ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2014-07-10

ආදරයට දේශ සීමා , ජාති බේද නෑ



මොකද මහත්තයා අව්වට වෙලා? පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ් පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා මට හිතුනා.

සාජන්ට් මහත්තයා කුකුලත් කිහිල්ලේ ගහගෙනම ..............?. මම පාන්දරින්ම ආපු කාරනේ ගොඩ ගන්න ප්‍රශ්නයක් ඇහුවා
මහත්තයා...................................... අපේ ලොකු මහත්තෙක් එනවා. අපි ඔබතුමා ගෙන් එතුමාට නවාතැන් බලාපොරොත්තු වෙනවා. මේවා ඉතින් පොලිස් පොඩ්ඩන්ට අයිති රාජකාරිනේ .
රාජකාරි දුක්ගැනවිල්ලකුත් අමුනන ගමන් මාතෘකාවට බහින සාජ් අපිට බිලක් දානවා.

ව්‍යාපාරික සිතිවිල්ල දිය කර අරින මම අන්‍යනෝන්‍ය සහයෝගය සිහිපත් කරලා නවාතැන් පහසුකම් වෙන් කරන්න එකග වෙනවා.

සාජ්ට ආපහු රාජකාරියට යන්න ඒ තරම් හදිස්සියක් නැහැ වගේ . ලොකු මහත්තෙකුගේ පහසුකම් සපයන්න නේ ඇවිත් තියෙන්නේ . පාන්දර නිසා මම තේ එකක් බොන්න ආරධනා කරනවා. දෙන්නාත් එක්ක තේ බොන අතර අවුරුදු දෙක තුනකට ඉස්සර පරණ සිද්ධියක්. සාජ්ට මතක් වෙනවා
මහත්තයට මතකද අර බදුල්ලේ ‍ජෝඩුවකට කාමරයක් දීලා ඔළුවට කඩාගත්ත මරාලේ ?. අපොයි ඔව්.
සර්වන්ට් ගර්ල් කෙනෙක් ගෙදර එක්කර ගෙන යන කොට ....................
ආන්න හරි.
සාජන්ට් මහත්තයා අතීත සිදුවීම තහවුරු කරනවා.
මතක තිබුනට විතරක් බැහැනේ සාජන්ට් මහත්තයාට මතක තියෙන විදියට කතාව අළුත් කරමුකෝ මම යෝජනා කරනවා.
කාරයක් වාහන අංගනයේ නතර කරලා පිලිගැණිමේ කවුන්ටරයට ජෝඩුවක් එනවා. නවාතැන් පහසුකම් ඉල්ලා ගෙන .
පිලිගැණිමේ කවුන්ටරයේ හිටියේ ගුණපාල හැදුනුම් පත් දෙක ඉල්ලා ගෙන, අමුත්තන්ගේ පොතේ අත්සන අරගෙන නවාතැන් පහසුකම් සලස්සනවා. එයා අවධාණය යොමු කරලා තිබුනේ ජෝඩුවගේ වයස ගැන විතරයි.
මහත්තයා සිංහල - නෝනා වතු ද්‍රවිඩ !.
කිසියම් සැකයක් මේ විශේෂත්‍වය ගැන ඇතිවන ගුණපාල හැදුනුම් පත් දෙක මට යොමු කරනවා.
ආදරයට දේශ සීමා , ජාති බේද නෑනේ ගුනේ ............................මේකත් ජනවාර්ගික ප්‍රශ්ණයට හොද විසදුමක් ..........සැහැල්ලු උත්තරයකින් සනසලා හැදුනුම් පත් දෙක යලිත් ගුණපාල අතට දෙනවා.
පැයක්විතර ගතවෙන්න ඇති කාමරේ බාර අසේල දුවගෙන එනවා.
හරි වැඩේ නේ මහත්තයා ....... අර කාමරේ ඉන්න නෝනා දොර ගාවට වෙලා විලාප දෙනවා මොන ලෙඩක්ද දන්නේ නෑ...............මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ . අසේල කියනවා.
කාමරේ ලගට ගිය මම මහත්තයා ගැන විපරම් කරනවා. මහත්තයා කාමරයෙන් බැහැර වෙලා උද්‍යානයේ ටිකක් ඈතට ගිහින් එහාට මෙහාට සක්මන් කරනවා. එකක් හැරෙන්න තව එකක් සිගරට් දල්වනවා.
අසේල මේක ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති . ඒ ගොල්ල විසදා ගනියි. අපි මොනාවටද ඇගිලි ගහන්නේ ?
නෑ නෑ මහත්තයා මේක එහෙම එකක් නම් නෙවෙයි . මට නම් ෂුවර් මේක නම් එහෙම එකක් නම් නෙවෙයි අසේලගේ ඉව වචනයට නගනවා.
හරි අපි එහෙනම් කතා කරලා බලමු.
මම කාමරය දොර ලග ඉකි බිදින නෝනා හා කතා කරන්න එකග වෙනවා.
නෝනා ගේ කතාව මේ වගේ එකක්.
ඈ මේ මහත්තයාගේ ගෙදර අත් උදව්වට කොළඹ එක්කර ගෙන යනවා ඒ යන ගමන් තේ එකක් බොන්න හෝටලයට යමු කියලා ගොඩ වෙනවා.
ඉන් පස්සේ මහත්තයා යෝජනා කරලා හවස් වුන නිසා වාහනේ දුර පදවන්න අකමැතියි අපි මෙහෙ නතර වෙලා උදේ යමු කියලා.

වෙලාව පස්වරු අටට ඇති.
මම තීරණයක් ගත යුතුයි අසරන‍ වෙලා ඉන්න මේ යුවතිය ගැන.
කාර්යාලයට ගිය මම සාජ් කැදවලා පණිවිඩයක් දෙනවා. හරි මහත්තයා විනාඩි දහයෙන් මම එනවා. මට හිතට අස්වැසිල්ලක් සපයනවා. කාන්තා පොලිස් නිළදාරිණියක් එක්ක එන සාජ්ට ප්‍රශ්නේ බාර දීලා මම අහගෙන ඉන්නවා.
මගේ වාසනාවට සාජ් එනතුරුත් මහත්තයා උද්‍යාන කෙලවරක එහාට මෙහාට සක්මන් කරනවා.
සාජ් මහත්තයා කැදවාගෙන විත් ප්‍රශ්න කරනවා. මහත්තයා එකග වෙනවා වැරද්දක් කරන්න සැලසුම් කලා කියලා . යුවතිය සියල්ල වමාරා තමන්ට හිරිහැරයක් නොවු බව තහවුරු කරනවා. ඈ රැකවරණයක් ඇති බව දැනී සැනසුම් සුසුමක් හෙලනවා.

දැන් සාජ්ගේ නීතිය හා මනුෂ්‍යත්‍වය දෙපැත්තට දෝලනය වනවා.

