Saturday, September 09, 2023

අයියෝ සිරිසේන.



දේශපාලකයන් හිතන්නේ තමන් වදාරන දේවල් එලෙසින්ම  හිස් මුදුනින් පිලි ගන්නා පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවය.
එසේ සිතන්නාවු සමාජයක් මෙරට සිටින්නට ඇත.
එකල අවංක දේශපාලකයෝ මෙරට සිටියේය.රාජ්‍ය නායකයන් බවට පත්වු ඩී.එස් ,ඩඩ්ලි  සර් ජෝන් ද  ,බණ්ඩාරනායක දෙපලද ඒ ගණයට තැබිය හැකිය. ජේ . ආර් ගේ දේශපාලනය කුමක් වුවත් ඔහු දේශපාලනයෙන් ධනය රැස් කලේ නැත. ඉන් පසු යුගය ගැන කුමන කතාද ? .
සිරිසේනයන් ගැන  සටහන් කරන්න ඇත්තේ කුමන  කතාවක්ද ? 
ඔහු සිතන්නේ ලාංකීය ජනතාව  සිංහල සිනමා පට බලන පිරිසක් ලෙසය. ඔහුට වියත් දේශපාලනයක් ඇත්තේම නැත. ඔහු රැදවිය යුත්තේ මාර්ග අංක 134 බස් රථයක නංවා එම ගමනාන්තයේය.
notes of imaginary

Friday, September 08, 2023

"මා...දැන් මහළු...වියේ"...!


W.M ඒකනායක යන්ගේ සිතිවිල්ලකි.
ගස්යට කොස්ඇටත් අහිමිව සිටි කාලේ
ඇස්සට සිඟාකන්නට සිදුවුනු තාලේ
බත්කට අතට ගත්තත් සිහිවුනු "ලීලේ"
ඇත්තට උඹට මං අමතකවද රාලේ...?
ඉස්නම් බඳින්නට එන්නැයි පෙරමහට
"රත්නම්" අතේ කියලා එව්වා නුඹට
තුස්නිම්බූත වුනුහැටි පුදුමයි එයට
වත්තම් කරන් එන්නට කියනවද මට...?
ඇස්යට තියන් හැදු දුව උඹගේ පුතුට
දුන්නට පසුව තව දැක්කේ නෑ ඇහැට
හත්අට වරක් පණිවුඩ යැව්වා ඇයට
වත්තට එන පාර කියපන් ලේලියට...
ගත්තම උදැල්ලක් ඉස්සර පසු නොබලා
වත්තම සුද්ද කෙරුවේ තනියෙන් බැහැලා
අත්තමට වත් අද එන්නේ නැත නුඹලා
ඇත්තම තමයි මං හොඳටම මහළු වෙලා...😢
උස්මිටිකම් තකා කටයුතු නොකළ නිසා
තිස්සෙම මා වටා සිටි මැස්සනේ වසා
විස්මිත නොවෙමි ආ කලදී නරක දසා
වස්තුව එපා..! වස්තරයක් දරමි කසා...😢
එකානංයකා~
08/09/2020.


notes of imaginary

Thursday, September 07, 2023

බෙල්ලේ පහල මොලය තියෙන අය.



මෙල්බර්න් වල ජීවත්වන සහෝදරයෙක් මුණු පොතේ බිත්තියේ  මේ පෝස්ට් එක අලවලා තිබුනා.

බෙල්ලෙන් පහල මොලය තියෙන අය තාමත් NPP එකට විරුද්ධයි කියලා 

එයා පාච්චල් කරනවා. මම නිරීක‍්ෂණය කරපු කාරනයක් තමයි සියළු සහෝදරවරු තම දේශපාලන අදහසට ප්‍රතිවිරුද්ධ අය පහත් කර සැලකිල්ල. අපහාස කිරීම. මට හිතෙන්නේ එය පක්‍ෂ ප්‍රගතියට බාධාවක් කියලා.

ඒ බව කියා දෙන්න ගිහිල්ලා ඇතිවුන කතා බහක් මම මෙහි පල කරනවා. සමහරවිට මගෙත් බෙල්ලෙන් පහල ඔළුව තියෙනවා කියලා නිගමනය වේවි.

තවත් දවසක මගේ අසල්වාසියෙක් මට අවවාද කලා. 

මෙවන්ම දේශපාලන සංවාදයකදී. එතුමා උපාධිධාරී ගුරුවරයෙක්. එතුමා කරුණු කාරනා කිහිපයක් මට කියාදීලා බුද්ධිමත්ව හිතන්න කියලා NPP එකේ ආර්ථික න්‍යාය මට එවලා තිබුනා. එය හොද ප්‍රවනතාවයක්.මගේ යම් අනවබෝධයන් දුරලා ගන්න එය  හොද මගක් වුනා. ඒත් මට හිතුනා මම ගැන එතුමා හිතුවේ  එතුමා තරම් මාබුද්ධිමතෙක් නෙවෙයි කියලා.

පලාත් පාලන ඡන්දෙට නාමයෝජනා දීලා පක්‍ෂ ප්‍රචාරක කටයුතු සදහා පැමිණි නියෝජිතයෝ පිරිසක් අපේ නිවසට ආවා. ඉන් වැඩි දෙනෙක්ගේ සමාජ අධ්‍යයනය ගුරුවරියකවු මගේ බිරිය සමග වාදයක පැටලිලා.  මට හිතුනේ මෙවන් බුද්ධිමත් කණ්ඩායමකට සවන් දෙන්න උපදෙස් දෙන්න කියා දුන්නේ නැත්තේ ඇයි කියලා. වර්තමාන දේශපාලන බහුභූතයොත් කරන්නේ ජනතාවට කන් නොදීම. තමන් ලග තියෙන දේ  බෙදා දීලා එයින්පල නෙලා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනි.

