රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-05-14

මඩගම්මන හිමියන් - ශ්‍රී පාදය අපට නැවතත් හිමි කර දෙයි.



බොදුනුවන්ට ශ්‍රී පාදය නැවතත් හිමි කර දෙන්නට මූලිකත්වය ගත් මඩගම්මන හිමියන් ගැනයි මේ.......
ඒ අපේ රටේ බොදුනුවන්ගේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයක් වුණා. ඒ සීතාවක රාජසිංහ රජ සමය. එම කාලයේදී ශ්‍රී පාදස්ථානය හින්දූන්ගේ බලය සහිත ස්ථානයක් බවට පත් වුණා. ඉන් අනතුරුව බලයට පැමිණි පළමු වන විමලධර්මසූරිය, සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජවරුන් ඔවුන්ගේ දකුණු ඉන්දීය සම්භවයන් හා ඥාතීත්වයන් හේතු කොට ගෙන ශ්‍ර්‍රී පාද ස්ථානයේ අයිතිය නැවතත් බෞද්ධයින් හට ලබා දීමට උත්සාහ ගත්තේ නැහැ.
මෙසේ වසර 150 ක පමණ කාලයක් හින්දූන්ගේ පාලනයට යටත්ව පැවැති ශ්‍රී පාද ස්ථානය ඉන් මුදා ගැනීමට මහත් කැප කිරීමක් කළේ එවකට පොත්ගුල් රජ මහා විහාරයේ වැඩ විසූ මඩගම්මන සාමණේර හිමි නමය. උන් වහන්සේ මහත් සේ වෙහෙස වී ශ්‍රී පාද ස්ථානය අයිති කර ගන්නට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී පාදය අත්පත් අත්පත් කර ගත් උන් වහන්සේ අනතුරුව මිල්ල කණු යොදා පැලක් සාදා තල් අතු සෙවිලි කර ශ්‍රී පාදයට සෙවණක් සලසා එය රැකීමට කටයුතු කලා. ඉන් අනතුරුව මඩගම්මන හිමියන් විසින් ශ්‍රී පාද ස්ථානයේ ප්‍රාකාර බැම්ම සකස් කොට ඇති අතර පසුව යකඩයෙන් මණ්ඩපයක් ද ඉදි කල බවත් භගවා ලෙන සමීපයෙහි උළු සෙවිලි කර කුටියක් ඉදි කළ බවත් මඩගම්මන සන්නසෙහි සඳහන් වේ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දක්වා ශ්‍රී පාද ස්ථානයේ සියළුම කටයුතු මඩගම්මන හිමියන් කළ බව හා භාරකාරත්වයද දරමින් සිටි බව ඉතිහාස තොරතුරු වල සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මඩගම්මන ස්වාමීන් වහන්සේට සන්නස් පත්‍රයකින් ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය පවරා තියෙනවා. ඒ අනුව ශ්‍රී පාද ස්ථානයේ පළමු භාරකරු වන්නේ මඩගම්මන හිමියන් වෙනවා.

එදා සිට මේ දක්වා ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය දැරූ නාහිමිවරුන් ගණන 25ක්. ඒ වර්තමාන භාරකාර නාහිමියන් වන බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් සමගින්.
මේ එදා සිට ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය දරණ ලද ගෞරවණීය නාහිමිවරුන්ගේ ලේඛනයයි.
1. මඩගම්මන නාහිමි
2. මහ මාලිම්බඩ නාහිමි
3. සපුගස්කන්දේ නාහිමි
4. වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
5. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි
6. මහ කඹුරුපිටියේ සභිධර ගුණරතන නාහිමි
7. කුඩා කඹුරුපිටියේ ශ්‍රී ගුණරතන නාහිමි
8. මාලිම්බඩ ශ්‍රී ධම්මධර නාහිමි
9. කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
10. මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි
11. කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස නාහිමි
12. වැලිවිට දෙවැනි ශ්‍රී සරණංකර නාහිමි
13. ගම්මුල්ලේ ශ්‍රී සුමන නාහිමි
14. ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි
15. ඉඳුරුවේ ශ්‍රී සුමංගල මේධංකර නාහිමි
16. ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි
17. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි
18. පරලෙ ශ්‍රී සෝභිත නාහිමි
19. රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි
20. හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමි
21. ඌරාපොළ රතනජෝති නාහිමි
22. මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි
23. බටුගෙදර ශ්‍රී යසස්සි නාහිමි
24. හඳපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි
25. බෙංගමුවේ ධම්මදින්න නාහිමි

2021.12.19 දින සති අග අරුණ පුවත්පතේ "අරණ" අතිරේකයට රංජිත් ඉලේපෙරුම මහතා විසින් ලියන ලද ලිපියක් ඇසුරෙන්....
සුනන්ද විජේසුන්දර

A day in the life 
ජීවිතයෙන් දවසක් .