මහත්තයා අත් අත්අඩංගුවට පත්කර අධිකරණයට ඉදිරිපත් කලොත් දෙදරු මවක් සහ පියෙකුගේ අනාගතය ? විමසිල්ලට ලක්වෙනවා.
යුවතිය තම ආරක්‍ෂාව සැලසුන බැවින් මේ සිද්ධිය අමතක කිරීමට එකග වෙනවා.

දැන් වෙලාව පස්වරු දහයට ඇති.
අපේ දෛණික සේවා අවසන් කරන සේවක මහත්වරු විදුලි පහන් විසංදි කරගෙන ඇවිත් අපි රැදී ඉන්නා කොටස පමනක් ඉතිරි කරගෙන බලා ඉන්නවා. උදේ ඉදන් බැදි බැමි වලින් නිදහස් වෙලා දවසේ විඩාව නිමා ලන්න.
සාජ් මට ප්‍රශ්ණයක් ඉතිරි කරලා ?
මේ යුවතියගේ නවාතැන් පහසුකම් හෙට උදේ වනතුරු සැපයීම පිලිබදව. දැනටමත් ඇගේ පියා හා ඈ සම්බන්‍ධ වෙලා පසුදා උදේ කැදවා ගෙන යාමට පැමිණෙන බවට.
අපේ බිල්පත් පියවා දැමු හදිසියේ ප්‍රේමයක් හට ගත් මහත්මයාව සාජ් පොලිසියට කැදවා ගෙන ගියේ එතුමගේම වාහනයෙන්.පොලිස් වාහනය ආරක්‍ෂාව ට වගේ පිටුපසින් යනවා. මම ආලින්දයේ ඉදන් බලා හිටියා.
නීතියත් මනුෂ්‍යත්‍වයත් දෙකම බේරා ගන්න සාජ් උනන්දු වෙන්න ඇති.

notes of imaginary

2014-07-01

ලන්ච් ටයිම් කතාවක්.



විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා .ඒ නිසා දැන් මම විශ්‍රාමිකයෙක් නෙමෙයි. දැන් මගේ පැරණි සේවාදායකයෝ එක්කෙනා දෙන්නා නැවත මුණ ගැහෙන්න පටන් අරන් . පලමු දිනදීම හමුවුන සේවාදායකයෙක් මට දීලා තියෙන්නේ බාල්දියක්. ඒකෙන් මට වුනේ හොදට නාගන්න. සාජන්ට් මහත්තය (සාජ් ) දැන් මට නිතර නිතර හමුවෙන එක්කෙනෙක්.

සමහර විවේක කාලයේදී එයාගේ කතාවලට ඇහුම්කන් දෙන එකත් පුරුද්දක් වෙලා. ඒකට එක් හේතුවක් වෙන්නේ සාජ් පැමිනෙන “ ලන්ච් ටයිම් “ එක බොහෝ වෙලාවල් ම‍ටත් ටිකක් විවේක වෙලාවක්. සාජ් එක එක කතා කියනවා.
ඊයෙත් අදත් කතා දෙක ගම්මිරිස් හොරු තුන්දෙනෙක් අල්ලා ගත්ත හැටිත්. අනවසර මත්පැන් වැටලීමක් ගැනත් ඒ ගමන් කීවා.

අනවසර මත්පැන් වැටලීම් සුරා බදු දෙපාර්තමේන්තුවත් කරනවා. පොලිසියත් කරනවා. ආයාතන කාර්ය මණ්ඩල වෙනස් වීමත් සමගම කරන මේ වැටලීම් මාසයක් දෙකක් යන කොට අධිකරණ දඩ වෙනුවට මාස්පතා බදු මුදල් ගෙවීමක් බවට පත්වෙලා සාමාන්‍යකයකරණය වෙනවා. දෙපාර්ශවය හදුනා ගත්තම වැටලීම් ඕන වෙන්නේ නෑ. අනවසර මත්පැන් ස්කාගාර වලටත් තම නිෂ්පාදන අවහිරයකින් තොරව නිෂ්පාදනය කරගෙන යා හැකි තත්වයක් ඇතිවනවා. මේ දෙගොල්ල ගැනම මට අවබෝධයක් තිබෙන නිසා අමුත්තක් ඇති වික්‍රමයක් නැහැ.

මේ දිනවල ගම්මිරිස් වෙළදපලේ කිලොව රු 1180/= විතරත් අමු ගම්මිරිස් කිලෝව රු. 360/= විතර තොග වෙළද පලේ අලවි වෙනවා. ඉතින් අමු ගම්මිරිස් වතුවලින් හොරෙන් නෙලා ගැණීමත් පලදායි කාර්යයක්. සාජ්ගේ පොලිස් පොතේ සටහන් වෙනවා හොරෙන් ගම්මිරිස් නෙලා ගෙන ගියා කියන පැමිණිලි කිහිපයක්. කතාව ආරම්භ වන්නේ එහෙමයි.

අද කෑම විවේකයට පොඩ්ඩක් රත්වෙලා යන්න හුටු හුටු දඩුකජ්ජට නගින සාජ්ට මෙට්ට විකුණන්න යන බට්ටෙක් ( කුඩා ලොරියක් ) මුණ ගැහෙනවා . අහම්බෙන් මුණ ගැහෙන බට්ට ලොරිය පරීක්ෂා කරන්න ඕනි කියලා සාජ්ජට අදහසක් පහලවෙනවා. සාජ් කෑමට පෙර එන කාරෙනටත් පොඩි වියදමක් යනවනේ.

සාජ්ට අමු ගම්මිරිස් ගෝණි කිහිපයක් මෙට්ට ලොරිය තුලදී හමුවෙනවා. පොලිස් පොතේ තියෙන පැමිණිලි කිහිපයත් මතකයට එනවා. ‍ලොරියේ හිටපු තුන් දෙනා පොලිස් භාරයට අරගෙන සාජ් බට්ටා ලොරිය පොලිසියට ගෙනියනවා. සාජ්ගේ අරමුන කෑමට පෙර රාජකාරිය නිම කරන්න. දෙපැත්තෙන් කොයිපැත්තකින් හරි සාජ් ගොඩ යනවා කියලා දන්නවා.
පැමිණිලි දාලා හිටපු ‍කිහිපදෙනා කැන්දා ගෙන එන්න වහාම රාජකාරි ගමනක් පිටත් වුන සාජ් මුණ ගැහෙන්නේ පැමිණිලි කාරයනුත් සමග පොලිසියට යන අතරමගදී පැමිණිලිකාරයෝ කෑමට ගන්න ගමන්.

