පට්ට කෙබර ලියලා තියෙන්නේ. මේ ඉංජිනේරු සංකල්ප නොතේරෙන පුද්ගලයා පූර්ව වැරදි නිගමන ගොඩක ඉදන් මේ ලිපිය ලියලා තියෙන්නේ .
තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2025-12-19
ලොව භයානකම ජලාශය .
පට්ට කෙබර ලියලා තියෙන්නේ. මේ ඉංජිනේරු සංකල්ප නොතේරෙන පුද්ගලයා පූර්ව වැරදි නිගමන ගොඩක ඉදන් මේ ලිපිය ලියලා තියෙන්නේ .
2025-12-18
ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම.
ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම දැන සිටියද. හිරු උදාවට පෙර අවදි වී ව්‍යායාම කිරීම සඳහා පියවර 10,000ක් තැබීමේ සිතුවිල්ල බොහෝ දෙනෙකුට කරදරකාරී දෙයක් විය හැකිය,
නමුත් දැන්, විශේෂඥයින් යෝජනා කරන්නේ සැතපුම් ගණනක් දිගු ඇවිදීමකින් තොරව ඇවිදීමේ ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.
ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය සම්පන්නව සිටීමට තත්පර 30ක පමණක් ව්‍යායාම් ගත හැකි අතර, එය 'ක්ෂුද්‍ර ඇවිදීම' ලෙස නම් කර ඇත. මෙම ක්‍රියාකාරකම දිගු ඇවිදීමට වඩා ප්‍රයෝජනවත් විය හැකි බව පර්යේෂණවලින් පෙනී යයි.
ක්ෂුද්‍ර ඇවිදීම් යනු ඔබේ ඊළඟ කාලය අතර විවේකයක් සහිතව එකවර තත්පර 10 සිට 30 දක්වා ඇවිදීම ලෙස අර්ථ දැක්වේ. ඒවා පඩිපෙළක් ඉහළට යාම හෝ ඔබේ කාර්යාලය වටා වටයක් කිරීම තරම් සරල විය හැකිය.
රාජකීය සංගමයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් විවිධ කාල පරතරයන් තුළ ඇවිදීමේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමට උත්සාහ කරන ලදී.
ඔවුන්ගේ පර්යේෂණයේදී, කණ්ඩායම තත්පර 10 සිට මිනිත්තු හතර දක්වා විවිධ කාල පරිච්ඡේද සඳහා ට්‍රෙඩ්මිල් එකක ඇවිද ගිය හෝ කෙටි පඩිපෙළක් නැග්ග ස්වේච්ඡා සේවකයින් භාවිතා කළහ.
කෙටි ඇවිදීම් වලින් ඇවිද ගිය පුද්ගලයින්, එකම දුරක් ඇවිදීම සිදු කළද, දිගු, මන්දගාමී ඇවිදීම් කළ අයට වඩා සියයට 60 ක් දක්වා වැඩි ශක්තියක් භාවිතා කරන බව ඔවුන් සොයා ගත්හ.
ඔබ වැඩි ශක්තියක් වැය කරන තරමට, ඔබ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරන අතර ඔබ කැලරි දහනය කරන ප්‍රමාණය වැඩි වේ.
ක්ෂුද්‍ර ඇවිදීම් යනු ඔබේ ඊළඟ ඇවිදීම අතර විවේක සහිතව එකවර තත්පර 10 සිට 30 දක්වා ඇවිදීමයි.
පර්යේෂකයන් නිගමනය කළේ කෙටි ඇවිදීම් කිරීමෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කළ හැකි අතර දිගු, ස්ථාවර ඇවිදීම් වලට වඩා වැඩි කැලරි දහනය කිරීමට උපකාරී වන බවයි.
ගෝලීය වශයෙන්, වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් නොලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ, ඇමරිකානුවන්ගෙන් අඩක් පමණ අධික බර හෝ තරබාරු අය වන අතර මරණ 300,000 ක් පමණ සිදුවන්නේ ශාරීරික අක්‍රියතාව සහ දුර්වල ආහාර පුරුදු නිසා බව CDC ඇස්තමේන්තු කර ඇත.
