුදු ගෙට වැඳලා හෙමිහිට
ගියාලු ඉස්කෝලේ .
එසෙම්බ්ලියෙ දි කවි කියන්න
කතා කියල ,රඟපාන්න
තාලෙට බෙර;
උඩ පැන පැන
හනුමා වන්නම නටන්න
පන්තියෙ හොඳ ළමය වෙලා
අප්පුඩි මැද තෑගී ගන්න
ගියාලු ඉස්කෝලේ .
මල් ,මල් සාරිය පටලා
මුතු දෙපොටක් කරේ දමා
සාරිපොටෙන් දරුවො ඔතපු
ගුරු අම්මල ලඟ ඉඳගෙන
වටවී කවි ගී අහන්න...
අඩුකරන්න;බෙදාගන්න ...
ගුණ දහමින් ලොවදිනන්න
කොට තාප්පයෙන් පැනලා
ග්‍රවුන්ඩ් එකේ බැට් ගහන්න ,,,
හයේ පාරවල් දීලා
ලැබ් එකෙ වීදුරු බිඳින්න
ගියාලු ඉස්කෝලේ .
වෙරළු ,පේර ,ජම්බු පොකුරු
අතින් අතට මාරුකරන් ...
ඉටි ගෝනුස්සන් දවටා
ගෑණු ළමයි මැදට දාල ...
ටීචර් ගෙන් තැළුම් කන්න
ගියාලු ඉස්කෝලේ.
අන්තිම සීනුව ආවම
පුංචි උපාසකයො වගේ
“යෝ වද ,තං
පව රො” ...කියල
කවට මූණු ඉඟි බිඟි මැද
“ආයුබොවන් ටීචර්” කියල
ආදරයෙන් ,ඉගෙනගන්න
ගියාලු ඉස්කෝලේ .
ඉස්සර එහෙමයි කියලා
අප්පච්චී මට කිව්වට
මවා ගන්නෙ කොහොමද මං
ගියෙ නෑනේ ....ඉස්කෝලේ !.
- නැගණියකවු
රෝහිණි සිසිප්‍රිය ගේ මුණු පොතේ පලවු ගී පදවැල මීදුම සිත් ගත්තා.
- අද අපි තනිවෙමින් ඉන්නවා.ඉස්කෝලේ අවුරුදු තුනකටත් වැඩි කාලයක් වහලා.දරුවන්ට ඉස්කෝලේ මතක නැතිවෙමින් යනවා. අපිව තාක්ෂණය විසින් දවසින් දවස සමාජයේ තනි කරමින් ඉදිරියට යනවා.අපේ දරුවන්ටත් ඒ ආනිශංශ වඩාත් වේගයෙන් ලැබෙමින් පවතිනවා. පුංචි පරපුර තාක්ෂණය වහාම ග්‍රහණය කර ගන්නවා.
- සෞන්දර්යාත්මක
ඇසකින් ඈ දුටුවේ ඒ අභාග්‍යසම්පන්න අනාගතයි.
- මේ සීග්‍රයෙන් වෙනස් වෙන කාලයේ ඉස්කෝලය පෞරාණික ගොඩනැගිල්ලක් බවට පත්වේවි.
- "" ඉස්සර
එහෙමයි කියලා
-
අප්පච්චී
මට කිව්වට
-
මවා
ගන්නෙ කොහොමද මං
- ගියෙ නෑනේ ....ඉස්කෝලේ !."
කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම.... (ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි) සාහිත්‍ය ගුරුතුමා : - කිසි අදහසක් නොදිටිමි දෙන ප...
මම ජීවිතය සැදෑසමයේ.
සැදෑ සමය මට හිතෙන්නෙ කන්දක් උඩට නැග්ගා වගෙයි.
කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්.
සුන්දර මෙන්ම අසුන්දර දේ මේ අතර තියෙනවා.
ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට මේ සියල්ල සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
අපි බලමු........ වියමන් තුල ඒවා දියවෙන්න පුළුවන් සමහර විට .
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. මේ දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .
කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .
නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .
වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු “මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .
රෝ.සි.
2024.09 .02.මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි.
එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.
කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය
..ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.