මම මුණු පොතෙන්  අප අතර වු සංවාදය පල කරන්නම්.

 

Melbourne වල ඉන්න අනෙක් අය ඔහොම කියන්නේ නැ මල්ලී. ඔය වගේ අපවාද කරන කොට බෙල්ලේ පාළුවට ඔළුව තියෙන අය තව තවත් විරසක වෙනවා. බහුතරයක් ඉන්නේ බෙල්ලේ පාළුවට ඹළුව තියෙන අය.

ඔහු

මෙල්බර්න් ඉන්න ගොඩක් අය NPP ආන්ඩුවකින් ලංකාව හරි මගකට ගනියි කියල විශ්වාස කරනවා. දැක්ක නේද අනුර ආව දවසෙ එකතුවුන සෙනග?

දැක්කා. තොරතුරුත් ඇහුවා.

මට   තොරතුරු කියන්නේ මල්ලිගේ කෝනයෙන් නම් බෙල්ලේ පහල මොලය තියෙන අය.

මම අදහස් කලේ NPP එක තවමත් බහුතරයක් වු ඡන්ද දායක ජනතාවට අපහාසවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම සම්බන්වයි. එසේ කිරීමෙන් විශ්වාශය දිනා ගන්න බැහැ. *******************

මල්ලී ඉන්නේ Melbourne වල. ලෝකයේ දියුණු රටවල පවා ආර්ථිකය සෙලවිලා තියෙන මොහොතක්.අපේ කතාවක් තියෙනවා නේද කූරපහියට හෙන ගහපුවම හුණු කිල්ලෝටේ ට මොන කතාද ? කියලා . අපේ රටත් අත්විදින්නේ ඒ වගේ වින්නැහියක්.

මෙවැනි ආර්ථික අර්බුදයකට 1970 -1977 කාලෙදිත් අත්වින්දා. ඒ කාලය රෝහණ විජේවීර තම කැරල්ල අත්හදා බැළුවා. අදත් සිදුවන්නේ එයයි. වාසනාවකටද කොහේද මල්ලිගේ විද්වතුන් රනිල්ට UNDERGROUNDS ස්වරූපයේ සහයෝගයක් දෙනවා.

ඒකට රනිල් ප්‍රතිඋපකාර කරනවා. ඊලගට එන්නේ ජනාධිපතිවරණය. බෙල්ලට උඩින් මොලය තියෙන අය 12% - 15% පගුවක් දැනටමත් වෙන් කරගෙන තියෙන්නේ . දැනට ඉතිරි 60% කට පමණ පංගුකාරයෝ ගොඩයි. රනිල්වත් එක්ක.ඔය කන්ඩායම් වලින් රනිල්ට එකතුවෙන කන්ඩායම් වැඩියි. සුළුජාතිකයන්ගේ ඡන්ද 75% ක් විතර රනිල්ට ලැබෙනවා. එවිට මොකක්ද ප්‍රතිපලය ?.රනිල් දිනනවා. මේ මම හිතන විදිය. මල්ලිලා අනියමින් රනිල්ට සහයෝගය දක්වනවා.

මල්ලි බෙල්ලෙන් උඩ තියෙන කොටස REFRESH කර ගන්න.

ඔහු.

ලෝකෙම මුහුනදුන් දරුනු වසංගතයක් නිසා අපේරට කිල්ලෝටයක් වෙලා අසල්වැසි රටවල්වලින්පවා හිගමන් යදිමින් ඉන්න තත්ත්වයට පත්වෙලාතියෙන්නෙ ඇයි කියල හිතල බැලුවොත් එකම හේතුව කිසිම විනයක්, කලමනාකරනයක්, සමාජ සාධාරනත්වයක් නැති අන්තනෝමතික තග් පාලනය කියල තේරුම්යනව. මැතිවරනයකින් රනිල්ල දිනුවත් රාජපක්ෂල දිනුවත් සජිත්ල හෝ සිරිසේන්ල දිනුවත් කිසිම වෙනසක් වෙන්න්නෙ නෑ

මම

වෙනසක් වෙන්නේ නැහැ. ඇත්ත.

එය නොවෙයි මම ලියුවේ වර්තමාන දේශපාලන හැසීරීමයි. අපේ කැමැත්තට වඩා රටේ දේශපාලනය ඇමරිකාව ඉන්දියාව හරහා මෙහෙවනවා. චීනය ,එක පිලක. අරගලයේ මුල් තිබුනේ අමරිකානු තනාපති කාර්යාලයේ.දැන් සිදුවෙන ආර්ථික වෙනස් කම් අධ්‍යයනය කලත් අනාගත පාලනය ගැන හිතා ගත්ත හැකියි.

කිසි ලෙසකත් අස්ථාවරව ආයෝජනයන් සිදුවෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පසුබිමි සකස් වෙනවා. අපිට හිතට එකගව මේවාට දායක වෙන්න බැහැ.

 

ඔහු.

