රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-09-25

පිලිලයන් දරා උහුලන අළුත් ගස්.



හරි පුදුම ගස් ඇත
මහ පොළොවටම ආදරය කරන
නැවි නැවී දහසකගෙ බඩගින්න නිවන
රත්තරං දතක් දාගත්
රත්තරං පොරොවක් අතින් ගත්
සුදු ඇඳගත්ත කලු උන්ට විසුලු කර හිනාවෙන
එහෙව් ගස් මත
ගී කියන කුරුල්ලන්ට බොහෝ ඉඩ ඇත
රෑ බදුල්ලන්ට වුව පහන් දැල්විය හැකිය
හුස්ම හිරවුණුදාක
අත් නොහැර ඇවිදින් ළඟට
රැස් දාන මහා ගින්දරට පැන
උස් මිටිකම් බින්ද මහ ගස
රහස් මොනතරම් නම් ඇතිද
අහස් ගඟ දිය මත පවා දිය නොවුණු
පිළිලයන් දරා උහුලන
අලුත් මල් පිපෙන්නට ඉඩ දෙන
තුවාල මොනතරම් තිබුණද
එහෙව් ගස් තියෙනවා තවම දළුලන
සහතිකයි
මේ ඉරිතැලුන මහ පොලොවෙම
ඇලි ඇලී ඒ ගස් තවම

---සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary