ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-03-13

ප්‍රෙඩ්නිසිලෝන්





ඩොක්ටර් ප්‍රෙඩ්නිසිලෝන් ගැන ලියන්නෙ නැද්ද ? 
 ගොඩක් කල් බොන්න හොඳ නැහැලු නේද ? 
වකුගඩු නරක් වෙනවා නේද ?
අන්තිමට දාපු පෝස්ට් එකෙන් පස්සෙ සෑහෙන දෙනෙක් ප්‍රෙඩ්නිසිලෝන් ගැන අහපු හන්දා අද ඒ ගැන ලියන්න හිතුණා...

ප්‍රෙඩ්නිසිලෝන් prednisilon කියන්නේ සරලවම කීවොත් කොටිකෝස්ටෙරොයිඩ් වර්ගයේ ඖශධයක්. 
මේකෙන් කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රිකාකාරිත්වය අඩුකර දමන එක.
ඇඟට ඇලජික් එකක් ආවාම, ආතරයිටිස් රෝග, හතිය, නෙප්‍රොටික් සින්ඩ්‍රෝම් වැනි වකුගඩුරෝග, අසාමාන්‍ය ලෙස මළපහ යෑම්, සමහර සමේ රෝග, සමහර පිළිකා තත්ත්ව වැනි ඇතැම් රෝගාබාධ වලදී ශරීරගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අධික්‍රියාකාරිත්වයකට පත්වනවා. 
මෙවන් අවස්තාවලදී එම රෝගීතත්වය සමනය වනතුරු පෙරකී අධික්‍රියාකාරී තත්ත්වය අඩුකරතබා ගැනීමට ප්‍රෙඩ්නිසිලෝන් වැනි ස්ටෙරොයිඩ් ඖශධ රෝගීන් හට ලබා දීම සිදුවනවා.

අතුරුආබාධ ගැන කිවහොත්

1. බර වැඩිවීම , විශේශයෙන් ම මුහුණ මහත්වීම උදරය නෙරා ඒම සිදුවෙයි.
2. ආහාර රුචිය වැඩිවීම
3. ගැස්ට්‍රයිටිස් වැඩිවීම
4. කුරුලෑ ඇතිවීම කිව හැකියි .

මීට අමතරව ප්‍රෙඩ්නිසිලෝන් දිගුකාලීන භවිතයේ දී

1. සම තුනිවීම
2. අස්ථි දුර්වලවීම
3.මානසික ප්‍රශ්න ඇතිවීම (mood changes)
4.ප්‍රෙශර් සහ දියවැඩියාව ඇතිවීම
5. ඇස්වල සුද ඇතිවීම
6. ප්‍රතිශක්තිකරණය දුර්වල නිසා ආසාදන ඇතිවීමේ අවධානම වැඩිවීම සිදුවිය හැකියි.

මේ හේතූන් නිසාම දිගුකාලීනව ප්‍රෙඩ්නිසිලෝන් ලබාදීමේදී රෝගියාගේ දියවැඩියා තත්ත්වය , අස්ථිවල තත්ත්වය වැනි බොහෝ කාරණා ගැන සැළකිලිමත් වියයුතු වනවා වගේම නිරතුරුවම එම තත්ත්වයන් අඩුවැඩි වීම ගැන පරීක්ෂා කළයුතු වනවා.

ඔබ දැනටමත්
 
1. අධිරුධිර පීඩනයට
2. දියවැඩියාවට
3. ගැස්ට්‍රයිටිස් වලට
4. සාමාන්‍ය වකුගඩු නරක්වීමට
5. ක්ශයරෝගයට
ප්‍රතිකාර ලබන අයෙක් නම් ප්‍රෙඩ්නිසිලෝන් ( සහ එම කාණ්ඩයේ වෙනත් ඖශධ ඉතා සැළකිල්ලෙන් ලබාදියයුතු වනවා.

එසේම විශාල ප්‍රෙඩ්නිසිලෝන් මාත්‍රාවක් ලබාගන්නා අයෙකුගේ එම ඖශධය එක්වරම නැවැත්වීම ද සිදු කරන්නේ නැහැ. එවිට අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ ප්‍රශ්න ඇතිවන නිසා ප්‍රෙඩ්නිසිලෝන් මාත්‍රාව ක්‍රමයෙන් අඩුකර දැමීම සිදු කරනවා.

ක්‍රියාකාරිත්වය අඩු වැඩි වන ඩෙක්සමෙතසෝන්, මෙතිල් ප්‍රෙඩ්නිසිලෝන් , බීටාමෙතසෝන් වැනි ප්‍රෙඩ්නිසිලෝන් කාණ්ඩයේ වෙනත් ඖශධ ද තිබෙනවා.
ඉතින් ඔබත් ප්‍රෙඩ්නිසිලෝන් හෝ එම කාණ්ඩයේ වෙනත් ඖශධයක් ලබාගන්නා කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගන්නා මෙන් මා ඔබට මතක් කරසිටිනවා. 

එසේම කිසිවිටෙකත් මේවා එක්වරම නවත්වාදැමීම සිදු කරන්නත් එපා.
ඇඟේපතේ අමාරුවට ගමේ කඩෙත් ගන්න තියෙන එක්තරා කුඩු පැකට් එකක ප්‍රෙඩ්නිසිලෝන් තිබේදැයි ප්‍රශ්නයක් තිබුණා. මා ඒ ගැන සොයාබැලීමක් කළා. 
නමුත් මට එය තහවුරු කිරීමක් කළ නොහැකියි. හොඳම වැඩේ දිනපතා එම පැකට් එක බොන්නෙ නැතුව ඉන්න එක...
ඇති නේද අදට... 
පෝස්ට් එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න share කර ගෙන ම යන්න. 
මේ වගේ තව පෝස්ට් කියවන්න follow කරන්න මගේ facebook page එක,

ඩොකාගේ ඩයරිය.
මං වෛද්‍ය නවෝද් කුමාරසිංහ SHO Surgery , BH Elpitiya

A day in the life

2026-03-12

අසරණ වෙන්නත් ටික දුරයි.



සරත් ෆොන්සේකා ජණාදිපතිවරණයට ඉල්ලපු මැතිවරණ සමය.
කාලය සිහිපත් කර ගන්නයි පලකලේ .
මම උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින්.
ලාබාල මනාල යුවලක්………….
මනාලයාගේ පියානෝ මගේ සමීප හිතවතෙක්.
මේ ජරමර අස්සේ මම අහනවා.
“ හීතල ඉවසන්න බැරිවද ? මුන් දෙන්නා බන්දන්නේ . කියලා.
මනුස්සයා හිනා වෙනවා.
උත්තරයක් නැතිව.

‍මම අහල තියෙන්නේ වෙලාවට සුදුසු ප්‍රශ්නයක් නෙමෙයි.

කාලය ගෙවිලා ගියා.

කාලයත් එක්ක ඒ  දෙන්නට ප්‍රශ්න.
දරුවෙකුත් ලැබුනා…. ප්‍රශ්න උග්‍රයි.
සමතකයකට එන්න බැරිවුනා.
දෙන්නා වෙන්ව ජීවත් වෙන්න පටන් ගත්තා
කාන්තා පාර්ශවය දික්කාසදය ඉල්ලගෙන උසාවි ගියා.
දික්කසාදය ලැබුනා .දරුවට පියාගෙන් නඩත්තු ලැබුනා.

විවාහ වෙන්නත් දේශය දීපය…. වගේ පස් මහ බැළුම් බලන්න ඕනි.
මට හිතුනා.
එහෙම නැතිවුනාම ගමන යා ගන්න බැරි වෙනවා.
හීතලේට උණුසුම හොයලා විතරක් බැහැ.
---------------------------------------------------------------------------------
මේ කතාවත් මුණු පොතේ පලවුවක්.

අන්තිමට ………….

—--------“අපි දෙන්නා උසාවියට ගියේ ලොකු තරහකින්. මට ඕන වුණේ එයාගෙන් පළිගන්න. එයාට ඕන වුණේ මගෙන් ගැලවෙන්න.
නඩු තීන්දුව ලැබුණා. අවුරුදු 8ක කසාදේ එක අත්සනකින් ඉවර වුණා.
උසාවි ගේට්ටුව ළඟ අන්තිම මොහොත... 
අපි දෙන්නා උසාවියෙන් එළියට බැස්සේ නාඳුනන දෙන්නෙක් වගේ. මම ත්‍රීවීල් එකක නැගලා යන්න හැදුවා විතරයි, එයා මගේ අතින් ඇල්ලුවා.
එයාගේ ඇස්වල තිබුණේ තරහක් නෙවෙයි, 
මහා ලොකු තෙහෙට්ටුවක්.
එයා මගෙන් ඇහුවා...
"නෝනා... දැන් ඔයාට සතුටුද? අපි දෙන්නා දිනුවා... ඒත් අද ඉඳන් අපේ පැටව් දෙන්නා තාත්තෙක් නැති අනාථයෝ වුණා නේද?"
ඒ වචන ටික මගේ පපුව හාරගෙන ගියා. මට උත්තරයක් තිබුණේ නෑ. මම අහක බලාගෙන ගෙදර ආවා.