"ක්ෂුද්‍ර ඇවිදීම් විශේෂයෙන් ඵලදායී වන අතර, එය වාඩි වී සිටින පුද්ගලයින්ට හෝ සුවය ලබන අයට, චලනය නැවත හඳුන්වා දීමට ප්‍රවේශ විය හැකි ක්‍රමයක් ලබා දෙයි," රීචාජ් හෙල්ත් හි සම-නිර්මාතෘ සහ සායනික අධ්‍යක්ෂිකා වෛද්‍ය සුලියා ෆ්‍රොස්ට් USA Today වෙත පවසා ඇත.
ව්‍යායාම කිරීම ආරම්භ කිරීම සමහරුන්ට අධික වෙහෙසකාරී බවක් පෙනෙන්නට තිබුණත්, ක්ෂුද්‍ර ඇවිදීම් මඟින් ඔබේ දවසේ විශාල කොටසක් ගත කරන දිගු ව්‍යායාම සඳහා කැපවීමෙන් තොරව ඔබව අලුත් සෞඛ්‍ය සහ යෝග්‍යතාවයේ මාවතකට යොමු කිරීමට පටන් ගත හැකිය.
'ඇත්තටම එය ඔබට කළ හැකි දේ කිරීම ගැනයි,' SoHo Strength Lab හි සම-නිර්මාතෘ, ආහාරවේදියෙකු වන ඇල්බට් මැතිනි කාන්තා සෞඛ්‍යයට පැවසීය.
'ඔබ විශාල ඇවිදින්නෙකු නොවේ නම් සහ "මට සැතපුම් පහක් ඇවිදීමට අවශ්‍ය නැත" යැයි ඔබ සිතන්නේ නම්, තත්පර 30 ක අභ්‍යාස කරන්න. එය වඩාත් පලදායිතාවයක් අත් කරගත හැකිය.'
කෙටි ඇවිදීම් වලින් බොහෝ ප්‍රතිලාභ තිබේ.
ආහාර ගැනීමෙන් පසු මිනිත්තු කිහිපයක් ඇවිදීම පවා ආහාර ජීර්ණයට උපකාරී වන අතර රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ.
පර්යේෂණවලින් පෙනී යන්නේ දවස පුරා කෙටි චලනයන් කැලරි දහනයට සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට දායක වන බවයි.
දිගු වේලාවක් වාඩි වී සිටීම තද ගතිය, පිටුපස වේදනාව සහ ශක්ති මට්ටම් අඩුවීමට හේතු විය හැක.
සෑම පැයකටම මිනිත්තු පහක ඇවිදීමේ විවේකයක් ගැනීමෙන් රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට, සාන්ද්‍රණය වැඩි කිරීමට සහ තෙහෙට්ටුව අඩු කිරීමට හැකිය.
ඊට අමතරව, ඉක්මන් ඇවිදීම මනෝභාවය වැඩි දියුණු කිරීමට හේතු විය හැක. ක්ෂුද්‍ර ඇවිදීම් වලට ආතති හෝමෝන අඩු කිරීමට සහ නිර්මාණශීලිත්වය වැඩි කිරීමට හැකියාව ඇති අතර, ඵලදායී ලෙස ඵලදායිතාව ඉහළ නංවයි.
සහ උදාසීන ජීවන රටාවක් හෘද රෝග, තරබාරුකම සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි.
ඇවිදීම - කෙටි කාල පරතරයන් තුළ පවා - රුධිර පීඩනය නියාමනය කිරීමට, බර කළමනාකරණය කිරීමට සහ හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.
මීට අමතරව, අධ්‍යයන 60 කට ආසන්න සංඛ්‍යාවක මෑත විශ්ලේෂණයකදී, පර්යේෂකයන් ඩිමෙන්ශියාව, හෘද රෝග සහ සමහර ආකාරයේ පිළිකා අවදානම අඩු කිරීමට ප්‍රමාණවත් විය.
160,000 ක ජනතාවකගේ සෞඛ්‍ය දත්ත මත පදනම්ව, දිනකට පියවර 7,000 ක් ඇවිද ගිය අයට ඇමරිකාවේ අංක එකේ ඝාතකයා වන හෘද වාහිනී රෝග අවදානම 25% කින් අඩු විය.
ඊට අමතරව, දිනපතා පියවර 7,000 ක් ඩිමෙන්ශියා අවදානම 38% කින් අඩු කිරීමට හේතු විය.