 රටක් උනත් පුද්ගලයෙක් උනත් ගෙවාගන්න බැරි ප්රමානයකයට ලෝකෙට නයවුනාම කියන කියනදේ කරන්න වෙනවා. අපේ අසල්වැසි රටවල් එක එකාගෙ පදේට මෙහෙම නටනවද?


notes of imaginary

Tuesday, September 05, 2023

බම්බුව තමයි.










notes of imaginary

Monday, September 04, 2023

වස විෂ කන අපි.















Anusha Rathnayake මුහුණු පොතේ පල කල ලිපියකි.r
අපේ ගෙදර බල්ලෙක් ඇත. ඌට මගේ බිරිඳ බීමට දෙන්නේ නිවා ගත් උණු වතුරය. ඌ ඒවා ටිකක් බී මිදුලේ මඩ වලකින් බඩ පුරා වතුර බොයි. මා කුමක් හෝ දෙයක් ඌට කෑමට දුනහොත් "ඕකට බඩේ අමාරුවක් හැදෙයි දෙන්න එපා" කියා බිරිඳ කියයි. මා එය නැවැත්වූ විට ඌ මිදුලට ගොස් ගලක් ගිලියි .
අපේ බල්ලා සහ අපේ රටේ මිනිස්සු (මා ඇතුළු ) එක සමානය .
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.
නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.
කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .
එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.
පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .
මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .
මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .
මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .
පළා වර්ග වල සම්මත ප්රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .
කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .
බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .
ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .
පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .
ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔෆ් පැරිස් දමති .



කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .
සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.
සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .
අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .
මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්ර කරයි . එහි නියමිත මාත්රාවක් ඇතත් එයද වසය.
පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .
මේවායේ ප්රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.
අපේ රටේ නීතියට අනුව මේවා ගැන සොයා බලන්නේ කවුද ?
පාරිභෝගික කටයුතු අධිකාරියද ?
ශ්රී ලංකා ප්රමිති ආයතනයද ?
මහජන උපයෝගිතා කොමිසමද ?
මහජන සවුඛ්ය පරික්ක්ෂක වරුද ?
සම්මතවී ඇති පනත් හරහා වූ නීතියද ?
මා නම් නොදනී .ඔබ දන්නවද ?
අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සම්මත වූ අණ පනත් සහ ආයතන ඕන තරම් තිබුනත් ඒවාට වගකිවයුතු කිසිදු අයකු නැත. මෙතරම් වූ අනතුරක් ඇතත් ඒ ගැන කතා කරන සංවිධානයක් දේශපාලකයෙක් පෙනෙන්නට නැත.
අප ප්රමුඛතාවය දී හඬ නැඟිය යුත්තේ යුත්තේ 13න වන සංශෝධනයට විරුද්ධවද ? නැත්නම් මේ ව්යසනයට හේතුවූ වස විසට විරුද්ධවද ?
කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කල යුතුද ?



notes of imaginary

Sunday, September 03, 2023

මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා



සිරිපාල කහවත්තයන් මුහුණු පොතට එක් කල මේ නිර්මානය මා ලග නතරවිනි.මේ අපේ ජීවිතයයි. පිරුවටයන් පොරවා ගෙන බාහිර ලෝකයට පෙන්වන සර්වපිත්තල ලෝකයි. ආපසු බලන්නට අකමැති ජීවිතයයි.
ආපසු බලන්නෙකුට නම් සුන්දරවු ජීවිතයයි.

👋👋👋👋👋👋👋👋👋



ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මට
තුන්වේලටම අල දෙල් කොස් කාපු මට
සරමක් කමිසයක් විතරක් තිබුනු මට
දුක ගැන කියන්නට අටුවා ටීක මොට
ඉස්කෝලෙන් දීපු ටී බනිසය කාලා
ඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලා
ලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලා
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
දුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්
සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්
අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්
දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්
පොත පත පෑන පැන්සල නැති හින්දාම
ගුරුවරු තැලුව දොස්කීවා හැමදාම
පොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑම
රුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙම
අයියල අක්කලා පාසල් ගමන නොයා
වත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියා
අත දුන් නිසා ඒ අය අඩුවක් නොතියා
සරසවි වරම් ලැබ මම ඉහළටම ගියා
අතු ඉති රළු වෙලා,නටු අග කටු සදලා
නුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලා
කළ යුතු යුතුකමක් ඇත මට පැවරීලා
මම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලා
මේ රට දමා පිට රටකට නොයන්නෙමී
දුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමී
හෙට උපදින උන්ට ලස්සන රටක් හිමී
කරදී මිසක මම නම් මිය නොයන්නෙමී
All reac

notes of imaginary

Saturday, September 02, 2023

කුකුලන් ඉණ්දියාවෙන් ආනයනය කරමු.

සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය.

බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ඉන්දියාවෙන් ආනයනය කරල ලදී. එය වෙළද ඇමතිතුමාගේ වැඩක් වුවද සත්ව පාලනය.සංවර්ධණය කෘෂිකර්ම ඇමතිතුමාගේ වැඩකි.. නිෂ්පාදනයට අතහිත දීම නිසියාකාරයෙන් නොසිදුවීම නිසා බිත්තර ආනයනය  කිරීමට සිදුවිනි. වරද ඇත්තේ නිෂ්පාදයා අතද නැත්නම් වෙලෙන්දා අතද යන්න විමසා බැලිය යුත්තකි.

