තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2025-11-27
සුවසේ නිවන් මග වඩන්නට මේ පිං හේතුවේවා!’
2025-11-26
හමාස් සංවිධානය සහ පලස්තීනය .
ඒ වගේම 2013 මැයි 18 දින යුධ ජයග්‍රහණ සැමරැමේදී ගත් මේ ජායාරෑපයද ඔවුන් පළකරනවා.
+++++
ජෙරුසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඤයකු වන කර්නල් ආචාර්ය මෝෂේ එලාද් සමග.කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.
එහි මෙහෙම කියනවා.හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය අරගලයක් කරමින් සිටී.
ඊශ්‍රායලය යනු ලොව 14 වන යුධ බලවතා.
ලංකාව රටවල් 145 ක් අතරින් ලොව 69 වන යුධ බලවතා.
ලොව අංක එකේ බුද්ධි අංශය ලෙස සැලකෙන මොෂාද් ඔත්තු සේවය හිමි රට ඊශ්‍රායලය.
න්‍යෂ්ටික අවි , F 35 යානා , පේට්‍රියට් මිසයිල නාශක පද්ධති , සබ්මැරීන , යුධ ටැංකි මේ සියල්ලෙන් ඊශ්‍රායලය පොහොසත්.
බටහිර සහ ඇමරිකාව ඊශ්‍රායලය කරන ඕන අපරාධයක් සාධාරණය කරනවා.
එහෙම වෙලත් ඊශ්‍රායලයට බැහැ 35 km දිග 10km පළල කුඩා බිම් තීරැවක සිටින හමාස් පරාජය කිරීමට.
ගාසා තීරයට ආහාර විදුලිය ඉන්ධන ජලය සම්පූර්ණ සපයන්නේ ඊශ්‍රායලය විසින්.නමුත් ඊශ්‍රායලය අසමත් හමාස් මුලිනුපුටා දැමීමට.
මෝෂේ එලාද් මෙහෙම කියනවා.
ලෝකය අපට කියනවා ගරිල්ලා කණ්ඩායමක් මුලිනුපූටා දමන්න බැහැ කියලා.
නමුත් ලංකාවේ රජය ලොව දරැණුම ත්‍රස්ත සංවිධානය සම්පූර්ණ ලෙස පරාජය කලා.
(ඇත්තටම LTTE සංවිධානය කොටියෙක් නම් සාපේක්ෂව හමාස් සංවිධානය පූසෙක් තරම් ඇති)
2005 මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.
ඔහු සාම සාකච්චාව හරහා විසදුමක් සෙවීමේ උපායෙන් ඉවත් වී යුද්ධ කර කොටි සංවිධානය පරාජය කිරීමේ අපායට මාරැවෙනවා.
ඒ සමග රජය
විශාල ලෙස යුධ අවි මිලට ගැනීම ආරම්භ කළා.
හමුදාවට ලක්ෂ ගණනක් අලුතින් බදවා ගත්තා.
බුද්ධි අංශ තර කලා.
යුධ පෙරමුණු ගණනාවක් නිර්මාණය කර කොටියට පහර දුන්නා.
ලක් රජය ජාත්‍යන්තරය සමග සාකච්චා කර කොටි ආයුධ සැපයුම් වැහුවා.ඒ සදහා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම ලංකාව උපක්‍රමිකව පාවිච්චි කලා.
කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරගැනීමට රජය සමත් උනා.
එලාද් මෙහෙමත් කියනවා.
කොටි සංවිධානය ඉතාම බලවත්.ඔවුන්ට සංකීර්ණ යුධ යාන්ත්‍රණයක් තිබුනා.
වෙනම පාලන කලාපයක් තිබුනා.
මරාගෙන මැරෙන ප්‍රහාර කලාව සොයාගත්තේ එම සංවිධානය.
ඔවුන් ඒ සදහා කාන්තාවන් සහ දරුවන් පවා යොදාගත්තා.
කොටි සංවිධානය සහ දෙමළ ජනතාව අතර බැදීම කඩා දැමීමට රාජපක්ෂ රජය සංවිධානාත්මක ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කලා.
ලංකාව තියෙන්නේ උපක්‍රමිකව සුවිශේෂී ස්ථානයක.ඒ වටිනාකම් පාවිච්චි කර ලංකාව බටහිර බලයට එරහිව චීන බලය ලබාගත්තා.
මහින්ද රජය යුද්ධය අවසන් වන තෙක් උතුරු නැගෙන හිරට මානව හිමිකම් සංවිධාන වලට එන්න දුන්නේ නැහැ.ජාත්‍යන්තර මාධ්‍ය වලට යුධ පෙරමුනට යන්න දුන්නේ නැහැ.ඔවුන් සියල්ල සංවිධානාත්මකව පාලනය කලා.
ඒ සියල්ල කර ඔවුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා.
ඇමරිකාව.චෝදනා කරනවා යුද්ධය අවසාන සමයේ උතුරේ 40000 සහ 70000 අතර ගාතන සිදු වූ බවට.නමුත් සාක්ෂි නැහැ.ලක් රජය ඒ සියල්ල සූක්ෂමව කලමණාකරණය තලා. පුවත් පත එහෙම කියනවා.
මෝෂේ එලාද් කියනවා රැසියාව , චීලී රාජ්‍ය සහ ජර්මනිය විසින් ත්‍රස්තවාදී සංවිධාන පරාජය කල අවස්ථා වාර්ථා වන නමුත් ලංකාව තමයි වීස්තීරණ සටනක් සහමුලින් අවසන් කලේ . ඒ නිසා ලක් රජය කල යුද්ධයේ තීක්ෂණ බව අපි උකහා ගත යුතු බව.
ලෝකයම ඊශ්‍රායලයේ යුධ හැකියාව වර්ණනා කරද්දී ඊශ්‍රායලයේ යුධ උපදේශක වරු මහින්ද කල යුද්ධය වර්ණනා කරනවා සහ එය මොඩ්ල් එකක් විදියට අධ්‍යනය කරනවා.
ලංකාවේ සියලු වැසියන් මහින්ද රාජපක්ෂට සහ හමුදාවට දින පතා වැද නමස්කාර කල යුතු උනත් බහුතරය කරන්නේ අදටත් ගරහන එක.
https://www.jpost.com/international/article-854833...
මනෝජ් විජේසේකර
2025-11-25
දේශගුණය .
ගමේ ඇත්තෝ නම් කියන්නේ නෑගණහිරිින් එන වැස්ස කියලා.
කාලගුනේට විද්‍යාත්මක අර්ථ කථන තියෙනවා.
ඒත් අපිට නම් උපන්දා සිට නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි 15 විතර වෙනකම් වහිනවා.
උෂ්නත්වයත් වෙනස් වෙලා පරිසරය සීතල වෙනවා.
දුරුත්ත සීතල ගොඩක් වැඩි වෙලා පෙබරවාරි මාර්තු ඩිංග ඩිංග රස්නේ වැඩි වෙන්න පටන් ගන්නවා.
ඔන්න ඔහොමයි ගමට දේශගුනේ වෙනස් වෙන්නේ.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ද දේශගුණය වෙනස් වෙනවා.
