wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-12-11

යකඩ මරං .





යකඩමරං වලට අපි කිව්වේ මරං කියලා. මරංගහවෙල ,මරංගොඩ අපේ පැත්තේ තියෙන ගම්මාන.
මේ පැත්තේ නිසරු බෑවුම් පතන් ලදු කැලෑ මීට අවුරුදු සීයයකට වගේ පෙර වැහිලා තිබුනේ මරං ගස් වලින්.
ජනගහණය ව්‍යාප්ත වීමත් එක්ක මේ බිම් ජනාවාස වුනා .මරං ශාඛය ටිකින් ටික පර්සරයෙන් සමුගත්තා.
ඊට අමතරව බෑවුම් සහිත කදු අක්කර දහස් ගනනක් පයිනස් යුකැලිප්ටස් වගෙ විදේශීය ශාක වලින් වැහුනා.

මහින්ද කුමාර දළුපොත මහත්තයා ගේ නිරීක්‍ෂණ එතුමාගේ වචනයෙන් මෙහෙමයි..

“යකඩමරං කෝටු නිත්තෙන්ම ගත්තේ, යපස් උණුකිරීමටයි. සබරගමු යපස් උණුකිරීමේ මූලික ඉන්ධනය .ඒ වගේම කඳුකරයේ පස් හෝදාපාළු වළකා ගත්ත ප්‍රමුඛ ශාක විශෙශ්ෂයක් තමයි , යකඩමරං ගස් . ඕනැම කන්දක ඕනැම පාංශුව්‍යුහයක් යටතේ ස්වාභාවිකව සාරෙට වැවෙන යකඩමරං ගස් ,අපේ මුතුන්මිත්තන් නිකං නිරපරාදේ කපන්නට දුන්නේ නැ ඒක තහංචියක් .

දියඌලවල් බහුල කඳුවල පස් තට්ටු පහළට රූටනවා නම්, ඒ තැන්වල යකඩමරං ගස් හිටුවීමෙන් පස රැකගත්තේ .

ඒ වගේම අව්වට ,තද වැස්සට වගේම හුළංමාරාවට හොඳින් ඔරොත්තු දීමේ ගුණය යකඩමරං ගස් සතුයි . ඉබේ බෝවෙනවා .ආයේ අමුතු රැකුම් බැලුම් ඕනේ නෑ . යකඩමරං ගස් දරට ගන්න බෑ . ඒවා ගත්තොත් මැටි මුට්ටි පැලෙනවා එච්චර දැඩි ගින්දරක් තියෙන්නේ .

යකඩමරං ගස් හා සබැඳි උරුමයන් යළි යළිත් හඳුනාගනිමින් ඒවා භාවිතයට ගත යුතු බවයි මේ සුළිකුණාටුව අපට මතක් කරලා දෙන්නේ .යකඩමරං ගස් වගේම මුල් මණ්ඩලය හරිම සවිමත් .

යකඩමරං ගස් වතු වගාවත් සමඟ විනාශ කරලා දැම්මා . දැන්වත් නායේ යන තැන්වල කඳුමුදුනේ අතරේ යකඩමරං ගස් හිටුවීමෙන් අනාගත උවදුරු වළකා ගත්ත පුළුවන් .

හැබැයි අපේ වනරක්ෂණය මනාප නැ දේශීය හා අපට ආවේණික ශාක හිටුවන්න..

ෆයිනස්, යුකැලිප්ටස්, හා අපේ කඳුකරයට නොගැලපෙන ශාක වවලා ඊගාවට එන නායේයෑමට නම් උත්තර නැ රජෝ.

A day in the life

2025-12-10

මහා යතිවරයෙක් .



උඩඟු නොව මහණ ! උඩඟු නොව මහණ !! උඩඟු නොව මහණ !!!
වර්ෂ 1752 දී මහනුවර මල්වතු මහා විහාරයේ ආවාස ගෙයි බිත්තිය මත ඉහත පාඨය තෙවරක් ලියූ තල් පතක් දක්නට තිබිණි.
එය ලියූ මහා යතිවරයාණන් නොවන්නට වර්තමානයේ ජීවත් වන අප සද්ධර්මය නොදන්නා, කිසිදු ආධ්‍යාත්මික සුවයක් නොලබන, සමාජයක සාමාජිකයන් වීමට සීයට සීයක්ම ඉඩ තිබිණි.
එහෙත් මහනුවර තුම්පනේ පිහිටි වැලිවිට ග්‍රාමයේ කුලතුංග නම් මුදලිවරයාට දාව 1698 ජූනි 18 වැනිදා උපන් කුලතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නම් පුත් කුමරා පසු කලෙක මේ ඉරණමින් අප මුදවා ගැනීමේ යුග මෙහෙවර සියතට ගත්තේය.
ඒ වනාහී අන් කිසිවෙක් නොව, පසු කලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සංඝරාජ පදවියෙන් පිදුම් ලද රාජගුරු පිණ්ඩපාතික, අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර මහනායක හිමියෝය.
උන්වහන්සේ මෙලොව එළිය දුටු කාලය වනාහී සීතාවක රජ ශිවාගම වැළඳගෙන බුදු සසුනට කළ විනාශයත්, පෘතුගීසි ආක්‍රමණයත් නිසා ලක්දිව බුදු සසුන බෙහෙවින් පිරිහී තිබූ කාලයකි.
මෙකල ශාසනය සාමණේර වහන්සේලා සහ කහ වතින් සැරසුණු ගිහියන් එනම් ගණින්නාන්සේලා සුළු පිරිසකට සීමා වී තිබිණි. මෙම ගණින්නාන්සේලා ආගමික කටයුතුවලදී කහ වතින් සැරසී එම කටයුත්ත නිමා කොට යළි ගිහි ඇඳුම් ඇඳ ගොවිතැන් කටයුතු ආදියේ නිරත වීම සාමාන්‍ය සිරිතකි.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මෙකල ලංකාධීශ්වරයා වූයේය. කුලතුංග මුදලිට තම පුතණුවන් රාජ සේවයට සමීප කරවීමට අවශ්‍ය වුවත්, කුලතුංග දරුවා වඩාත් රුචි වූයේ ආගමික කටයුතුවලටය.
පසුව හේ සූරියගොඩ විහාරයේදී සරණංකර නමින් පැවිදි වූ අතර, සරණංකර සාමණේරයෝ එකල තිබූ පත පොත හදාරමින් තම අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නට වූහ.
සරණංකර හිමි පාලි උගතකු වූ ලෙව්කේ රාළහාමි වෙතින් පාලි බසත්, වටපුළුවේ නම හා පල්කුඹුරේ අත්ථදස්සි යන අය වෙතින් පාලි, සංස්කෘත භාෂාත් උගත්තේය.
කෙමෙන් කෙමෙන් උන්වහන්සේ තමන්ට හා ධර්මයට හිතවත් පිරිසක් රැස්කර ගැනීමට කටයුතු කළහ. ඒ අතර සිටිනාමළුවේ සිල්වත් නම, ඉලිපැන්ගමුවේ සිල්වත් නම, ඊසිපිටියේ සිල්වත් නම, කළුහගොඩ සිල්වත් නම, නාගොල්ලේ සිල්වත් නම, අලුත් නුවර සිල්වත් නම, මැදවල සිල්වත් නම, කුඹල්දිවෙල සිල්වත් නම, ආදීහු වූහ. මේ පිරිස ජනතාව විසින් හඳුන්වනු ලැබූයේ සිල්වත් සමාගම නමිනි.
වැනසෙමින් තිබූ බුදු සසුන නඟා සිටුවීම උන්වහන්සේගේ ඒකායන අරමුණ වී තිබිණි. උන්වහන්සේගේ අප්‍රතිහත්‍ය ධෛර්යය පිළිබඳ පැහැදුණු රජතුමා වෙතින් එයට රාජ අනුග්‍රහයද ලැබිණි.
මෙම වකවානුවේදී ලක්දිව එකදු උපසම්පදා භික්ෂුවක් හෝ වැඩ නොසිටි අතර, උපසම්පදා වූ භික්ෂූන් වැඩ විසූ බුරුමයෙන් හා සියමයෙන් (වත්මන් තායිලන්තය) භික්ෂූන් මෙරටට වැඩම කරවා යළි ලක්බිම උපසම්පදාව ඇති කිරීම සරණංකර හිමියන්ගේ අරමුණ විය.
මේ සම්බන්ධව සරණංකර සාමණේර වහන්සේ රජුට ඉල්ලීම් කළද, සෙල්ලක්කාර ගති පැවතුම්වලින් යුත් රජතුමා එය සැහැල්ලුවෙන් සැලකීම නිසා එම අදහස ඉටු නොවිණ. නමුත් සරණංකර සාමණේර වහන්සේ එයින් නොසැලී තම ධර්ම ව්‍යායාමය නොනවත්වා සිදුකළහ.
එහි ප්‍රතිඵලයක් වූයේ මෙම සමයේදී උන්වහන්සේ අතින් ග්‍රන්ථ රාශියක් රචනා වීමය. මුණි ගුණ ලංකාරය, අභිසම්බෝධි ලංකාරය, රත්නත්‍රය ගාථා, හේසජ්ජ මංජුසා සන්නය, සතර බණවර සන්නය, මහා බෝධි වංශ සන්නය, රූප මාලාව, පාලි සන්දේශය ඒ අතරින් කැපී පෙනේ.
බුදු සමය රැකගැනීමට අමතරව, දිවයින පුරා ශාස්ත්‍ර ශාලා පිහිටුවමින්, ගිහි පැවිදි දෙපිරිසටම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාදෙමින්, ග්‍රන්ථ සම්පාදනයට මඟ පෙන්වමින් දැවැන්ත සාහිත්‍ය හා ශාස්ත්‍රීය පුනරුදයක් ඇති කිරීමටද උන්වහන්සේ පෙරමුණ ගත්හ.
අනතුරුව ශ්‍රී විජය රාජසිංහ රාජ්‍ය සමයේදී එම රජතුමා විසින් සරණංකර සාමණේර වහන්සේ රාජගුරු යන ගරු නාමයෙන් පුදනු ලැබීය.
ඉන්පසු රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේදී අමාත්‍යවරුන් දෙදෙනකු හා සිල්වත් සමාගමේ කීප දෙනෙකුන් සහිත දූත පිරිසක් නෞකාවක් මගින් සියම් දේශයට පිටත් කළද එම නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ විය.
දෙවැනි වරටද වෙනත් නෞකාවක් සියමයට යැවීමට කටයුතු කළද එයද අසාර්ථක විය. එහෙත් තුන් වැනි වතාවේදී තාර්කා නම් නෞකාව යොදා ගනිමින් උපාලි ස්ථවිර ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසි එක් දෙනෙකු මෙරටට වැඩමවා ලීමට සරණංකර ස්වාමීන් වහන්සේට හැකිවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මහ පෙරහැරින් මේ භික්ෂූහු පිරිස මල්වතු විහාරයට වැඩම කරවනු ලැබූහ. අනතුරුව එහි ඉදි කළ විසිතුරු සීමා මාලකයකදී උපාලි මහ ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කෙරිණි. ඒ 1753 වසරේ ඇසළ පොහොය දිනයේදීය.
එදින වැලිවිට ශ්‍රී සරණංකර සාමණේර වහන්සේ ඇතුළු තවත් සාමණේර වහන්සේලා පිරිසක් උපසම්පදා කිරීමෙන් ලක්දිව යළි බුදු සසුන ස්ථාපිත විය. මෙය ඓතිහාසික අවස්ථාවකි. අනතුරුව රජතුමා උපසම්පදා වූ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සඟරජ තනතුර එදිනම ප්‍රදානය කළේ ඒ සඳහා සැකසූ විජිනිපත උන්වහන්සේට පිරිනමමිනි.
1778 වසරේදී සිය දිවි පෙවෙත නිමා වන තුරුම උන්වහන්සේගේ තම ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවරට අඛණ්ඩව උර දුන් අතර එකී වෑයම නොවන්නට අද වන විට ලක්දිව බුදු සසුන සපුරා පරිහානියට පත්ව තිබෙන්නට ඉඩ තිබිණි.
එහෙත් ඒ ව්‍යසනය ආපසු හරවා ඉතිහාසය වෙනස් කිරීමේ වගකීම උන්වහන්සේ පසු නොබා සියතට ගත් සේක.
කතෘ නම සඳහන්ව නොතිබුණි.