මෙම මිනුම අනුගමනය කළ පුද්ගලයින් දිනකට පියවර 2,000 ක් පමණක් ගත් අයට වඩා මානසික අවපීඩනයෙන් පෙළීමේ සම්භාවිතාව අඩු විය.
2025-12-17
පැරසිටමෝල් .
2025-12-16
බුදුරජාණන් වහන්සේත් ධර්මය දේශනා කරන්න මැළිවුණා.
2025-12-15
කන්දට වැස්මක් .
2025-12-14
වැහි කුණාටුව
වැහි කුණාටුව ජීවිතය අවුල් කලා . දවසත් අවුල් කලා
අපේ ජීවිතදැන් යථා තත්වයට පත්වෙමින් තියෙනවා.
ඒත් කුණාටුවෙන් විපතට පත්වුන අවතැන් වුන ජීවිත…….
ආණ්ඩුව සැලී නිසල වෙමින් ඉන්න බවක් තමයි පේන්නේ.
මහින්ද ජයසිංහ කියනවා කාලගුණය වෙනස් වීම් දැනගෙන නොකියා හිටපු විපක‍්ෂයටනඩු පවරන්න ඕන කියලා.
කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ පාලක පක්ෂය යටතේ….
විපක්‍ෂය යටතේ නෙමෙයි.
මෙහෙමත් ………ඉන්නවා නේ.
ඔය අවු අස්සේ කේ.ඩී සරත් පොලොන්නරුවේ රජ වෙලා.
අවතැන් ජනතාවට සැලකුම් කල පාර්ශවයන්ට ස්තුති කරනවා.
පොලොන්නරුව රාජ්‍ය නායකයා වශයෙන්.
ඔය හෙයියම්මාරු අස්සේ මෙටාවේ මාර යුද්ධයක්. ඕං අහගම්මුකෝ.
“ මේ දවස්වල දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ මට ප්‍රශ්නයක් ?.
මමත් මේ දවස්වල එහාට මෙහාට විසි වෙන පෝස්ට් වගේම ප්‍රතිචාරත් ඉවසන්නේ හරිම විනෝදයෙන්.
මම ඒවා බැරෑරුම්ව හිතන්නත් බාර ගන්නත් පෙළඹෙන්නේ නැහැ.
සමහර වෙලාවට බරපතල ලෙස අපහාස කරන අවස්ථාත් තියෙනවා.
මගේ දේශපාලන මතය දරන්නේ නැත්නම් මම පාදඩයා, අවජාතකයා , ගවයා වෙනවා.
වලව් වල වලං හෝදන අවලංළු. ගොන් ආතල් ගන්නවා කියලත් අහන්න වෙනවා.
ඔය වගේ දේවල් දරාගත්තොත් මහත් පීඩාවක් ඇති වෙනවා බැහැර කලොත් දැනෙන්නේ සහනයක්.
“මටත් ඔය ලෙඩේ බෝවෙලා අයියේ”
මෙහෙම කිව්වේ සංවරව ප්‍රතිචාර දක්වන්නෙක්.
ජොලි වැඩේ කලබල වෙනවා දකින කොට හිතෙන දේවල් වලට හිනා.මම කියනවා.
“මදෑ ඔහොම හිටියා “ කෙටි ප්‍රතිචාරයක්.
“පොහොට්ටුවෙන් මාලිමාවට මාරැ වුන එකෙක් ඇවිස්සුවනම් තවත් මරැ..තවත් කෙනෙක්ගේ අදහසක්.
“නිදාගන ඉන්න කොටියෙක් ඇහැරෙව්ව වගේ.
මට අනුකම්පා කරන අයත් ඉන්නවා.
“හැබැයි වෙන අයගේ දේශපාලන පොස්ට් වලට උත්තර දෙනවා.......ඒත් .......ඔබගේ පොස්ට් වලට වැරැද්දක් කියන්න හිතෙන්නේ නැ....හිත් රිදවා ගන්න අකමැති නිසා .....කව්රු රජ උනත් අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන් .....එච්චරයි ....හැබැයි හම්බකරගෙන කන්න හරි රටක් තියෙන්න එපැයි ........“
මම කියනවා ….