මීට අවුරුදු හැට හැත්තෑවකට වගේ ඉස්සෙල්ලා නෙමෙයි අපේ ගමේ දේශගුණය. ( බෙලිහුල්ඔය ).
සීතල දේශගුණයේ ඉදන් උණුසුම් දේශගුණයකට පරිසරය හෙමින් හෙමින් ගමන් කරලා අද වෙන කොට අපේ වයසේ අයට වෙනස හොදට දැනෙන්න පටන් අරන්.
ඇළ දොල ගංගා දැන් වතුරෙන් පිිරිලා ගලා යන්නේ නෑ.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතිනවා. මේ දේශගුණික විපර්යාසය දැන් මිනිස් ජීවිතයේ සෑම අංශයකටම තර්ජනයක් වෙලා.
දේශගුණික විපර්යාසයන්ට පිළියමක් නොයෙදුවොත් ව්‍යසනකාරී උණුසුමක් ද, ඒ සමග පැමිණෙන දිනෙන් දින නරක අතට හැරෙන නියං, මුහුදු මට්ටම විශාල වශයෙන් ඉහළ යෑම, සහ ජීවීන්ගේ මහා නෂ්ටවීම් ද අත්විඳින්නට මිනිසාටත් ස්වභාව ධර්මයටත් සිදුවනවා නියත යි.
දේශගුණ විපර්යාස.
අවුරුදු ගණනාවක් පුරාවට යම් ප්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණය "දේශගුණය' යනුවෙන් හැඳින්වෙනවා. සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වීම 'දේශගුණ විපර්යාසය' යනුවෙන් හැඳින්වේ.
මේ වන විට අප අත්විඳින සීඝ්‍ර දේශගුණ විපර්යාසයන් ඇතිවී තිබෙන්නේ මිනිසා විසින් සිය නිවෙස්, කර්මාන්තශාලා, සහ ප්‍රවාහන කටයුතු සඳහා ඛණිජ තෙල්, වායු, සහ ගල් අඟුරු දහනය කිරීම නිසා යි.
මේ ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායූන් - බොහෝකොටම කාබන් ඩයොක්සයිඩ් (CO2) - නිකුත්වේ. මෙම වායූන් මඟින් පෘථිවියට ලැබෙන සූර්ය තාපය මෙහිම රඳවා ගන්නට කටයුතු කිරීමෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි.
1850 සිට 2020 දක්වා වාර්ෂික මධ්‍ය ගොඩබිම් සහ සාගර උෂ්ණත්වය - සාමාන්‍යයට පහළ සහ ඉහල උෂ්ණත්වයන්
වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇත.
විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාසවල නරකම ප්‍රතිවිපාක වළක්වා ගන්නට අවශ්‍ය නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන වේගය අඩුකළ යුතුබව යි. වර්ෂ 2100 වන තෙක් උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 ලෙස තබාගත යුතුයැ යි ඔවුන් පවසයි.
කෙසේ නමුත්, ඒ සඳහා වැඩිදුර පියවර නොගතහොත් මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කටත් වැඩියෙන් ඉහළ යනවා ඇති.
විද්‍යාඥයන් සිතන්නේ මීට පිළියම් කිසිවක් නොයෙදුවහොත් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවීම ඉඩ ඇති අතර, එය හදිසියෙන් ඇතිවන විනාශකාරී ග්‍රීෂ්මයන්ට, මිලියන ගණනකට නිවාස අහිමි කරමින් මුහුදු මට්ටම ඉහළ යාමට, සහ ශාක හා සත්ත්ව විශේෂයන් නැවත වෙනස් කළ නොහෙන අන්දමට විනාශ වී යාමට තුඩුදෙනු ඇතිබව යි.
දේශගුණික විපර්යාසයේ බලපෑම .
මේ වන විටත්, ජීවිත සහ ජීවනෝපායන් තර්ජනයට ලක් කරමින් ආන්තික කාලගුණ තත්ත්වයන් තවත් දරුණු අතට හැරී තිබේ.
පසුගිය වසර 11,300 තුළ සිදුවූ ගෝලීය උෂ්ණත්වයේ අසාමාන්‍ය වෙනස්වීම
ලෝකය තවත් උණුසුම් වුවහොත් වගාබිම් කාන්තාරබවට පත්විය හැකි නිසා, ඇතැම් ප්‍රදේශයන් මිනිස් වාසයට නුසුදුසු වීමට හැකි යි. ගොවිබිම් කාන්තාර බවට පත්වීමත් තවත් ප්‍රදේශයන්හි දී මෙහි විලෝමය සිදුවෙමින් පවතියි. මෑතක දී චීනයේ, ජර්මනියේ, බෙල්ජියමේ, සහ නෙදර්ලන්තයේ සිදුවූ පරිදි, අධික වර්ෂාපතනය හේතුවෙන් ඓතිහාසික ජලගැල්ම ඇතිවීම දැකගත හැකි ය.
දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා වඩාත් දුක් විඳිනු ඇත්තේ අප වැනි දුප්පත් රටවල ජනතාව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ගොවිබිම් දැනටත් අධික උෂ්ණත්වයකට මුහුණපාමින් සිටින අතර, මෙය හැරෙනු ඇත්තේ වඩාත් නරක අතට පමණි.
අපගේ සාගර ද, ඒවායේ පිහිටි බොහෝ සාගර ජීවීන්ගේ වාසස්ථාන ද තර්ජනයට ලක්වී ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුද උණුසුම් වීම නිසා ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයට 1995 සිට මේ වන තෙක් සිය කොරල්පරවලින් අඩක්ම අහිමි වී තිබේ.
දේශගුණික විපර්යාසයන් උණුසුම්, වියළි කාලගුණයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බැවින් ලැව්ගිනි ඇතිවීම ද දැන් දැන් බහුල සිදුවීමකි.
සයිබීරියාව වැනි ප්‍රදේශවල මිදුණු පොළව දිය වී යද්දී, දේශගුණික විපර්යාස තවත් නරක අතට හරවමින් සියවස් ගණනාවක් තිස්සේ එහි සිරවී තිබූ හරිතාගාර වායූන් වායුගෝලයට මුදා හැරෙනු ඇත.
ලෝකය වඩාත් උණුසුම් වෙද්දී, සතුන්ට ද ජීවත්වීමට අවශ්‍ය කරන ආහාර හා ජලය සොයාගැනීම දුෂ්කර වනු ඇත. උදාහරණය ලෙස, ඔවුන්ගේ ජීවිතය ගෙනයෑමට අවශ්‍ය අයිස් දියවීමත් සමග හිම වලසුන් මියගොස් වඳවී යනු ඇති අතර, අලින්ට දිනකට අවශ්‍ය කරන ජලය ලීටර 150 - 300ත් අතර ප්‍රමාණය සොයාගැනීම සඳහා ඔවුන්ට මහත් සේ දුක් විඳීමට සිදුවනු ඇත.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නිසි පියවර නොගතහොත් මෙම සියවස අවසන් වන විට සත්ත්ව විශේෂ 550ක්වත් වඳවී යා හැකිබව යි.
ලෝකයේ විවිධ ප්‍රදේශ මුහුණ දෙනු ඇත්තේ කුමනාකාරයේ වෙනස්කම්වලට ද?