A day in the life

2025-12-09

අයවැයට 157 යි.



විපක්‍ෂය ඡණ්දය භාවිතා කරලා නැහැ.
අයවැයට යම් යම් සංශෝධන ඉදිරිපත් කලත් ඒවා පිලි අරන් නැහැ.
ආණ්ඩු කරන්නේ එයලා නෙමෙයි නේ .
මේ වෙලාවේ අර වාහන ගෙන්වන එක වගේ යෝජනා අයවැයෙන් ඉවත් කර ගන්න තිබුනා.
ඕන තරමටත් වඩා වාහන තියෙනවා කියලා නේ කියන්නේ.
පස්ස පැත්ත තියාගෙන යන්න අළුත් වාහනම ඕනයැ.
කන්න ඔන උනාම කඹරගොයත් තලගොයා වෙනවා.
විපක්‍ෂයේ ඡණ්දය වැඩක් නැහැ 159 ක් තියෙන කොට. විපක්‍ෂය විපක්‍ෂව ඡණ්දය නොදීමත් අයවැයට විපක්‍ෂ නැහැ කියනවා වගේ සීතල විරෝධයක්.
රුවින් කියන්නේ මොකක් ද ?  කියලා බලමු .එයත් ආණ්ඩුවට විපක්‍ෂයි නේ.
ජනාධිපතිවරණයේදී ඡණ්දය ප්‍රකාශ කරපු ජනතාවට වඩා ප්‍රතිශතයක් වත්මන් ජනාධිපති සහෝදරයාට එරෙහිව ඡණ්දය භාවිතා කරලා තිබුනා.
ඒ ජනමතය තාමත් එහෙමමයි. ඒක වෙනස් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාට වාසි සහගත විදියට නෙමෙයි.
දිනෙන් දින ගව සම්පත වැඩි වෙනවා. 
- මගේ සටහන.

ජනාධිපතිතුමාගේ කථාව..
මුලින්ම අකාර්‍යක්ශම සන්නිවේදනය සහ නොසැලකිල්ල නිසා සිදුවූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට මේ තරමින්වත් සහන පැකේජයක් ලබා දීම ගැන සතුටු වෙමින් ස්තූතිවන්ත වෙමි.
ජනාධිපතිතුමනි. ඔබ තුමා සුනාමි අරමුදලක් ගැන කියනවා දුටු අතර ඒවා හොරකම් කල බව නොකියා කීවෙමි.
ඔබට අමතකද දන්නෙ නෑ සුනාමි ආවේ 2004 දෙසැම්බර් 26 බවත්, ඒ මොහොතේ චන්ද්‍රිකා රජය සමග පරිවාස ආණ්ඩුවක සිටි ජවිපෙ 2004 වන විටත් ආණ්ඩුවෙ පාර්ශවකරුවන් ලෙස ඒ මොහොතේත් සිටි බව.
2005 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ශට උදව් කිරීමේදී සුනාමි අරමුදලේ ගැටළුවක් ගැන ඔබතුමාට දැනුනේ නැතැයිද ප්‍රශ්නයක්ව පවතී..

ජනාධිපතිතුමනී..
අද රණවිරුවා ගැන ඉතාමත් ආඩම්බරයෙන් සහ මහත් වූ අභිමානයෙන් කතා කරන ඔබට මැයි මස යුධ ජයග්‍රහන දිනය සැමරුම් උත්සවයේදී රණවිරුවා කියාගැනීමට පණ නැතුව සෙබළා කියා ආමන්ත්‍රණය කල හැටි ඔබට අමතක ඇති. ඔබව එදා සැමරුමට රැගෙන ගිය විදිහ දන්නේ වටේ සිටි පිරිස පමණි.
අදටත් ඔබ කොපමණ ආඩම්බරයෙන් කතා කලත් රණවිරුවා කියා ආමන්ත්‍රණය කිරීමට ඔබට නොහැකි විය.

ජනාධිපතිතුමනී..
මීට මාස කිහිපයකට පෙර හමුදාව ලක්ශයක් දක්වාත්, ගුවන් හමුදාව 18000ක් දක්වාත්, නාවික හමුදාව 40,000 දක්වාත් අඩු කරන බව කිවේ ඔබ තුමාමය.
හැබැයි අද ඔබතුමාට පිහිටට ඇත්තේ ඒ වීරෝධාර රණවිරුවන් පමණි.

ජනාධිපතිතුමනී..
මේ රටේ කිසිම දවසක කඳු මුදුන් වල නිවාස සෑදීමේ trend එකක් තිබුනේ නැත. හැබැයි කඳු මුදුන් වල පන්සල්න සෑදුනි. ඔබ තුමන්ලාගේ 3% පාක්ශිකයින් ඒ පන්සල් විවේචනය කිරීම අප ඕනෑ තරම් දැක තිබේ.නිවාස සෑදීමේ trend එකක් නොමැති අවස්ථාවක කඳු මුදුන් වල ඉදිකිරීම් නැවැත්වීම ප්‍රෙහෙලිකාවකි.

ජනාධිපතිතුමනි..
මේ වසරේ වියදම් සඳහා ඔබ තුමා ඉදිරිපත් කල බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුව සහ දැනට පවතින බිලියන 22.5 ආපදාවට පත් වූ ලක්ශ 17ක ජනතාව වෙනුවෙන් වියදම් කරන බව සඳහන් කලාය.
නමුත් ඔබතුමාගේ අයවැයෙන් බිලියන 60ට වැඩි මුදලක් CAB රථ සඳහා වෙන්කර ඇති අතර මේ මොහොතේ ඒ අනවශ්‍ය වැය බර කපා හැර කැපකිරීමක් කිරීමට සූදානම් නැති බව අපි දුටිමු.

ජනාධිපතිතුමනී..
අවතැන් වූවන් සඳහා නිවාස සාදා ගැනීමට වෙනත් ආණ්ඩු වලින් ලබා දුන්නේ ලක්ශ 15යි, හැබැයි අපි ලක්ශ 50ක් දෙනවා කියන ලදි.
මෑත කාලයේ විශාලම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සිදු වූයේ 2016 ජල ගැල්මයි. එම අවස්ථාවේ එවකට රජය ලක්ශ 15ක් නිවසක් සඳහා ලබා දෙන අවස්ථාවේ සිමෙන්ති කොට්ටයක මිල රු.660කි.
අද සිමෙන්ති කොට්ටයක මිල 1920කි.
භාණ්ඩ වල මිල තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙන අවස්ථාවේ තුන් ගුණයකින් සහනාධාරය ඉහළ නැංවීම අනිවාර්‍යයෙන් කල යුතුය.
එය ඉලක්කමින් ලොකු ප්‍රමාණයක් වූවත් උද්ධමනය නිසා රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිපලයක් ලෙස එදා ලක්ශ 15න් ඉදි කල ප්‍රමාණයට වඩා විශාල නිවසක් අද ලක්ශ 50න් වත් ඉදිකල නොහැක.
එදා මේසන් වරයෙකුගේ පඩිය 1200ක් වූ අතර අත් උදව් කරුවෙකුගේ පඩිය රු.750කි.
අද මේසන් වරයෙකුගේ අවම පඩිය 4000ක් වන අතර අත් උදව් කරුවෙකුගේ අවමය 2800කි.
ජනාධිපතිතුමනී.. ඉලක්කම් ලොකුයි.. හැබැයි එයින් කරන්න පුලුවන් වනුයේ වෙනත් ආණ්ඩු කල ප්‍රමාණයම තමයි.

ජනාධිපතිතුමණී..
ඔබතුමාගේ මුදල් එකතු කිරීමේ කමිටුව විවේචනය සම්බන්දයෙන් විශාල දුකකින් සහ තරහකින් සිටි බව අපිට දැනුනි.
නමුත් ඔය කමිටු සාමාජිකයින් බහුතරයක් ගෝටාබය ආණ්ඩුවේ ආර්ථික උපදේශකයින් ලෙස වැඩ කරන කාළයේ ඔබතුමන්ලා ඔවුන්ව විවේචනය කල හැටි අපට අමතක වී නැත.

අවසාන වශයෙන් ජනාධිපතිතුමණී.. වටගලගේ කන හරහා මොලයට ටොකු ඇනීම ගැන ඔබට ස්තූතී වන්ත වන අතර ඔය උද්දච්ව් මැති ඇමතිවරුන් මහපොලවට ගෙන්නාගන්නා ලෙස ඉල්ලා සිටිමි..
රට ගොඩ නැගීමට දිවා රෑ නොබලා ඔබ තුමා මහන්සි වන බව ප්‍රංශයෙන් අපට දිනපතා මතක් කරන බැවින් ඒ මහගු කාර්‍යට ඔබ තුමාට ස්තූතිවන්ත වෙමි.
අපි ඩොලර් එවන්න කියන්නේ නැත.
අපි මිනිස්සු පාරට බස්සල උද්ගෝෂණ කරවලා ව්‍යසන අවස්ථාවේ වාසි ගන්නේ නැත..
කොටින්ම කිවුවොත් මීට පෙර ව්‍යසන අවස්ථාවකදී ජෙප්පන් හැසිරුනු අයුරින් අපි හැසිරෙන්නේ නැත.

මොකද මේක අපෙත් රට. මේක වැටෙනවාට අපි කැමති නැත.

- Ruwin Fernando

A day in the life

2025-12-08

MATURA - මාතර .




මාතර පරණ ගාලු පාරේ 99 වැණි සැතපුම් කණුවේ කොටා ඇති MATURA
මෙය පරණ ගාලුපාරේ 1700 වකවානුව දක්වා ඉතිහාසයක් ඇති මාතර මහ වලව්ව නොහොත් ඉලංගකෝන් මුදලි වලව්ව හි ආසන්නයේ මේ 99 සැතපුම් කණුව පිහිටා ඇත...

රුහුණු රට හා මාතොට

රුහුණු මායා සහ පිහිටියැයි පැරණි ලක්දිව ප්‍රධාන රටවල් තුනකට බෙදා තිබිණි. මෙයින් රුහුණු රට හා මායා රට හෙවත් මලය රට" මුල සිට ම දීපවංසයෙහි හා මහාවංසයෙහි සඳහන් වේ. එහෙත් පිහිටි රට හෙවත් රජ රට ගැන පළමු වරට මහාවංසයේ සඳහන් වන්නේ නව වැනි සියවසේ දී සිටු වැනි කාශ්‍යප රජුන් සමයේ දී ය.

රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය මහවැලි ගඟට පීනා ඔය එක් වූ කටුගස්තොට දී බෙදුණ බව වර්තාගතය. සමනොළින් පටන් ගෙන ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහාචාලුකා නදිය හෙවත් මහවැලි ගඟත් එසේම සමනොළින් ඇරඹී කළුතොට දී මුහුදට වැටෙන කාලගංඟා හෙවත් කළු ගඟත් උතුරු මායිම් ලෙස ඇති ව කළුතර සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදින් වට වූ ලක්දිව දකුණු පෙදෙස පැරණි රුහුණු රට විය. රජ රටට අයත් ප්‍රදේශයක් වු දක්ඛිණ දේශයට පස්දුන් කෝරලය අයත් විමත් සමඟ කළු ගඟ වෙනුවට බෙන්තොට ගඟ රුහුණේ මායිම ලෙස ගැනෙන්නට විය. මෙය වූයේ පළමු පැරකුම්බාවන් සමයේය.

දොළොස් වැනි සියවසේ සිටම මෙම බෙදීම මෙසේ ම පැවැතිණි. දහහතර වැනි සියවසට අයත් මහකඩයිම් පොතීන් හා දහඅට වැනි සියවසට අයත් ත්‍රි සිංහලේ කඩයිම් පොතීන් මෙම ප්‍රදේශ වල විස්තර දත හැකි අතර, ත්‍රිසිංහලේ කඩයිම් පොත රුහුණු මායා පිහිටි රටවල මායිම් විස්තරය හොදින් පැහැදිලි කරයි. එකී විස්තර අනුව වර්තමාන ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, මඩකලපුව යන දිසා
.
මුළුමනින් ද මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමල දිසා වලින් කොටස් ද පැරණි රුහුණට අයත් වේ. මේ අනුව මහනුවර නගරයත් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයයේ සංඝාරාමය හැරෙන්නට ඉතිරි කොටසත් අයත් වන්නේ රුහුණටය.

පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලය තුළ මෙකී පැරණි රට බෙදීම ව්‍යවහාරයෙන් ඉවත් වන්නට වුයේ විටින් විට ඔවුන්ගේ වසඟයට ගත් ප්‍රදේශ වෙනස් වූ නිසාය. පෘතුගීසින් ලක්දිව මුහුදුබඩ පෙදෙස් අයත් කර ගත් පසු 16 වැනි සියවසේ දී විමලධර්මසූරිය රජතුමා (1592 - 1604) ස්වාධීන සිංහල රාජ්‍යයේ අග නුවර කන්ද උඩ පස් රටේ සෙංකඩගලට ගෙන ගියේ ය. ඉන් පසු මහනුවර ලෙස හැඳින් වෙන එම නගරය හා සිංහල රජුට අයත් ප්‍රදේශ උඩ රට ලෙස හඳුන් වන ලදුව විදේශිකයන් සතු මුහුදුබඩ පෙදෙස් පහතරට ලෙස හඳුන් වන්නට විය. සිංහලයන් අතර භේද ඇති කොට පාලනය කිරීමේ දී උඩ පහත භේදය විදේශිකයෝ අවියක් කොට ගත් හ.

පැරණි රුහුණේ මධ්‍ය ස්ථානය මාගම යි. ඒ අවට ප්‍රදේශයේ එවැනි ආර්ථික, සාමාජික සාමයික දියුණුව සොයා ගෙන ඇති නටබුන්වලින් හා ශිලා ලේඛන වලින් අනාවරණය වේ. එහෙත් කළු ගඟ සිට නිල්වලා නදිය දක්වා වු රුහුණට අයත් පෙදෙස ක්‍රිස්තු වර්ෂයෙන් දොළොස් වැනි සියවස දක්වා එ තරම් ජනාවාසව තිබූ බවෙක් නො පෙනේ. 12 වැනි සියවසේ සිට මේ පෙදෙස් ජනාවාස වන්නටත් දියුණු වන්නටත් පටන් ගති. 13 වැනි සියවස වන විට රුහුණේ මධ්‍ය ස්ථානයෙක ස්වරූපය දොළොස් දහස් රටට අයත් මාතොට උසුලන්නට විය. නිල්වලා ගඟ මුව දොර දියුණු වෙමින් පැවැති මාතොට සිරිය 14, 15 වැනි ශතවර්ෂ වල මා තොට හරහා දෙවිනුවර උපුල්වන් දෙවුරද කරා ගිය මයුර පරෙවි සන්දේශ වලද දෙවිනුවර සිට මා තොට හරහා යැවුණු තිසර කෝකිල සන්දේශ වලද සඳහන් වේ.

කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල 1597 දී සිය රාජධානිය පෘතුගීසින්ට පවරා මිය ගිය විට ඔහුට අයත්ව තිබූ මාතොට දිසාව පෘතුගීසින්ට අයත් විය. වර්ෂ 1645 දී පමණ එම
.

ප්‍රදේශ ලන්දේසීන්ටත් 1796 දී ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසින්ටත් මාතොට දිසාව අයත් විය.

මාතොට නාමය මහාතිත්ථ යන්නෙන් බිඳේ. මහාතිත්ථ ලෙස මහාවංසය හැඳින් වූයේ වයඹ ප්‍රදේශයේ මන්නාරම අසල මාතෛයි යන්නයි. නිල්වලා ගඟ අසල වූ මහා තොට නිසා මාතොට ලෙස සැලැකුණු මාන්තොට මහාතිත්ථ ලෙස මහනුවර යුගයේ දී පාලියෙන් හඳුන්වා තිබේ.

මාතොට ඇත්නිලය ගැන මයුර සංදේශ කතු දකියි. ත්‍රි සිංහලේ කඩයිම් පොත මා තොට දෙව්නුවර ගැන සඳහන් කරයි. රාජාධි රාජසිංහ රජ (1780 - 1798) මාතොට යතිවරයන් ගැන කවියෙන් විමසයි.

පාලි - කාලතිත්ථ > කළුතොට > කළුතර විය. එසේ ම භීමතිත්ථ > බිම්තොට > බෙන්තොට බෙන්තර විය. එහෙත් ගිම්හතිත්ථ > ගිම්තොට ගින්තොට වී එසේම ව්‍යවහාර විය. එය ගින්තර වූයේ නැත. මාතොට නාමයද අද දක්වා මාතොට ලෙස ව්‍යවහාර වන්නට ඉඩ තිබුණ ද පෘතුගීසීන් ගේ වැරැදි උච්චාරණය නිසා එය මාතර බවට පත්වී යයි මතයෙකි.

වර්ෂ 1606 පෘතුගීසි සිතියමක මාතොට මම්පොර Matvre ලෙසත් සසොන් නමැති ප්‍රංශ ජාතිකයා ගේ ලක් සිතියමේ (1652) එය මාතුරෙ Mature ලෙසත් 1677 දි බැල්ඩෙයස් Baldaeus නමැති ලන්දේසි ජාතිකයා ඇඳි ලංකා සිතියමේ එය Matura ලෙසත් රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයාගේ 1681 වර්ෂයට අයත් සිතියමේ ද එසේමත් මා තොට ලකුණු කර ඇත.

මාතර නාමය ඉදිරියට වෙනස් නො වේ. එහෙත් ඒ නමින් හැඳින්වෙන නගරයත් ප්‍රදේශයත් තව තවත් ප්‍රගතිය කරා ඉදිරියට වෙනස් වන බව සත්‍යයෙකි.

එච්. ඒ. පී. අභය වර්ධන ගේ ලිපිය ක්

1. දීපවංසය පරි: 18 ගාථා 23, 40 මහාවංසය පරී: 22 ගාථා 6, 8;
2. .Θ. පරී: 7 ගාථා 67, 68;
3. ම වං 08. 52 04;
4. ලංකා විශ්වවිද්‍යාල සමාලෝචනය වෙළුම IX 26 පිටුව
5 යූ. සී. ආර්. වෙළුම VII පිටුව 142;
6 ම. වං පරී. 48 ගාථාව 81 " පරී. 51 ගාථාව 28
7 '' පිතරං. සංඝරාජෙන පෙසිතං ධම්මපාලප්පමුඛාය සිස්සසුනුතං. මහාතිත්ථ රට්ඨ වාසීනං '' ගල්කෙමේ රජමහා විහාරයට අයත් සරණංකර සඟරජ හිමියන් එවන ලද විපරම් පත්‍රය

මුණු පොතෙන් -  Hmsk Herath
A day in the life

2025-12-07

සන්සුන් වෙන්න සීයේ .



හෙයියම්මාරුවට ආවේ බොහෝම කාලෙකින් පස්සේ.


හෙයිම්මාරු නම් අපමනයි. ඒවා කියන්න ගියොත් වෙන්නෙත් හෙයියම්මාරු මයි. 

දැන් ඉස්සර වගේ නෙමෙයි. ඕන දෙයක් කියලා සාවදානව පිලිතුරු අහන්න බැහැ.

බොහෝම දෙනෙක් මේ දවස් වල දෙඹරු වගෙයි. පොඩ්ඩ බැරිවෙන කොට දෂ්ඨ කරනවා.

හොදම ප්‍රතිකර්මේ කූඩු තියෙන තැන්වල සැරිසරණ එක නවත්තන එක.

දෙඹර කූඩු වුනත් කඩලා දාන්න හොද නෑ.ඒවායේ පැණි  බෙහෙතටත් ඕන වෙනවා.

හදාගත්ත කූඩුව කඩා දමයි කියන අස්ථාන බිය හින්දා දෂ්ඨ කරලා,

විලෝපිකයින් පන්නා දමන කුපිත මනසක් දෙඹරුන්ට ඇති වෙලා තියෙනවා.

විලෝපිකයින්ට ඒ තරම් රුදාවක් නැහැ.

විලෝපිකයින් බදාගත්ත බෙරේ ගහගන්න කියලා බලා ඉන්නවා.


මගේ මුණු පොතේ රට ගැන කතා කරන එක දෙඹර කූඩු වලට ගල් ගහනවා වගෙයි.

කූඩු එකිනෙක කඩලා අයින් කරලා ටිකින් ටික සාම කලාපයක් කරගෙන යනවා.

ඒකත් පාඩු තමයි. ඒත් මක්කොරන්න ද ?.


මීදුම පොස්ට් එකකට මෙහෙම මේ  ප්‍රතිචාරය කලා.

“ජනාධිපතිතුමනී..

අවතැන් වූවන් සඳහා නිවාස සාදා ගැනීමට වෙනත් ආණ්ඩු වලින් ලබා දුන්නේ ලක්ශ 15යි,

හැබැයි අපි ලක්ශ 50ක් දෙනවා කිව්වා.

මෑත කාලයේ විශාලම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සිදු වූයේ 2016 ජල ගැල්මයි.

එම අවස්ථාවේ එවකට රජය ලක්ශ 15ක් නිවසක් සඳහා ලබා දෙන අවස්ථාවේ සිමෙන්ති කොට්ටයක මිල රු.660කි.

අද සිමෙන්ති කොට්ටයක මිල 1920කි.

භාණ්ඩ වල මිල තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙන අවස්ථාවේ තුන් ගුණයකින් සහනාධාරය ඉහළ නැංවීම අනිවාර්‍යයෙන් කල යුතුය.