නිවසියන් හට මෙට්ට විකුනන්න කතා කරලා අලවි කරගන්න කැමැත්ත ගන්න බැරිවුනාට වත්ත පිටිය ගැන ඔත්තු බලලා දෙන්නෙක් එක්ක ගම්මිරිස් වත්තට බැහැලා ගම්මිරිස් නෙලා ගෙන ලොරියේ බෑග් පුරවගෙන .මේ විධියට වතු කිහිපයක හොරට ගම්මිරිස් නෙලලා. අන්තිමට පොලිසියේදී පැමිණිලිකාරයෝ හොරු අදුනා ගෙන. මේ මේට්ට විකුනන්න තමන්ගේ ගෙවල් වලට ගිය තුන් දෙනානේ ! ගම්මිරිස් නෙලා ගෙනත් තියෙන්නෙත් කියලා .

අන්තිමේදී ගම්මිරිස් බට්ටයි අර තුන්දෙනාටයි අධිකරනයට යන්න වුනා කියලා.සාජ් වාර්තා කලා.


 notes of imaginary

2014-06-28

හේරත්හාමිට බණක් .



සාජන්ට් මහත්තයා. අපේ පොලිසියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මොකක්දෝ හේතුවකට එතුමා පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන්නෙත් නැහැ. සාජන්ට් මහත්තයා වැයික්කියේ ඉන්න හැම දෙනාගෙම පැටිකිරිය දන්නවා. වාසගමත් එක්ක නමත් කියලා පවුලේ ඉන්න සාමාජිකයෝ ගානත් කියයි මතකයෙන්. එතුමා මට පසුගිය දවස් ටිකේ කෑම විවේකයේදී නැත්නම් ඕෆ් වෙලා යන ගමන් දිනපතාම වගේ මුණ ගැහුනා.මේ හැම දවසේම එතුමාට කියන්න කතාවක් තිබුනා.
මටත් හූ මිටිතිත තිය අහගෙන ඉන්න විවේකයකුත් තිබුනා.
බියර් බෝතලෙකුත් අති විශේෂ මිමි 200කුත් හිස්කර.න ගමන් කතාවට වැටෙන සාජන්ට් මහත්තයා ඒ ටික හිස්කරගත්ත ගමන්ම හුටු හුටු දඩු කජ්ජට නැගලා යන්නම් .............මහත්තයා කියලා වාෂ්ප වෙනවා.
ඊට පස්සේ මම සාජන්ට් මහත්තයාගේ කතා අවර්ජනය කරන්න පටන් ගන්නවා.


මේ දවස් වල හාමුදුරු හුට පට. මාදුළුවාවේ ලොකු හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවරණයට එනවා. හාමුදුරුවෝ හිතන්නේ සිංහල බෞද්ධ ඡණ්ද එයාට ලැබෙයි කියපා වෙන්න ඇති. සේනා වල හාමුදුරුවරු පාරම්බානවා. තමන්ටම ගහ ගන්නවා. කරු මහත්තයාත් ඒ ගොල්ල කරන වැඩ සංඝාධිකරනයකින් මිසක් ඔය ගිහි අධිකරණ වලට යොමු කරන්න එපා කියනවා.
මට මතක් වෙනවා බණ්ඩාරණායක නඩුව නම් විසදුවේ ගිහි අධිකරණයක. සෝමාරාමට මරණ දඩුවම ලැබුනෙත් බුද්ධරක්ඛිත හිර ගෙට ගියෙත් සංඝාධිකරණයකින් නෙමෙයි කියලා සිහිපත් වුනාම වයසට යන කොට කියන කතා ගැන අපි කලබල වෙන්නේ නෑ කියලා කරු මහත්තයට කියන්න හිතෙනවා.
මේ පුර්විකාව මතක් වුනේ සාජන්ට් මහත්තයාගේ බණ කතාවක් අහලා.
හේරත්හාමි උපාසක මහත්තයා කට්ට කෛරාටි‍කයෙක්. පන්සල පැත්තේ යන්නේ කලාතුරකින්. දවසක් බණක් දවසේ පන්සලට ගිය හේරත්හාමිව “ අද කාලෙකට පස්සේ උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ වාඩි වෙමුකො මං ලගින්ම ” බණ පටන් ගන්න කොට හාමුදුරුවෝ ලගට කතා කර ගෙන වාඩි කර ගන්නවා.
හාමුදුරුවෝ බණ පටන් ගන්නවා .
හේරත්හාමි උපාසක මහත්තයා එහෙයි කියනවා. හාමුදුරුවෝ කැමති ඒකටනේ !.
හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.
එහෙමයි හාමුදුරුවනේ ! එහෙමයි හාමුදුරුවනේ !!!, යටගිය දවස කියන්නේ මොකක්ද හාමුදුරුවනේ ?
හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ - හුගාක් ඈත අතීතයේ
ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේ තරමද ?
හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.
හේරත්හාමි උපාසක මහත්තයාගේ ප්‍රශ්න වලට හාමුදුරුවන්ගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න වෙනවා. ඒත් මොනවා කරන්නද ? දැළි පිහිය දුන්නේ හාමුදුරුවෝමයිනේ.
හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් ගැන මන් මේ කියන්නේ.
හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?
හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. මම කියනදේ අහන එකයි.
ඔච්චර විස්තර දැන ගන්න ඕන නෑ. මේ බණට
මං අහල තියෙනවා හාමුදුරුවනේ හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමයි පටන් ගන්නේ . මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද? කියලයි.
මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .
හාමුදුරුවෝ හේරත්හාමි ගැන අවධානය යොමු කරන්නේ නැතිව දේශනාව කරනවා. මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.
මගේ බුදු අම්මෝ !
හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක් පත්තෑයෙක්වත් කැවද ?
නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි රජවරුන්ට .
හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ
හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.
මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේද කොහේද තියෙන්නේ ?
එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...
දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පරිස්සම් කරගත්තද ?
වෙන වැඩ තිබුනේ නැතිවටද ?.
ඇයි හාමුදුරුවනේ උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට වෙලාව තිබුනද?
හාමුදුරුවනේ ! .
ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට තවත් වේලා තිබුනද රට පාලනය කරන්න? හේරත්හාමිට ප්‍රශ්න වැලයි.
හාමුදුරුවෝ රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.
කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල ?
හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.
අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?
හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .
එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගෑනු. හාමුදුරුවනේ - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල. ? ඒක සාධාරනද ?
හාමුදුරුවෝ - දැන් අපි බණ....................................
හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?
හාමුදුරුවෝ - මම වතාවක් කිව්වනේ අපි දැන් බණ කතාව අහමු කියලා
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නෙමේ. මොකක්ද මේ කරන විකාරය ?
එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.
හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?
අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි වුනේ එහෙම නැද්ද ?.
හාමුදුරුවෝ රතු කට්ටටත් එහාට වැඩමෙව්වා...............
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?
එහෙයි හාමුදුරුවනේ. මම යන්නම්. මට ඔය බොරු වලින් වැඩක් නෑ..............
දැන් කාලේත් ඔය වේදිකා වල බණ කියන හාමුදුරුවෝ ඔක්කොම හිතන්නේ එහෙයි කිය කියා ඉන්න ඔනී කියලා. එත් කියන ඔක්කෝටම එහෙයි කියන අය නෑනේ මහත්තයෝ.
සාජන්ට් මහත්තයා යන්න පිටත් වෙන ගමන් මට කියනවා.

