රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-09-22

මට ඕන හරිහමං මිනිහෙක්...




මට ඕන
හරිහමං
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හිත හයිය මිනිහෙක්...
අවජාතකයි කියා
ලෝකයෙන් එළවගත්
උඹ වාගේ
අතිජාත
මිනිහෙක්...
කිඩාරම් මලකටත්
පුදසුනක් වෙන්ට හැකි
පපුතුරක්
උරුම වූ
මිනිහෙක්...
පුංචි නොදරුවෙකුටත්
නැළවිල්ල
වෙන්ට හැකි
කතන්දරයක් වගේ
මිනිහෙක්...
වියළි මහ පොළොවකට
වැස්ස වී සිහිල දෙන
උඹ වාගෙ
අගේ ඇති
මිනිහෙක්....
වනන්තර
දෙපළු කොට
කුංචනාදය දෙවන
දහිරියෙන් ලොව නගන
මිනිහෙක්...
කේඩෑරි අත් වලින්
සෙමෙන් හිස පිරිමදින
දේවතාවෙක් වගේ
මිනිහෙක්...
පාලුවට තනිකමට
පෙළෙන
අසරණ කමට
සත් සරණ වෙන්ට හැකි
මිනිහෙක්....
උරතලේ වැතිරිලා
ඉකිගසා
වැළපෙද්දි
නෙත් පිහින
රත්තරං
මිනිහෙක්...
විසල් මහ
අහස සේ
රොන් සුනක
සුවඳ සේ
ආත්මය සුව කරන
මිනිහෙක්...
මල් පියල්ලක
මෙළෙක
හංගාන හිත් කොණක
උන්නාට
රහ දන්න
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හරිහමං මිනිහෙක්....
- විජිතමාලි ආනන්දකුමාර -
A day in the life