එය ඉලක්කමින් ලොකු ප්‍රමාණයක් වූවත් උද්ධමනය නිසා රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිපලයක් ලෙස එදා ලක්ශ 15න් ඉදි කල ප්‍රමාණයට වඩා විශාල නිවසක් අද ලක්ශ 50න් වත් ඉදිකල නොහැක.

එදා මේසන් වරයෙකුගේ පඩිය 1200ක් වූ අතර අත් උදව් කරුවෙකුගේ පඩිය රු.750කි.

අද මේසන් වරයෙකුගේ අවම පඩිය 4000ක් වන අතර අත් උදව් කරුවෙකුගේ අවමය 2800කි.


ජනාධිපතිතුමනී.. ඉලක්කම් ලොකුයි.. හැබැයි එයින් කරන්න පුලුවන් වනුයේ වෙනත් ආණ්ඩු කල ප්‍රමාණයම තමයි.


ඔන්න මට පෙරලා ලැබුන ප්‍රතිචාරය.


“බයියන්ගේ බයි කමද,ටොයි යන්ගේ ටොයි කමද කිසිදා සෑහීමකට පත්නොවෙන ගොබිලයෝ වෙත්. “


මම හිතුවේ මේක මෙහෙම වෙන්නේ නෑ .එදයි අදයි සමාන කරන්න බැහැ කියන පැහැදිලි කිරීමක්. එත් එහෙම වුනේ නැහැ .

දෙඹරෙක් වගේ පුතිප්‍රහාරයකින් දමලා ගහලා ! .


“පෘතග්ජන සත්වයෝ නේ අපි කවුරුත්. “  මම නැවතත් ප්‍රතිචාර දැක්වුවා.

කේන්ති ගන්න දෙයක් යැ මම කිව්වේ මම හිතුවා.


“අයියේ ඕක ඒක නෙවෙයි ( කියන්න ඕනි වචනය සදහන් කරන්නෙ නෑ. ඔයා වැඩිහිටියෙක් නිසා)


මම තේරුම් ගත්තා මිත්‍රයාට මළ පැනලා කියලා. ඒ නිසා අපේ පොඩි එකා මට නිතර කියන සන්සුන් වෙන්න සීයේ කියන උපදේශය මිත්‍රයාට කිව්වා.


“පුංචි මූණුපුරා තාමත් තුන් වසරේ. එයා නිතරම කියන දෙයක් තමයි සන්සුන් වෙන්න සීයේ " කියලා.

මම සන්සුන්.

ආවේග ඇති කරගන්නේ නැහැ. “

කියලා අකුලා ගත්තා.


ඔන්න මිත්‍රයා කියනවා 


“අන්න හරි. “

කියලා.


පුංචි එකාට තරම්වත් වැඩිහිටි අපිට විමසීමක් ඉවසීමක් නැහැ.


ඔය වගේ  “හෙයියම්මාරු“ නිතර වෙනවා. සතියකට දවසක් වත් මේ ටැග් එක යට අපි හමුවෙලා දොඩමළු වෙමු.


A day in the life

2025-12-06

රාජ්‍ය සේවයේ පුනරුදය .




ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්...
සුනිල් කන්නන්ගර, කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති .

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

ජනාධිපති කමත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් මදි වී, තමන් පැරදුණු පළාත් පාලන ආයතනවලත් සභාපති කම ඩැහැගන්න නීතිය නවා වංගු ගසා උදම් ඇණූ ලොක්කන්ගේ පාලනයෙන් ආපදාව ගිලිහී ඇති බවට බරපතල විවේචන මතුවෙමින් තිබේ.

‘ළූණු බිකත් බඩටනෙ යන’ න්‍යායෙන් ගමේ මහජන ආරක්ෂක කමිටුවේ සිට දායක සභාව දක්වා සියල්ලේ බලයත් ඩැහැගන්න උගුල් ඇට වූ ලොක්කෝ මේසා බිහිසුණු ආපදාවක් හොම්බ ළඟට එද්දීත් සතියේ “එදා වේල ටුවර්ස්” මාතෘකා වලින් ත්‍රිල් එකක් ගත්තා මිස ආපදා කලමනාකරණ යාන්ත්‍රණයේ මළකඩ කඩා සක්‍රිය කිරීමට නිකමටවත් සිතුවේ නැති බව කනගාටුවෙන් යුතුව සටහන් කළ යුතු ය. කොටින්ම කිව්වොත් මේ මහා යාන්ත්‍රණය ඔවුන් හරිහැටි හඳුනාගෙනවත් තිබුණේ නැත.

අප සමග සමකාලීනව කටයුතු කළ, දැන් විශ්‍රාමික දක්ෂ දිසාපතිවරයෙකු ඊයේ හිමිදිරි පාන්දර මට දුරකතනයෙන් කතා කර කීවේ, “මේ වෙන දේ අහනකොට දුකට ඇඬෙනවා; කරන්න පුළුවන් දේවල් ගැන හිතෙනකොට කේන්තියෙන් පුපුරනවා” කියා ය.

අපේ රටේ ආපදා කලමනාකරණය ප්‍රායෝගිකව කරන්නේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනයේ නිරත රාජ්‍ය යන්ත්‍රණයයි.

ඔය රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රාම පාලනය පටන් ගත්තේ මනුෂ්‍යයා ගල් ගුහාවේ පදිංචිය අතහැර බිමේ පැලක් අටවාගෙන ගොවිතැන් කරන්න පටන් ගත් දවසේ සිට ය. ඒ ග්‍රාම පාලනයම ව්‍යාප්ත වී ප්‍රාදේශීය පාලනයකුත්, ප්‍රාදේශීය පාලනය ව්‍යාප්ත වී දිසා පාලනයකුත්, එයත් ව්‍යාප්ත වී රජුන් බිහිවීමත්, රට එක්සත් කර මහ රජු බිහිවීමත් සිදුවුණේ ඔය ග්‍රාම පාලන ජානයේ ජවයෙනි. ග්‍රාම පාලනයේ ඉස්සර සිටි විදානෙලා, ආරච්චිලා, මුලාදෑනිලා, දුරයලා වෙනුවට දැන් ප්‍රමුඛව ඉන්නේ ග්‍රාම නිලධාරියා ය. ඊට ඉහළ ප්‍රාදේශීය පාලනයේ සිටි වන්නිවරු, රටේ මහත්වරු, මුදලිවරු, මනිඅගර්ලා, දිස්ත්‍රික් අධිකාරිවරු වෙනුවට දැන් ඉන්නේ ප්‍රාදේශීය ලේකම්ලා ය. දිසා පාලනයේ සිටි දිසාවෙලා, ආණ්ඩුවේ ඒජන්තලා වෙනුවට අද ඉන්නේ දිස්ත්‍රික් ලේකම්ලා ය.

එදා මේ පාලන තන්ත්‍රය ක්‍රියා කළේ රටේ පාලකයාට ජවය සපයන බලවේගය ලෙසයි. රටේ ආහාර නිෂ්පාදනයක් මුළුමනින්ම භාරව තිබුණේ ඔය පාලන තන්ත්‍රයට ය. රජවරු වැව් හැදුවේ, යුද ආක්‍රමණවලට මුහුණ දුන්නේ, වෙහෙර විහාර හැදුවේ ඔය පාලන තන්ත්‍රය සංවිධානාත්මකව සැපයූ ශ්‍රමයෙනි. අවුරුද්දකට සති දෙකක් සෑම මිනිහෙක්ම ඉහත කාර්යයන් තුනට ගමෙන් පිට සේවයට කැඳවීමට තිබූ බලය මත මේ ශ්‍රම සම්පාදනය කෙරිණි. රට අල්ලාගත් සුද්දන් මේ පාලන ක්‍රමයේ වටිනාකම තේරුම් ගෙන රජ්ජුරුවන්ගේ දිසාවේ වෙනුවට ආණ්ඩුකාරයාගේ ඒජන්ත වරු නව දෙනෙක් පත්කර ගෙන මේ ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය රට පාලනයට භාවිතා කළෝ ය.
නිදහස ලැබුණු දා පටන් මේ පාලන තන්ත්‍රය දුර්වල කරන්න උපාය උපක්‍රම සැලසුම් කළා මිස කිසිම ආණ්ඩුවක් මේ පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැදගත්කම ගැන හිතුවේ නැත. 2004 සුනාමියෙන් විනාශ වුණු වෙරළ තීරයේ ජන ජීවිතය නගා සිටුවන්නට දිසාපතිවරු පරණ ඩබල් කැබ්/කාර් කටු වල ඇවිත් මොන්ටෙරෝ, වී8, බෙන්ස්, අවුඩි වලින් කොඩි දාගෙන ආ ජාත්‍යන්තර සංවිධාන මෙහෙයවමින් දෙන අපූරු නායකත්වය දකුණේ දී දුටු පී. බී. ජයසුන්දර නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කොළඹට ආ ගමන් කළේ නවීනතම මොන්ටෙරෝ ජීප් රථ විසිපහක් ගෙන්වා රටේ දිසාපතිවරුන්ට භාර දී ඔවුන්ගේ රාජකාරිය අගය කිරීමයි.

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඩබල් කැබ් රථ ද ගෙනැවිත් දුන් ජයසුන්දර කීවේ “රට පාලනය මේ අය කරාවි; අපි ඔවුන්ට පහසුකම් සපයමු” කියා ය. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කච්චේරි ගොඩනැගිලි අඩුපාඩු, වායුසමීකරණය කිරීම් ආදී පහසුකම් සියල්ල සඳහා ඔහු නෑ බැහැ කිව්වේ නැත. ඒ කාලේ ආපදාවක් එන ආරංචියට ආපදා අමාත්‍යංශයේ ලේකම්ටත් කලින් දිසාපතිට කතා කළේ ජයසුන්දර ය. ඔහු අසන්නේ කොච්චර සල්ලි ඕනෑද? කියා ය. ගාණ කිව්වේ නැතත් කෝටි පහක්වත් දිසාපතිගේ නිල ගිණුමට බැර විය. ඊළඟට ඔහු අසන්නේ වියදම් සීමා වැඩි කිරීමට ඕනෑ නම් වහාම කෙටි පණිවිඩයක් එවන ලෙස ය.

චක්‍රලේඛයේ කෙටුම්පත දුටු විට දිසාපතිවරු දෙතුන් දෙනෙකුට කතා කර ඒ ගණන් මිනුම් ඇතිදැයි විමසන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ද දෙයි. ලංකාවේම ග්‍රාම නිලධාරී කාර්යාල 14,022කටම ලී බඩු ගන්න මුදල් දුන්නේත් ඔහු ය. ඒ කාලයේ ස්වදේශ කටයුතු ඇමතිවරුන් වූ කරු ජයසූරිය, ජෝන් සෙනවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් මෙන්ම ඩී. දිසානායක, අබේකෝන් වැනි ලේකම්වරු ද දිස්ත්‍රික්, ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කරන්නට අපූරු සහයක් දුන්නෝය.

ජනාධිපති ළඟ සිටි ලේකම් ලලිත් වීරතුංග හා අතිරේක ලේකම් ගාමිණී සෙනරත් දෙදෙනාට ඕනෑ වෙලාවක ඇමතීමට දිසාපතිවරුන්ට හැකිව තිබුණි. ඕනෑම අදහසක් ඔවුන්ගෙන් අයෙකු හරහා ජනාධිපතිට යොමු කළ හැකි වි ය. එදා පරිපාලන තීන්දු ගැනීමට දිසාපතිවරුන් සතුවූ ප්‍රධානම ශක්තිය එය විය.