ගෙදර තිබුණු මහා පාළුව... 

ගෙදර ඇවිත් දොර අරිද්දී වෙනදා වගේ "තාත්තේ" කියලා දුවගෙන එන්න ළමයි බලාගෙන හිටියා.

මම විතරක් එනවා දැකලා පොඩි පුතා මගේ බෑග් එක අවුස්සලා ඇහුවා...
"අම්මේ... කෝ තාත්තා? තාත්තා අද එන්නෙ නැද්ද?"

දිනුවද? ? 
මම දරුවො දෙන්නව බදාගෙන මහ හයියෙන් ඇඬුවා.
අපි රණ්ඩු වුණේ පුංචි දේකට. අපේ මාන්නය (Ego) නිසා අපි ඒක දුරදිග ගෙනිච්චා. අන්තිමට මම දිනුවා කියලා හිතුවට, ඇත්තටම මම පැරදිලා.
දැන් මේ ගෙදර නිදහස්... හැබැයි මාරම පාළුයි. තාත්තා කෙනෙක් නැති ගෙදරක මොන නිදහසද?

(විවාහක අයට):

රණ්ඩු වෙන්න, තරහ වෙන්න. හැබැයි කවදාවත් 'දික්කසාදේ' කියන තැනට යන්න එපා. පොඩි දේවල් ඉවසන්න පුරුදු වෙන්න.
මොකද උසාවියේ දොරෙන් එළියට එද්දී ලැබෙන "නිදහසට" වඩා, දරුවෙක් "තාත්තා" කියලා දුවගෙන එන ඒ සතුට මිල කරන්න බෑ.
මේක කියවන ඔයාලටත් පොඩි හරි හිත් අමනාපයක් තියෙනවා නම්, අදම ඒක විසඳගන්න.

පවුලක් කැඩෙන්න දෙන්න එපා!
මේ පණිවිඩය අනිත් අයටත් පේන්න Share කරමු!.







මට සමාවන්න .
මේ කතාව වියමන් කල සුරත මට අඥාත වුනාට.
A day in the life

2026-03-11

" කුලය " කියන්නෙ සංවේදී මාතෘකාවක්.




" කුලය " කියන්නෙ සංවේදී මාතෘකාවක්. ලංකාවෙ උග්‍ර කුල භේදයක් නැතත්, අදටත් කුලය ආවාහ විවාහ වලදි බහුතරයක් හොයන බලන දෙයක් වෙලා තියෙනව. කුල භේදය දරුණු විදිහට දකින්න ලැබෙන්නෙ ඉන්දියාවෙ.

ඉන්දියානු ආභාෂය එක්ක යම් විදිහක කුල භේදයක් ලංකාවෙ ගොඩ නැගෙනව. හැබැයි ඒක වෘත්තීය මත පදනම් වුණ කුල ක්‍රමයක්. මේ ලිපියෙදි ලංකාවෙ කුල පිළිබඳ කතා කරන්න යන්නෙ නැහැ. නමුත් වැදි ජනතාවට මේ කුල ක්‍රමයෙ ලැබෙන තැන සුවිශේෂී වෙන නිසාම ඒ ගැන හැඳින්වීමක් කරන්න උත්සාහ දරනවා.

කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සිංහල ජනතාවත්, වැදි ජනතාවත් ජන වර්ග දෙකක් නිසා, ඔවුන් කුල වශයෙන් සැසදීම සාර්ථක නැහැයි කියල. ඒත් සිංහලයන්ගේ වගේම වැද්දන්ගේ සමාජ අතර අන්‍යොන්‍ය ගැටීමක් අවුලක් දහස් ගණනක් පුරාවට සිද්ද වුණා.

වැදි ජනතාව විශ්වාස කරන විදිහට ඔවුන් පැවතෙන්නෙ, මහියංගනයට බුදුන් වැඩි අවස්ථාවේ ධර්මය නොඅසා පළාගිය යක්ෂ ගෝත්‍රික ප්‍රජාවගෙන්. විජයාවතරණයට පෙර ලංකාවෙ යක්ෂ ගෝත්‍රික පාලනයක් තිබුණ. කුවේණිය එහි පාලිකාවක්. ඇගේ දරුවන් වූ ජීවහත්ත දිසාලාගෙන් වැදි පරපුර පැවතෙන බවත් කියවෙනව.

මෑතක් වන තුරු වැදි ජනතාව ජීවත් වුණේ බාහිර සමාජෙන් බැහැරව මහ කැලෑවෙ සංචාරක ජීවිතයක් ගත කරමින්. මේ වැදි රැහැට එක් වුණ පළමු රාජකීයයන් විජය රජුගේ දරුවන් වුණත්, අවසන් රාජකීයයන් ඔවුන් වුණේ නැහැ.

වසර දහස් ගණනක් පුරාවට සිදු වූ විවිධ කුමන්ත්‍රණ වලදී ජීවිත ආරක්ෂාව පතා, විවිධ අවස්ථා වලදී රාජකීයන් වංශවතුන් වන වදින්න වුණා. ඔවුන්ට රැකවරණය වැදි ජන සමාජය තුල ලැබුණ.

මේ නිසාම වැදි ජනතාවට ලාංකික කුල ධූරාවලියෙ ඉහළම තලයක් හිමි වුණා. දුණු හී මානා කොළ අතු, නැත්නම් ගස් පට්ටා වලින් නිරුවත වසාගත් ජන සමාජයකට රටක කුල ධූරාවලියෙ ඉහළම මට්ටමක් හිමිවීම තරමක් පුදුම සහගතයි.

ලංකාවෙ රාජ්‍යත්වයේ සංකේතය විදිහට සැලකුම් ලබන්නෙ දන්ත ධාතූන් වහන්සේ, උන්වහන්සේ වැඩ වෙසෙන දළදා මාලිගයේ ආරක්ෂාව වෙනුවෙන් වැදි කණ්ඩායමක් සිටි බව ජනශ්‍රැතියෙ සඳහන්. එය බැහැර කල නොහැක්කෙ අදටත් දළදා මාලිගයේ සිදුවන සෑම වැදගත් මංගල්‍යයකදීම පාහේ මී පැණි රැගෙන වැදි ජනතාව සහභාගි වීම නිසා. වැදි ජනතාව කුලයෙන් පහත් කොට සැලකුවේ නම් එවැනි අවස්ථාවක් හිමි නොවන්නට තිබුණා.

හියු නෙවිල් මහතා 1885 පළකල ලිපියක මෙසේ සඳහන් වෙනවා " සිංහලයන් විසින් වැද්දන් උසස් තත්වයක ලා සලකමින් තම දූවරුන් වැද්දන්ට දීග දීමට අකමැති නොවන මුත්, එබඳු දීගයකින් උපන් දරුවෝ වැද්දන් විසින් පහත් කොට සලකනු ලබති "

1935 වසරෙදි ලංකාවේ වැදි ජනතාව ගැන ගවේෂණයක් කල විලියම් ගයිගර් ඔහුගේ, "The Language of Veddas" ලිපියේ " වැද්දෝ අභිමානවත් ජනතාවක් වෙති. ඔවුහු දේශයේ මුල් අයිතිකරුවන් ලෙස සිංහලයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නෝය" යනුවෙන් සඳහන් කරයි.

වැද්දන් සාමය සහ නිදහස ප්‍රිය කල ජන සමාජයක්. ඔවුන්ගෙ නිදහසට බාධා වුණ සෑම විටම ඔවුන් අවි අතට ගත්තා. ලංකාව ඉංග්‍රීසි යටත්විජිතවාදී න්ට යටත් වූ පසු නැඟුණු පළවෙනි කැරැල්ලෙදිම ඔවුන් තම දායකත්වය ලබා දුන්නා. කොහුකුඹුරෙ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල වැනි නායකයන් සමඟ වැදි ජනතාවද සටනට පිවිසුණා.

සටන පරාජය වෙද්දි වැද්දන් නැවත වන වදින්නෙ අවුරුදු දහස් ගණනක් සිදු කලා සේම පැරදුණු සටන්කාමීන්ගෙ දරු පවුල් වැදි රටට රැගෙන යමින් ඔවුන්ට එහි ආරක්ෂාව සපයමින්.

මේ විදිහට පසු බැහැපු වැදි ජනතාව වස 1820 දි ආයෙත් ඉංග්‍රීසීන්ට එරෙහිව අවි ඔසවන්නෙ, විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් සිංහල කුමාරයෙක් රාජ්‍යත්වයට පත් කරවීම උදෙසා. වැද්දන් විසින් මෙහෙය වූ මේ කැරැල්ල ඉතිහාස රචකයා විසින් අමතක කොට තිබීම කණගාටුවට කාරණයක්.

වැදි ජන සමාජය ඇතුලත වරිග කිහිපයකට බෙදී පවතිනවා. ඌරු වරිගෙ, තලා වරිගෙ, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, තබුඩන් වරිගෙ වගේ වරිගෙ වශයෙන් වර්ග 13 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනව. නමුත් අද වෙද්දි දකින්න ලැබෙන්නෙ ඉන් කිහිපයක් පමණයි.