දේශගුණික විපර්යාසය ලෝකයේ විවිධ ප්‍රදේශවලට ඇති කරන්නේ විවිධ බලපෑම් ය. සමහර ස්ථාන අනෙක් ප්‍රදේශවලට වඩා උණුසුම් වනු ඇත. සමහරක් ප්‍රදේශයන්ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර, තවත් සමහරක් ප්‍රදේශයන්ට නියඟවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් 1.5ට සීමාකර ගැනීමට නොහැකි වුවහොත්:
එක්සත් රාජධානිය සහ යුරෝපය අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුරට ගොදුරු වනු ඇත
මැදපෙරදිග රටවල් හදිසියේ ඇතිවන දැඩි ග්‍රීෂ්මයන් අත්විඳිනු ඇති අතර, ගොවිබිම් කාන්තාර බවට හැරෙනු ඇත
ශාන්තිකර කලාපයේ සහ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයන් මුහුදු මට්ටම ඉහළ යැමත් සමග අතුරුදන් වී යාමට පුළුවන
බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් නියඟයෙන් සහ දුර්භික්ෂයෙන් පීඩා විඳිනු ඇත
එක්සත් ජනපදයේ බටහිරදිග ප්‍රදේශයන්හි නියං තත්ත්වයක් ඇතිවනු ඇති අතර, අනෙක් ප්‍රදේශයන් වඩ වඩාත් දරුණු කුණාටුවලට මුහුණපානු ඇත
ඕස්ට්‍රේලියාව අධික උණුසුම සහ නියඟයෙන් පීඩා විඳිනු ඇත
රට රටවල ආණ්ඩු මොනවා ද කරන්නේ?
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි වන්නේ එක්ව වැඩ කිරීමෙන් පමණක් බව බොහෝ රටවල් එකඟ වන අතර, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට තබාගැනීමට උත්සාහ කරන බවට, 2015 වසරේ පැරිසියේ දී ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුහු ප්‍රතිඥා දුන්හ.
එක්සත් රාජධානිය ලෝක නායකයින් වෙනුවෙන් COP26 නම් සමුළුවක් පවත්වන ලදී. මෙහිදී රටවල් 2030 වසර වන විට කාබන් විමෝචනය අඩු කිරීමේ සැලසුම් ඉදිරිපත් කරන ලදී.
2050 වන විට කාබන් විමෝචනය බිංදුව දක්වා ගෙන ඒමට බොහෝ රටවල් ප්‍රතිඥා දී ඇත. මෙයින් අදහස් වන්නේ හරිතාගාර වායු විමෝචනය හැකිතාක් අවම කිරීම, සහ ඉතිරි විමෝචනයන්ට සමාන ප්‍රමාණයක් වායුගෝලයෙන් අවශෝෂණයකර සමතුලිත කිරීම යි.
මෙය සාක්ෂාත්කර ගත හැකි ඉලක්කයක්යැ යි විශේෂඥයින් පවසන නමුත්, ඒ සඳහා රජයයන්, ව්‍යාපාර, සහ තනි පුද්ගලයින් පවා විශාල වෙනස්කම් සිදුකිරීම අත්‍යවශ්‍ය ය.
ශ්‍රී ලංකා ජනපතිත් COP26 සමුළුවට
මේ අතරේ ශ්‍රී ලංකා ජනපති ගෝටාභය රාජපක්ෂ ද ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති COP26 සමුළුවට සහභාගී විය.
ජනපතිවරයා ඔක්තෝබර් 31 වන දා සමුළුව ඇමතුවේ "නයිට්‍රජන් ගැන පසුවිපරම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ විසඳුම් සහ සහසබඳතා" යන මාතෘකාව යටතේ ය.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය 100%ක් කාබනික කිරීම ගැන විස්තර කළ ජනපතිවරයා, එම ක්‍රියාව "බොහෝ ඇගයීමට පාත්‍රව ඇතත්, යම් විවේචනයන්ට සහ ප්‍රතිරෝධයකට ද මුහුණ දී ඇතැ"යි ද පැවසීය.
"2030 වන විට අපි අපගේ කාබන් අවශෝෂණ හැකියාව 7%කින් වැඩි කිරීමට මුලපුරා ඇති අතර, ජාතික වන ආවරණය ඉහළ නැංවීමට ද ප්‍රමුඛත්වය දී සිටිමු," යි ප්‍රකාශ කළ ජනපතිවරයා, 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයගෙන් සපුරා ගන්නාබව ද, පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනාබව ද ප්‍රකාශ කළේ ය.
2025-11-24
රන්ජන් විජේරත්න
රන්ජන් විජේරත්න.
ප්‍රවෘත්තිවලට වඩා බිය වේගයෙන් ගමන් කළ කාලයක් ශ්‍රී ලංකාවේ තිබුණි.
කතා කිරීම වෙනුවට මිනිසුන් මුමුණති.
හිරු බැස යාමට පෙර සාප්පු වසා දමන ලදී. සෑම මවක්ම තම දරුවන් ආරක්ෂිතව නිවසට පැමිණෙන තෙක් දොරකඩ බලා සිටියහ.
ත්‍රස්තවාදය ප්‍රධාන මාතෘකාවක් නොවූ කාලයක් වුවද එය දෛනික යථාර්ථය විය.
මේ අන්ධකාරය මැද, පසුබැසීම ප්‍රතික්ෂේප කළ මිනිසෙක් සිටියේය.
ඔහුගේ නම රන්ජන් විජේරත්න.
සෑම රටකම ඉතිහාසය තුළ, එක වාක්‍යයකින් විස්තර කළ නොහැකි නායකයින් සිටී. නිර්භීත සහ අධිෂ්ඨානශීලී - නමුත් විවේචනය කරන, ප්‍රශ්න කරන සහ වරදවා වටහා ගන්නා නායකයින් සිටී. රන්ජන් විජේරත්න ඔවුන්ගෙන් කෙනෙකි.
- රට වෙව්ලන විට, ඔහු එසේ කළේ නැත.
ඔහු ඔප දැමූ හෝ කාව්‍යමය කෙනෙන් නොවීය. ඔහු මිනිසුන්ගේ අත්පොළසන් සඳහා මෘදු ලෙස පෙනී සිටියේ නැත.
ඔහු හමුදා විනය, තියුණු තීරණ සහ රට සටන් කිරීමට වටින බව විශ්වාස කිරීමෙන් ඇති වූ ධෛර්යයෙන් හැඩගැසුණු තද මිනිසෙකි.
අනෙක් අය දුර සිට අනතුර විශ්ලේෂණය කළද, ඔහු කෙලින්ම එයට ඇතුළු විය.
බෝම්බ පිපිරීම් දේශය සෙලවූ විට, ඔහු සැඟවී සිටියේ නැත. ඔහු ස්ථිරව එහි සිටගෙන සිටියේය.
සමහරුන්ට මෙය නිර්භීතකමක් ලෙස පෙනුනි. අනෙක් අයට මෙය අවදානමක් ලෙස පෙනුනි.සමහරුන්ට එය මෝඩ උද්ධඡ්ඡ කමක් ලෙස පෙනිනි. නමුත් ඔහුට එය රාජකාරියක් විය.