ඒ බිත්තර ගැනය. දැන් කුකුල් මස් ආනයනය කිරිමට වෙළද ඇමතිවරයා සුදානම් වෙයි. අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැත. අපේ ආර්ථිකය පාලනයෙන් තොරව විවෘතය. නැවෙන් ගෙනත් බඩට දාගන්නා සුව පහසු  ආර්ථිකයක මානසිකත්වයෙන් අපි ජීවත්වමු.   

කුකුල් මස් නිෂ්පාදනය සදහා වැය වන කාලය  උපරීම දින හතලිස් පහකි. බිත්තර නිෂ්පාදනය සදහා මාස හයකි. යටිතල පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා පහසු මිළ ගනන් ඇත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවේ . කුකුල් ගොවීන්ට අවශ්‍ය මුලධනය සපයා ගැනීමට රාජ්‍ය බැකු හෝ රජයේ මැදිහත් වීම ඇත්නම් ගොවීන් නිෂ්පාදනය සදහා යොමු වනු ඇති.

වර්තමානයේ සිදුව ඇත්තේ ගොවීන් අ‍ධෛර්මත් කිරීමයි. එසේ සිදු කරමින් ඉන්දියාණු ගොවීන් ‍පොහොසත් කිරීමයි. අනියම් ලෙස  ඉණ්දියාව පොහොසත් කිරීමයි. බිත්තර ආනයනය කිරීම සදහා යොදවන ඩොලර් කුකල් ගොවිපලවලට අවශ්‍ය පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා යොදවන්න කෟෂිකර්ම දෙපාර්මේන්තුවත් වෙළද අමාත්‍යාංශයටත් කැබිනට් මණ්ඩලය තුල විසදා ගැණීමට බුද්ධිය පහල නොවේ.


notes of imaginary

Thursday, August 31, 2023

මූට නමක් තියාපියෝ.



ජාතීන් අතර සංහිදියාව නැති බව අපේ දියුණුව ඇණ හිටීමට එක් හේතුවකි. දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා බෙදී සිටීම ප්‍රවර්ධණය කරයි. බෙදී සිටින තාක් ඔවුන්ගේ පැවැත්ම ස්ථාවරවන බව ඔවුන් දනී.

පූජක පක්‍ෂය තම තමන්ගේ සාශ්තෘවරුන් අනුව ගමන් නොගනී. සැම ආගමකම පූජ්‍ය පක්‍ෂයට ආගමික අරමුණු අභිබවා යන පෞද්ගලික  අරමුණු බොහොමයකි. මේවා මානසික සංවර්ධණ අරමුනු ඉක්මවා භෞතික සංවර්ධණ වලට මුල් තැන් දෙමින් කටයුතුකරන නිසා වෙන් ගැටුම් ඇති කරගන්නා තත්වයන් ඇති කර ගනී.

ත්‍රීකුණාමලය සංවර්ධණ කමිටුවට නොයා මුලින්ම මුස්ලිම් හිණ්දු සහ වෙනත් ආගමිකයන් සමග  සාකච්ඡා කර සංහිදියාවෙන් මේ ගැටළුව විසදා නොගැණීම බෞද්ධයින් සහ හිමිව
රුන් නෙපෙළඹීම කනගාටුදායක තත්වයකි. රජයේ සේවක නිළධාරින්ට ඇත්තේ විවිධ චක්‍රෙල්ඛ . නීති රෙගුලාසි අණපනතත් ඔස්සේ සලකා බැලීමයි. පරගණකයකට දී ඇති දත්ත මත නිකුත් කරණ වාර්තා මෙන් ඔවුන් මානුෂික හැගීමෙන් කටයුතු නොකරයි. ඔවුන් ඉහලින් ඇතැයි සිතන දේශපාලකයන් ගැන බහුමානයෙන් සිතයි. දේශපාලකයින් තම බලය රැක ගැණීම සදහා වැඩි ඡන්ද ගොඩ මිස ගැටළු සාධාරන ලෙස සමනයකට පත් කිරීමට නොසිතයි.සියළු වර්ගයාද ආගමිකයන්ද සංහිදියා සිතින් දවස ගෙවන්නේ නම් වාර්ගික අර්බුධයන් මතු නොවේ.
notes of imaginary

Tuesday, August 29, 2023

රේගු නීතී පොත යාවත්කාලීන විය යුතුයි.