විශේෂත්වය මේ වරිග වල උස් පහත් භේදයක් වැදිජන සමාජයෙ දකින්න නොලැබීම.

මීට පෙර ලිපියෙ සඳහන් කරපු මුහුදු වැද්දන්ට ඔවුන් සම්බන්ධ වන ද්‍රවිඩ සමාජයේ හිමි වන්නෙ නම් ඉතා පහත් ස්ථානයක්. බලහත්කාරයෙන් එල්ටීටීඊ සංවිධානයට බඳවාගත් මුහුදු වැදි තරුණයන්ට එහිදී පවා පහත් කොට සැලකූ බව කියවෙනව.

කුල ක්‍රමය පරිහානියට පත් වෙනව වගේම වැදි ජන සමාජයත් කාලයත් සමඟ පරිහානියට පත් වෙනව. ඒ සියල්ල නොවැළැක්විය හැකි කාලයට උරුම දේවල්. ඒ කොහොම වුණත් කාලයක් සමාජයෙ ඉහළින් වැජඹුණු වැදි ජනතාව අද සමාජයෙ යහපත් තත්වයක නැහැ.

© කෝකිල ගිහාන් විතානතන්ත්‍රී.

A day in the life

2026-03-10

දෙවියෝ ඉන්නේ මොන පැත්තෙ ද ? - මානිගේ තීරුව



මේ යුද්දෙදි දෙවියො ඉන්නෙ කාගෙ පැත්තෙද?
යුද්දයට පැටලී සිටින ඇමරිකන්,ඊශ්‍රායල් හා ඉරාන යන ජාතීන් තුනම දෙවියන් අදහන්නෝය.ඒ නිසා මේ තුන්ගොල්ලම සිතනවා ඇත්තේ දෙවියන් සිටින්නේ තමන්ගේ පැත්තේ යැයි කියාය.එහෙත් ඇත්තටම දෙවියන් සිටින්නේ කාගෙ පැත්තේද?
ඒ ප්‍රශ්නය ඇසීමේ අදහසින් මම දෙවියන් හමුවීමට ගියෙමි .
මා පැමි⁣ණ සිටි බව දැනගත් දෙවියෝ නිදිගැට කඩමින් එළියට ආහ.
"රෑ එළිවෙනතුරු ටෙලිවිෂන්නෙකේ යුද්දෙ බල බල ඉඳල මාර නිදිමතයි ඕයි "දෙවියෝ ඈනුමක් හරිමින් කියා සිටියහ."ඒක නෙවෙයි තමුසෙ හිතන්නෙ කවුරැ දිනයි කියලද මේකෙන්?"
ඒ කතාවෙන් මට පුදුම හිතුණේය .
"දෙයියොත් කියන්නෙ යකාගෙ කතාවක්නෙ.මේක ක්‍රිකට් මැච්⁣චෙකක්වත්, දෙයියො කමෙන්ටේටර් කෙනෙක්වත් නෙවෙයිනෙ දිනන්නෙ කවුද පරදින්නෙ කවුද කිය කිය ඉන්න"මම වහාම කියා සිටියෙමි."ඇයි දෙයියො වහාම මේක නවත්තන්න මැදිහත් වෙන්නෙ නැත්තෙ?"
"මේකයි බං වැඩේ.මුන් හැම එකාම යාඥා කරන්නෙ යුද්දෙ දිනවල දෙන්න කියලනෙ .ඒ වුණාට එකෙක්වත් යාඥා කරන්නෙ නෑනෙ සාමය ඉල්ලල"දෙවියෝ කළකිරැණු හඬින් කියා සිටියහ."දෙයියොන්ට වුණත් පුළුවන්කමක් නෑ කවුරැවත් ඕඩර් කරපු නැති බඩුවක් සප්ලයි කරන්න"
"ඒ වුණාට දෙයියන්ට තියෙනවනෙ දේව බලේ"මම දෙවියන්ට මතක් කර දුනිමි ."ඒ බලෙන් බැරිද අපි ත්‍රස්තවාදී ආරක්ෂක පනතෙන් කරනව වගේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ කරන්න බැරි දේවල් කරන්න.ඒ කියන්නෙ ඉල්ලීමක් නැතුවත් ලෝක සාමය ඇති කරන්න"
"තමුසෙට මැන්ටල්ද ඕයි ? ලෝක සාමය ඇතිවෙනව කියන්නෙ යුද්ද, හමුදා,බෝම්බ,තුවක්කු ඔක්කොම නැතුව ගිහින් ලෝකෙ පට්ට බෝරිං වෙනවටනෙ" දෙවියෝ පුදුම වෙමින් කියා සිටියහ. "අනික බං ලෝකෙට වීරයො කොහෙන්ද යුද්දයක්වත් නැත්නම් "
මට දැනගන්නට තවත් දේවල් තිබුණේය .
"එතකොට දැන් මිලියන ගානක් යුද්දෙ දිනවල දෙන්න කියල දවස ගානෙ දෙයියන්ට යාඥා කරනව ඇතිනෙ" මම විමසුවෙමි ."දෙයියො කියලත් කොහොමද එච්චර යාඥා තොගයක් කළමනාකරණය කරගන්නෙ?"
ඒ අසා දෙයියන්ට හිනා ගියේය .
"ඒකටනෙ බං දිව්‍ය ඥානය කියල දෙයක් තියෙන්නෙ" දෙයියෝ කියා සිටියහ."මැදපෙරදිග දේව කන්නලව් අහන්න මම චැනල් දෙකක් දාල තියෙනව.සාමෙ ඉල්ලන චැනල්ලෙක නම් මම අහනව.යුද්දෙ දිනවල දෙන්න කියන චැනල්ලෙකේ සවුන්ඩ් මියුට් කරලයි තියෙන්නෙ"
"පත්තර රස්සාවෙදි අපිට කවුරැහරි කියන්න එපා කියල රහසක් කිව්වොත් අපි ඒක උසාවියකටවත් කියන්නෙ නෑ"මම දෙවියන්ට කීවෙමි."ඒක නිසා මට විතරක් කියනවද දෙයියො කාටද යුද්දෙදි සපෝට් කියල"
"දැන් ඔය තුන්ගොල්ලම මට යාඥා කරල මිසයිල යවන එවුන්නෙ "දෙවියෝ අසරණ ලෙසින් කියන්නට වූහ."ඒක නිසා මටත් උඹලගෙ ආණ්ඩුව වගේ ඉන්න වෙලා තියෙන්නෙ බං"
අන්තිමේදී මම යන්නට නැගිට්ටෙමි.
"දෙයියන්ට මතකද ට්‍රම්ප්⁣ කමෙයිනිව මරපු දවසෙ කිව්ව මම ලෝකෙ නපුරුම මිනිහව මැරැව කියල" මම අවසාන වශයෙන් කියා සිටියෙමි."ඒ වගේ දෙයියොන්ට දිවැසින් බලල කියන්න පුළුවන්ද ලෝකෙ ඉන්න පිස්සුම මිනිහ කවුද කියල"
දෙවියෝ මට රවා දිව්‍ය භවන ඇතුළට ගොස් මහ හඬින් දොර වසා ගත්හ.



සුන්දර නිහතමානි ද මැල්
A day in the life

2026-03-09

ඉංග්‍රීසි - විදේශ කටයුතු.



ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කර සිටියත් තම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී එය භාවිතා නොකරන ලොව සිටින ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රෝව්. ඔහු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී භාෂා පරිවර්තකයෙකු යොදා ගන්නවා. ඔහුට ඉංග්‍රීසි බසට අමතරව සිංහල බසත් හොඳින් හැසිරවිය හැකියි.
චීන විදේශ ඇමතිවරයාත් තම රාජකාරී කටයුතුවලදී ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැහැ. ඔහුටත් ඉංග්‍රීසි බස හොඳින් පුළුවන්. ඔහු නමුත් නිල කටයුතුවලදී නිතරම මැන්ඩරින් බස භාවිතා කරනවා.
ඊට අමතරව වියට්නාමය, තායිලන්තය, සෞදි අරාබිය, ඉරානය වැනි රටවලත් විදේශ ඇමතිවරුත් තම මව් භාෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරනු ලබනවා.
තම මව් භාෂාව නොවුනත් හොඳින් ඉංග්‍රීසි භාෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරන විදේශ ඇමතිවරුන් ගැන කතා කරද්දි ඉහලින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ සිටම නම් දරා තිබෙනවා. ඉන්දියාවත් මේ ලැයිස්තුවේ ඉහලින් සිටිනවා.
නිදහස් ලංකාවේ පළමු විදේශ ඇමති වුණේ DS සේනානායක, ඉන් පසුව ඩඩ්ලි, ජෝන් කොතලාවල, SWRD බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන විදේශ ඇමතිවරුන් ලෙස පත්වුණා. පළමු වරට රජයේ ප්‍රධානියා නොවන්නෙකු ලෙස විදේශ ඇමති බවට වුණේ ACS හමීඩ්. ඉන් පසුව රන්ජන් විජේරත්න, හැරල්ඩ් හේරත්, ලක්ෂ්මන් කදිරගාමර්, ටිරෝන් ප්‍රනාන්දු, අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර, රෝහිත බෝගොල්ලාගම, GL පීරිස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානයක, මොහමඩ් අලි සබ්‍රි සහ විජිත හේරත් මෙරට විදේශ ඇමතිවරුන් බවට පත්වුණා.
සාමාන්‍යයෙන් ලෝකයේ රාජ්‍යතාන්ත්‍රිකයන් ඕනෑම අප්‍රසිද්ධ රටක් ජාත්‍යන්තර තලයේදී හඳුනා ගන්නේ විදේශ ඇමති ධූරයෙන්. විදේශ ඇමතිවරයා එම රටේ මුහුණුවර ලෙස බොහෝ විට කටයුතු කරනවා. ඔහුට හෝ ඇයට පුළුවන් හුණ්ඩුවක් වැනි රටක් වුණත් මහාද්වීපයක් කරන්න.
මෑත ඉතිහාසයේ ආසියාවේ බිහි වූ කීර්තිමත් විදේශ ඇමතිවරයෙක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර්ගේ නම සඳහන් කළ හැකියි. දැවැන්ත LTTE ප්‍රචාරණ යාන්ත්‍රනයට එරෙහිව තම රාජ්‍යතාන්ත්‍රික කැරිස්මාව භාවිතා කිරීමට ඔහුට හැකිවුණා. ඔහු සම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවුණත් චන්ද්‍රිකා කල් ඇතිවම ඔහුට එම ධූරය සඳහා ආරාධනා කර තිබුණා.
ජේ.ආර්ගේ රජයේ විදේශ ඇමති ධූරය හෙබවූ හමීඩ් මහා උගතෙකු නොවෙයි. ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්. එහෙත් දැන් ඒ ආදර්ශය අරන් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදේශ ඇමති කළොත්නම් මාතර අපිත් ඉවරයි.
රෝහිත බෝගොල්ලාගම මහතා පිළිබඳව විවේචන තිබෙන්නේ ඔහු දැරූ වියදම් සම්බන්ධයෙන් මිස ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව නොවෙයි. යුද්ධයේ උච්චතම කාලයේ ඔහු ලෝකය හමුවේ සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරක් කළා. විදේශ ඇමතිට පෙට්ටි කඩවලින් කාලා සමුළු ඇමතීමට නොහැකි බවයි ඔහුගේ මතය වුණේ.
රටක විදේශ ඇමතිවරයෙක් යනු ජාත්‍යන්තර සමුළුවලදී අතට අත දීම, කෙටි කතා බහ, සංග්‍රහ භුක්ති විඳීම් සහ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තම පාක්ෂිකයන්ට දැනුම් දීමෙන් ඔබ්බට ගොස් බැරෑරුම් ලෙස තම රාජ්‍ය ප්‍රතිපත්තිය තර්කානුකූලව ලෝකය හමුවේ ගෙනහැර පාන්නෙකු විය යුතුයි.
රටක් සාමාන්‍යකරණය වූ පසුබිමක මෙය එතරම් දැනෙන්නේ නැහැ. නමුත් යුද්ධයක් හෝ ආර්ථික අවගමනයක් වැනි අර්බුධකාරී පසුබිම්ක ලෝකය හා ගනුදෙනු කිරීමටනම් ඉතා උපායමාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළ යුතුයි.
විදේශ ඇමතිවරයෙකුට පමණක් නොව රාජ්‍ය නායකයෙකුට වුණත් මාධ්‍ය සාකච්ඡාවකට ආරාධනාවක් ලැබෙන විට අදාළ මාධ්‍යවේදීන් සමඟ පූර්වයෙන් සම්බන්ධ වී ඔවුන් අසන ප්‍රශ්න පිළිබඳව දැන ගැනීමට ඕනෑම රටකට අයිතියක් තිබෙනවා. එකී ප්‍රශ්නවලට ලබා දිය යුතු පිළිතුරු සකස් කරන්නේ නිලධාරීන්. ලබා දී තිබූ ප්‍රශ්ණවලට අමතරව වෙනත් ප්‍රශ්ණ ඇසුවොත් ඊට පිළිතුරු ලබා නොදී සිටීමේ අයිතිය අදාල රාජ්‍යතාන්ත්‍රිකයන්ට තිබෙනවා. එසේම ඇසිය යුතු ප්‍රශ්ණ ඇත්නම් ඒවා ලබා දීමට පවා ඔවුන්ට හැකියි. එය ලැජ්ජාවට කාරණයක් නොවෙයි.
ඊට අමතරව රාජ්‍යතාන්ත්‍රික නිල්ධාරීන් තවත් ලෙසකින් මෙවැනි කටයුතුවලදී මැදිහත් වෙනවා. අදාළ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදීන් මුණගැසී තම රටේ රාජ්‍ය නායකයා හෝ රාජ්‍යතාන්ත්‍රිකයාගේ ස්වභාවය පිලිබඳව සාකච්ඡා කරනවා. දක්ෂ නිල්ධාරීන් සිටීනම් එකී මාධ්‍යවේදීන් සමඟ විස්කි බෝතලයකින් හෝ සප්පායම් වී පූර්ව එකඟතා ඇති කර ගන්නවා.
කවුරු හරි හිතනවානම් ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කරන පුද්ගලයෙක් පුටුවේ ඉන්දවීමෙන් පමණක් රටේ විදේශ ප්‍රතිපත්තිය ලෝකයට ගෙනයන්න හැකියි කියා ඇත්‍තටම එය මුලාවක්. ශේක්ෂ්පියර්ගේ ඉංග්‍රීසියෙන් විකාර කියනවාට වඩා සරල ඉංග්‍රීසියෙන් රටේ ප්‍රතිපත්තිය කීම හොඳයි.
භාෂා දැනීම, අධ්‍යාපනය පමණක් නොවේ. ඇසූ පිරූ තැන්, නිතර පොත්පත් කියවීම, දේශපාලන අත්දැකීම් මෙන්ම ඉතිහාසය හා භු දේශපාලනික දැනීම විදේශ ඇමතිවරයෙකුට පමණක් නොව ඕනැම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට අතිශයින් වැදගත්. එසේම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හොඳින් තිබෙනවානම්
එය ඔහු නියෝජනය කරන රටට ප්‍රයෝජනවත්.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී ඉරානයේ විදේශ ඇමති ධූරය දැරුවේ මොහම්ඩ් ජවාඩ් ශරීෆ්. ඔහු එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය ලැබූ විශිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහුත් සමඟ මතවාදීව හැප්පෙන්න ට්‍රම්ප්ට බැරි වුණා. ඇමෙරිකානු දේශපාලන හා ඉතිහාසය ගැන ට්‍රම්ප්ට ඉංග්‍රීසියෙන්ම උගන්වන්න තරම් දැනුමක් ඔහු සතුයි. ඒ නිසා ජවාඩ් නිව්යෝර්ක් නගරයට පැමිණීමම ට්‍රම්ප්ට හිසරදයක් වුණා. ට්‍රම්ප්ට ඒ කාලෙ ජවාඩ්ව දෑහැට පෙන්නන්න බැහැ. ඒත් ඔහුට කරන්න දෙයක් තිබුණෙත් නෑ.
ශ්‍රී ලංකාව ගැන යම් ද්වේශකින් පසුවන මෙහෙදි හසන් වැනි මාධ්‍යවේදීන් වෙනයි. පල්කි ශර්මා වැනි මාධ්‍යවේදීන් වෙනයි. පල්කි ශර්මා කීර්තිමත් මාධ්‍යවේදිනියක් මෙන්ම නම්‍යශීලී තැනැත්තියක්. ඇය මෙහෙදි හසන් මෙන් ආක්‍රමණ ශීලී මාධ්‍යවේදියෙක් නෙවෙයි.
අප කිසිවෙක් සර්වතෝබද්‍රයන් නෙවෙයි. අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි. අවශ්‍යම කරුණු අමතක වෙන්න පුළුවන්, මඟ හැරෙන්න පුළුවන්. අනවශ්‍ය දෙයක් කියවෙන්න පුළුවන්. ඒ නිසා තමයි පූර්වයෙන් සූදානම් විය යුත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් වුණත් බොහෝ විට කතා කරන්නේ ටෙලි ප්‍රොම්ටරය බලාගෙන. ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවකට වුණත් උන් හිටි ගමන් යන්න හොඳ නැහැ. හොඳට Homework කරල යන්න ඕනෑ. රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණය තුළ ශිෂ්ඨ සම්පන්න මාධ්‍යකරුවන් අහඹු ප්‍රශ්ණවලින් දමා ගසන්නේ නැහැ. ඔවුන් වොයිස්කට් මාධ්‍යකරුවන් නෙවෙයි. විශේෂයෙන් පල්කි ශර්මා වැන්නවුන්. පූර්ව එකඟතා කඩ කරන්නේනම් ප්‍රශ්ණ මඟහැර සිටීමට අපට පුළුවන්. එය රටේ කීර්තිය පිළිබඳව ප්‍රශ්ණයක්.
සාමාන්‍යයෙන් රටක විදේශ ඇමතිවරයෙකු අපහසුතාවයකට පත්වුණොත් ඔහු පහුවදා ඉවත් කිරීම නුසුදුසුයි. ඊට කාලයක් කැප කරන්න වෙනවා. මෙහිදී අනුගමනය කළ යුත්තේ Pilot Theory. ගුවන් යානයක් පැදවීමේදී අසාර්ථක වුණොත් එය නොසළකා අධීක්ෂණයක් යටතේ ඔහුට ඊ ළඟ ගුවන් ගමන ලබා දෙනවා.
හිතවත් ජාත්‍යන්තර මාධ්‍යවේදියෙකු කැඳවා ඔහුට ප්‍රශ්ණ ලබා දී වඩාත් සංවිධානාත්මක ලෙස ලෝකය හමුවට යන්න ඕනැම රටකට පුළුවන්.
මෙය කිසිසේත්ම දේශපාලන කෝණයකින් ලියූ ලිපියක් නෙවෙයි. ඒත් ඉන්දියානු විදේශ ඇමති S. ජයසංකර් පසුගියදා පල්කි ශර්මාගේ ප්‍රශ්නයකට උත්තර දුන් ආකාරය ගැන යමක් කිව යුතුයි.
ශ්‍රී ලංකා විදේශ ඈමතිවරයා ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන බව පුන පුනා පැවසීමෙන් පසු ඊළඟ ප්‍රශ්නය යොමු වුණේ ජයසංකර්ට. ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි.
"I too suport international law"
එයින් ඔහු මුළු සභාවම සිනහ ගැන්වුවා. එපමණක් නොවෙයි ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාගේ මතයෙහි තමන්ද කොටස් කාරයෙකු බව පෙන්නුම් කළා. ඊට පෙර සභාවෙහි තිබූ ප්‍රතිචාරය ඉතා සූක්ෂ්මව තමන් වෙතද යොමු කර ගැනීමෙන් ඔහු පෙන්නුම් කළේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කලාපීය ජ්‍යෙෂ්ඨයෙකුගේ ලක්ෂණ. ඔහු තම රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව නිරවුල්ව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාව ආරක්ෂක කවයකට කාටවත් නොදැනී ඇතුළු කිරීමෙන් පසුවයි. එය කාටවත් සරලව අහුවෙන තැනක් නොවෙයි.
සම්ප්‍රදායික දේශපාලනඥයන් පැමිණෙන්නේ පවතින සමාජ ස්ථරයෙන්ම බව අප අමතක නොකළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අපි ඔවුන්ව බලයට පත්කරන්නේ හැකියාවන් සහ අඩුපාඩු නොදැන නොවෙයි. බොහෝ රටවල ප්‍රමාණික විද්වතුන් දේශපාලනයට කැඳවීමට ක්‍රමයක් තිබෙනවා. ඉන්දියාවේ ජයසංකර් මහතා ආණ්ඩුවට එන්නේ මහජන ඡන්දයෙන් නොවෙයි. ඔහු ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයායි.
ශ්‍රී ලංකාවේත් ජාතික ලැයිස්තුව හඳුන්වා දී ඇත්තේ ඒ නිසයි. ලක්ෂ්මන් කදිරගාමර්, අලි සබ්‍රි වැන්නන් පාර්ලිමේන්තුවට ආවේ ජාතික පදනමින්.ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මෙන්ම අත්දැකීම් සහිත රාජ්‍යතාන්ත්‍රිකයන් ද ජාතික ලැයිස්තුවෙන් පාලනයට සම්බන්ධ කර ගැනීම වඩා සුදුසුයි
.

