ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා.ශිව දෙවියන් ස්වාමිව දොරවල් දෙකක් ළඟට එක්ක ගියා.දෙවියන් ඉන් එක දොරක් ඇරියා. ස්වාමි ඒ තුළින් එබී බැලූවා.ඒ කාමරය මැද ලොකු කවාකාර මේසයක් තිබුණා. ඒ මේසය මැද ලොකු ඉස්ටු බඳුනක් තිබුණා. ඒ බඳුනෙන් රස වෑහෙන සුවඳකුත් නිකුත් වුණා. ඒ කෙතරම් මිහිරි සුවඳක් ද කීවොත් ස්වාමිගේ කටටත් කෙළ ඉනුවා.ඒ වට මේසය වටා වාඩි වී සිටි පිරිස කෙසඟ සිරුරින් යුත් රෝගී පෙනුමක් ඇති අයයි. ඔවුන් බොහෝ කලකින් කෑම නොකෑ අය මෙන් සිටියේ දැඩි හාමතෙන්.ඔවුන් සැමදෙනා අතේ ම හැන්දක් බැගින් තිබුණා. ඒත් ඒ හැඳිවල මිට හරිම දිගයි. ඒ වගේ මිට දිග හැඳි ඊට පෙර ස්වාමි කවදාවත් දැක තිබුණේ නෑ. ඒ හැඳි හැම එකක් ම ඒ අයගෙ අත්වලට බැඳලයි තිබුණේ. ඒත් ඔවුන් හැමදෙනාටම පුළුවන්කම තිබුණා, මේසය මැද තිබුණු බඳුනට තමන්ගේ හැන්ද දමලා හැන්ද පිරෙන්න ඒ රස වෑහෙන ආහාර අර ගන්න. ඒත් ඒ හැඳිවල මිට දිග හින්දා ඒ ආහාර තමන්ගේ කටට දමා ගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා කෑම නැතුව ඒ අය ලතවෙවී තමයි, හිටියෙ. ඒ කෑමට ඇති ආසාව ඔවුන්ගෙ මුහුණුවල තිබුණා. ඒත් කන්නට නොලැබීම ගැන ලොකු කනස්සල්ලක් ඒ මුහුණුවල ඇඳිල තිබුණා.ඒ දර්ශනය දුටු ස්වාමිගෙ ඇඟ කිලිපොළා ගියා. ඔවුන් විඳි වේදනාව හා සංතාපය ස්වාමිට තදින් දැනුණා.ශිව දෙවියන් ඒ දොර වසා දැම්මා.”ඒ ඔබ දැක්කේ අපායයි.” ශිව දෙවියන් කීවා.ශිව දෙවියන් ඊළඟ දොර ළඟට ගියා. ඒ දොර ඇර ස්වාමිට පෙන්නුවා.ඒ කාමරයත් කලින් කාමරය වගේමයි. ලොකු කවාකාර මේසයත් ඒ මැද සුවඳ හමන ස්ටුවලින් පිරි විශාල බඳුනත් කලින් කාමරයෙ විදියට ම තිබුණා. ඒ ආහාර සුවඳ නිසා ස්වාමිගේ කටට කලින් වගේ කෙළ ඉනුවා.ඒ මිනිසුන්ගේ අත්වලටත් අර වගේම දිග මිට ඇති හැඳි තිබුණා. ඒත් එහි උන් පිරිස නිරෝගීව මෙන් ම පුෂ්ටිමත්ව සිටියා. ඔවුන්ගේ මුහුණු සතුටින් ඉතිරිලා ගොස් තිබුණා. ඔවුන් සිනාසෙමින් එකිනෙකා හා කතාබහේ යෙදෙමින් සිටියා.ස්වාමිගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් ඇඳුණා. ”දෙවියනි, මට මේක තේරෙන්නේ නැහැ.” ස්වාමි කිව්වා.”ඒක හරිම සරල දෙයක්.” ශිව දෙවියන් කීවා. ”ඔවුන්ට ඒ සතුට ලැබිලා තියෙන්නේ ඔවුන් හඳුනා ගෙන තියෙන පුංචි දෙයක් නිසයි. ඔබට පේනවද ඔවුන් ඒ හැඳිවලින් එකිනෙකාට කවා ගන්නවා. කෑදර ආත්මාර්ථකාමී අය හිතන්නේ තමන් ගැන විතරයි.” ශිව දෙවියන් කීවා.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>