ඒ මූතූර් කෙළවරේ නල්ලූර් ගම්මානයේ පාසල යි. එම දරුවන් හැඳ සිටියේ පාසල් නිල ඇඳුම යි. ඒ සුදු කමිස, සුදු ගවුම් සැබැවින් ම සුදු නොවීය. බොහෝ කල් ඇඳ ඇති ඒ ඇතැම් සුදු ඇඳුම් දැන් අළු පැහැති ය. ඇතැම් ඒවා අළු සහ සුදු අතර අතරමැදි පාටකි. ඒකාකාරී නොවුණු ඒ පාසල් නිල ඇඳුම් බොහෝ දුක්ඛිත කතාවක් හඬ ගා කියයි.
ඔවුන්ගේ දෙපා කියනා කතාව ඊටත් වඩා සංවේදී ය. ඇතැම් දෙපා පරණ සපත්තු වලින් සැරසී තිබුණි. ඒවා ද විවිධාකාර ය. අගනුවර කතාවෙන Branded, Quality සපත්තු එහි නොවීය. බොහෝ දරුවන්ගේ පා සැරසුවේ පාවහන් ය. ඒවා අතර ද ඇතැම් ඒවා කැඩී ගොස් කුමන හෝ අයුරකින් ඇමිණූ ඒවා ය. ඇතැම් දරුවන්ට එබඳු පාවහන් සඟලක් ද නැත.
එය මිශ්ර පාසලකි. නමුත් එයට එක්‌ ගුරුවරියක් හෝ නැත. සීමිත ආචාර්ය මණ්ඩලය සියල්ලෝ ම පිරිමි ගුරුවරු ය. ඒ දුප්පත් ධීවර ගමකි. දමිළ බස හසුරුවන ආදිවාසී ප්රජාව මේ දරුවන්ගේ මව්පියන් ය. ඔවුන් බොහෝ විට පාසල් ගොස් නැත. මේ ගැහැණු දරුවන්ට ඔවුන්ගේ ප්රශ්න කතා කරන්නට එකඳු ගුරුවරියක හෝ නොමැත.
රේගු අධ්යක්ෂ ජනරාල්තුමනි,
මෙවැනි පාසල් ද මේ රටේ ඇත. මේ ත්රිකුණාමල දිස්ත්රික්කයේ එක් පාසලක කතාව ය. මෙවැනි දරුවෝ දහස් ගණනක් නැගෙනහිර පළාතේ සිටිති. ශ්රී ලංකා රේගුවෙන් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 9කට අධික වටිනාකමෙන් යුතු විවධ භාණ්ඩ 450,000ක් පමණ විනාශ කළ බව පසුගියදා අසන්නට ලැබුණි. සපත්තු, සෙල්ලම් බඩු ආදිය ඇතුළු අධ්යාපනික උපකරණ ද ඒ අතර විය. හැකිනම් එවැනි භාණ්ඩ විනාශ නො කොට මෙවැනි දරුවන් සහ පාසල් වෙත ලබා දෙන්න. නැගෙනහිර පළාතේ රාජ්ය නිලධාරීන් හා එක් වී අපට ඒ සඳහා අවැසි මඟ පෙන්වීම ලබා දිය හැක.
මෙයට,
අළුදෙණියේ සුබෝධි ස්ථවිර
2023.08.28