සටහන - ශානක මධුෂාන් ලියනගම.



A day in the life

2026-03-08

දියේගෝ ගාර්ෂියා.




ඉන්දියන් සාගරයේ අන්තර්ජාතික මුහුදු සීමාවට ඉන්දියාව හෝ නොදැන ඇමරිකන් සබ්මැරීන් ආවෙ කොහොමද කියලා දැන් කතා වෙනවා.
ගොඩක් අය නොදන්න දෙයක් තමයි ලංකාවට දකුණෙන් ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන දියේගෝ ගාර්ෂියා දූපතේ ඇමරිකානු හමුදා කඳවුරක් තියෙන බව. ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු නාවික යාත්‍රාවලට සහය ලබා දීම වගේම ඉන්දියන් සාගර කළාපයේ බලය තහවුරු කිරීම තමයි දියේගෝ ගාර්ෂියා ඇමරිකානු හමුදා කඳවුර ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ.
දියේගා ගාර්ෂියා කියන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටා ඇති චාගෝස් කියන සුන්දර කුඩා දූපත් සමූහයේ පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් දූපතක්. 1971 වෙන තෙක් මේ දූපත්වල ස්වදේශිකයන් ජීවත් වුණා. මේ දූපත් අයිතිකරගත්ත බ්‍රිතාන්‍යය හා එක්ව ඇමරිකාව 1971දි මේ දූපත්වලින් ස්වදේශියකයන් එලවා දමලා හමුදා කඳවුරක් ස්ථාපිත කළා. දැනට ඒ හමුදා කඳවුරේ 4000ක පමණ ඇමරිකානු භටයන් සිටින බව තමයි දැනගන්නට ලැබෙන්නේ.
දැනටත් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යාත්‍රාවලට ප්‍රධාන නාවුක සහය හිමිවන්නේ දියේගෝ ගාර්ෂියා කඳවුරෙන් තමයි. එතකොට සබ්මැරීන් ආවේ කොහොමද කියලා අමුතුවෙන් අහන්න එපා. අන්තර්ජාතික මුහුදු කලාපයේ ඔය කොයි බලවතාගේ යාත්‍රාත් නිතරම යාත්‍රා කරනවා. ඒ ගැන ලෝකයට කිය කිය ඉන්නෙ නැහැ.
මේ දියේගෝ ගාර්ෂියා දූපත්වලට සැපයුම් දීම සඳහා ඒ කියන්නේ මූලිකව ආහාර පාන ලබා දීම සඳහා ගුවන් සේවයක් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා නිතර ගමන් ගන්නේ දැවැන්ත බෝයි යානයක්. මේ යානය කටුනායක නැවැත්වීමෙන් පසුව රට හරහා දකුණට පියාසර කරන අන්දම ගුවන් යානා බලන ඇප් පාවිච්චි කරන අයට නම් අමුතු දෙයක් නෙමෙයි.

ඉන්දියන් සාගර කළාපයේ සිදුවන ඕනෑම යුදමය ක්‍රියාවකදී දියේගෝ ගාර්ෂියාහි ස්ථාපිත කර ඇති යාත්‍රා මෙහෙයුම් සඳහා කැඳවීමේ හැකියාව ඇමරිකාවට තියෙනවා. මීට අමතරව සමුද්‍රීය පූර්ව ස්ථානගත කිරීමේ නැව් බලඝණය, කඳවුරේ සෞඛ්‍ය සායනය, නාවික පරිගණක සහ විදුලි සංදේශ ස්ථානය, නාවික ජංගම ඉදිකිරීම් බලඇණිය, මෙහෙයුම් සහාය පහසුකම් සහ බලඇණි සැපයුම් මධ්‍යස්ථානය ලෙසත් දියේගෝ ගාර්ෂියා කඳවුර ක්‍රියාත්මක වන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන් ඔය අන්තිමට කියපු දෙක හරිම වැදගත් හොඳේ. ඒ කියන්නේ මෙහෙයුම් සහාය පහසුකම් සහ බලඇණි සැපයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වීම කියන එක.
ඉන්දියන් සාගරයේ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ උපාය මාර්ගික ස්ථාන අත්පත් කරගනිමින් හමුදා කඳවුරු ස්ථාපිත කරන්න ලෝක බලවතුන් කටයුතු කරනවා. සහ කරමින් ඉන්නවා. ඇමරිකාව සෞදිය ඇතුළු මැදපෙරදිග රටවල් බහුතරයක් හමුදා කඳවුරු ස්ථාපිත කර තැබීම ඊට උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්. ඉන්දියන් සාගරය වෙනුවෙන් ඔවුන් දියේගෝ ගාර්ෂියා දූපත තෝරා ගත්තා.
එතකොට ලෝකයේ අනික් බලවතුන් ගැන මොකද?
ඔව්. තවත් බලවතුන් බිහිවෙද්දි ඔවුන්ටත් මේ උපාය මාර්ගික ස්ථානවල හමුදාව ස්ථාපිත කිරීමේ වැදගත්කම තේරෙන්න ගත්තා.
විශේෂයෙන් අපි දන්නවා ඉදිරියේදී ඒ කියන්නේ නුදුරු අනාගතයේදීම ඇමරිකාව සතු ගෝලීය බලය චීනය වෙත විතැන් වීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ චීනය අත්පත් කර ගනිමින් සිටින ආර්ථික බලය හමුවේ ඇමරිකානු ආර්ථික බලය බිඳවැටෙමින් තියෙනවා කියන එකයි. ඒ ගැන දන්න අය දන්නවා.
එතකොට චීනය.