ඔහු දේශපාලනඥයෙකු පමණක් නොවේ. ඔහු සොල්දාදුවෙකුගේ මනසක් ඇති පරිපාලකයෙකු, විනයගරුක සංවිධායකයෙකු, ශ්‍රී ලංකාවේ අඳුරුතම කාලවලදී නිර්භීත සටන්කරුවෙකු ද විය. ඒ සමඟම, ඔහුගේ අදහස් හා ක්‍රියාවන් පිළිබද මතකයද විවාදිතව, තවමත් සාකච්ඡාවට භාජනය වන තීරණ ගත් මිනිසෙක් විය ඔහු.
රන්ජන් විජේරත්න ජීවත් වූයේ නායකයින්ට ප්‍රවේශම් වීම සහ ධෛර්යය අතර තෝරා ගැනීමට සිදු වූ කාලයකයි.
ඔහු ධෛර්යය තෝරා ගත්තේය .
සමහර විට ප්‍රශංසා කරන ලද, සමහර විට ප්‍රශ්න කරන ලද, නමුත් සෑම විටම ස්ථිරව තම මතයේ සිටි අයෙකි ඔහු.
ඔහුව තේරුම් ගැනීමට නම්, අපි ඔහු දෙස සම්පූර්ණයෙන්ම සමබරතාවයෙන් බැලිය යුතුය.
ශ්‍රී ලංකාව බියෙන්, ප්‍රචණ්ඩත්වයෙන් සහ අවිනිශ්චිතතාවයෙන් ගිලී තිබුණි.
බෝම්බ, ඝාතන සහ ත්‍රස්ත ප්‍රහාර සුලභ විය. පසුදා අවදි වේදැයි සැකයෙන් මිනිසුන් නින්දට ගියේය.
මේ කාලය තුළ, රන්ජන් විජේරත්න ධෛර්යයේ කුළුණක් බවට පත් විය.
• ඔහු වසා දැමූ දොරවල් පිටුපස සැඟවී සිටියේ නැත.
• ඔහු කෙලින්ම ගියේ ඉදිරි පෙළට ය, එහිදී අනතුර ඉහළම විය.
• හරි හෝ වැරදි, ජාතික ආරක්ෂාවට අවශ්‍ය වන්නේ දුර්වල සම්මුති නොව නිර්භීත තීරණ බව ඔහු දැඩිව විශ්වාස කළේය.
සමහරු පැවසුවේ ඔහු ඕනෑවට වඩා දැඩි බවයි. ඔහුගේ ක්‍රම දැඩි බවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සුළු ඉඩක් ඉතිරි කළ යුතුව තිබූ බවත් ඔවුන් පවසති.
එහෙත් ඔහු තමාගේම විනිශ්චය මත දැඩි ලෙස විශ්වාසය තබා දැඩි පාලනයකට කටයුතු කලේය.
ඔහු සීමාවන් තල්ලු කර විරුද්ධවාදීන් අතර බිය ඇති කළ බව සත්‍යයකි. එසේම ඔහු තම පාර්ශවයටද අවිනිස්චිත බවක චකිතයක් ඇති කර තිබුනි.
නිල ඇඳුමක් නැති ජෙනරාල්වරයා.ඔහු පෙරහන් නොමැතිව කතා කළේය.
ඔහු ප්‍රමාදයකින් තොරව ක්‍රියා කළේය.
ඔහු සාමාන්‍ය ඇඳුමක් ඇඳ සිටිමින්, සොල්දාදුවෙකු මෙන් තමාව පෙරට රැගෙන ගියේය.
ඔහු ඉක්මනින් තීරණ ගත්තේය.
ඔහු තමාටම දැඩි වූ අතර රටේ සාමයට තර්ජනයක් වූ අයට ද වඩා දැඩිව ක්‍රියාත්මක විය.
ඔහුගේ තීරණ වේගවත්, තියුණු සහ පැහැදිලි විය.
ඔහුගේ ආධාරකරුවන් පැවසුවේ ඔහු “දේවල් ඉටු කරන” නායකයෙකු බවයි.
සමහරුන්ට මතභේදාත්මක වීරයා.සෑම ශක්තිමත් නායකයෙකුටම සෙවනැල්ලක් සමඟ ගමන් කළ හැකිය.
රන්ජන් විජේරත්න ද ඊට වෙනස් නොවේ.
සමහරු ඔහුට ඕනෑවට වඩා දැඩි යැයි චෝදනා කළහ.
එහෙත් ඔහුව විවේචනය කළ අය පවා එක දෙයකට එකඟ වූහ..,
ඔහු කිසි විටෙකත් බිය වූයේ නැති බව.
දෙපාර්ශවයක ත්‍රස්තවාදීන්ට බිය නොවුනු බව.
දේශපාලනයට බිය නොවුනු බව.
ඔහු ප්‍රතිවාදියාට මෙන්ම තමා ලග සිටින අයට ද බිය ගෙන ආවේය..
එසේම තර්ජනවලට බිය නොවිනි.
ප්‍රතිවිපාකවලට ද බිය නොවිනි.
බිය කිසිවිටකත් ඔහු තුළ ජීවත් වූයේ ම නැති බව කියැවේ.
ජාතියක් දැවෙන විට, ආරක්ෂා කරන එම ගින්නටම විවාදයක් ද ඇවිලවිය හැකිය. ශක්තිමත් නායකයින් ස්වභාවයෙන්ම දැඩි විවේචන ආකර්ෂණය කරනන්ය.
නිශ්ශබ්දතාවය බිඳුණු දිනය.ඊට පසු සියල්ල වෙනස් කළ දිනය පැමිණියේය. භීෂනය ලැගුම්ගත් උදෑසනක පිපිරීමක්..කාගෙන් කුමන ලෙසක ආවද,
ජීවිතයක් අවසන් කළ සහ පුරාවෘත්තයක් ආරම්භ කළ එක් මොහොතක්.
දහස් ගණනින් ජනතාව රැස් වූහ. සමහරු කඳුළු සලමින්, සමහරු කම්පනයෙන්, සමහරු අවිශ්වාසයෙන්.
සහ සමහරු සතුටින් මෙන්ම ප්‍රිතීයෙන් ද සිටියෝය, ඔහු වපුරපු දේ නෙලා ගත් බව සමහර කිවේය.
ඔවුන් ඔහු සමඟ එකඟ වුවත් නැතත්, කලු හැදගත් භීෂනයේ කුණාටුව අතර හිටගෙන සිටි මිනිසෙකු අහිමි වූ බව නම් කා අතරත් කතාව වුනි.
ඔහුගේ මරණය හුදෙක් දේශපාලන ඝාතනයක් නොවේ. එය ඝාතනයක් නොවන්නේ ද නොවේ.
එහෙත් එය ධෛර්යයට මිලක් ඇති බව කාටත් මතක් කිරීමක් විය. හරි හෝ වැරදි වුවද, බොහෝ විට එය නිර්භීත අය විසින් ගෙවනු ලැබූ එකකි..
ඔහුගේ මරණය දේශපාලනඥයෙකුගේ අහිමි වීම පමණක් නොවේ.
ශක්තිමත් වුවද නොනැමෙන නායකයින් බොහෝ විට විශාලතම අනතුරුවලට මුහුණ දෙන බව එය මතක් කිරීමක් ද විය.