notes of imaginary

Sunday, August 27, 2023

යෙව්ගනි ප්‍රිෙගාෂින් ගේ ඉරණම



සුගිය ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් දියත් කළ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප්රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බව බදාදා (23) වාර්තා විය. ගුවන් සමාගම උපුටා දක්වමින් රුසියාවේ සිවිල් ගුවන් සේවා ඒජන්සිය වාර්තා කළේ ප්රිගොෂින් යානයේ සිටි බවයි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිට ගමන් ගත් ප්රිගොෂින් රැගත් පෞද්ගලික ගුවන් යානය මොස්කව් නගරයට උතුරින් කඩා වැටී තිබුණි. අනතුරින් යානයේ ගමන්ගත් පුද්ගලයින් දස දෙනාම මියගොස් ඇති බව වාර්තා වෙයි. මියගියවුන් අතර වැග්නර් බිහි වූ දා සිට ප්රිගොෂින්ගේ විශ්වාසවන්ත ලුතිනන්වරයකු වූ උට්කින් ඩිමිත්රි සහ ප්රිගොෂින්ගේ ජ්යෙෂ්ඨ සහායක වැලරි චෙකලෝව් ද වූහ.
වැග්නර් කැරැල්ල දියත් කළ දා සිටම ප්රිගොෂින්ගේ ඉරණම පිළිබඳව උපකල්පන මතුවිය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැරැල්ල “ද්රෝහිකමක්” සහ “පිටුපසින් පිහියෙන් ඇනීමක්” ලෙස හෙළා දුටු අතර එයට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්රකාශ කළේය. කෙසේ නමුත් රුසියානු හිතවාදී බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙන් පුටින් හා ප්රිගොෂින් අතර සමථයක් ඇති වුවත් රුසියානු නායකයාගේ හා හමුදා නායකයන්ගේ උදහස සමනය වූවාදැයි සැක සහිතය. තහවුරු කළ තොරතුරු ඉතා අල්ප වුවත් යානය කඩා වැටීමට සලස්වා හෝ වෙඩි තබා බිම හෙළා ඇති බවට සැක සංකා මතුව ඇත. බොහෝ දෙනෙකුට අනුව එය ඝාතනයකි.
● කවුද මේ ප්රිගොෂින්?
ප්රිගොෂින් යනු කවරෙකු වුවත් ඔහුගේ පෞද්ගලික හමුදාව යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකර ඇති බව පෙනෙන්නට තිබේ. ඊට අමතරව රුසියානු නායකයාගේ උපාය මාර්ගික ක්රියාකාරකම් වෙනුවෙන් රුසියාවෙන් පරිබාහිරව විශේෂයෙන් අප්රිකානු මහාද්වීපය තුළ ඔහු තම ක්රියාන්විතයන් සිදුකර ඇති බව හෙළි වී තිබේ. ඔහු තම බලසම්පන්න නායකයා සමග කේවල් කිරීම දක්වා පැමිණෙන්නේ එකී මිලිටරි කැරිස්මාවේ අනුහසිනි.
ප්රිගොෂින් යනු වෘත්තීය හමුදා සෙබළෙකු නොව ව්යාපාරිකයෙකි. ඔහු සොරකමක් සම්බන්ධයෙන් වසර නවයක් සිරගතව සිටි බව වාර්තා වෙයි. ඉන් පසුව මිල අධික අවන්හල් ජාලයක හිමිකරු වූ අතර එයින් එක් අවන්හලක් ජනාධිපතිවරයාගේ ප්රියතම අවන්හලක් බවට පත්විය. පුටින් මහතාගේ රාජ්යතාන්ත්රික සාද සඳහා බොහෝ විට මෙම අවන්හල තෝරා ගැනුණි. මෙකී සාද ඔස්සේම පුටින් හා ප්රිගොෂින් අතර දැඩි මිත්රත්වයක් ඇති වූ අතර ප්රිගොෂින්ගේ ව්යාපාර ජාලය රුසියාව තුළ ව්යාප්ත කිරීමට මෙකී සම්බන්ධය හේතු විය.
දෙදෙනා අතර මිත්රත්වය කෙතරම් දුරදිග ගියාදැයි කිවහොත් ප්රිගොෂින් හට ක්රෙම්ලිනයට ආහාර සැපයීමේ කොන්ත්රාත්තුව භාර විය. ලොව වඩාත්ම ජීවිත තර්ජනයක් සහිත නායකයෙකුට ආහාර සැපයීම එකී නායකයාගේ අතිශයින් විශ්වාසවන්තයකුට පමණක් ලැබෙන භාරදූර වගකීමකි. ඒ නිසාම ප්රිගොෂින්ව හැඳින්වූයේ පුටින්ගේ කෝකියා යන අන්වර්ථ නාමයෙනි.
● වැග්නර් කැරැල්ල
යුක්රේනය තුළ රුසියානු හමුදා ක්රියාකාරකම් පසුබසිද්දී ප්රිගොෂින් ඉස්මතු විය. ඔහු රුසියානු සෙබළුන්ට ධෛර්ය සපයන්නකු ලෙස ඉදිරියට ගියේය. විශේෂයෙන් රුසියානු බන්ධනාගාරවල සිටි සිරකරුවන් දහස් ගණනක් තම පෞද්ගලික හමුදාවට බඳවා ගෙන ඔවුන් සමග යුද බිමට ගියේය. නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරය අල්ලා ගැනීම සඳහා ක්රියාත්මක වූ දරුණු ගැටුමේදී වැග්නර් සෙබළු විශාල වශයෙන් මිය ගියහ. යුද බිමට අවශ්ය සැපයුම් ප්රමාද කිරීම පිළිබඳව ප්රිගොෂින් රුසියානු හමුදා ප්රධානීන්ට චෝදනා කළේය. තම සෙබළුන් යුද බිමේ මරු වැළඳ ගනිද්දී මොස්කව් හමුදා නායකයන් කාර්යාල තුළට වී බළල් තඩියන් මෙන් නිදා සිටින බව වරක් ප්රකාශ කළේය. ප්රිගොෂින් දිගු කලක් තිස්සේ රුසියානු හමුදා ප්රධානීන් සමග ආරවුලක පැටලී සිටි නමුත් පසුව එය කැරැල්ලක් බවට පත්වූයේ රුසියානු හමුදාව වැග්නර් සෙබළුන් ඔවුන්ගේ අණසක යටතට ගැනීමට උත්සාහ කළ බැවිනි.
