රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-03-06

සොඳුර නුඹ ,මා තනිකළා.


එදා වාගෙම අදත් පුරහඳ කඳු වළල්ලට උඩින් පායා
මුදා හළ දිගු නීල වරළස සිකිපිළක් සේ මැවේ ඡායා
විදා දෙඅදර මඳ හසින්මා නිවා සැනසූ කිඳුරු සේයා
දෙවා දුක් ගිනි ගිරිහිසෙන් පැන සැඟව ගියෙ දෝ ලෙසින් මායා.
ගොකටු කිරි හා සාදිලිංගම් පාට තැවරූ නුඹේ සිතුවම්
බුහුටි ලෙස පින්සලේ හරවා ඉනේ රැළි පෙළ සැකසු අන්දම්
නුදුටුවාසේ වරින්වර නුඹ ඌට හෙළනා කෝළ සරදම්
සතුටු මුහුණ ක් මවාගෙන මා බලා සිටියා එවැනි විගඩම් .
නිරතුරේ නුඹ ,නයිදෙ සිත්තර හා මනාපෙන් දොඩනු ඇසිලා
ඇතොවුරේ සිටි බොළඳියන්ගේ මුසාබස් දෙසවනේ වැටිලා
සිහිකරේ "ඌ එකට දුව පැන ගමේ එකටම හැදුණෙ "කියලා
සිරකරේ නුඹ කුටිය ඇතුළේ ඉරිසියාවක් හිතේ මැවිලා .
මෙහෙසියක් කර ගම් තුලානෙන් මාළිගාව ට කැන්ද ආවට
ලැදිකමක් වූ පළමු ප්රේමය ,නයිදෙටයි පුද කළේ ඇත්තට
ඔවදනක් දී උස් හඬින් මා තිට කතාකෙරුවේ සෙනේහෙට
පාපයක් නොවැ නයිදෙ එළවා දැම්ම නම් සිතුවමත් බාගෙට .
වඳින්නට යෙහෙළිය න් හා නුඹ ගියේ පිදුරංගල බලා
රිදෙන්නට ඕනෑ තරම් ඇති පපුතුරේ දුක් උහුළලා
සමුගන්ට පෙර මා දෙපා මත කඳුලු බිඳුවක් තවරලා
පනින්නට හිත හහදාගත්තද....සොඳුර නුඹ ,මා තනිකළා.
රෝ.සි.
වළප = වැළපිල්ල
සිකිපිළ= මොණරපිල
සාදිලිංගම් =රතු වර්ණය සඳහා භාවිතා කළා.
ගොකටු කිරි = කහපාට සඳහා යොදන ලදී
.සිත්තර නයිදෙ =චිත්ර ශිල්පියා
ඇතොවුර= අන්තහ්පුරය
2024.03.05.

A day in the life