අප ඉගෙන ගත යුතු උරුමය.අද, වසර ගණනාවකට පසුවත්, ඔහුගේ කතාව තවමත් මතයන් වියිධ දෙසට බෙදී යයි .
නමුත් එය අපට බලවත් දෙයක් උගන්වයි.
නායකත්වය පරිපූර්ණත්වය නොවේ.
නායකත්වය ජනප්‍රියත්වය ද නොවේ.
නායකත්වය යනු ඝෝෂාකාරී කතා හෝ දේශපාලන පොරොන්දු ද නොවේ.
අනෙක් සියල්ලන්ම පසුබසින විට අනතුරට යාමට ඇති කැමැත්ත නිර්භීත නායකත්වයයි. එය රංජන් විජේරත්නට තිබුනු බව ඔහුව ඝාතනය කර වසර ගනනකට පසුව වුවද අපට පිලිගැනීමට සිදුවෙයි.
මිනිසුන් ඔබව වරදවා වටහා ගන්නා විට පවා ජාතියක් ආරක්ෂා කිරීමට ඇති ධෛර්යය නායකත්වයයි.

සත්‍යවශයෙන්ම රන්ජන් විජේරත්න සාන්තුවරයෙකු නොවේ.
එසේම ඔහු සමහරුන්ට අනුව දුෂ්ටයෙකු ද නොවීය.
ඔහු මිනිසෙක් - ශක්තිමත්, නමුත් දෝෂ සහිත, අධිෂ්ඨානශීලී සහ අමතක නොවන ගනයේ මිනිසෙක්..
ධෛර්යය සහ මතභේද දෙකම එකම උරහිස මත දරාගත් මිනිසෙක්.
රන්ජන් විජේරත්න පරිපූර්ණ මිනිසෙක් නොවේ - එසේම කිසිම නායකයෙක් කිසිදා පරිපූර්ණ නොවේ.
නමුත් ඔහු භයානක කාලයක නැගී සිටි, ප්‍රශංසාව සහ දොස් දෙකම දරාගත්, අපගේ පරම්පරාව තේරුම් ගත යුතු පාඩම් ඉතිරි කළ මිනිසෙකි.
එවැනි නායකයින්ට ගෞරව කිරීම නොකිරීම සඳහා, ධෛර්යය මනුෂ්‍යත්වය සමඟ සමතුලිත වන සහ ශක්තිය ප්‍රඥාවෙන් මෙහෙයවනු ලබන අනාගතයක් අප ගොඩනඟා ගත යුතුය.
කෝපයෙන් නොව, අන්ධ ප්‍රශංසාවෙන් නොව, පරිණතභාවයෙන් - ඉතිහාසයේ සෑම පරිච්ඡේදයකින්ම ඉගෙන ගන්නා ජාතියක් බවට අපි වර්ධනය විය යුතුයි..
එසේම ඉන් අපි ඉගෙන ගන්නේ නම්, රන්ජන් විජේරත්නගේ කතාව ඉතිහාසය පමණක් නොවනු ඇත. එය අපගේ අනාගතයට ද මඟ පෙන්වීමක් ද වනු ඇති බවයි මගේ අදහස.
- සකුපෙරේරා
2025-11-23
වන්නියේ ඇත්තෝ.
හාහ් පුරා කියා ආකහේ වැහි බිත්තර පාංඩ කලියෙං ගිනි ගහන හව්ව වන්නි ඈයිංට වගේ වගක් නැත. කොලු කුරුට්ටෝ ගිනියං වුණු වැල්ලේ ඇවිද යති. බෝලයක්, පිත්තක් හොයාන වැව් පිටි ගානේ කාලේ ගෙවති. ඉස්කෝලෙ නොවෙන්නං රෑ බෝ වෙන්ඩ ඔන්න මෙන්න තියා දොස් පරොස් අසමින් ගෙට වදිති.
මහගෙට අල්ලා කැලේට මායිං ව ගස් ගොන්න වැවෙන්ඩ ඇර තිබාපු හේන් ලන්ද මේ කාලේට කල එළි බහින්නේ ය. පිටි කරේ වතුර කලේකුත් උහාන උදැල්ලත්, පොල කැත්තත්, පං මල්ලත් ඇන්න අත්තා ඒ ඉසව්වේ දවස තිස්සේ දහිරිය දමන්නේ ය. උදැහැනැක්කේ ම ගෙං එළි බහින්ඩ කලියෙං කෑම් පීම් මොනවාදැ යි කලින් දා රෑ ජාමේ අත්තම්මාට අඬගාන්නේ ය.
“උදේට කැකුලු හාල් බතට හොඳවෑයිං මිරිස් පුච්චාපු සම්බෝලෙකු යි කට්ට කරවල බැදුමකු යි හදාපල්ලා”
අපිට ද ඒවා රාජ බෝජන ය. අපි කුඩා සන්දියේ අත්තා ගේ මිදුලේ මහා බුරුත ගහක් හෙවනේ පං පැදුර එළා සද්දෙට කතා කරයි.
“දවල් වෙන්ඩ කලිං කාපල්ලා”
බුරුත ගහ යට පං පැදුරේ වැටී එරමිණියා ගොතාගෙන අපි බලා සිටිමු. අත්තම්මාත් අම්මාත් බත් පිඟං ඉදිරිපිට තබා පිටව යති. කා අවසන් වෙත් පං පැදුරේ වැටුණු බත් ඇට එකින් එක අහුලා පිඟානේ ම දා ගත යුතු ය. එසේ නොවෙන්නට කං පිරෙංඩ අත්තාගේත්, අත්තම්මාගේත් ඇනුම් බැණුම් ය.
“තොපෙ හම ගලවනවා දැනගනියව්. පැදුරෙ වැටිච්චි බත් ඇට ඇහිඳලා සතෙක්ට කන්ඩ දාපල්ලා”
මහ ගෙයි ඉස්සරාහිං ගොම මැටි ගාපු ඉස්තෝප්පුවේ වී තම්බා වේලෙන්ඩ දමන්නේ ය. වේලුණු වී ඇට ගෝනිවල පුරොගෙන අහවර වෙද්දිං අත්තා අපිට සද්දෙං කතා කරන්නේ ය.
“ඔය ගැඩැවිල් වලවල්වල යි මුලුවලයි තියෙන වී ඇට එක්කාසු කරලා කුල්ලට දාපල්ලා”
ඒවා කුල්ලෙන් පොලා ගල් වැලි අහක් කරන්නේ ය. වී පුරෝපු ගෝනිවලට ම දමා පාහිංඩ ඇන්න යන්නේ ය.
හේං කොටන්ඩ ගියායිං දවාලට අත්තා ගෙදර එන්නේ කලාතුරකිනි. සමහර දාට ගෙයි වැඩ කඩිමුඩියේ අහවර වුණායිං අත්තමා ද හේනට ම වැදී අත්තාට උදව් පදව් කරන්නේ ය. තවත් දාකට ඉවුම් පිහුම් තල් පෙට්ටිවල පුරෝගෙන හේනට ගොඩ වදින්නේ ය. බිත්ති හතරක කූඩුවේ කෑම් පීම්වලට වඩා හේනේ, කුඹුරේ ගහක් යට බත් මාළු රස ය.
කැලේ කපා දඬු කොළ තැපෙන්ඩ කීප දොහක් තියා ආයෙ හේනට ඇහුම් බැලුම් කරන්නේ ය. මුවසිරිසෙං ගිනි ලන්ඩ කල් බැලුවේ කලාතුරකිනි. දඬු කොල වේලුනායිං ගිනි ලන්ඩ නැකත ය. මුවසිරිස ගිනි පත්තු වෙන නැකත මුත් හැම කලට වේලාවට ම නැකත අහුවෙන්නේ නැත. දඬු කොල වේලුණු පමාවට උන්නැහේලාට නැකත ය. ගේ දොර හදද්දිං, මඟුල් තුලාවකට, ළිඳක් අත්තිවාරමක් බිඳිද්දිං උන්දැලා නැකත් වැරැද්දුවේ නැත.
ගිය හැටියේ හේන ගිනි ලන සිරතක් ගං කූඩුවල නො තිබුණේ ය. ගිනි යාදින්න කියා තුන් විඩක් හූ ගාන්නේ ය. හේන් ගිනි ලා බලා සිටින්නේ ය.
“අවසර ආයිබෝ වේ වා අයිබෝ වේ වා පායන තැනේ සිට බහිනා තැනට අණ වරම් තෙද වරම් බලාන කලා බළලු දොළොස් දූවට වන්නි හත් පත්තුවට නුවර කලාවියට බැල්ම ලාගෙන මුට්ටි නැමුම් කිරි ඉතිරුම් මංගල්ලාවට දැකුං දෙන අයියනා මුත්තේ...
ඉලන්දාරි මුත්තේ රත්න කම්බිලි මුත්තේ දුරුතු මහ මැදින් දිනේට පුරාගත්තු හේන් පත්තෑයම ගිනිමා පූ කරලා අලු පොලවල් හදාන බව බෝග බිජු වඩන්ඩයි මේ සූජානම...
මේ හේනේ හිරදඬු වෙච්චි කුර ගානා බඩ ගානා පියාඹන සත්තු ගිනිමා සැරෙන් එතෙර කරලා උන්ගේ පණ කෙන්ද පිහිටුවා ගන්ඩයි මේ අඬගාන්නේ...
දැන වැරදි නොදැන වැරදි උනානං බිජුවට පිපිරී ගියා නං මා හට පව් නැත. එක් වෙනුව දෙවෙනුව තුන් වෙනිය තීන්දුයි තීන්දුයි හාහ්... හූ... හූ... හූ...”
හේන් කිරිවදින කාලෙට සතා සීපාවාගෙන් එන කරදර හිරිහැර බෝවෙයි. කැලේ පීරාගෙන එන රිලවෝ ද වඳුරෝ ද වගා පාලු කරන්නෝ ය. වල් ඌරෝ, ඉත්තෑවෝ, හාවෝ හරහට හිටින්නෝ ය. හිරිහැර මකා ගන්ඩ හිත් ලා හේන වටකරේ පරණ කැසට් පීස් පටි අදින්නේ ය. තව එකේක නූල් ජාති අදින්නේ ය. සැමන් ටින්, ටකරං කෑලි තැනින් තැන එල්ලන්නේ ය. පිරිත් පැං මතුරා ඉහින්නේ ය. සමහරු උගුල් අටවන්නේ ය. අත්තා නං සත්තුන්ට උගුල් ඇට වූ බවක් මට නිච්චි නැත. කුඹුරේ කෘමි නාසක නො ගා මොකක්දෝ නාස් පුඩු කඩාගෙන යන හොදි හැලියක් හැදෙව්වා මතක ය. වැට මාරත්, අමු ගොමත් දමා තව මොන මොනවැයිංදෝ පල් වෙන්ඩ තිබාපු විත්තියක් මතක ය.
හේන් ගොයිතැංඔල මාන්සිය ගෙට ගන්ඩ ඔන්න මෙන්න තියා සමහර කාලෙට වැහි ගම්පොලයා අඩව් අලන්නේ ය. වන්නියට කලට වේලාවට වැහි වාරේ පාන්නේ වැහිගම්පොලයා ය.
එකේක වැඩඔලට අත්තා ගමිං ගිය දාට අත්තම්මා මාත් ඇන්න හේං රකිංඩ පය ගාන්නේ ය. හේනේ පැලට ගිය පයින් ඇඳුම්වල ඇමිණී ඇති තුත්තිරි ගලවංඩ පැයක් හමාරක් ගන්නේ ය. ලොකු ටින් කටක දෙපැත්තෙන් යකඩ කම්බියක් අමුණා තනාපු ඇටවුමේ තුන් හතර දෙනෙක්ට ඇති තරමිං තේ වතුර පැහෙන්නේ ඔය අතර ය. වටින් ගොඩිං ඇඳිරි වැටෙන්ඩ ඔන්න මෙන්න තියා ආයෙ ගෙදරට එන්නේ ය. දවස තිස්සේ දහිරිය දැමුවාට ගෙදර ආවාට නිකං ඉන්ඩ බැරි ය. ඉවුම් පිහුම් අතු පතු ගෑම් ඈ අටෝරාසියක් වැඩ රාජකාරි ඉතිරි වී තිබුණේ ය.
වැවෙං හොඳහැටි වතුර නා කියාගෙන ගෙදර ආ පහුං පොඩි පොඩි වැඩඔලිං අත්තා කාලේ ගත කරන්නේ ය. රෑට බත් මාළු කා අහවර වුණායිං කුස්සියට අල්ලාපු කාමරේ විසාල බුරුත මේසේ මුල්ලක ගොඩ ගසා තිබූ පොතක් පතක් ඇන්න මහා සද්දෙං කියන්නේ ය. සමහර ඒවා කවි ය. සමහර ඒවා ගාථා ය. ඒ අතර සංස්කෘත සොලෝක ය. බුද්ධ ගජ්ජය, ප්‍රත්‍ය ශතකය, ධම්මපදය මුලින් ම මා කිවූයේ මහ ගෙදර ආ ගිය කාලයේ ය. අත්තාගෙන් ඒ කාලේ දීම කඩා වඩාගත් ඒ පොත් තාම මගෙ පොත් ගුලේ අතීතස්මරණයෙන් යුතු ව බරසාර නිබන්ධඔලට හේත්තු වී වැටී සිටියි.
ගමේ එහා මෙහා කරක් ගගා ගෙවාපු කාලේ ගැන කියන්ඩ කතා කොයි තරං දැයි සිහි වෙන්නේ එකක් දෙකක් ලියන්ඩ පටන් ගත්තාට පසු ය. ඒ කාලෙ හීනයක් වාගේ පස්සෙ කාලෙක දිං මේ ආකාරෙට මතක් වේ යැයි මට කිසි ම දාක හිතුනේ ම නැත.
- ශකිල රාජකරුණා - ©
ගමේවිත්ති
2025-11-22
ප්‍රභාකරන්ගේ ගුරුවරයා...