notes of imaginary

2014-06-27

සදකඩපහන THE HALF MOON STONE

අර්ධ වෘත්තාකාර ශෛලමය නිර්මාණයක් වූ සදකඩපහන පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල කර ඇති නිර්මාණයකි. වර්තමානයේ අප යොදන පාපිස්නක් ආකාරයට පිහිටුවා තිබෙන කලාත්මක නිර්මානය කර ඇත.
පුරාන ප්‍රභූ මාලිගාවන්ට පිවිසෙන ප්‍රධාන දොරටුවේ පාමුලද සදකඩ පහනක් සකස් කර තිබු බව සමහරක් මාලිගා නටබුන් අතර නිරීක්ෂණය කලහැකිය. සදකඩපහනක දෙපසින් මුරගල් දෙකක් සමග ආරක්‍ෂක බැම්මක්ද ඉදිකර ඇත.
සදකඩපහනක වැදගත් කම ඇත්තේ එහි නිර්මානත්මක තේමාව තුලය. අර්ධ වෘත්තය කොටස් පහකට වෘත්තාකාරව බෙදා ඇත.




1. පිටත සිට පලමු කවාකාරයේ පලා පෙති / ගිණිදැල් නෙලා ඇත.
2. දෙවෙනි කවාකාරයේ ඇත්,ගව,සිංහ,සහ අශ්ව යන සතුන් එකිනෙකා පරයමින් දිවයන ආකාරයක් නිරූපනය කරයි.
3. තුන්වන කවාකාරයේ ලිය වැලකි.
4. හතරවන කවාකාරයේ නෙළුම් කැකුලක් හොටින් ගත් හංසයින් පේලියකි.
5. අවසාන කුඩා අර්ධ වෘත්තාකාර කොටස පද්මයකින් ( නෙළුම් මලකින්) සම්පූර්නවේ.
මෙ අකාරයෙන් වෙන් වන කොටස් පහ නිරූපනය කරන අරුත ආචාර්ය සෙනරත් පරණවිතානයෝ දකින්නේ පහත ආකාරයටය.
1. ගිණිදැල් – තෘෂ්නාවෙන් දැල්වෙන බව .
2. සත්ව රූප – ජාති ජරා වයාධි ,මරණ .
3. ලිය වැල – තෘෂ්නාවෙන් වෙලි සිටීම.
4. හංස කැටයම – ඉහත කරුනු වලින් මිදී ශාන්තිය සොයා යාම.
5. පද්මය – පාරිශුද්ධවූ නිර්වාණය.
අනුරාධපුරයේ ථුපාරාමය,මහසෙන්මාලිගය,දළදාමැදුර,බිසෝමාළිගයසහ පොලොන්නරුවේ වටදාගෙය,වටදා ගෙය උතුරු දොරටුවේ ඇති සදකඩපහන අපට ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙන නිර්මානයෝ වෙති.




පොලොන්නරුවේ සදකඩපහන තුල හින්දු ආභාසය දක්නට ලැබෙන අතර ගොන් රූපය ඉවත් කර ඇත.ගවයා හින්දූන් ගේ පුජණිය සත්වයෙකු වු නිසා මෙසේ සිදුවන්නට ඇත.



notes of imaginary

2014-06-06

ප්‍රවාහණය.







notes of imaginary

2014-06-03

මේවත් ඉතින් අලකලංචි තමයි.




මේ සතියේ පලාමල්ල දිග අරින්න මාධ්‍ය  හෙඩිම් දෙකක් හොල්මන් කලා . එකක් පොදු අපේක්‍ෂකයා ගෙන් මාරු වුන  මෝදී සහ ශ්‍රී ලංකාව. අනික පොලිසිය.
මාසයක් විතර පොදු අපේක්‍ෂකයා කර ගහගෙන නටාපු මාධ්‍ය පසුගිය  සති අන්තය වන විට පොදු අපේක්‍ෂකයා බිම තියලා මෝදිත් සමග 13 වන ව්‍යවස්ථා සංශෝධනය කරට අරගෙන. මෝඩි..................මෝඩි කියලා ලියාපු පෑන දැන් ලියවෙන්නේ මෝදී කියලා ?. කවුරුන් හරි නියෝගයක්වත් දුන්නද ?  මෝඩි නෙමෙයි ඕයි............ මෝදි කියලා.
ආණ්ඩුක්‍රම සංශොධනයක් කරන්න ඔනී කියන කතා බහකුත් තියෙනවා. විංශ්ෂයෙන් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ධුරයක් ඇති කලයුතුයි කියන මතවාදය දැන් ආයෙත් කරළියට ඇවිත්. ඔය තනතුර නැති කරන්න අපි ජනාධිපතිවරු කී දෙනෙක් පත් කලාද ?. ධාර්මිෂ්ථ සමාජයක් බිහි කල ජේ.ආර් මහත්තයාගේ වත්තෙන් කපා ගත් උක් ගහ තාම හපනවා. ඒකේ රසේ දන්නේ හපන කෙනා විතරයි. අනිත් අයට පේන්නේ උක් දණ්ඩේ වට ප්‍රමාණයයි. දිගයි. ඕක කවදාවත් විසිකරන්නේ නෑ. මම ඇවිත් විසිකරනවා කියන උදවියත් හපන්න ගත්තම අත හරින්නේ නෑත.
අපි හීල්ළුවට වැඩක් නැහැ. උක් දඩු හපන අයට ඕන විදියට වැඩ කෙරෙයි.
පොලිසිය ගැන ලියන්න ගන්න කොටම මතක් වෙන්නේ අපේ පොලිස්පති තුමා. උන්නැහේ අපේගම් පලාතේ කෙනෙක්. කාලෙකින් හිතට හරියන පොලිස්පති කෙනෙක් දැක්කේ එතුමාගෙන්. හොද හොදටම වැඩි හින්දද කොහෙද එතුමාගේ පොලිසියට නින්දා අපහාස කරන අය නම් බොහෝම වැඩියි. ‍
මාර්ග නීතී සත පහකට ගනන් නොගෙන ගමන් බිමන් යන සත්‍ව කොට්ඨාශයක් ශ්‍රී ලංකාව නිජ බිම් කොට ඉන්නවා කියලා අපේ පොලිස්පතිතුමා එයාගේ පුංචි එවුන්ට කියලා දීලා නැහැ. මේ සත්‍ව කොට්ශය ඉන්නේ දඹානේ නෙමෙයි. දඹානේ ඇත්තො විනය ගරුකයි . ඒත් මේ සත්‍ව කොට්ඨාශයට විනයක් නැහැ. මේ ලගදී ( 01 දා වෙන්න ඔනී )  අධිවේගී මාර්ගයේ කොට්ටාව රථවාහන පොලිස් ඒකකයේ සේවය කරන රාළහාමි කෙනෙක් මේ සතෙකුට මාර්ග නීතී කියා දෙන්න ගිහින් දහ දුක් විදලා ගත්ත තමන්ගේ පුංචි නැනෝවත් ගිණි තියාගෙන රෝහ‍ලෙත් ලගින්න සිද්ධ වෙලා !.මේ අපරාධය කලේ කවුරුද කියලා  සටහන ලියන මේ මොහොත දක්වා හෙලි කරගන්න පොලිසියට බැරි වෙලා. සමහර විට හෙලි නොවන්නත් ඉඩ තියෙනවා.
වැරදුන දේ වැරදුනාවේ.
මීදුම පොලිස්පති තුමන්ට පොඩි පහේ යෝජනාවක් කරනවා. එතුමාත් දන්නේ නැත්නම් මේ සත්‍ව කොට්ඨාශය ගැන හදුනා ගන්න පුංචි හොඩුවවල් කීපයක් කියන්නම්. මේ ඇත්තෝ අපි වෙනුවෙන් බොහෝම දුක් මහන්සිවෙලා වැඩ රාජකාරි කරනවා. වෙලාවට කෑමක් බීමක් ගන්න තරම් ඉඩක් නැහැ.
 දිනපොතේ පිටු පෙරලලා බැළුවොත් විනාඩි දහයෙන් දහයට එපොයිමන්ට් . ( ඒත් ඒවා දිනපොතට විතරයි .) එක එපොයිමන්ට එකක් දොම්පේ තියෙන කොට අනික තියෙන්නේ ඒරොප්පේ. ඉතින් වාත වේගෙන් පස්ස ගිණිගත්ත බල්ලෝ වගේ එහාට මෙහාට දුවන්න සිද්ධ වෙනවා.  එතකොට කොහොමද අනිත් ගමනා ගමනයන්ට අවහිර නොවන විදියට හරියට නීතියට ගමනා ගමනය කරන්නේ ?.
මේ වගේ වෙලාවට අර පිස්තෝලයක් මානා ගෙන පාරදිගේ තමන්ගේ වරිගේ ( වංශෙ වෙනස් ) අයටම වෙඩි තියන්න දුවපු සත්‍වයා දිහා බලා හිටියා වගේ කටයුතු කරන්න පොලිස් පොඩ්ඩන්ට උපදෙස් දීම වැදගත් වෙනවා.