ඉන්පසු යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ මෙහෙයුම රාජ්‍ය පාලන තන්ත්‍රයේ පරිපාලන තීන්දු තීරණවලට එරෙහිව අපරාධ නීතිය කෙලින්ම පාවිච්චි කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළේය.

එතෙක් ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ ගැන පැමිණිල්ලක් ලැබුණහොත් හෝ විගණන විමසුමකින් පෙන්වා දුන්නොත් ආයතන සංග්‍රහය යටතේ මූලික විමර්ශනයක් පවත්වා අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි ඇත්නම් පමණක් පොලිසියට පැමිණිලි කිරීම සිදු කෙරිණි. තමා භාරයේ ඇති රජයේ දේපළකට රාජ්‍ය නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් හානියක් වුණොත්, මුදල් රෙගුලාසි යටතේ පරීක්ෂණයක් කර ඒ පාඩුවේ වටිනාකම රජයේ ගාස්තු ද සමග අධිභාර කර ගැනීම සිදු විය. චේතනාන්විතවම වංචාවක්, හොරකමක් රාජ්‍ය දේපළට කර තිබුනොත් පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ඇරඹෛණි. මේ ක්‍රමය ගැන රාජ්‍ය නිලධාරීන්ට කිසි ගැටලුවක් තිබුණේ නැත.

යහපාලනයේ හොරු අල්ලන කමිටුව මේ විධිමත් ක්‍රමය නොසලකමින් ඒ කමිටුවට ලැබුණු පැමිණිලි කෙලින්ම පොලිසියේ වෙනම ඒකකයක් හදා ඊට යොමු කර විමර්ශනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. පොලිසියත් ඒ පැමිණිලි විමර්ශනය කර පොදු දේපළ පණත යටතේ රාජ්‍ය නිලධාරීන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කළෝය. එයට ප්‍රසිද්ධිය දුන්නේ හොරු ඇල්ලීම කියා ය. මේ යටතේ රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවල නිල සාමාජිකයින්, අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු ලෙස ගත් තීන්දු නිසා රිමාන්ඩ් වෙනු දුටු රාජ්‍ය නිලධාරීන් කැලඹිණි. මීට එරෙහිව ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ක්‍රමවේදය නැවතුණි.

දැන් ඒ හොරු ඇල්ලූ කට්ටිය පසුගිය මුල් කාලයේම රටේ මහජනතාවගේ ඔලුවට දැම්මේ හොරු ඇල්ලීම, හොරකම් නතර කිරීම හා හොරකම් කළ දේ ආපසු ගැනීම යන ත්‍රිවිධ උපායෙන් රට ගොඩනගන බව ය. ඔවුන්ට අනුව ගමේ සිට කොළඹ දක්වා දේශපාලකයන් හොරු ය. ග්‍රාම නිලධාරී සිට ලේකම් දක්වා නිලධාරීන්ගෙන් ද වැඩි දෙනෙක් හොරු ය; ඇතමෙක් හොරකමට ඉඩ දී නිහඬව සිටින්නෝ ය. ඉන්පසු මේ මතය ජනතාව තුළට කාවද්දා බලය ගෙන, වගකිව යුතු බොහෝ තැන් උඩ සිටම තමන්ට හිතවත් අය ගෙන් පිරෙව්වේය.

තනතුරු දීමේ ප්‍රධාන නිර්ණායකය වුණේ තමන්ට හිතවත් වීම මිස දක්ෂතාව නොවේ. අදටත් පළාතක් පාලනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රිමාන්ඩ් එකෙන් තැප ස්වේච්ඡාවෙන් පූල් ගතව අත්සන් කරමින් මේ ඊයේ පෙරේදා වනතුරු සිටියේ අර්බුදකාරී අවස්ථාවක රට මුහුණ දුන් ප්‍රශ්නයක් ලිහන්නට රජයේ තීරණය මත අත්සන යෙදීමේ පාපයට ය.

ඊළඟට හොරු ඇල්ලීමට පටන් ගෙන මේ වන විට රාජ්‍ය මුදල් අවභාවිතයක් ගැන හිටපු ජනාධිපතිවරයාව මාංචු දමා ගෙන ගොස් රිමාන්ඩ් කිරීම දක්වා දුර ගොස් ඇත. තවත් හොරු අල්ලන ලොක්කෙක් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කිව්වේ කැබිනට් තීන්දුවක් යැයි කියා බේරෙන්න බැරි බව දැන ගන්නා ලෙසට ය. හිටපු ජනාධිපතිවරයාව මාංචු පිටින් ගෙනිහින් රිමාන්ඩ් කරන්න පුළුවන් තරම් බලයක් සහිත රාජ්‍ය මුදල් පරිහරණය නම් වූ විෂය අරබයා ක්ෂණික තීරණ තම හිතුමතයට ගැනීමට නිලධාරීන් පැකිලෙන්නේ මක් නිසාදැයි තේරුම් ගත යුත්තේ ඔය පසුබිමත් සමඟ ය. කැබිනට් මණ්ඩලය ගත් තීන්දු ක්‍රියාත්මක කළත් බේරෙන්න බැරිනම් අපට කාගේ පිහිටදැයි නිලධාරීන් සිතා තීරණ ගැනීමට කල් මැරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව හැකිද?

මේ ආපදාවේදී රාජ්‍ය සේවය නිශ්ක්‍රිය වී ඇතැයි කීම නිවැරදි නොවේ. ඔය දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන, ග්‍රාම පාලන යන්ත්‍රය දැනුත් වැඩ ය. එහෙත් මීට ජවය සපයන තීරණ ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම නැත. තමන් තනි වගකීම ගෙන රාජ්‍ය අරමුදල් වැයවෙන තීන්දු ගැනීමට ආපදා කළමනාකරණයේ යෙදී සිටින දිස්ත්‍රික් ප්‍රධානීන්ට දැන් නිදහසක් නැත්තේ තුන් බියක් නිසාය. ඒ දණ්ඩ නීති බිය, පොදු දේපළ බිය හා දූෂණ විරෝධී බිය යන තුන් බියයි. මේ තුන් බිය කඩාගෙන තීන්දු ගැනීමට අවශ්‍ය ආවරණයක් රාජ්‍ය නිලධාරීන්ට අද නැත. එදා දිසාපතිවරු පසුපස සිටි ජයසුන්දරලා, ලලිත් වීරතුංගලා, ගාමිණී සෙනරත්ලා අද නැත. ඒ අය නොසිටියත් ඒ භූමිකාවට පණ දෙන වෙනත් අය හෝ සිටිය යුතු ය. ඒ කිසිවක් හෝ කිසිවෙක් දැන් නැත. එදා තිබුණේ විගණන විමසුමට පිළිතුරු දීමට පමණි.

විගණකාධිපතිතුමාගේ කාර්යභාරය දැන සිටි, ඊට ගරු කළ අපට රූල පනින්න ඕනෑ වුණොත් රූල පැන වැඩේ කර, ඊට හේතු සහිතව පූර්ණ වාර්තාවක් වහාම විගණකාධිපති තුමාට යැවීමේ හැකියාවක් තිබුණි.ඒ සඳහා අද අඩුම තරමින් විගණකාධිපති කෙනෙකු වත් නැත.

මේ කිසිවෙක් නැතත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මහජනයාට අත්‍යාවශ්‍ය වෙලාවක් මේ ආපදාව නිසා දැන් උදා වී ඇත. රාජ්‍ය සේවය අයිති මහජනතාවට ය. ඒ නිසා “එකා මෙන් මේ අවස්ථාවේ මහජනයා වෙත සේවය සලසන ලෙසත්, අවශ්‍ය තීන්දු තීරණ නොපැකිලව ගන්නා ලෙසත්” රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලමි. ඒ මත ඔබලාට හිරිහැර කරන්ට ආවොත් එදාට මහජනතාව ඔවුන්ට පිළිතුරු දෙනු ඇත. ආණ්ඩුවට ද දැන් වත් තමන්ගේ මනෝරාජික පාලන උපක්‍රම වැරදි බව තේරී මොළේ පෑදුනොත් තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත.

- සුනිල් කන්නන්ගර
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

A day in the life

2025-12-05

කුණාටුවේ දේශපාලනය.



කුනාටුව පහව යමින් තියෙනවා.

ඒ අතරත් දැනුත් දේශපාලන කුණාටු නම් පහව ගිහිල්ලා නැහැ.

අපේ ඇත්තෝ කතා කර ඉන්න දක්ෂයි. බිමට බැහැලා වැඩක් කරන්න අදිමදි කරනවා.

ජණ්ම පුරැද්දක් ද කොහේ ද ?.

අපි සිනමා ශාලාවක සිනමා පටයක් බලනවා. දුෂ්ඨයාගේ මූණ දකින කොට ඉදිරි පේලියේ අසුන් අරන් ඉන්න රසිකයන්ට මළ පනිනවා.අම්මා මෝ නැති භාෂාවෙන් තමයි දුෂ්ඨයා අමතන්නේ.

අම්මෝ එකට ප්‍රේමවන්තයා තිරයට එනකොට.

ඔල්වරසන් දීලා පුලුවන් බදා ගෙන ඉඹලා පිලිගන්නේ.

පසු පෙල ඉන්න අයට මේ සිනමාපට දෙකම විදින්න වෙනවා.

අපේ දේශපාලනෙයි ඕකෙයි වෙනසක් නැහැ . 

දිට්වා කුණාටුව ආවා. කාලගුණේ කලින් කිව්වා දිට්වා එනවා මේ මේ පැති වලට තදින් බලපානවා කියලා.

රජය එ ගැන තැකීමක් කලේ නැහැ කියලා බරපතල චෝදනාවක්. 159ක් ඉන්නවා.ඔය අතරේ ආපදා කළමනාකරණයටම වගකිවයුත්තෝ ඉන්නවා. මෙතුමන්ලාට ඒ ගැන අත්දැකීම් නැති නිසා බරපතල ලෙස අවධාණය යොමු නොවෙන්න ඇති.

මට හිතන්නේ වරද සිදුවෙලා තියෙන්නේ ඡණ්දදායකයා අතින්. විද්‍යාඥයන් අචාර්ය මහාචාර්ය වරුන්  වෛද්‍යවරුන් කී නොකී බුද්ධිමතුන්159+01 ක් පත්කරන්න චන්දය දුන්නේ ඡණ්දදායකයානේ.

ජනාධිපතිතුමා අසරණ වෙලාද ? මංමුලාවෙලා ද කියලා හිතා ගන්න බැහැ.

බලයට එන්න පෙර එතුමා කියන ලද කතා ,යෝජනා , බලයට ආපසු ගලපා ගන්න බැහැ.එතුමා කරන ලද චෝදනා ඒ අයුරින්ම එතුමාට කරනවා.

පහල පන්තියේ නොදරුවන්ට මේක ඉවසන්න බැහැ.

සිනමාහලේදී මුනගැහුන දුෂ්ඨයා වගෙයි එහෙම චෝදනා කරන අය දකින්නේ. ඒ අයට අම්මාමෝ නැතිව අමතනවා. ගවසම්පත මේච්චල් කරන දැගලිල්ල අනතුරැදායකයි කියලා හිතන්න උද්ධච්ච මානසිකත්වය ඉඩ දෙන්නෙම නැහැ.

ඔය ජනාධිපති තනතුරත් පිටත ඉදන් බලනවා වගේ නෙමෙයි කියලා දැන් දැන් හිතනවා ඇති එතුමාට.ආඩම්බරයෙන් පැළද ගත්තට එතරම් සුමට නැහැ. කියලා.

කුණාටුව කරලා තියෙන විනාශය අපි දන්නවාට වඩා ඇත්ත එතුමා දන්නවා ඇති.

දැන් ඉන්න විපක්ෂය වගකීමකින් සංයමයකින් කටයුතු කරන බව පසුගිය දවස් වල පෙනුන දෙයක්. ඔවුන් වැඩබිම් පාසැල් ගොවි බිම් අරාජික කරන්න මෙතෙක් කටයුතු කලේ නැහැ. එහෙම සංස්කෘතික මිනිස්සු විපක්ෂ දේශපාලනයේ චන්දදායකයින් නෙවෙයි. එහෙම පෙල ගැස්මක් කර ගන්න නායකකාරිකාදීන්ට බැහැ.

මේ මිනිස්සු සිනමා හලක පසුපස ඉදන් සිනමාපටයක් බලන මිනිස්සු වගෙයි. නිහඩව විදිමින් නිහඩව ප්‍රතිචාර දක්වන මිනිසුන්.

මිනිසුන් නිහඩ කල්පනාවක ගිලී ඉන්නවා. 

නිකරුනේ හඩ දෙන සතුන් කඩල පිරුණ බාල්දිය පෙරලා ගෙන ඝෝෂා කරනවා.


A day in the life

2025-12-04

කුණාටුවේ විද්‍යාව



බෙංගාල බොක්ක කියන්නේ ලෝකේ ලොකුම මුහුදු බොක්ක. ලෝකේ තුන් වෙනියට ලොකුම බොක්ක තමයි මේ ගල්ග් ඔෆ් මෙක්සිකෝ (දැන් ගල්ෆ් ඔෆ් ඇමරිකා). මේ දෙකම කුණාටු ක්‍රියාකාරිත්වය ඉහළ තැන් දෙකක්. මේ දෙකම තියෙන්නෙ උතුරු අර්ධ ගෝලයේ.
මේ දෙතැනම හැදෙන කුණාටුවල පොදු ලක්ෂණයක් තියෙනවා. 
උත්තර අර්ධ ගෝලයේ සියළු කුණාටු කැරකෙන්නේ වාමාවර්තව. ඒවා ගමන් කරන්නේ ලෝක සිතියමේ පහළ සිට ඉහළට C අකුරේ හැඩය ගත් වක්‍රයක. කුණාටුවක ලෙවල් තුනයි; අවපාතය (D), කුණාටුව (S), හරිකේන් (H). අපිට කාලෙකින් ආව කුණාටුව මේක වුනාට; ඔය ගල්ෆ් බොක්කෙ තියෙන ෆ්ලොරිඩා, හූස්ටන්, නිව් ඔර්ලන්ස් වගේ ප්‍රදේශවලට හරිකේන් මට්ටමේ කුණාටු අවුරුද්දකට දෙක තුනක් එනවා. 
හරිකේන් එකක වැස්සට වඩා හුළගෙන් වෙන හානිය වැඩියි. කුණාටුව ගොඩ බිමට ආව ගමන් ශක්තිය හීන වෙනවා. කුණාටුව ජවය ලබන්නේ උෂ්ණත්වයෙන් වැඩි මුහුදු ජලය මතින් ගමන් කරද්දී. කුණාටුව බිහි වෙන්නේ මුහුදේ උෂ්ණත්වය අවට ගොඩ බිමට සාපේක්ෂව වැඩිවීම නිසා හටගන්නා වායු ධාරවලින්. 
සෘතු බේදය නිසා උත්තර අර්ධ ගෝලයට එහෙම උෂ්ණත්ව වෙනස ඇතිවෙන්නේ වසරේ අවසන් මාස කිහිපයෙයි. ඒ කියන්නේ හැම වසරෙම මේ කාලේ කුණාටුවක් බලාපොරොත්තු විය හැකියි.
 
හැබැයි ඉතින් කුණාටුවක් හටගෙන ඔය පෙන්වන වක්‍රයේ යන්න දින කිහිපයක් ගතවෙන නිසා ඉවත්වෙන්න ඕන තරම් කල් තියෙනවා. අනික හුඟක් කුණාටු මුහුදෙ හටගෙන මුහුදෙම වියැකිලා යනවා. ඒත් එකම ප්‍රන්තෙට එකම අවුරුද්දේ කුණාටු දෙක තුන වැදිච්ච අවාසනාවන්ත කාලත් තියෙනවා. ඔය ලංකාවේ වැදුන දිත්වා කුණාටුවත් එහෙම අවාසනාවන්ත එකක්. 
කුණාටුවක් ලංකාවේ වැදුනොත් වැස්සෙන් වෙන හානිය වැඩියි. හේතුව කුණාටුව වාමාවර්තව කැරකෙන නිසා බෙංගාල බොක්කේ ජල වාශ්ප අරන් එන කුණාටුවේ උතුරු කොටසේ හුලං ධාරාව කැරකිලා ඇවිත් වදින්නේ මධ්‍යම කඳුකරයේ ඊසානදිග බෑවුමේ. ඒකයි ඒ බෑවුමේ ඇති නුවර, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්කවලට තදින් වැස්සේ. නිරිතදිග බෑවුම කඳුකරයෙන් කවර් වෙනවා; කළුතර, ගාල්ල, මාතර අය බේරුනේ එකයි. 
අනික් කාරනය; ස්ටොර්ම් එකක් හරිකේන් එකක් තරම් වේගයෙන් ගමන් කරන්නෙ නෑ; ඒ නිසා එක තැන කැරකි කැරකි වැඩි වැස්සක් ගෙනත් දෙනවා!

day in the life

2025-12-03

පෘථිවියේ මුහුදු එන්ජිම බිද වැටෙයි .



ලංකාවෙ අපි හුරුවෙලා හිටියේ මෝසම් වැහි රටාවකට . ජනවාරි මැයි අතර කාලය ඊසාන දිග මෝසමෙන් ලංකාවේ ඉහළ කොටසට වැස්ස ලැබෙනවා . ඒ වගේම මැයි සිට දෙසැම්බර් කාලය නිරිත දිග මෝසම් සුළඟ හරහා ලංකාවේ පහළ කලාපයට වැස්ස ලැබෙනවා . සිරිපාදේ අවාරය නිර්මාණය වෙන්නේ මෙන්න මේ නිරිතදිග මෝසමත් එක්ක . ඊට අමතරව තෙත් කලාපය තුළ සවස් කාලයේ කෙටි වැසි ඇතිවුණා .

බෙංගාල බොක්කේ ඇතිවන අව පීඩන කලාප යක් හරහා ඇතිවන වැඩි වැස්ස වගේම සාමාන්‍ය සුලි කුණාටු ලංකාවට අලුත් දෙයක් නෙවෙයි . ඒත් වසර දෙකක පමණ ඉඳන් මේ රටාව වෙනස් වෙමින් පවතිනවා . නියමිත කාලය තුළ මෝසම් සුළං ප්‍රවාහ සක්‍රිය වෙන්නේ නැහැ . ඒ හින්ද බලාපොරොත්තු වෙන කාලෙදි වැස්ස ලැබෙන්නේ නැහැ .වැස්සට වඩා ප්‍රබල සුළි කුණාටු නිර්මාණය වෙමින් ඇතිවන හානිය වැඩිවෙනවා . පොළොවට දරන්න බැරි තරම් ජල ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ඇදහැලෙනවා .
 
මේක අපිට විතරක් පොදු කාරණාවක් නෙවෙයි . මෑත වසර දෙක දිහා බැලුවම ලෝකෙ හැම රටක්ම මේ කාලගුණික විපර්යාසයන්ට මැදිවන බව පේනවා . එක පාරම මොකක්ද මේ වෙන්නේ? මම කලින් ලියපු ලිපිවලට කිහිපදෙනෙක් ලියල තිබුණා . මේ වැස්ස ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. මේ කාලයට කොහොමත් වහිනවා කියලා ... ඔව් සාමාන්‍ය විදිහට නිරිත දිග මෝසමේ අවසන් කාලය හා ඊසාන දිග මෝසමේ මුල් කාලය තමයි මේ ගතවෙමින් තියෙන්නේ . හැබැයි ළඟ ළඟ ලංකාව වටා කැරකෙනා සුලි තත්ත්වයන් ලංකාවට අලුත් තත්වයක් .. ලංකාවේ පැති තුනකින් එකවර ඇති වෙන අව පීඩන කලාප අලුත් තත්වයක් ... මේ අලුත් අත්දැකීමත් එක්කම දින පහක් වගේ කාලයක් තුළ ලංකාවේ වැඩි ප්‍රදේශ වලට හිතාගන්න බැරි ජල කදකට මැදි වෙන්න සිදු වුනා. ( මෙම ලිපිය ලියන මොහොත තුලත් තවමත් එය සක්‍රීය වෙමින් පවතිනවා )

මේ සිද්ධිවලට අමතරව ලෝකයෙන් ඇහෙන්න ලැබෙන තවත් වචන ටිකක් තියෙනවා අසාමාන්‍ය අවපීඩන කලාප, සූර්ය ක්‍රියාකාරකම්, එක පෙළට සිදුවෙන භූ කම්පන මේවා වෙන් වෙන් වශයෙන් ඇතිවෙන දේවල්ද ? එහෙම නැත්නම් එකට බැඳුණු එක ක්‍රියාදාමයක පුරුක්ද ? ඇයි මේවා ඇතිවෙන්නේ? මේ ලිපිය තුළින් උත්සාහ කරන්නේ මෙන්න මේක පැහැදිලි කරන්න.

පෘථිවියේ ගැඹුරු මෙන් ම සැඟවුණු විශාලම පාලක පද්ධතියක් තියෙනවා , මේකට කියන්නේ Ocean Engine කියලා. මෙය අපේ ඇස්වලට නොපෙනුනාට පෘතුවියේ ජීවනාලිය නැතිනම් පෘථිවියේ ස්නායු පද්ධතිය කියලා කිව්වත් වරදක් නෑ .
මේ පද්ධතිය හදුන්වන්නේ AMOC (Atlantic Meridional Overturning Circulation) කියලා .. මිනිස් හදවතක මහා ධමනියක් හා ශිරාවක් ඒ පුද්ගලයාගේ ජීවිතය පවත්වාගෙන යෑමට කොතරම් වැදගත් වෙනවද එලෙසම පෘථිවියේ පැවැත්මට මෙම හෘදමය වාහිනිය වැදගත් වෙනවා . මෙම පද්ධතිය මගින් සිදුකෙරෙන කාර්යයන් ගණනාවක් තියෙනවා . මෙම කාර්යයන් අපි සරලව අවබෝධ කර ගැනීමට උත්සාහ දරමු .
 
පෘථිවියේ උෂ්ණත්වය හා සීතල උත්තර ධ්‍රුවය හා දක්ෂිණත් ධ්‍රුවය අතර සමතුලිතව පවත්වා ගැනීම සිදුකරන්නේ මෙම පද්ධතිය මුල්කරගෙන , එ කියන්නේ
උතුර හා දකුණ සම්බන්ධ කරමින්, උණුසුම් සුළං සහ සීතල සුළං රටාවත් ජල රටාවත් පාලනය කිරීම සිදු කරනවා .
පෘතුවිය තුළ කාලගුණික රටා පවත්වාගෙන යාම සිදුවෙන්නේත් මෙම පද්ධතිය මගිනුයි . එ කියන්නේ සෑම ගොඩබිම් පද්ධතියකම මෝසම්, නිවර්තන කුණාටු, නියඟ, ( Monsoon, tropical storms, droughts, frontal systems ) — සියල්ල Ocean Engine එකේ රිද්ම මත ක්‍රියා කරනවා .
මේ දිනවල ලෝකයටම බලපාපු සුළි කුණාටු මාර්ග සහ ඒවයෙන් ඇතිවන බලපෑම් ( Cyclone pathways, intensification, rapid deepening ) තීරණය කිරීම 80% ක්ම සාගර තාප ප්‍රවාහය ( Ocean Heat Transport ) මත තීරණය වෙනවා . මේකත් AMCO පද්ධතියෙම කොටසක් ..
සමුද්‍රයේ ජීවීබව පවත්වා ගැනීම උදෙසා සමුදුරු ජලය ඉහළ පහළ මාරු පද්ධති පවත්වා ගැනීම ( Deep upwelling ) මේ හරහා පෝෂණීය ජලපදාර්ථයන් ඉහළට රැගෙන ඒමත් ඔක්සිජන් මිශ්‍ර වූ ජලය පහළට ගෙන යෑම සිදුවෙනවා . ඒ හරහා තමයි සමාජය තුළ ජීවත්වෙන සත්වයන්ගේ බව පවත්වාගන්නේ ...
වායුගෝලය තුල තියෙන කාබන්ඩයොක්සයිඩ් ( CO₂ ) අවශෝෂණය කරගන්නවා කියලා අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙන්නේ පරිසරයේ තියෙන ශාක වලින් කියලා .. ඒක වරදක් නැහැ . නමුත් ශාක වලින් ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුයි . පෘථිවියේ තියෙන කාබන්ඩයොක්සයිඩ් ( CO₂ ) 90% අවශෝෂණය කරගන්න මුලික පද්ධතිය තමයි Ocean Engine එක .

වායුගෝලය සහ සමුද්‍රය අතර ශක්ති හුවමාරුව එ කියන්නේ සුළං පද්ධති, ජෙට් ප්‍රවාහ, වායුගෝලීය පීඩනය ( Wind systems, jet streams, atmospheric pressure belts ) මේ දේවල් සක්‍රීයව පවත්වාගෙන යාමේ කාර්යයත් සිදු කරන්නේ මෙම Ocean Engine එක මගින්මයි ...
.
ධ්‍රැවීය අයිස් ස්ථායිතාව එ කියන්නේ දැනට අපිට උගන්නලා තියෙන විදියට අංශක 23.5 ඇලය තුළ ගොඩනැගිලා තියෙන අයිස් කඳු පවත්වාගෙන යෑම ( Polar Ice Stability ) පාලනය කරන්නෙත් මෙම පද්ධතිය මගින්මයි .එ කියන්නේ සීතල පද්ධති Ocean Engine එකෙන් පෝෂණය නොවුවොත් ධ්‍රැවීය දියවීම වේගවත් වෙනවා . මම මෙන්න මේ පැහැදිලි කිරීම කරපු ගමන් මෙතෙක් කල් මගේ පිටුවේ හිටපු අයට මතක් වෙන දේවල් බොහොමයක් තියෙනවා . වසර දොළහකට විතර කලින් ඉඳන් මම කියපු පෘථිවි ඇලය වෙනස්වීම හා නව හිම කඳු බිහිවීම කියන එක සක්‍රීය වෙමින් පවතින අවස්ථාවක් මේක .... තවත් දෙයක් කලින් කියපු අයිස් කඳු දිය වෙලා නව ගොඩබිම් මතුවීම කියන කාරණාවත් මෙතනට අදාලයි .

පාරිසරික ශක්ති ක්‍රමවත් භාවය සකස් කිරීම උදෙසා සුළි කුණාටු, මෝසම් වැසි, එල් නිනෝ-ලා නිනා චක්‍රය ( Hurricanes, monsoons, El Niño–La Niña cycle ) ඇතිකිරීම හා ඒවා නිසි අයුරින් පවත්වා ගැනීම කරන්නෙත් මෙම පද්ධතිය මගින්මයි .
පෘථිවියේ චුම්භක ජාලය පවත්වාගෙන යෑම වගේම ශක්ති ජාලය ජාලය ස්ථාවරව පවත්වාගෙන යෑම ( Magnetic + Energetic Grid Stabilization ) පැරණි ග්‍රන්ථවල සමුද්‍ර නාඩිය ලෙස සඳහන් වන්නේද මෙයයි .
සරලව කිව්වොත් පෘතුවියේ ජීවන රිද්මය ( Ocean Circulation ) රැඳිල තියෙන්නෙ මේ පද්ධතිය මතයි . පුරාණ ග්‍රන්ථවල සමුද්‍ර ප්‍රහාණය කියලා හඳුන්වල තියෙන්නෙ මෙන්න මේ ප්‍රාණ ශක්තියට .

දැන් ඔබට තේරෙනවා මෙන්න මේ පද්ධතිය තුළින් කොච්චර කාර්යභාරයක් ඉටු කෙරෙනවද කියන එක . ඒත් මේ දිනවල මේ පද්ධතිය කෙමෙන් බිඳ වැටෙමින් පවතිනවා . මේක බිඳවැටෙමින් පවතිනවා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් යම් පිරිසකගේ උවමනාව මත මේක ඕන කමින් බිඳ වට්ටනවා වෙන්නත් පුළුවන්.
 
මගේ අදහස නම් වසර හතරක සිට පෘතුවිය තුන්වන මානයේ සිට සිව්වන මානයට ඔසවා තැබීමට අවශ්‍ය තාක්ෂණික කාර්යභාරයක් තමයි මෙතනදි කෙරෙන්නේ . ( තව දෙයක් කියන්න ඕනේ පෘථිවිය සිව්වන මානයේ නතර වෙන්නේ නැහැ . මොකද දැනට නිගමනය කෙරිලා තියෙන විදියට පස්වන මානය දක්වා රැගෙන යන ගමනක් තියෙන්නේ . සිව් වන මානය කියලා කියන්නේ අතරමැද තත්ත්වයක් විතරයි )

මෙම පද්ධතිය බිඳී යන්න හේතු වෙන්නේ අභ්‍යන්තරව ඇතිවන ක්‍රියාවලියක් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමගම මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා . හැබැයි අපිට පරිබාහිරව බැලුවම තේරෙනවා මේකට හදිස්සියේ හේතු උනේ මිනිස් ක්‍රියාකාරකම් මත පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම පමණක්ම නෙවෙයි කියලා... එක දිගට ඇති වෙච්ච සූර්ය කුනාටු මේකට හේතු වෙනවා ... ( මෑත කාලීනව ඇති වෙච්ච ප්‍රබල සූර්ය කුණාටු වලට කලින් හඳුනා නොගත් යම් වස්තු සූර්යයාට ලං වුණ බවට විවිධ ඉඟි තියෙනවා )

විද්‍යාත්මකව මේ උදෙසා දෙන අර්ථකථනය තමයි මුද්‍රයට දරාගන්න පුළුවන් තරම් කාබන් ඩයොක්සයිඩ් දරා ගැනීමෙන් පසුව ඒවා යළි මුදා හැරීමක් තමයි මෙතන දිවෙන්නේ. ... ඒ කියන්නේ ධාරිතාවේ ඉක්මවා යෑම ...
මේ දිනවල ඇතිවන ‘අසාමාන්‍ය අවපීඩන කලාප’ හා සුලි කුණාටු
Ocean Engine බිදවැටීමට සෘජු සම්බන්ධයක් තියෙනවා. මුහුදෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් මගින් අවට වාතයේ උෂ්ණත්වයක් නිර්මාණය කරනවා . අපි දන්නවා එතකොට වාතය රත් වෙලා ඉහළ යනවා . ඊට පස්සේ එහි අව පීඩන කලාපයක් නිර්මාණය වෙනවා . අවපීඩන කලාප මාරු වීමෙන් සාමාන්‍ය රටාවට පිටින් වර්ෂා තද සුළං ඇතිවනවා . උතුරු–දකුණු ජෙට් ස්ට්‍රිම් අස්ථාවරවීම සිදු වෙනවා.
පෘථිවියට එන සූර්ය කුණාටු මගින් ඇතිවන චුම්බක පීඩනය හරහා මෙම තත්ත්වය තවත් වර්ධනය වෙනවා .

තවත් ප්‍රධාන කාරණාවක් තියෙනවා . මේ මොහොතේ එක පෙලට සාමාන්‍ය ලෙස ප්‍රබල සුළි කුණාට තුනක් නිර්මාණය වෙලා තියෙනවා කියලා . මේකට සමගාමීව අසාමාන්‍ය මුහුදු ප්‍රවාහ පෙල ගැස්මක්ද දැකිය හැකියි . ( Ocean Currents visualization )
ඒ කියන්නේ මේ මොහොත තුළ මුහුදේ සාමාන්‍ය සුළං–ජල ප්‍රවාහ රටාව නොවෙයි පවතින්නේ. ... ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . මම පෙර සටහන් කළ මෙම ශක්තිය පෘතුවිය වටා ගෙන යන ජල ගමන් මාර්ග, තරංග රටා, මෙතෙක් පැවතියේ ක්‍රමානුකූල රිද්මයකට . මේ මොහොත තුළ එම රිද්මය ( swirl pattern ) වෙනුවට සරල වලාකුළු නොවෙයි. උෂ්ණ ජලය සහ සීතල ජලය ගැටෙන ( friction corridors ) ආකාරයකින් ගමන් කිරීම ආරම්භ වෙලා තියෙනවා . ඒ කියන්නේ එක එල්ලේ සමකය හරහා ගමන් කිරීමක් වගේ දෙයක් .
 
අපේ පුරාණ ග්‍රන්ථවල “සමුද්‍ර ප්‍රහාණය” ලෙස සඳහන් වූ ප්‍රවාහශක්තිය අසමතුලිත වන විට අසමතුලිත කාලගුණික තත්ත්වය නිර්මාණය වීම සිදුවේ .
එ කියන්නේ Ocean Engine එක බිදවැටීමට සූර්ය කුණාටු බලපෑම් පූර්ණ ලෙසම සම්බන්ධ වෙනවා . එ කියන්නේ 2019 ආරම්භ වුණු 25 වන සූර්ය චක්‍රයේ ( Solar Cycle 25 ) සමඟ පරිපූර්ණ සම්බන්ධයකින් යුක්තයි. සූර්ය කුනාටු , ආරෝපිත අංශු, ධ්‍රැවීය උණුසුම ආදී තත්වයන් මෙම පද්ධතිය බිදවැටීමට හේතු වෙනවා.

මෙම සිදුවීම් හරහා පෘථිවිය තුළ විශාල යාන්ත්‍රික පරිවර්තනයක් සිදුවෙමින් පවතිවා . අපට මතුපිටින් පේන්නේ ඉහල පහළ පීඩන සීරුමාරු , හදිසි වලාකුළු ගොඩගැසීම් , වේගවත් වායු ධාරා , සංවාහන ධාරා වෙනස්වීම් , අඩු පීඩන කලාප, අමුතු වලාකුළු රටා, වේගවත් සුලං හා කඩා වැටෙන මහා ජල කඳ පමණයි .

ටිකක් හිතන්න, ලංකාවම යට වෙන්න මේ මහා ජලකද වලාකුළු වලට ආවේ කොහොමද? ඒකත් මේ පද්ධතියම ප්‍රතිඵලයක් තමයි . එ කියන්නේ ඒ වතුර මුහුදෙන් වලාකුළු වලට ගිය ජලය . අපිට සාමාන්‍යයෙන් කියලා දීලා තියෙන වාශ්ප වීම ගනීබවනය වීම කියන සිද්ධාන්තයට එහා ගිය සිද්ධාන්තයක් මෙතන තියෙනවා . ඕක හොඳටම බලන්න පුළුවන් ... මෙහෙට මහා වතුර කදක් හලලා හෙට ඉංදියාවට ඇතුල් වෙද්දී දවසක කාලය තුළ ඊට වඩා වැඩි ජල කඳක් පුරෝගන්න විදිය අවබෝධ කරගත්තම .
අවසානයට කියන්න තියෙන්නේ මේ සිදුවීම් භූ විද්‍යාත්මක සිදුවීම් පෙළක් පමණක් නෙවෙයි . සාගර එන්ජින් එක බිඳවැටීම ,

සූර්ය ක්‍රියාකාරකම් , චුම්බක ධ්‍රැව දුර්වල වීම, පෘථිවි පීඩන වෙනස් වීම , භූ කම්පන රැල්ල පෘථිවිය නව මානයකට රැගෙන යෑමට සූදානම් කිරීමක් උදෙසා සිදුවන සිදුවීම් පෙළකි . මා වසර ගණනාවක් තිස්සේ පැවසූ මාන පරිවර්තනය උදෙසා පෘථිවියේ ගැඹුරු මුහුදු හදවත පෘථිවියේ මව් දේහය පවත්නා ආකාරයෙන් වෙනස් තත්ත්වයකට රැගෙන යෑම උදෙසා පරිසරය සකස් කරමින් සිටි යි.

https://rishiarana.lk/arrival-of-alien/ocean-engine/
( මෙම ලිපිය උපුටා පළ කරන්නේ නම් කර්තෘ නාමය හා වෙබ් අඩවිය සඳහන් කරන්න )
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
A day in the life

2025-12-02

නෝවාගේ ගංවතුර .




මේ සිදුවෙමින් පවත්නා ස්වභාවික ව්‍යසනය විඥානවාදී ප්‍රවේශයකින් සහ භෞතිකවාදී ප්‍රවේශයකින් අර්ථනිරූපණය කිරීමට පුළුවන. විඥානවාදී අර්ථනිරූපණයට අනුව ශ්‍රී මහා බෝධියේ කපුවා ස්වකීය ගෙදර ෆ්‍රිජ් එකේ දඩ මස් තබාගැනීම, උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රත්‍රන් තොගයක් තබාගැනීම, රට පුරා සිදුවන මිනීමැරුම් මේ විනාශයට හේතුවී ඇත්තේ කෙනෙකුට කිව හැකිය. 

එහෙත් භෞතිකවාදී ප්‍රවේශයකින් මේ ප්‍රශ්නය විග්‍රහ කිරීමේ දී මෙහි සම්පූර්ණ වරදකරු බෙංගාල බොක්ක බව පැහැදිලි වන්නේ ය. අපේ රටේ ජනයා ස්වකීය බොක්කටත් වඩා හොඳින් බෙංගාල බොක්ක ගැන දනී. නිරන්තරයෙන් අඩුපීඩන කලාප සහ වැඩිපීඩන කලාප හටගැනීම නිසා බෙංගාල බොක්ක ඉතාම දුෂ්ට සහ ප්‍රචණ්ඩ කාලගුණික කලාපයක් බවට පත්ව තිබේ. ලංකාවට එන තරමක් හදිසි වැසි ආපදා සහ ගංවතුර ව්‍යසනවලට බෙංගාල බොක්ක ආශ්‍රිත කාලගුණික කලාපය වගකිව යුතුය. මෙවර හටගෙන ඇති පීඩන තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විශාල වපසරියක් විනාශයට පත්ව තිබේ. 
මේ කතුවැකිය ලියන අවස්ථාව වන විට අඩුම ගණනේ පුද්ගලයන් පනහක්වත් මේ ව්‍යසනය නිසා මරණයට පත්ව සිටියහ. කුඹුරු අක්කර ලක්ෂ ගණනක් ද වෙනත් ගොවිබිම් අක්කර ලක්ෂ ගණනක් ද ගංවතුරෙන් විනාශයට පත්ව තිබේ. මේ විනාශය අවසන් වන විට අඩුම ගණනේ ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වනවා ඇත. ගංගාවල තිබී මියගිය මඟීන් සහිත මෝටර් රථ හමුවීමත්, ජනතාවගේ දේපළ මෙන්ම පොදු දේපළ ද ගංගාවල ගසාගෙන යෑමත් බහුලව අසන්නට ලැබිණ. දැනට පෙනී යන පරිදි සුනාමි ව්‍යසනයෙන් පසු ජලය ආශ්‍රිතව හටගත් විශාලතම ව්‍යසනය මෙවර ගංවතුර විය හැකිය. 

ආණ්ඩුවට සහ ජනතාවට මෙහි සැබෑ පරිප්පුව කෑමට සිදුවන්නේ අද හෙට නොවේ. මීළඟ ගොයම් කපන වාරයේ දී කපන්නට ගොයමක් නැතිවීමත් වෙනත් භවබෝග නෙළන අවස්ථාවේ දී එසේ කරන්නට දෙයක් නැති වීමත් නිසා ලංකාව කිසියම් ආකාරයකට ආහාර හිඟයකට මුහුණ දීමට ඉඩ තිබේ. එහෙත් මිත්‍රවරුනි, මේ බෞද්ධ රට පුදුමාකාර රටකි. අවසන් මොහොතේ දී අපගේ ගැලවීම වෙනුවෙන් කවුරු හෝ ඉදිරිපත් වීමට ඉඩ තිබේ. එසේ ඉදිරිපත්වන්නා ඉන්දියාව විය හැකිය. නැත්නම් චීනය විය හැකිය. එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විය හැකිය. අපට ඇති එකම එෂුවරන්ස් එක වන්නේ ආහාර හිඟයක දී ආණ්ඩුව ගේමක් ගසා මිනිසුන්ගේ බඩගෙඩි නිවාදමන බවය.

ගංවතුර යනු ඉතිහාසගත ව්‍යසනයකි. මෙයට අවුරුදු දසදහස් ගණනකට ඉහතදී ලෝකය බෙහෙවින් නරක් වූ සමයක දී දෙවියන් වහන්සේ විශාල ගංවතුරක් මවා නරක මිනිසුන් එහි ගිල්ලවා පළාතම සුද්ද කළ බව දැනගැනීමට තිබේ. මෙතැනදී දෙවියන් වහන්සේ යනු විඥානවාදී සාධකයකි. දෙවියන්ගේ පැවැත්ම පිළිගැනීමට අකමැති අයට මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් තිබේ. එනම් එකී අතිවිශාල ගංවතුර ස්වභාවධර්මය විසින් ඇති කරන ලද ගංවතුරක් සේ සලකා කටයුතු කිරීම ය. 

මෙහිදී තවත් වැදගත් යමක් කිවයුතු වේ. රුසියාවේ සාර් රජ පෙළපතට විරුද්ධව කටයුතු කළ මහා ලේඛකයකු වූ ලියෝ ටෝල්ස්ටෝයි පවා සිය ජීවිතයේ අවසාන කාලයේ දී දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගත් බවය. ඒ කතාව පසෙක තිබියේවා. 

මෙයට අවුරුදු දහස් ගණනකට පෙර සිදුවූයේ යැයි කියන ගංවතුර මිථ්‍යාවක් නොව සැබෑවක් බව මේ වනවිට පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. එම ගංවතුරේ ප්‍රධාන චරිත තුනක් තිබේ. ඉන් පළමුවැන්නා දෙවියන් වහන්සේ ය. දෙවැන්නා දෙවියන් වහන්සේගේ පෞද්ගලික මිත්‍රයකු වූ නෝවා නමැති යහපත් මනුෂ්‍යයෙකි. තුන්වැන්නා යක්ෂයා හෙවත් සාතන් ය. තමන් වහන්සේ විසින් ළඟදීම ගංවතුරක් මවා පොළෝ තලය සුද්ධ පවිත්‍ර කරන බැවින් විශාල නැවක් හදාගෙන සිය පවුල සමග එහි නැඟී ජීවිත බේරා ගන්නා ලෙස දෙවියන් වහන්සේ නෝවාට දැනුම් දීමක් කර තිබිණ. ඉන් පසු නෝවා ලෑලි සොයාගෙනවිත් විශාල නැවක් සෑදූ බවත්, ඔහු සිය පවුල ද විවිධාකාර සතුන් ද සමග එම නැවට නැඟී ගංවතුර ගැලූ විට ජීවිත බේරාගත් බවත් සඳහන් ය. 

නෝවාගේ නැවේ නටබුන් මේවනවිට මැදපෙරදිගින් සොයාගෙන ඇත. මෙය නෝවාගේ නැවම යැයි කියන්නේ කෙසේද? නෝවාගේ ගංවතුර සිදුවී යැයි කියන්නේ මෙයට අවුරුදු අටදහසකට පමණ පෙරය. සොයාගත් නටබුන්වල තිබූ ලී කැබලිවල කාබන් කාලනිර්ණයට අනුව එම ලී කැබලි අවුරුදු අටදහසක් පමණ පැරණි බව හෙළි විය. මේ නැවේ නටබුන් ඇත්තේ කන්දක් මුදුනේ ය. ඒ නිසා පෙර කී ඉතිහාසගත ගංවතුර අඩි දහසක් පමණ උසට නැඟෙන්නට ඇතැයි සිතනු ලැබේ.

දැනට මේ රටේ පවතින ව්‍යසනකාරී අවස්ථාව සම්බන්ධයෙන් රජය සහ ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශාල කැපවීමකින් ක්‍රියාකරන බව පෙනේ. අනතුරට පත්වූ අය බේරාගැනීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සේවයේ යෙදී සිටින අයුරු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. එසේම සාමාන්‍ය ජනතාව ද හැකි උපරිම අයුරින් විපතට පත්වූවන් බේරාගන්නා හැටි අපි රූපවාහිනියෙන් දුටුවෙමු. 
මිනිසාට උපකාර කිරීමට මිනිසා හැර ඉදිරිපත් වන කෙනෙක් ඇත්නම් ඒ බල්ලා පමණි. වතුරේ ගසාගෙන යන බල්ලන් පවා බේරාගෙන යන උතුම් මනුෂ්‍යයන් අපි දුටුවෙමු. මේ සියලුදෙනාම සිය මතු ජීවිත සඳහා එක්රැස් කරන පුණ්‍ය ධනය අතිවිශාල ය. නෝවාගේ ගංවතුරේ දී එය කර ගැනීමට බැරි විය. 
එහිදී බේරුණේ නෝවාගේ පවුල පමණි.

30.11.2025 දිවයින කතුවැකිය.

A day in the life