ඔව්. චීනය ක්‍රමයෙන් ලෝකය පුරා තම බලය විහිදුවමින් ඉන්නවා. එතනදි චීනයටත් අවශ්‍ය වෙනවා උපාය මාර්ගික ස්ථානවල බලය ස්ථාපිත කරගන්න. චීනයත් එවැනි උපාය මාර්ගික ස්ථාන අත්පත් කරගන්න කටයුතු කරනවා.
ඉන්දියන් සාගරයේ පිහිටා ඇති හොඳම උපායමාර්ගික රට තමයි ලංකාව.
පෝට් සිටියේ වගේම හම්බන්තොට වරායෙත් වැදගත්කම වගේම අපට හයිවේ හදන්න ණය දීගෙන නැටුවේ ඇයි කියන එකේ හොඳම යටි අරමුණ දැන් තේරෙනවද?
....................
ඡායාරූප
1. දියේගෝ ගාර්ෂියා දූපත
2. දියේගෝ ගාර්ෂියා දූපත ලෝක සිතියමේ දැක්වෙන අන්දම
3. දියෝගෝ ගාර්ෂියා දූපත ආශ්‍රිතව සබ්මැරීන් සඳහා සැපයුම් දෙන ඇමරිකානු නාවික යාත්‍රාවක් - මේ ඡායාරූපය උපුටා ගත්තේ Asia Maritime Transparency Initiative කියන වෙබ් එකෙන්. මේ ලිපිය පළ වෙලා තිබුණේ 2023 වසරේදී. ඒ ලිපිය මගින් සාකච්ඡා කරලා තිබුණේ දියේගෝ ගාර්ෂියාහි සිදුවන ඇමරිකානු හමුදා ක්‍රියාකාරකම් ගැන ඉන්දියාව අසතුටින් සිටින බවයි.

-

සමනලි මදාරා හෙට්ටි ආරච්චී 



A day in the life

2026-03-07

ඩඩ්ලිටයි - රත්නෙටයි...........!!!









බොයිලේරුවෙන් තම්බා පට පනු කෝස
අමුඩ ගසන්නට දුන් තෙත රෙදි සේද
යවා බඩ උඩින් සුසිනිදු රථ රෝද
පැරකුම් නිරිඳු ණය පොත ගෙන වැඩි සේක

පෝරු උඩට බාසුමතී පොතු හැලෙන
වකුගඬු දිරා පැරකුම් සයුරට පනින
කශේරුකා කඩල දාපු මල් පිපෙන
පුලතිසි හඳ බලන් කාසෙන් කැහි කහින

විටමින් මේද ගැති සක්විති ප්‍රෝටීන
මේසෙට ගසා මෝලට කහවනු බාන
කෝ පිළිසරණ බැලතැන- පිල- ගෙඳ- මාන
ගොයියොත් ඔලුව කහමින් අං පිරිමදින

ටැට්ටර කුබෝටා මැසි පර්ගියුසන්ය
ඒ මැද වැනෙන ඇට කටු පිරි ගොවියන්ය
කුරේටර් ගිලින කරිවිල මනලොල්ය
ගල් වැලි ඉවත් කළ පුරහඳ නිකැළැල්ය

දැවෙන පපු උඩට හෙලිකොප්පර බානා
බඩවැල් රිදෙන ලොව සුක්කානම් මානා
ඔබට නිතින් රජ මැති දැසි දස් සේනා
අපට ඉතින් හොඳ රට තනකොල ඕනා......!!!
-----------------------------------------------------------
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
A day in the life

2026-03-06

ඉරානය....



ඉරානය ……

එක්වරම සිහිපත්වන්නේ “ උමා ඔයේ හිලය “ 

හිලෙන් උපන්නෝ දැන් කුමාරවරුය .ඔවුන්  ඉරානය කෙරෙහි දක්වන ප්‍රතිචාර දෙස අපි බලා සිටිමු.

ඉරානය…

අරාබි රටක් නොවේ . එය පර්සියාණු රටක්.

භාෂාව ෆාසි (Persian) .අකුරු ටිකක් සමා වුනත් භාෂාව වෙනස් .කතා විලාශය වෙනස්.

ජනගහනය මිලියන අනූ දෙකක් (92 ) කට ආසන්නයි. 60% වඩා තරුන ජනගහනයක් ඉන්නවා.

ඉරාන විශ්ව විද්‍යාල වල වැඩිපුරම අධ්‍යාපනය ලබන්නේ කාන්තා ළමයි. එය 70 % විතර ප්‍රතිශතයක්.

ගොඩාක් අරාබි රටවල් සුන්නි මුස්ලිම්වරුන් ඒත් ඉරානින් ෂියා මුස්ලිම්වරුන්. 

ඉරානය .

අවුරුදු 7000ක් පැරණ ශිෂ්ටාචාරයක් තියෙන රටක්! 

පර්සියානු රාජධානිය, පරණ නගර, කලාව, සාහිත්‍ය — මේව හැමදේම ලෝක ඉතිහාසයට බලපාපු දේවල්.

මැජික් ….පර්සියාණු සාහිත්‍යෙයන් උපන් කලාවක්.

ඛනිජ සම්පත් ගැන හිතනකොට ලෝකයේ විශාලතම ගෑස් නිධි අතර දෙවෙනියට ඉරානය ඉන්නවා.

මෙහෙව් ඉරානයට කෙළ හලන්න ඇමරිකාවට හේතු හදා ගන්න ඕන කියලා අමුතුවෙන් හිතන්න ඕන නැහැනේ.


ඉරානය, සෑම අර්බුද අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සමග එකට සිටි කල්‍යාණ මිතුරෙකි. ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ජිනීවා මානව හිමිකම් කවුන්සලේ දී ශ්‍රී ලංකාවට රැහැනිව එකට සිටගත් සෑම විටම, ඉරානය සිටියේ ශ්‍රී ලංකාවේ අප සමඟ ය. බොහෝ ඈතට දිවයන ශිෂ්ඨාචාරයක උරුමය, අපට මෙන්ම ඔවුන්ට ද හිමි ය.

ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වඩාත් වෛර කරනුයේ ශිෂ්ඨාචාරමය උරුමයක් සහිත ජාතීන්ට ය. එවැනි සභ්‍යත්වයන්ට ය. ඒවා මිහිතලයෙන් මකා දැමූ කල ඔවුන්ගේ කෙටිකාලීන ඉතිහාස කතාව වීරත්වයට ඔසවා තැබිය හැක.

ඊශ්‍රායලය හඹා යන්නේ "පොරොන්දු දේශය" අත්පත් කර ගැනීමේ අරමුණ . එයට රැහැනිව සිටින්නේ කවුද, ඒ සියලු දෙනා යුධමය වශයෙන් වැනසිය යුතු යයි ඊශ්‍රායලය සිතයි. 

මෙහෙම වියමන් කරලා තිබුනේ විමල් වීරවංශයන්.


මේ ලියැවෙන්නේ ලෝකයම කම්පා කළ, වත්මන් දේශපාලන කරළියේ බරපතළම හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳවයි. අද වන විට මැදපෙරදිග කලාපය සාමාන්‍ය ගැටුම් මාලාවකින් ඔබ්බට ගොස්, සෘජු හා විවෘත යුධ ප්‍රකාශ කිරීමක් දක්වා උඩු යටිකුරු වී තිබේ. මෙය හුදෙක් පුවත් සිරස්තලයක් පමණක් නොව, මුළු මහත් මානව සංහතියේම හෙට දවස තීරණය කරන තීරණාත්මක මොහොතකි. අද අපි දකින්නේ වසර ගණනාවක් තිස්සේ සෙවනැලි සටනක් ලෙස පැවති ඉරාන-ඊශ්‍රායල ගැටුම, දැන් විවෘත මහපාරේ සිදුවන සෘජු ගැටුමක් බවට පත්ව ඇති ආකාරයයි. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයත් සමඟ මුළු කලාපයම දැවෙන ගිනි ගොඩක් බවට පත්ව තිබේ.

දශක හතරකට වැඩි කාලයක් ඉරානය සහ බටහිර ලෝකය අතර පැවතියේ වක්‍ර සටනකි එනම් 'Proxy War' එකකි. නමුත් දැන් එම තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වී ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ව ඉරාන පාලන තන්ත්‍රය මුලිනුපුටා දැමීමේ සෘජු මෙහෙයුමකට අවතීර්ණ වී ඇත. ට්‍රම්ප්ගේ ප්‍රකාශය පැහැදිලිය. "ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමි කර ගැනීමට ඉඩ නොතැබිය යුතුය." මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ "සම්පූර්ණ බලය යෙදවීම" හරහා ඉරාන පාලනය බිඳ දැමීමයි.