notes of imaginary

2014-05-27

ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ?

මේ දවස්වල දේශපාලන කතිතාව “ පොදු අපේක්‍ෂකයා ,ජනාධිපතිවරණය, සහ ඌව පලාත් සභා මැතිවරණය.
ඌවෙන් පස්සේ ජාතික මැතිවරණයක් තියෙනවා කියලා කාගෙත් කතා බහට ලක්වෙනවා. මොනවා කරන්නත් කේන්දර කාරයෝ නිවරදි මතයක් රාජ්‍ය පාලකයනට නිවේදනය කරන්න ඕණිනේ. අපේ රටේ පාලක නායක කාරකාදින් වගේම විපක්‍ෂයයි කියාගන්නා උදවියත් මහජනයාට වඩා විශ්වාශකරන්නේ කේන්දර කාරයෝනේ !.

 කේන්දර කාරයෝ තමයි මේ හැම එකටම තීරකයෝ වෙන්නේ.  ඡණ්දදායකයින්ගේ බඩගින්න නෙමෙයි.ඉහට වහලක් නැති එක නෙමෙයි. වතට ඇදුමක් නැති එක නෙමෙයි. 
දේශපාලන විචාරකයෝ කියලා කොටසක් ඉන්නවා . සති අන්ත සහ බදාදා වගේ දවස් වලට ජාතිකයයි කියාගන්න පත්‍රවල පිටු පුරවන.ඒයාලට තියෙන්නේ එක එක දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක. කිරල මැනලා විචාරකයක් කරනවාට වඩා අවිචාරයෙන් ලියන එක මෙයාලගේ කාර්යය. ඒවා කියවලා තීන්දු තීරන වලට එලඹෙන කොටස් ඔක්කොටම අංගොඩ ,මුල්ලේලේරියාව පැත්තටත්   ,පලාත් මහා රෝහල් වල විශේෂිත වාට්ටුවලටත් ගාල් වෙන්න සිද්ධ වෙනවා.
මේ ඊයේ පෙරේදා අපේ අසල් වාසියෙක් මගෙත් එක්ක මහත් තර්කයක. ඉන්දියාවේ මෝදි ජයග්‍රහණය කරලා කොන්ග්‍රස් එක  බැරි ගැහුනා වගේ ලංකාවෙත් මහින්ද මැදමූලනට පසුබස්සලා ‍රනිල් එනවා කියලා.

මම ඇහුවා ඉන්දියාවේ වගේ වාතාවරණයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවද ? කියලා. තාමත් එච්චරම දරුණුම නැහැ. කියලා උන්නැහේ කියනවා. එයාගේ කතාවට පදනම් වෙලා තිබුනේ “ උපුල් ජෝශප් ප්‍රනාන්දු” ගේ දේශපාලන විග්‍රහයක් . ආණ්ඩුවට කඩේ යන ඔය එක එක නම් වලින් ලියන උදවියගේ විග්‍රහත් ඒ වගේම තමයි. තාමත් ඒ ගොල්ල සිහින ලෝකවල පාවෙනවා.

මැතිවරණයක් තිබුනදාට ඒගොල්ල  මහපොලොවට කඩා වැටෙයි. අපි අහුලා ගන්න බලාගෙන ඉමු.
වෙඩි හඩ බෝම්බ පුපුරන නැතිවුනත් බඩ ගින්නට විසදුමක් නැහැ. රජයේ රැකියා නිවෙස්වලට ලැබුනත් ලැබෙන සොච්චම මාසේ විසි පස් වෙනිදා  ඉදන් ඊළග මාසේ දහවෙනිදා දක්වා  ගැණ ගන්න බැහැ.