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා සහ මව උපතින් හින්දු භක්තිකයින් උනත් පසුකාලීනව කතෝලික දහමට යම් නැඹුරුවක් තිබූ අය.. විශේෂයෙන් අධිරාජ්‍යයවාදී පාලන සමයේ වෙරළ බඩ ජනතාව කතෝලික දහමට නැඹුරුවීමේ ප්‍රවණතාවය මත වැලිවටිතුරෙයි ප්‍රදේශයෙත් බහුතරයක් කතෝලික දහමට නැඹුරු වුණා. මේ නිසාම කතෝලික ද්‍රවිඩ ප්‍රජාව සහ හින්දු වෙල්ලාල ද්‍රවිඩයන් අතර ඉතා විශාල මත ගැටුම් හට ගැනීම සහ සංස්කෘතික බෙදීමක් කරා එය ගමන් කිරීම එකල බරපතළ අර්බුදයක් මවමින් සිටිකාලයේ ද්‍රවිඩ කෝවිල ගත්තේ උසස් යැයි සම්මත වෙල්ලාල ප්‍රජාවගේ පැත්ත. විශේෂයෙන් කෝවිලේ උත්සව කටයුතු වල මුලසුන වෙල්ලාල ප්‍රජාවගෙන් හැර අන් අයෙකු හට ලබාදීම ප්‍රතික්ෂේප උන සමයක දෙවියන් පවා කුලවාදයට නැබුරුවීමක් ලෙස ද්‍රවිඩ කොමියුනිස්ට් වාදීන් දකින්නට වුණා..
ඉහත තමන්ගේ වාමාංශික කොමියුනිස්ට් කියවීම ඒ වෙනකොට තාරුණයේ සුහුඹුල ගෙවමින් සිටි ප්‍රභාකරන්ටත් සිය ගුරුවරයා විසින් උරුම වුණා එක්කෝ උරුම කලා. දෙමළ සමාජයේ කුලවාදය නිසා පහත් යැයි සම්මත ප්‍රජාවන්ට දේශපාලනිකව සංස්කෘතිකව පමණක් නොව ආගමිකවද හිමි වූ අනෝරා දුක් ගැහැට සහ මුදල් බෙදී යාමේ සහ සම්පත් සහ අධ්‍යාපනය බෙදී යාමේ කුල විශමතාවය ගැන ප්‍රභාකරන් ඉතා තියුණු අධ්‍යාපනයක් ලබා ගන්නේ මෙන්න මේ ගුරුවරයා නිසා. ඒ වගේම එකල තිබූ ජාතීන් අතර ඇති විරසකය. දෙමළ වීම නිසා දෙමළාට ඇති ගැටලුව. මේ කාලය ගෙවී යාමත් සමගම අධ්‍යාපනය ප්‍රමිතිකරණ පනත ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග හටගත් ශිෂ්‍ය විරෝධය උතුරෙත් පැන නැගීම කොමියුනිස්ට් වාමාංශික මතයක සිටි ප්‍රභාකරන්ගේ ජීවිතේට ගිණිසිලුවක් උනා කිව්වොත් හරි.
සෙරවමුත්තු මුත්තු කන්දරාසාගෙන් ඉන්දියානු විමුක්ති අරගලය, චීන කොමියුනිස්ට් වංශ කතාව මාවෝ සේදොං ලෙනින් , ට්‍රොට්කි, කාල් මාක්ස් වැනි උග්‍ර වාමාංශික කියවීම් ලබපු ප්‍රභාකරන් චිදම්බරම් මධ්‍යමහා විද්‍යාලයේ දහය ශ්‍රේණියෙන් පසුව සිය ගුරුවරයගෙන් ලබපු වාමාංශික විමුක්තිකාමී මෙන්ම සටන් කාමී පන්නරයත් එක්කම TYF සංවිධානයට බැදෙනවා. එය බහුතරයක් කුලහීන උගත් තරුණ ප්‍රජාවක් විසින් බිහිකරගත් ද්‍රවිඩ තරුණ එකමුතුව ලෙස එකල හැදින්වෙනවා. මේ කාලය ගත වෙන සමයේ එනම් 1970 ලංකා රජයෙන් ගෙන ආපු අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එරෙහිව උතුරේ වගේම දකුණෙත් ශිෂ්‍ය ප්‍රජාව සිරිමා රජයට එරෙහිව වීදි බහිත්දී දකුනේ සිංහල තරුණයන් 71 කැරැල්ලට පාරකපාගෙන යද්දී උතුරේ ද්‍රවිඩ තරුණයෝත් සන්නද්ධ ප්‍රවාහයකට මඟ හසර විවර කරනවා. වෙනස වුණේ දකුණේ තරුණයෝ සිංහල. උතුරේ තරුණයෝ ද්‍රවිඩ.
මේ තරුණ එකමුතුව හරහා යාපනය පුරා රාජ්‍ය මර්මස්ථාන වලට ප්‍රහාර එල්ලකරමින් ගත් ගමන් මග ද්‍රවිඩ කෝවිල් වලට පවා පහර දෙමින් ගමන් ගන්නවා. වෙල්ලාල කුලයේ ප්‍රභූන් ලෙස හැදින්වෙන වංශවතුන්ට සරදියෙල් පන්නයේ ප්‍රහාර එල්ල කල උතුරේ කුලහීන තරුණයින් දුප්පත් ද්‍රවිඩ ප්‍රජාවගේ වීරයන් බවට පත්වෙන්න යන්නේ ඉතා සුලුකාලයයි. ප්‍රභාකරන්ගේ ජීවිතේ මුල් කියවීම තුල ප්‍රභාකරන් කිසිම දවසක සිංහල ජාතිය සමග වෛරයකින් උපන් අයෙක් නෙමෙයි. ප්‍රභාකරන් මුලින්ම පහර දෙන්නේ වැලිවටිතුරෙයි කෝවිලට. ඔහු මුලින්ම එරෙහි වෙන්නේ ද්‍රවිඩ ජාතිවාදයට. ද්‍රවිඩ ජනතාව සූරා කෑ ද්‍රවිඩ පාලකයන්ට. ඒකේ හොදම උදාහරණය තමයි ඇල්ෆඩ් දොරෙයිඅප්පා ඝා තනය.
කෝවිල් වලට සහ දෙමළ වෙල්ලාල කුලයේ ප්‍රභූන්ට ප්‍රභාකරන් ඇතුලු කන්ඩායම පහර දෙනකොට ඔවුන් කලේ තමන්ගේ වංශයට හිතවත් රාජ්‍යය පාලනයට මේ තරුණයන් පිලිබද ඔත්තු සැපයීම. රජය අද වගේම එදත් හිටියේ ඇති හැකි එකා ලග පීඩකයා ලග. ප්‍රභාකරන් මුලින්ම .
ඝා තනය කලේ හමුදා සෙබළුන් 13 න් දෙනෙක් කිව්වට ඇත්තටම ප්‍රභාකරන් මුලින්ම ඝාතනය කරන්නේ තමන්ව සොයා ආපු වෙල්ලාල කුලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව.