ටෙහෙරාන් නුවර සිට ඉස්ෆහාන් දක්වා වූ ප්‍රධාන නගර ගණනාවකින් මහා පිපිරුම් හඬවල් ඇසෙන්නට පටන් ගෙන ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනතාවට බෝම්බ ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී තිබේ. පාසල් වැසී ඇත, මහා මාර්ග පාළු වී ඇත, මුළු මහත් දේශයක්ම මරණ බියෙන් වෙලී සිටී. තත්ත්වය තවත් උණුසුම් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "Epic Fury" (එපික් ෆියුරි) නමින් හැඳින්වෙන මහා පරිමාණ යුධ මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ට්‍රම්ප් පවසන්නේ ඉරාන පාලනය ලෝකයට සහ ඇමරිකාවට එල්ල කරන තර්ජනය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ වසර ගණනාවක් තිස්සේ පැවති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත. පෙබරවාරි මාසයේදී යළි ආරම්භ වූ න්‍යෂ්ටික සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු දැන් අළු වී ගොසිනි. ඇමරිකාව දැන් උත්සාහ කරන්නේ ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමටය. මෙය හුදෙක් යුධමය ප්‍රහාරයක් පමණක් නොව, ඉරානයේ දේශපාලන නායකත්වය ඉලක්ක කරගත් සැලසුම් සහගත මෙහෙයුමකි.

ඉරානය ද අතහැරියේ නැත. ඔවුන් වහාම ක්‍රියාත්මක වී ඊශ්‍රායලය දෙසට බැලස්ටික් මිසයිල වැලක් මුදා හැරියේය. ඊශ්‍රායල අහස මිසයිල වලින් පිරී ගිය අතර, ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක විය. එසේම ඇමරිකානු කඳවුරු වලට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් පෙළඹී ඇත. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට දරාගත නොහැකි දේශපාලන පිරිවැයක් ඇති කිරීමයි.

මෙම ගැටුම දෙස බලන විට අපට පෙනී යන කරුණු කිහිපයක් තිබේ. ඇමරිකාව උත්සාහ කරන්නේ ඉරාන පාලනය පෙරළා දැමීමටයි. නමුත් ඊශ්‍රායලයේ අභිලාෂය මීට වඩා වෙනස් විය හැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉරානය නමැති රාජ්‍යය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර, ලෝක සිතියමෙන් අතුගා දැමීමටයි. ඇත්තටම ට්‍රම්ප් සහ ඊශ්‍රායලය මේ තරම් ඉරානයට බය වන්නේ ඇයි?

එහි විද්‍යාත්මක පදනම තිබෙන්නේ යුරේනියම් සමස්ථානික වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළයි. ස්වභාවික යුරේනියම් වල තිබෙන යුරේනියම් 235 ප්‍රමාණය ඉතා අඩුයි. බලශක්තිය නිපදවීමට මෙය 3% - 5% දක්වා සාන්ද්‍රණය කළ යුතු වුවත්, න්‍යෂ්ටික අවියක් නිපදවීමට නම් එය 90% ක් දක්වා "බලගැන්විය" යුතුයි.

ඉරානය සතු 'Centrifuges' යන්ත්‍ර දහස් ගණනක් මගින් මෙම ක්‍රියාවලිය සිදු කරනවා. විද්‍යාත්මකව ගත්කල, 60% දක්වා යුරේනියම් බලගැන්වූ රාජ්‍යයකට 90% සීමාවට ළඟා වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. මෙය "Breakout Time" ලෙස හැඳින්වේ. ඊශ්‍රායලයේ ප්‍රහාරයන් ප්‍රධාන වශයෙන්ම එල්ල වන්නේ මෙම භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමිනි.

ඉරානය සතු විශාලතම ශක්තිය වන්නේ ඔවුන්ගේ මිසයිල බලඇණියයි. "Fattah" වැනි හයිපර්සොනික් මිසයිල ශබ්දයේ වේගය මෙන් 15 ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි බව ඉරානය පවසයි. මෙහි විද්‍යාත්මක විශේෂත්වය වන්නේ මේවා පෘථිවි වායුගෝලයෙන් ඉවතට ගොස්, නැවත ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් අධික වේගයෙන් ඉලක්කය කරා කඩා වැදීමයි. නූතන ඉරාන මිසයිල GPS සහ Inertial Navigation පද්ධති භාවිත කරන නිසා, මීටර් කිහිපයක නිරවද්‍යතාවයකින් පහර දිය හැකියි.

මෙයට පිළිතුරු ලෙස ඊශ්‍රායලය භාවිතා කරන "Iron Dome" සහ "Arrow-3" පද්ධති ක්‍රියා කරන්නේද ඉතා සංකීර්ණ ගණිතමය ඇල්ගොරිතම මතයි. පැමිණෙන මිසයිලයක ගමන් පථය තත්පරයෙන් පංගුවකදී ගණනය කර, එය අහසේදීම විනාශ කිරීමට තවත් මිසයිලයක් යැවීම හා ඒවා අහසේදීම ගැටීමට සලස්වා විනාශ කිරීම සැබවින්ම විද්‍යාත්මක ප්‍රාතිහාර්යයකි.

කෙසේ හෝ මේ සටන අතර තුර න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට හෝ රසායනික ගබඩාවකට ප්‍රහාරයක් එල්ල වුවහොත් සිදුවන විද්‍යාත්මක හානිය අතිමහත්ය. විකිරණශීලී කාන්දුවීම් ඇතිවුවහොත් හුදෙක් ඉරානයට පමණක් නොව, සුළං ප්‍රවාහ හරහා මුළු මැදපෙරදිගටම බලපාන පාරිසරික ව්‍යසනයක් විය හැකියි.

දැන් මේ සටන භෞතික අවි වලට පමණක් සීමා නොවේ. ඉරානයේ පාලන පද්ධති අකර්මණ්‍ය කිරීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය ලොව දියුණුම සයිබර් වෛරස් භාවිතා කරයි. මෙය පරිගණක විද්‍යාව යුධ අවියක් ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනයි. මෘදුකාංග කේතයක් මගින් යන්ත්‍ර සූත්‍ර භෞතිකව විනාශ කළ හැකි බව ලෝකය මුලින්ම දුටුවේ මෙම කලාපයෙනි. මීට පෙර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල පාලන පද්ධති අවුල් කිරීමට 'Stuxnet' වැනි මෘදුකාංග වෛරස් යොදා ගැනුණි. අද වන විට AI මගින් සතුරන්ගේ විදුලි බල පද්ධති, සන්නිවේදන ජාල සහ බැංකු පද්ධති අකර්මණ්‍ය කිරීමේ හැකියාව දෙපාර්ශවය සතුවම පවතී.

අසල්වැසි අරාබි රටවල ස්ථාවරය? සෞදි අරාබිය වැනි රටවල් ඉරානය සමඟ මිත්‍රත්වයක් නොපැවැත්වූවත්, තම අසල්වැසි රටක සිදුවන සිවිල් යුද්ධයක් හෝ අස්ථාවරත්වයක් ඔවුන්ට දරාගත නොහැක. මිලියන 92 ක ජනගහනයක් සිටින ඉරානය කඩා වැටුණහොත් නිර්මාණය වන සරණාගත අර්බුදය මුළු කලාපයටම බලපානු ඇත.

ඉරාන ජනතාවගේ හඬ? ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව එරට අභ්‍යන්තරයේ විරෝධතා පවතින බව රහසක් නොවේ. නමුත් විදේශීය ප්‍රහාරයක් එල්ල වන විට ජනතාව තම රජයට එරෙහිව නැගී සිටීවිද, නැතහොත් රට වෙනුවෙන් එකතු වේවිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඇමරිකාව බලාපොරොත්තු වන්නේ ජනතා නැගිටීමක් වුවත්, එය සිවිල් යුද්ධයකට මග පෑදිය හැකිය.

ශ්‍රී ලාංකික අපට මෙයින් ඇති බලපෑම... මැදපෙරදිග යනු අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන නහරයකි. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් එහි සේවය කරති. තෙල් මිල ඉහළ යාම, විදේශ ප්‍රේෂණ අඩුවීම සහ භාණ්ඩ මිල ඉහළ යාම හරහා මෙම යුද්ධයේ රළ පහර අපේ පුංචි දූපතටත් තදින්ම දැනෙනු ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20% ක් පමණ සිදු වේ. මෙම කලාපය අවහිර වුවහොත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අහස උසට නැගීම වැළැක්විය නොහැක.

ඉතිහාසය සාක්ෂි දරන්නේ යුද්ධයකට ඇතුළු වීම පහසු වුවත්, ඉන් පිටතට ඒම අතිශය දුෂ්කර බවයි. අහිංසක මිනිස් ජීවිත, දේපල සහ අනාගත පරපුරේ බලාපොරොත්තු මේ ගිනිදැල් වලට හසුවී අළුවී යමින් තිබේ. 

© සාගර දියගමගේ වියමනකින්























A day in the life

2026-03-05

රූපවාහිණී තිර මත පිණුම් ගහන මෝඩයෝ. - තෙල් කථා.



රූපවාහිණී විවාද අරුත් සුන් බැවින් ඒ සදහා මගේ විවේක කාලය යෙදවීම නිෂ්ඵල බව මම අවබෝධ කරගෙන ඇත්තෙමි.

හේතූ භූත කාරනා ගැන ගැන කිසිදු අවබෝධයකින් තොරව තම දේශපාලන කදවුරට ආවඩන බහුබූතත් දිග අරින බේගලුත් තමන්ගේ විදග්ධ භාවය පෙන්වන්න කැඩපතයන් බව මේ මෝඩයෝ නොසිතන්නේය.