අපේ අසල්වාසී සමාජවාදී සහෝදරයෙක් ඔච්චමට කියන්නේමේක සමාජවාදී රජයක්!.  ආදායම සම සමව  ජන සමාජයට බෙදා දීලා තියෙන්නේ ඔන්න ඔහොමතමයි කියලා !.දෙබීඩී ( එජාප + ශ්‍රීලනිප) ඡණ්දදායකයෙක්  කියන්නේ 2500 /= තියරි එකට යන්න කියලා. එතකොට බැලන්ස් වෙනවා විතරක් නෙමෙයි  ලැබෙන සොච්චම ඉතිරිත් වෙනවා කියලා.
2500 /= ප්‍රතිකාරයක් හැටියටත් භාවිතා කරණ වෛද්‍ය විශේෂඥයෙක් මටත් හමුවුනා අතුරු කතාවක් වුනත් මම ඒකත් කියන්නම්. මෙතෙක් කල් නොතිබුන මගේ එන්ජින් එක මාස දෙකකට ඉස්සෙල්ලා ෆුල් ඔප්ෂන් වෙලා. හෘද වස්තුවේ පුංචි වේදනාවක් ඇතිවෙලා හෘද රෝග විශේෂඥයෙක් හමුවුනා. එතුමා මට ඔෘෂධ නියම කරන ගමන් කිව්වේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හමුවෙලා 2500 /= ආහාර ලේඛණය ඉල්ලගෙන භාවිතා කරන්න ඒ  ගමන් අනුපානෙට “ හුලං බොන්න “ කියලා. අත්දුටුවයි සත්තයි ලෙඩ ඔක්කොම සනීප වෙනවා කියලා.

ආයෙත් ජනාධිපතිවරණය ගැන විචාරයට යොමුවෙමු. කවුරු දිනයිද කියලා. කවුරු දිනුවත් රටටත් රටවැසියාටත් යහපතක් නැත්නම් අනාගතේ ගැන හිත හිතා ඉන්නේ නැතිව ඕන දෙයක් වෙච්චාවේ කියලා ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන කට පියාගෙන ඉන්න එක තමා හොදම විචාරය කියලා සටහන් කරන ගමන් “ ඕන කුදයක් ගහගත්තම අපිට මොකද ? “ කියලා  සටහන හමාර කරනවා.




notes of imaginary

2014-05-14

මම කම්පා වෙමි !.


අද වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුරජානන් වහන්සේගේ උපත, බුද්ධත්‍වයට පත්වීම, සහ පිරිනිවන් පෑම සිහිපත් කර බෞද්ධයෝ වන අපි - අපේ පූජණියවු චින්තකයානන් ගුරුවරයානන් සිහිපත් කරන දිනය අදයි.වෙසක් සද සිසිලස බෙදමින් මෝදු වන විටම බක් මාසයේ කලබලකාරී අහස නිහඩ වෙයි. සාමකාමිවෙයි . ගහ කොල නලවන මද සුලගක් අපේ ගත නිවා දමයි. වෙසක් සද අපේ සිත පහන් කරයි. මේ අසිරිය මැද බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර අප සිත් උන් වහන්සේ වෙත බැති සිතින් නමස්කාර කරයි.

බුදුරජනන් වහන්සේ ජීවිතය විවරනය කරයි . මම දෙනෙත පියාගත් වනම ජීවිතය සිහිපත් කරමි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා “
සියළු සංස්කාරයෝ අනිත්‍යයය
ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් - ධර්මය සදාකාලික බවත් පහදා දෙයි
සබ්බේ ධම්මා අනත්ථාතී
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා

තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බව සිහිපත් කරයි.
තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බව සිහිපත් කරයි.

මගේ දෙනෙත තවමත් පියා ගෙනය. පෙරහැරින් කුඩ කොඩි සේසත් වටිටි පුරා මල් සුවද පැන් සුවද කූරූ රැගත් දරු දැරියෝ පෙරටු කර ගත් වැඩිහිටියෝ පන්සල් බිම පුරා පිරෙයි. සුදුවතින් වසා ගත් සේලයන් නිසා වෙන් පන්සල් බිම හිම වලාකුලක් මෙනි.
පුදසුන මත පිදෙන මල් මොහොතින් මලාණික වෙයි. සුවද කූරූ දැවී අළු වි යයි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති ..................................................”
වැසී ගිය සුදු සේලයන්ගේ මනසින් එවැනි හඩක් නොනැගේ . මම සෙමින් මුමනමි
“සබ්බේ ධම්මා අනත්ථාතී .................................................. ඒ හඩ ඔවුනට නොඇසේ.

මම මනසින්ම අවාස ගෙට දිව යමි. බුදුරජානන් වහන්සේ ආනන්ද හිමියන්ට මහා කාශ්‍යප හිමියන්ට අවසන් වරට දුන් උපදෙස සිහිපත් කරනට .

අනේ ! අවාස ගෙය හිස්ව ඇති බව දකිමි.

සිංච භික්‍ඛු ඉමං නාච - සිත්තා තෙ ලහුමෙස්සති
ජෙත්වා රාග ච දොසංච - තතෝ නිබ්බානමෙහිසි.

මහනෙනි,
මේ ශරීර නැවේ පිරි තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉසලන්න.
එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබ නිවන් පුරට යන ගමන ලෙහෙසිවේ.
එහෙයින් ඔබගේ නැව බැද නවතා
රාග ද්වේෂ නැමති බැමිද කඩා දමා
නිවන් පුරට යන්න.
- - ධම්ම පදය.




අපේ හාමුදුරුවෝ අවාස ගෙයින් නික්ම ගොසිනි. උන්වහන්සේ නැව දියෙන් පුරවා ගෙන ආපසු ආවාස ගෙට නොවවිඩිනා අරමුනින් ඈතට ඈතට යන අයුරු පියා ගත් අඩවන් දෑසට කාන්දුවන වෙසක් පුන් පෝදා සද එලියෙන් මම දකිමි.

මම කම්පා වෙමි!.

notes of imaginary

2014-05-12

අනේ අපේ රට !



මේ පල කරන්නේ මැයි 12 වෙනිදා (අද ) දිවයින කතුවැකියයි. දේශපාලකයින් යයි කියා ගන්නා අමන චරිතවල ඇති උද්දච්ච කම ගැන තවත් අව - ලස්සන කතාවක් මෙයින් කියවේ. මහජන නියෝජිතයින් විය යුත්තේ කවුරුන්ද යන්න අනාගතයේදී වත් මහජනතාව මෙන්ම නායක කාරකාදීන් සිතා බැලිය යුතුය.
ජාතික ලැයිස්තුව සකස් විය යුත්තේ පාර්ලිමේන්තුවට නොයෙන උගත් මෙන්ම බුද්ධිමත් පිරිසගෙන් විය යුතු අතර අද එය එසේ සිදුවන්නේ නැත. ඡණ්දයෙන් එන අපතයෝ මෙන් තවත් රැලක් පාර්ලිමේන්තුවට නොමිලයේ එන මාර්ගයක් වී ඇත්තේ ජාතික ලැයිස්තුවයි. අනේ අපේ රට !