රුසියානු හමුදාව විසින් තමන්ගේ වැග්නර් හමුදා සෙබළුන් ඝාතනය කළ බවට 2023 ජුනි 23 වන දින ප්රිගොෂින් චෝදනා කළේය. ඔහුගේ සන්නද්ධ කැරැල්ල දියත් වූයේ ඉන් පසුවයි. වැග්නර් සෙබළු යුක්රේනයෙන් ඉවත් වී රුසියාවේ රොස්ටොව් – ඕ – ඩොන් නගරය අල්ලා ගත්හ. පසුව වැග්නර් හමුදා පෙළක් මොස්කව් දෙසට ගමන් කරන්නට විය.
ප්රිගොෂින්ගේ උපකල්පනය වූයේ රජයේ හමුදාවේ බොහෝ පිරිසක් තමන්ට පක්ෂපාතී වනු ඇති බවයි. එසේ නොවුණත් නිත්ය හමුදාවන්ගේ ප්රතිප්රහාර එල්ල වීමට පෙර අගනුවරට ළඟා වීමට ඔහු උත්සාහ කළේය. ඔහුගේ විරෝධය එක එල්ලේම ජනාධිපති පුටින්ට එල්ල නොවූවත් යුද්ධයට හමුදා නායකත්වය සපයන ආරක්ෂක අමාත්ය සර්ජි ෂොයිගු සහ සන්නද්ධ හමුදා ප්රධානී වැලරි ජෙරසිමොව් ඉවත් කිරීමට කටයුතු කරන මෙන් ඔහු තමන්ට හිතවත් පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.
රුසියානු හමුදා නායකයන් විසින් යුක්රේනයේ අනවශ්ය යුද්ධයක් දියත් කළ බවට වූ ප්රිගොෂින්ගේ ප්රකාශය බැරෑරුම් සහගත විය. යුක්රේනය නේටෝ හමුදා සමග එක්ව රුසියාවට එරෙහිව ප්රහාරයක් දියත් කිරීමට උත්සාහ දරන බවට මවා පාමින් රුසියානු ආරක්ෂක බලධාරීන් විසින් ජනාධිපතිවරයා හා ජනතාව රැවටූ බව ප්රිගොෂින් ප්රකාශ කළේය.
ප්රිගොෂින්ගේ කැරැල්ල පෞද්ගලිකව රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව සිදු නොවූවක් බව ප්රකාශයට පත්ව ඇතත් ජනාධිපතිවරයාගේ අණසක යටතේ පවතින රුසියානු රාජ්යයට එරෙහිව සිදු වූවක් බව බැහැර කළ නොහැක.
● පාවාදීම සමාව දිය නොහැකි වරදකි
යෙව්ගිනි ප්රිගොෂින් සැලකුනේ රුසියානු ජනාධිපතිවරයාට අතිශයින් හිතවත් ඔහුගේ සමීපතමයකු වශයෙනි. ලෝක ඉතිහාසය තුළ එවැනි අයකු විසින් මෙහෙයවනු ලබන සන්නද්ධ කැරැල්ලක් බොහෝ විට නිමා වී ඇත්තේ ලේ වැගිරුණු ගැටුමකිනි. කැරැල්ල ආරම්භ වී පැය 24 කින් නිමාවට පත්විය. කෙසේ වෙතත් යුද්ධය ක්රියාත්මකව පවතින භූමි ප්රදේශ හරහා ගමන් කරද්දී ප්රිගොෂින්ගේ හමුදාවට කිසිදු ආකාරයේ ජනතා විරෝධයක් එල්ල නොවීම කැපී පෙනෙන සිදුවීමකි. බොහෝ සාමාන්ය වැසියන් ප්රිගොෂින් යනු සැබෑ දේශප්රේමියකු ලෙස හඳුන්වා ඔහුව වැළඳ ගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ. තමන්ගේ මොස්කව් ගමන රුසියානු නායකයාට නොහොත් රුසියානු රාජ්යයට එරෙහිව කරන හමුදා කුමන්ත්රණයක් නොව යුක්තිය උදෙසා පාගමනක් ලෙස වූ ඔහුගේ හැඳින්වීම පැහැදිලි නැතත් ප්රිගොෂින් තමන් පිළිබඳව අධිතක්සේරුවකින් සිටි බව පෙනෙන්නට තිබේ.
වැග්නර් කණ්ඩායම හා ඇති කර ගත් සමථය තාවකාලික හා කෘතිම මුහුණුවරක් ගෙන තිබූ බව බැලූ බැල්මටම නිරීක්ෂණය විය. මූලික විරසකය ඇති වූයේ ප්රිගොෂින් හා රුසියානු හමුදා නායකයන් අතර බව පෙනෙන්නට තිබුණත් රුසියානු නායකයාගේ බල පරාක්රමයට එයින් ඇති වූ හානිය සුළුපටු නොවේ.
ප්රිගොෂින්ගේ ප්රකාශයන් හමුවේ රුසියානු රහස් හා ආරක්ෂක උපායමාර්ග බාහිරට හෙළිවීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය විය.
ප්රිගොෂින් හා සම්බන්ධකම් පැවැත්වූවායැයි යන සැකය මත රුසියානු ගුවන් හමුදාපතිවරයා ද ධුරයෙන් නෙරපා හැරි බව මීට පෙර වාර්තා විය. ප්රිගොෂින්ට පක්ෂපාත කණ්ඩායම් හමුදාව තුළ තවදුරටත් සිටින බවට ඇති සැකය බැහැර කළ නොහැක. තමන්ට සෘජුවම අභියෝග කළ මිනිසකු වුවද ජනාධිපතිවරයාට තම අතීත හිතවතා එක වරම ඉවත් කිරීමට නොහැකි බොහෝ හේතු තිබුණි. යුක්රේනයේ යුද්ධය සඳහා රුසියාවට වැග්නර් කණ්ඩායම අවශ්ය විය. නීත්යානුකූල හමුදාවකට කළ නොහැකි සමහර ක්රියාකාරකම් සඳහා වැග්නර් කණ්ඩායම ප්රොක්සි හමුදාවක් ලෙස යොදවා ඇති බවටත් ඔවුන්ට අවශ්ය අරමුදල් හා නියෝග සියල්ල රුසියානු රජය මඟින් ලබාදෙන බවටත් කාලයක් තිස්සේ චෝදනා එල්ල විය.
කැරැල්ලෙන් පසු ප්රිගොෂින් ජීවත් වූ සෑම මොහොතක්ම පුටින්ට අභියෝගයකි. ඔහුගේ කැරැල්ල නිසා සතුරන්ට අමතර ධෛර්යයක් ඇති වූ බව ජනාධිපතිවරයා තක්සේරු කළා වන්නටත් පුළුවන. දැන් වැග්නර් නායකයා තම පෞද්ගලික ගුවන් යානය සමඟම ඉවත්ව ගොස් ඇත. ප්රිගොෂින්ගේ මරණය හදිසි අනතුරක්ද නැත්නම් සැලසුම් කළ ඝාතනයක් ද යන්න තව බොහෝ කලක් තිස්සේ වාද විවාදයන්ට භාජනය වනු ඇත. කෙසේ නමුත් පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ජනාධිපති පුටින් පැවසුවේ නායකයකුට යම් පුද්ගලයකු වෙනුවෙන් සමාව දීමට හැකි නමුත් සියල්ලට සමාව දිය නොහැකි බවයි. “සමාව දිය නොහැක්කේ කුමකටද?” යි විමසූ විට පුටින්ගේ පිළිතුර වූයේ “පාවාදීම” යන්නයි.