පසුගිය දිනක තෙල් ගැන කතා කරන්න ගොස් තෙලෙන් අප බදින්නට උත්සහා කල ලක්මාලී හේමචන්ද්‍ර යින් ,

"සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක තෙල් ටැංකියක්වත් හැදුවේ නෑ"යයි තහවුරු කරන්නට උත්සහා කලේය .

මුඛරි කටක් හිමි ඇයට සවන් දීමට මේ ටිකත් බලමු.

සිරිමාවෝ බණ්ඩාරනායක යුගය (1961 - 1962)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ආරම්භය:

එතෙක් විදේශීය සමාගම් (Shell, Caltex, Mobil) සතු වූ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් 1961 දී සංස්ථාව පිහිටුවා 1962 දී වැඩ ඇරඹීය. එකල තිබුණේ කොලොන්නාව වැනි සීමිත ගබඩා කිහිපයක් පමණි. නමුත් සංස්ථාව ආරම්භ කළ විගස දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ප්‍රාදේශීය ගබඩා (Bulk Depots) 12 කට අධික ප්‍රමාණයක් අලුතින් ඉදිකිරීම ඇරඹීය.

ඩඩ්ලි සේනානායක යුගය (1969)

සපුගස්කන්ද පිරිපහදුව සහ දැවැන්ත ටැංකි පද්ධතිය:

ලක්මාලි පවසන පරිදි අලුතින් ටැංකි හැදුවේ නැත්නම්, 1969 දී සපුගස්කන්ද පිරිපහදුව ඉදිකරන විට ඒ වටා ඉදිවූ දැවැන්ත බොරතෙල් සහ නිමි තෙල් ටැංකි 40 කට අධික ප්‍රමාණය අහසින් පාත් වූ ඒවාද? මෙරට වැඩිම ඉන්ධන ධාරිතාවක් අදටත් රඳවා ගන්නේ එදා ඉදිකළ මේ ටැංකි පද්ධතිය තුළයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යුගය (2002 - 2004)

මුතුරාජවෙල විප්ලවය සහ Lanka IOC:

• මුතුරාජවෙල පර්යන්තය: 2004 දී විවෘත වූ මුතුරාජවෙල පර්යන්තය යනු මෙරට දෙවන විශාලතම තෙල් ගබඩා සංකීර්ණයයි. මුහුද මැද සිට නල මාර්ග හරහා තෙල් ලබාගත හැකි අතිනවීන ටැංකි 16 ක් මෙහි ඉදිකෙරිණි.

• Lanka IOC පැමිණීම (2003): රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී ඉන්දියානු තෙල් සමාගම මෙරටට ගෙන්වා, ත්‍රිකුණාමලයේ අතහැර දමා තිබූ චීන වරාය ටැංකි සංකීර්ණයෙන් කොටසක් අලුත්වැඩියා කර ධාරිතාව වැඩි කළේය.

මහින්ද රාජපක්ෂ යුගය (2010 - 2014)

හම්බන්තොට (මාගම්පුර) තෙල් පර්යන්තය:

හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් ටැංකි 14 ක් සහිත දැවැන්ත ගබඩා පද්ධතියක් ඉදිවිය. 

5. රනිල් වික්‍රමසිංහ යුගය (2022 - 2024) -

ලිබරල්කරණය සහ ඩොලර් වාසිය:-

ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණාත්මක පියවරක් වූයේ ලෝකයේ දැවැන්ත තෙල් සමාගම්වලට ලංකාවේ දොරගුළු විවර කිරීමයි.

• Sinopec (චීනය):

හම්බන්තොට සහ මුතුරාජවෙල ගබඩා පහසුකම් භාවිතා කරමින් ඔවුන් අද මෙරට ඉන්ධන සැපයුම සහතික කරයි.

• RM Parks (ඇමරිකාව) සහ United Petroleum (ඕස්ට්‍රේලියාව):

මෙම සමාගම් හරහා මෙරටට ලැබුණු විශාලතම වාසිය නම්, රජය සතු ඩොලර් සංචිතය වැය නොකර එම සමාගම්වල ඩොලර් වලින්ම තෙල් ගෙන්වා මෙරට ඉන්ධන පෝලිම් නැති කිරීමයි.

• ඩොලර් වාසිය:

මෙම සමාගම් පැමිණීම නිසා මාසිකව රජයට ඉන්ධන ගෙන්වීමට වැය වන ඩොලර් මිලියන 500 කට අධික බරින් කොටසක් නිදහස් විය. මෙය රටේ රුපියල ස්ථාවර වීමට සෘජුවම බලපෑවේය.

ලක්මාලිට "හුංඩුවකින්" සංග්‍රහයක් .

ලක්මාලි හේමචන්ද්‍ර "සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක්වත් හැදුවේ නෑ" කියන්නේ  ඈ දත්ත කියවීමට ඇති අකමැත්ත නිසා විය යුතුය.

• සංස්ථාව ආරම්භයේ තිබූ ධාරිතාවට වඩා දහස් ගුණයක ධාරිතාවක් අද වන විට සපුගස්කන්දේ සිට හම්බන්තොට දක්වා විහිදී තිබේ.

• ඇය කියන විදිහට, ලංකාවත් ඇය වගේම හිස පවා දමන්න පුළුවන් "හුඹස්" නම්, රටේ ලක්ෂ සංඛ්‍යාත වාහන දුවන්නේ ඇයගේ බේගල් වලින්ද ? .

1961 සිරිමාවෝ මැතිණියගේ සිට රනිල් වික්‍රමසිංහයන් දක්වා සියලු පාලකයින් මෙරට ඛනිජ තෙල් ගබඩා පද්ධතිය කාලයට සාපේක්ෂව පුළුල් කළ බව අමුතුවෙන් කිව යුතු නැත.


කීර්ති තෙන්නකෝන් ගේ වියමනකින්.

A day in the life

2026-03-04

ලෝකය දැකපු මිනිහෙක් .



ඊසෝප් කතා කීවේය.

සදාතනිකවු ඒ කතා අදටත්  ගැලපෙන්නේ අපූරුවටය.

දවසක් දඩයම්කරුවෙක්ගේ ඉල්ලක්කයෙන් ගැලවී පලා යන නරියෙකුට 

දර කපන්නෙකු හමුවිය.

නරියා තමන්ට වු ඇබැද්දිය දර කපන්නාට පවසමින් 

දඩයම්කරුගෙන් බේරීමට උදව් පැතීය.

දර කපන්නා නරියාව තම නිවසේ සැගවෙන්න

උපදෙස් දුන්නේය.

ටික වේලාවක් යන විට නරියා දුව ගිය මග ඔස්සේ දඩයම්කරුවා පැමින

දර කපන්නා දැක නරියෙකු මේ පැත්තට ආවාදැයි විමසු විට

“ නැහැ “ යයි පිලිතුරු දී අභිනයෙන් නරියා නිවස තුල සිටින බව ඉගි පලකලේය.

දඩයම්කරු එය තේරුම් නොගෙන යන්න ගියේය.

නරියා ගේ තුල සිට දඩයම්කරුගේ කපටි න්‍යාය නිරීක්ෂණය කලේය.

තවත් ටික වෙලාවක් සිට අනතුර පහව ගිය බව දැන එළියට ආ නරියා

දර කපන්නාට නොකියාම යන්න ගියේය.

තමා නිසා දිවි රැක ගත් මුත් තමාට නොකියාම නරියා ගැන 

කළකිරුණු සිතිවිල්ලෙන්

තමන් කල උදව්ව අමතක කර මෙසේ නික්ම යාම නුසුදුසු බව කී දරකපන්නාට

නරියා මෙසේ කීවේය.

රහස් සංඥා , බොරු වචන නොතිබෙන්නට මම ඔබට ස්තුති කරනවා .

ඔබ මටත් වඩා කපටියෙක් ! .


ඊසෝප් කිව්වේ ඒ කතාව.

ප්‍රසිද්ධියේ තමන්ගේ යහපත් අධ්‍යාසයන් ගැන දෙසන

දේශපාලකයන් . සමාජ ක්‍රියාකාරීන් අපිට ඕන තරම් මෙකල මුණ ගැහෙනවා.

එහෙත් ඔවුන් කටයුතු කරන්නේ සත්භාවයෙන් ද ?

බොහෝ දෙනාගේ හක්කේ දඩ මස් බොක්කේ බුදු රැස්.

මාලිමවේ , ජවිපෙ ,ජනාධිපති තුමා ඇතුළු පිරිවරගේ කතා මෙකල පිලිරැව් දෙනවා.

අපි පව් කියලා හිතෙන්නේ නැත්තේ කාටද ?.

ලෝකය දැකපු ජනාධිපති තුමා ට
අපේ රට හුණ්ඩුවක් වගේ කියලා අවබෝධ වෙලා.
ලෝකය දැකපු මිනිහෙක් අපේ රටේ ජනාධිපති කරන්න අපට අමතක වෙලා.











A day in the life