කොතරම් වයසට ගියද කොටළුවා අශ්වයකු වන්නේ නැත

......
කොතරම් නීචද යත් ලෝකය කොතරම් නරකද යත් මේ දිනවල හැම මළඉලව්වක්‌ම සිදුවන්නේ පොලිසියේ අවාසියටය. ගුටි කන්නේත් පොලිසියය. මැරුම් කන්නේත් පොලිසියය. කූඩුවෙහි ලගින්නේත් පොලිසියය. රණ්‌ඩු බේරන්නට යන්නෙත් පොලිසියය. අන්තිමේදී බේරන ලද රණ්‌ඩුවේදී අගතියට පත් පාර්ශ්වය ගසන පෙත්සම්වලින් මානව හිමිකම් කොමිසම් ඉදිරියට යමින් - එමින් චාටර් වන්නේත් පොලිසියය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික, පත්කළ මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂාවට ගොස්‌ ඩුබායි ගිය ඇතැම් ගෘහ සේවිකාවකවත් නොලබන පහත් වධ බන්ධනවලට ලක්‌ව සිටින පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ගැන සෙනසුරාදා (10 දා) "දිවයින" මුල් පුවතින් හෙළි කර ඇත. මන්ත්‍රීතුමියගේ හරක්‌ නාවන්නේත් මේ පොලිස්‌ නිලධාරීන්ය. ඇගේ මිදුල උදළු ගාන්නේත්, කොස්‌ කඩන්නේත් පොල් අහුලන්නේත්, මල් පාත්ති සුද්ද කරන්නේත්, කුඹුරු හාන්නේත් ඔවුහුය. කෑම උයන්නේත්, වළන් සෝදන්නේත් ඔවුහුය. (කෑම ඉවීමට වළන් සේදීමද සම්බන්ධ බැවින් මේ දෙකම එක පැකේජයක්‌ යටතේ එක කාරණයක්‌ බව පොලිස්‌ රාළහාමිලා දෙදෙනා මතක තබා ගත යුතුය. එසේම මල් පාත්ති සුද්ධ කිරීම පොල් ඇහිඳීම, මිදුල උදළු ගෑම, කුඹුරු හෑම යන හතරම "උද්‍යාන සේවා" යන තනි පැකේජයට අයත්ය.) අපි මේ මන්ත්‍රීතුමිය ගැන දනිමු. ඇය මෙතරම් පිස්‌සු කේස්‌ එකක්‌ යෑයි නිකමටවත් නොසිතුවෙමු. උත් 'තුංග' 'රණ' ශූරියක සේ මුව "කමල" අයා ඇය කවි කියනු අසා ඇත්තෙමු. ඇය මුළු ජීවිතයම වැය කළේ ශ්‍රී. ල. නි. ප. යට දර දිය ඇදීමට බවට ආරංචියක්‌ තිබේ. ආණ්‌ඩුව ඇය ලිස්‌ට්‌ එකෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නට ඇත්තේ චිරාත් කාලයක්‌ පුරා ඇය කළ මෙහෙවරට වන්දි වශයෙන් විය යුතුය. ඇය පාර්ලිමේන්තුවට යෑවූ ශ්‍රී ල.නි.ප. නායකයන් විසින් සිහිපත් කරනු ලැබිය යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් කොතරම් වයස ගියද කොටළුවා කවදාවත් අශ්වයකු වන්නේ නැති බවය. පැටියා කාලයේදී අශ්ව පැටවකුගේ පෙනුමට සමාන වුවද කොටළුවා ලොකු මහත් වූ පසු නිතර පෙන්වන්නේ කොටළු හැසිරීම්ය.

එක අතකට පොලිසිය යොදා වුව කුඹුරු හෑම ඔවුන් නිකරුනේ සිටිනවාට වඩා පලදායක බව මන්ත්‍රීතුමිය කල්පනා කරන්නට ඇත. යුද්aධය ඉවර වී ඇති නිසා මන්ත්‍රීතුමිය මැරීමට එන කිසිවෙක්‌ නැත. එබැවින් පොලිසියට පින් බත් ගිල්ලවන්නේ මන්දැයි ඇය කල්පනා කරන්නට ඇත. මේ තත්ත්වයට පත්වෙමින් සිටින මැති ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ රට පුරා සිටිති. මේ මැති ඇමැතිවරුන් මරන්නට මොකෙක්‌වත් නොඑති. එසේ ආවත් ඒ එල්.ටී.ටී.ඊ. ය නොව එම මැති ඇමැතිවරුන්ගෙන් 'පොලු' කා ඔවුන්ගේ ගැටවලට රැවටී ඔවුන් මරාගෙන මැරෙමැයි අධිෂ්ඨාන කරගත් ඡන්ද දායකයන්ය. ආණ්‌ඩුවේ ඇතැම් කසි කබල් ඇමැතියකුට පොලිසියේ රාළහාමිලා දහයක්‌ පහළොවක්‌ ආරක්‍ෂාව දෙති. ඇමැති යන යන තැන ඩිපෙන්ඩර් රියවල නැගී රටේ තෙල් පෙට්‍රල් කා දමමින් පස්‌සෙන් දුවති. ඇමැතිගේ හාමිනේට පොළේ යන්නේ ඔවුහුය. ඇමැතිගේ ළමයින් පාසලට ගෙන යන්නේත් ඔවුහුය. ඇමැති ගෙදරට අමුත්තන් ආ විට තේ අල්ලන්නෙත් ඔවුහුය. ඇමැතිගේ බල්ලා දොස්‌තර ළඟට ගෙන යන්නේත් ඔවුහුය. එයට නම් අප විරුද්ධ නැත. මන්ද සමහර ඇමැතියකුට වඩා ඔහුගේ බල්ලා හැම අතින්ම ශ්‍රේෂ්ඨය. ඒ සතාට කලගුණ මතක තිබේ. තමාට මෙහෙයක්‌ කළ හැම කෙනෙකු ගැනම වෙන් වෙන්ව මතක තබාගෙන නගුට වැනීමට බල්ලාට හැකිය. මෙතැනදී තමා නගුට තමාට නොවනන්නේ නගුටක්‌ නැති නිසා බව කියමින් ඇමැතිට හිත හදා ගත හැකිය. .....