“................මට ඒ තරම් හිතන්න දෙයක් නැහැ .දේශපාලන විග්‍රහ වලට කැමතියි .මොන විදියේ කෝන වලින් තිබුනත් කියවනවා .දේශපාලන අදහස් වලින් සමාජය එක එක ගොඩවල් වලට ගහ ගන්නේ නෑ .තම තමන්ට පෞද්ගලික අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන් .ටිකක් අප්‍රසන්න දේශපාලනය මුල් කොට ගැරහීමට ලක් කරන එක.“
“....................ගොඩක් දෙනා එහෙම නැහැ ...මොකේ උනත් තමන් තෝරාගත් කෙනාට පක්සව ලියනවා...අවුස්සගන්නවා කියන මහා දාර්ශනිකයොත් රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා“ ......මේ තමන්ගේ මතිමතාන්තර තහවුරු කරන හිතවතෙක් .
හැම වෙලාවේම කොක්කක් තමයි. මට නම් විනෝදජනකයි. ඒ්ත් රුධිර පීඩනයට නම් අගුණයි කියලා මතක් කරනවා. වැඩක් නැහැ.
“..............උන් පට්ට කුහකයෝ “ පුංචි ළමෙක් ගලක් අරන් ගැහුවා වගෙයි . කියලා මම හිතලා
මෙහෙම කියනවා
“.................ඔයාට නම් තියෙන්නේ පට්ට කේන්තියක්. මම නම් උපේක්ෂාවෙන් බලනවා .හැම කෙනාටම නිදහස්ව හිතන්න හැකියාව තියෙනවා නේ.“ කියන මට මතක් වෙනවා මම ගැන යටි හිතේ කේන්තියක් තියෙනව ද කියලා “රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා “ කියන නිසා.
.“.................................කේන්තියක් නැහැ ....අවුස්සනවා කියන්නෙ පොර ටෝක් කතාවක්....නිදහසේ ලියනකොට අවුස්සනවා කියන්නෙ මොකක්ද ? ඒක පට්ට කුහක කතාවක්.“...............
සන්සුන් වෙන තුරු තර්ක කරන එක නතර වෙන්නේ නැහැ.
එයාට ජයග්‍රණය දුන්නම මම නිදහස්.
මම දන්නවා ........ මල්ලීගේ අදහස් තහවුරු කර ගන්නා කෙනෙක් කියලා ඕන දෙයක් හිතා ගන්න .මට කමක් නැහැ
“.................ඇවිස්සුව නේද“ මේ සංවාදය බලලා තව එක්කෙනෙක් කියනවා.
....................ආදරෙයි. මම කියනවා.
රටට ආදරේ අයත් ඉන්නවා .තමන්ට ආදරේ මම වගේ අයත් ඉන්නවා.ඔය කුහකයි , අවජාතකයි වලව්වල වලං හෝදනවා කියලා කිව්වේත් ගොන් ආතල් ගන්නවා කියන්නේත් ඒ් අයට.
කුහකයිනට වෛර කරන අයත් ඉන්නවා.
ආදරේ කරන අයත් ඉන්නවා.
2025-12-13
මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද ?
ඒ කතාව අසාදෝ ,
මහවැලි ජලාශ හරහා මෙරට විදුලිබල පද්ධතියට එක්කල වෙනස හිතවතෙක් එවා තිබුණා..
එය පහතින් දැක්වෙනවා....
" ඉහළ කොත්මලේ ජලාශය කොත්මලේ ඔය හරස්කරල ඉදිකරන්නෙ මේ ජලාශයෙ ධාරිතාවය 0.8MCM (කියුබික් මීටර් මිලියන්)කුඩා ජලාශයක් මේ ජලාශයෙන් ඉහළ කොත්මලේ බලාගාරයට ජලය රැගෙන ගොස් 150 MW කිුයා කරනව.
ඒ පිටවන ජලය 172MCM ධාරිතාව ඇති කොත්මලේ ජලාශයට ගේනව එතනින් 201MW බලාගාරයක් ඉදිකරල තියෙනව.ජලයේ කොටසක් මොරගොල්ල ජලාශයට ඇවිත් 27MW බලාගාරයක් කිුයා කරනව.
මේ ජලය නුවර පොල්ගොල්ලට ගේනව පොල්ගොල්ල 1.2MCM .
පොල්ගොල්ලෙන් ජලය කොටසක් උමගක් දිගේ උකුවෙලට අරන් යනව 38MW බලාගාරයකට.