ශානක ලියනගම

💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬

 වියමනක් කිරීමට තොරතුරු රැස් කරමින් සිටියදී ශානක ලියනගම විසින් මුණුපොතේ පලකර තිබු ☝☝ ලිපියද කියවුවෙමි. ඔහුට ස්තුතියි.

PM පුවත් විසින් පහත සදහන් කොටස්ද පරිවර්තනයෙන් පලකරමි.

යෙව්ගනි ප්‍රිගොෂින් Yevgeny Prigozhin රුසියානු කුලී හේවායෙකු ලෙස සේවය කලේය.

රුසියාවේ ගුවන් සේවා ඒජන්සිය වන Rosaviatsia පැවසුවේ ජූනි මාසයේදී  අක්‍රීය කරන ලද කැරැල්ලකට නායකත්වය දුන් , යෙව්ගනි ප්‍රිගොෂින්
බිම හෙ ළන ලද ගුවන් යානයේ සිටි පුද්ගලයින් 10 දෙනාගෙන් කෙනෙකු බවයි. එය මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් සිටියදී ට්වර් කලාපයේ කුෂෙන්කිනෝ ගම්මානය අසලදී කඩා වැටී ඇති බව රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි.

යෙව්ගනි ප්‍රිගොෂින්  ගේ යානය අවසන් තත්පර 30 වන තෙක් කිසිදු ගැටළුවක් පෙන්නුම් කළේ නැත

බදාදා ඔහුගේ මරණය දක්වා වැග්නර් කුලී හේවා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් රැගෙන ගිය බවට විශ්වාස කෙරෙන Legacy 600 විධායක ජෙට් යානය, එහි අවසන් තත්පර 30 තුළ ශීඝ්‍රයෙන් පහත වැටෙන තුරු කිසිදු ගැටලුවක සලකුණක් නොපෙන්වූ බව පියාසැරි ලුහුබැඳීමේ දත්ත අනාවරණය කළ

අපට සැක සහිත ප්‍රශ්නාවලියක්  ඇත.

3:19 ට. GMT,

ගුවන් යානය "හදිසි පහළට සිරස් අතට" සාදන ලදී Flightradar24 හි Ian Petchenik. තත්ත්පර 30ක් වැනි කෙටි කාලයකදී යානය අඩි 28,000ක උසින් අඩි 8,000කට වඩා පහළට කඩා වැටී ඇත.

" මොකද සිදුවුනේ,ඉක්මනින් සිදු විය,"පෙට්චෙනික් Petchenikපැවසීය.

  "ඔවුන් කුමක් සිදු වූවත් පසුව (ගුවන් යානය සමඟ) පොර බදමින් සිටින්නට ඇත" පෙට්චෙනික් පැවසීය.

නමුත් එය නාටකාකාර ලෙස පහත වැටීමට පෙර, “මෙම ගුවන් යානයේ යම් දෝෂයක් ඇති බවට කිසිදු ඇඟවීමක්නොතිබුණි. වීඩියෝවෙන් පෙන්නුම් කළේ යානය එහි නාසය කෙළින්ම පහළට කර ඇති අතර පිටුපසින් දුමාරයක් හෝ වාෂ්පයක් සමඟ වේගයෙන් බැස යන ආකාරයයි.

සිදු වූ දේ තීරණය කිරීම සඳහා රුසියානු විමර්ශකයින් අපරාධ

පරීක්ෂණයක් ආරම්භ කළහ.

  රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, සමහර නම් නොකළ මූලාශ්‍ර රුසියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඔවුන් විශ්වාස කරන්නේ යානය බිම සිට ගුවනට එල්ල කරන මිසයිල එකකින් හෝ වැඩි ගණනකින් වෙඩි තබා ඇති බවයි.

  බ්‍රසීලියානු ගුවන් යානා නිර්මාපකයෙකු වන Embraer SA (EMBR3.SA) පැවසුවේ 13 දෙනෙකුට පමණ අසුන් ගත හැකි යානයට මෑත වසරවලදී කිසිදු සේවාවක් හෝ සහායක්ල බා නොදුන් බවයි.

සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධකවලට අනුකූලව කටයුතු කර ඇති බවයි. මෙම සුඛෝපභෝගී ජෙට් යානය Flightradar24 හි RA-02795 ලියාපදිංචිය සහිතව හඳුනාගෙන ඇති අතර, කැරැල්ලෙන් පසු යෙව්ගනි ප්‍රිගොෂින්  බෙලරුස් වෙත රැගෙන ගිය ගුවන් යානයට සමාන බව මේ සම්බන්ධයෙන් දන්නා කර්මාන්ත මූලාශ්‍රයක් පවසයි.

  ඔන්ලයින් ෆ්ලයිට් ට්රැකර් Flightradar24 අවසන් වරට ගුවන් යානයේ පිහිටීම 3:11 ට වාර්තා කළේය. කඩා වැටීමට පෙර. ප්‍රදේශයේ තදබදය හෝ මැදිහත්වීම් තවදුරටත් ස්ථාන දත්ත රැස් කිරීම මන්දගාමී විය.

v  අනෙකුත් දත්ත මිනිත්තු නවයක් පුරා පැවතුනි. Flightradar24 දත්ත පැවසුවේ ජෙට් යානය එහි අවසන් විනාශකාරී කඩාවැටීමට තත්පර 30කට පෙර අඩි දහස් ගණනක නැඟීම් සහ බැසීම් මාලාවක් සම්පූර්ණයෙන් සිදු කළ බවයි.

 Flightradar24 ජෙට් යානය පිළිබඳ එහි අවසන් දත්ත සවස 3:20 ට ලැබුණි.

මුලාශ්‍රය

SyndiGate Media Inc. (Syndigate.info)

Like
Comment
Share

notes of imaginary