notes of imaginary

2014-05-04

දෙසතියක සිති - වලි


සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද ගෙවිලා ගිහින් මැයි දිනය බ්‍රහස්පතින්දා තිබුනා. කියවන ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ දෙකේ තියෙන සම්බන්‍ධය කියලා. මම මේ දෙකම දැක්කේ අරමුණු වලින් වෙනස්ව ගමන් කරන උත්සව දෙකක් හැටියට.
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද  අපේ සංස්කෘතිකාංගයනට එකතුවුනේ කෘෂිකාර්මික ජීවන රටාවේ අස්වනු ගෙට ගෙන ඊලග කන්නයට සුදානම් වෙන්න ගත්ත පුංචි විවේකයක් ලෙසටයි. මේ විරාමය එක්තරා විදියකට සංක්‍රාන්ති සමයක්.
අප්රේල් මාසේ පටන් ගන්න “බක්මහ වැස්සට පෙර අස්වනු නෙලා ගෙන ගෙට  ගෙන බක්මහ වැස්ස තුරල් වෙන වෙසක් මාසේ දක්වා ගොවිතැන් කටයුතු වලට විරාමයක් ලැබෙනවා. අතමිට සරුවී අටු කොටු පිරවුන මෙ වකවානුවට ජ්‍යොතිශ වැදගත් කමක් ඇති සිද්ධාන්ත කිහිපයත් එකතු කරගෙන අළුත් අවුරුද්ද කිසියම් රටාවකට පිලිවෙලක් ගන්නවා. පරණ අවුරුද්දේ කරගෙන ආ වැඩ රාජකාරි නැකතකට අනුව අත්හැර දාලා සූර්යා මීන රාශියෙන මේෂ රාශියට පැමිණියායින් පසු නැවතත් අක්හරින ලද වැඩ රාජකාරි ආරම්භ කරනවා.
අද අපේ රටේ කෟෂිකාර්මික ආර්ථික රටාවක් නැහැ. හාම්පුතුන්ට තම ශ්‍රමය  කඹුරා මාසේ අන්තිමට සොච්චමක් අතට ගන්න ආර්ථිකයකට හුරුවෙලා තියෙන්නේ. මේ සොච්චම මාසේ අන්තිමට නැත්නම් මාසේ දහවෙනිදාට ලබා ගන්න පිරිසකුත් ,  දවස ගෙවෙන හැන්දෑ යාමයට අතට කීයක් හරි මිට මෙලවෙන  විශාල පිරිසකුත්  සිටින රටට උරුම වෙලා තියෙන්නේ එදා වේල ආර්ථිකයක්.

ඉතින් කොහොමද අවුරුදු සිරිත් විරිත් රැකිලා තියෙන්නේ.  මේ ආර්ථික රටාව තුල මුදලක් එකවර ලැබෙන්නේ නැහැ. අතට සොච්චමද ගත් සැනින් වාෂ්ප වෙලා යනවා.
අද අවුරුදු සිරිත් විරිත් වල වැදගත් කම අඩු වෙලා.

වැටුප් ලබන හැම කෙනාටම වැටුප අතට ලැබෙන සතියක් දෙකකට ඉස්සෙල්ලාම නොනගතය ලබනවා. ආහාර අනුභවය අත්හරින්න සිද්ධ වෙනවා. ලිප ගිනි මෙලවිල්ල පස්සට තියලා හිත ගිණි මොලවගෙන ඉන්න සිද්ධ වෙනවා. සියළු ගණුදෙනු අත්හැරලා බකං නිලා ගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ සියළු සිරිත් ගෙවිලා අවුරුද්ද ලබන්නේ මාසේ පඩි ගත්ත දාට. එදාට ගණු දෙනු කරලා මුදලාලිගේ ණය බිලිපතේ සිට විදුලි ,ටෙලිපෝන ආදී නානාවිධ බිල්පත් ගෙවලා ගණුදෙනු අහවර කරලා සම්බලයක් මිශ්‍ර බතක් කාලා වැඩ අරඹන්න සිද්ධ වෙලා තියෙනවා. 
මාසේ ගෙවෙනවා හැරිලා බලන කොට ආයෙත් නොනගතේ ලබලා.........................
උත්සවශ්‍රියෙන් .අවුරුද්ද සමරන්න කීයෙන් කීදෙනාටද පුළුවන්.


මැයි දිනෙත් ඒ වගෙයි කණපිට හැරිලා.  

අතීතයේ රතු කොඩිය අරගෙන ධනේෂ්වර පන්තියේ සූරා කෑමට එරෙහිව පෙළපාලි ගිය කම්කරු පන්තිය  අද මැයි දිනයදා ධනේෂ්වර පන්තිය සිංහාසනයේ තියන්න පෙලපාලි යනවා. “ .........දැන් ඉතින් නැගිටියව්  කියාගෙන. නැගිටින්න කියන්නේ කම්කරු පන්තියටද නිර්ධණ පන්තියටද ? කියලා කියන පන්තියට තේරුමක් නැහැ.
ඒ අස්සේ මහ හයියෙන් අත් දෙක උස්සලා “කාගෙද? මේ බලවේගේ - ....................................... “කියලා අපෙන් අහනවා. අපිට මතක් වෙන්නේ පලකරන්න බැරි උත්තර. මේ පෙලපාලි වල යන අය කීයෙන් කීදෙනාද දන්නේ මැයි දිනය ආරම්භ වෙන්න මුල්වු හේතුව මොකක්ද කියලා.

තම වැඩමුරය පැය 8කට සීමාකරන්නැයි, ඉල්ලමින් 1886 මැයි මස 01වැනදා කම්කරුවෝ පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට එක්වුනා වැඩවර්ජනයේ තීරණාත්මක දිනය වුයේ, 1886 මැයි මස 03වැනිදාය.එදින සේව්‍ය මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට එල්ල කළ ප්‍රහාරයෙන් කම්කරුවෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.ඊට විරෝධය පළ කරමින් යළිත් මැයි මස 4වැනදා කම්කරුවෝ පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් වුනා.එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මිය ගියා. මේ ගැටුම අවසන් වුනේ තවත් පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත නැති කරමින් .

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන නඩුවිභාගය අවසන් වුනේ ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ද සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි කරමින් .

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණය  සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරමින් ප්‍රකාශයට පත්වුනා

ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැයි දිනය සමරනු ලැබුවේ, 1927 වසරේදී.
1933
වසරේදී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වු පෙලපාලිය ගාලු මුවදොර පිටියෙන් අවසන් කර ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වුවා.1956 වසරේ මැයි දින සැමරුමේදි මැයි 1 වැනිදා මෙරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලා..
සැමරිය යුත්තෝ අද නාමිකව ඉතිහාසයට එක්වෙලා. 

සමරන්නේ  පුම්බන්නේ බලයේ සිටින බලයට එන්න ඉන්න දේශපාලන ප්‍රතිරූප.අරගල කර හෝ ලබාගත යුත්තෝ බෙරිහන් දෙන්නේ දේශපාලනඥයින්ට බලය ලබා දෙන්න.
අද මැයි දිනයදාට දේශපාලනඥයෝ ගමනා ගමන පහසුකම් සලස්සලා අගනුවරට අරගෙන එන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  අතට මත් වතුරවිදුරුවක් , බත් පතක් දීලා  එයාලගේ අතේ තිබුන රතු කොඩිය උදුරගන්නවා .උදුරාගෙන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  කටට ප්‍රගස්ති ඔබලා විලංගු දාගෙන පෙලපාලිය ඉස්සරහින් ගිහින් ස්ටේජ් එකට නැගලා - පෙලපාලියේ තමුන් දක්කගෙන ආපු උදවියට දේශනා පවත්වනවා. 

ඒක අහගෙන ඉදලා අපේ ඇත්තෝ නිදිමරාගෙන ගම්බිම්වලට එනවා.

ඔන්න අද මැයිදිනය !.



notes of imaginary