ඉතිරි ජලය මහවැලි ගග දිගේ වික්ටෝරියාවට අරන් යනව වික්ටෝරියා ජල ධාරිතාවය 721MCM.වික්ටෝරියා වලින් 210 MW නිපදවලා රන්දෙනිගලට (875MCM).ජලය රැගෙන යනව..
රන්දෙනිගලින් 126MW බලාගාරයක් හරහා රන්ටැබේට ජලය අරන් යනව.රන්ටැබේ ජල ධාරිතාවය 21MCM සහ බලාගාරය 49MW.රන්දෙනිගල සහ රන්ටැබේ අතරට උමා ඔය සම්බන්ධ වෙනව.. 150MW බලාගාරයක් උමා ඔයට අයත්.
මහවැලි ජලයත් උමා ඔයේ ජලයත් කොත්මලා ඔයේ ජලයත් රන්ටැබේට එකතු වෙනව.රන්ටැබෙන් පිටවන ජලය දකුණට සහ වමට බෙදෙනව.
දකුණු ඉවුරැ මගින් උල්හිටිය(146MCM),රත්කිද(467MCM) සහ මාදුරැ ඔය(596MCM) ජලාශ වලට ජලය බෙදනව කෘෂිකර්මාන්තයට.වම් ඉවුර මිනිපෙ ඇල මගින් ජලය අරන් යනව.
පොල්ගොල්ලෙන් 8km දිගැති උමගක් හරහා ගිය ජල කොටස සුදුගග හරස් කර නිර්මාණය කරපු බෝවතැන්න ජලාශයට එකතු වෙනව(49.9MCM).
ඒ වගේම බෝවතැන්නෙන් 40 MW බලාගාරයක් කිුයා කරනව.බෝවතැන්නෙන් පිටවන ජලය කොටසක් පරාකුම සමුදුයට යනව.
ඒ වැඩි ජලය නැවත අබන් ගගට එකතු වෙනව.තවත් ජල කොටසක් මහවැලි ගගට මුදා හැරෙනව.
මේ විදියට අංගම්මැඩිල්ලෙන් තමයි බෙදෙන්නෙ.රන්ටැබෙන් පිටවුන ජලය වම් ඉවුර සහ දකුණු ඉවුරට බෙදිල ඉතිරි කොටස මහවැලියට නැවත එක්වෙනව.
බෝවතැන්නෙන් පිටවුන ජලයෙන් තවත් කොටසක් ගිරිතලේ වැවටත් මින්නේරියටත් එනව.ගිරිතලෙන් වැඩි ජලය කවුඩුල්ලට සහ කන්තලේට බෙදනව.
මීට අමතරව බෝවතැන්නෙන් තවත් ජල කොටසක් සහ දඹුලු ඔය ජලයෙන් කලාවැව පෝෂණය වෙනව.
ඒ වගේම කොටසක් කන්ඩලමටටත් යනව(33.3MCM).කලාවැව සහ බලලු වැව (123MCM)වැව් යුගලක් ලෙස එකට පවතින්නෙ.
කලාවැවේ ජලය යෝධ ඇල නැත්නම් ජය ගග හරහා තිසා වැවට(4.3MCM) ජලය රැගෙන යනව.කලාවැවේ ජලයෙන් කොටසක් සහ සියඹලන්ගමුව(27MCM) වැවේ ජලයෙන් රාජාංගන ජලාශය(100MCM) පෝෂණය වෙනව.
කලාවැවෙන් නාච්චිදුවට (55.7MCM)සහ නුවරවැවටත් ජලය ලැබෙනව.බෝවතැන්නෙ ජලයෙන් කොටසක් යාන් ඔය හරස් කරපු හුරැලු වැවට (67.8MCM)වැටෙනව.බෝවතැන්නෙන් ජලය කොටසක් 4.8 km දිග උමගක් (tunnel )හරහා මොරගහකන්ද ජලාශයට රැගෙන යනව."
උපුටා ගැනීම අවසන්..
මෙයට අමතරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිවිශාල බිම් ප්‍රමාණයක් වගා කිරීම හරහා සිදුවූ වෙනස ,
මෙරට වෙනමම උප සංස්කෘතියක් බිහිකිරීමට තරම් ප්‍රබල වුණා..
ඒ මහවැලි ජනපද හරහායි...
ඉතින් මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද මේ රටට සම්පතක්ද...?