ඒවගේම ප්‍රභාකරන් සිය ජීවිතේ යාපනයේ කුලවාදයට පහර ගැසූ විශේෂ අවස්ථාවක් වෙන්නේ ඔහුගේම මංගල උත්සවය. මදිවදිනි එක්ක අත ගත්තු ප්‍රභාකරන් සියලු සිරිත් විරිත් සිදුකරන්නේ වෙල්ලාල ක්‍රමයට. එහි අවසානයේ ඔහු විවාපත් වෙන තැල්ල තියද්දි වමතින් ටී පනස් හය ගිණි අවියක් ගන්නවා. මේ පුවතින් වෙල්ලාල කුලීනයන් එකල නයාට අඳුකොල කැවුනා වගේ වෙනවා. පසුකාලීනව තමන් පිහිටුවා ගත් එල්ටීටීඊ සංවිධානයේ ඉහලම ගෞරවයක් හිමි දේශපාලන අංශ ප්‍රධානී තනතුරට පත්කරන්නේත් කරණවෑමි කුලයේ උපන් තමිල් සෙල්වම්ව. තමිල් සෙල්වම්ට කසාද බන්දන්නේ වෙල්ලාල කුලයේ සසිරේකව.
එදා සිය ජාතියේ දිළිදුකමට දරිද්‍රතාවයට කුල පීඩනයට සහ ආගමේ රඳලයන්ගේ ඒකාධිකාරයට එරෙහිවෙච්ච වාමාංශික මතදැරූ ප්‍රභාකරන්ව සිංහලයාගේ සතුරෙකු බවට පත් කරන්නෙ සිංහල ජනතාව නෙමෙයි. යාපනේ කුලවතුන් ලෙස හැදින්වෙන වෙල්ලාල කුලය සහ අදටත් ඔවුන්ට යටත් හින්දු කෝවිල. එදා ප්‍රභාකරන් සිය පලමු එල්ටීටීඊ සංවිධානය නියෝජනය කරමින් ගත් ජායාරූපයෙත් ඉහලින්ම එල්ලා තිබ්බේ කියුබානු විප්ලවයේ ගිණිසිලුව උන අර්නස්ට්ටෝ චේ ගෙවේරව.
-මුල් සටහන - චරිත් ජනප්‍රිය

උපුටාගැනීමකි.
A day in the life
2025-11-21
කාටද ලෝකය ඇත්තටම අයිති...?
කාටද මම මේ දුක පිළිබඳ අවනඩුව කියන්නේ..? කවුද ලෝකයේ අයිතිකරු..? කවුද මේ දුක මට දුන්නේ..?
මේ පිංවත් මහත්මයා අසන ප්‍රශ්නයයි.
භික්‍ෂුව ඇසුවා ඔබ ඇයි මේ පුදබිමට පැමිණියේ කියලා. ඔහු කියනවා බෝධීන් වහන්සේට චෛත්‍යරාජයාණන් වහන්සේට භාරයක් වන්න කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා ‘මහත්මයෝ, ලෝකය කව්රුත් මැවුවේ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න වෙන කව්රුවත් ඇති කළේත් නැහැ. ඔබ විසින්ම සසර කරන ලද අකුසල් හේතුවෙන් ඔබ ලබන ඵලය තමයි ඔය බලාපොරොත්තු කඩවීම’ කියලා.
ඔබ මෙහෙම සිතන්න.
එතකොට මේ ස්‌වභාවයන් සකස් වුණේ ඔබ කරගත්ත කුසල් අකුසල් නිසා මිසක් අම්මා තාත්තා නිසා නොවේ. අම්මා තාත්තා පොහොසත් වත්කම් ඇති නිසාම නොවේ දරුවා පොහොසත් වෙන්නේ. එම දරුවා එවැනි සශ්‍රික ජීවිතයක් ලැබීමට පෙර ජීවිතයේ සම්පූර්ණ කරගත් කුසල් තිබුණ නිසායි. ඊට අනුරූපීව පොහොසත් දෙමාපියන්ට දාව දරුවා උපදින්නේ. දෙමාපියන් දුප්පත් වුණාය කියලා සමාජයේ පොහොසත් අය සමග සංසන්දනය කරලා දුප්පත් දෙමාපියන්ට චෝදනා කරලා ඵලක් නැහැ.
ඔබේ ඔය දුක වෙන කව්රුවත් මැව්වා නොවේ.
ලෝකය අයිති සතර මහා ධාතූන්ටය. පඨවි, අපෝ, තේජෝ, වායෝ ඉහත ස්‌වභාවයන් හතර ද ලෝකයේ හිමිකරුවන්ය. නිරතුරුවම මහා ප්‍රවේගකාරී වේගයකින් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතුව ක්‍රියාත්මක භාවයට පත්කරන ක්‍රියාකරුවෙක් ද සිටිනවා. ඒ තමා විඤ්ඤාණ ධාතුව. මේ විඤ්ඤාණ ධාතුවට බැසගැනීමට නම් අත්‍යවශ්‍යයෙන්ම රූපයක් අවශ්‍යවෙනවා. විඤ්ඤාණයට බැස ගැනීමෙන් අනතුරුව සකස්‌වෙන නාම රූපයන්ගේ ස්‌වභාවයන් වේගයක්‌ම පමණයි. ඒ වේගය යනු අනිත්‍යභාවයයි. එසේ නම් මේ ලෝකධාතුව තුළ පරම හිමිකරු අන් කිසිවෙක් නොව අනිත්‍යයයි...!!!
තෙරුවන් සරණයි ...!!!
උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 08" ග්‍රන්ථයෙනි.
2025-11-20
අද විශ්ව ළමා දිනය .
අද විශ්ව ළමා දිනය .
අපි ළමා දිනය ලෙස සලකන්නේ ඔක්තෝම්බර් පලවෙනිදා.
දරුවෝ මේ ලෝකේ තියෙන වටිනාම සම්පත. දරුවන් නැති නිවසක් හරිම පාලුයි. ඉතින් දරුවන් නැති සමාජයක් ගැන මොන කතාද ?.
මේ නිසා මල් කැකුළු වන් දරුවන් වෙනුවෙන් විශේශිත වූ දිනයක් වෙන් කර ලා. ඒ දිනය ලෝක ළමා දිනය ලෙස හදුන්වනු ලබනවා .
ලෝකළමා දිනය විවිධ රටවල විවිධ දින වකවානුවන් හිදී සමරනවා. දරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ට ප්‍රවර්ධනය කිරීමට හා සැමරිමට මෙන්ම දරුවන් සදහා වඩාත් යෝග්‍ය සමාජයක් හා ඔවුන්ට හොද ලොවක් තනා දීමට ප්‍රවේශයක් ලබා ගන්නේ මෙම ළමා දිනය තුළිනි .
අපේ රටේ ලමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 1 වන දා .
ලමයා ලෙස සරලවම හදුන්වන්නේ වයස අවුරුදු 18 අඩු දරුවන් . ලමයා යනු විශ්වයේ ශේෂ්‍යඨතම නිර්මාණය ලෙසයි හදුන්වන්නේ.එමෙන්ම මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක සාධකය ළමයා ලෙස දක්වා තියෙනවා .
1989 නොවැම්බර් 20 වන දින එක්සත් ජාත්න්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් ප්‍රතිපත්තියට අනුව ළමයා යනු කවුරදැයි යන පැනයට වඩාත් යෝග්‍ය අර්ථකතනයක් ලබා දෙනවා‍්. ඔවුන්ට අනුව ” නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නම් මිස වයස අ වු 18 අඩු සියලු මිනිසුන් ළමුන් වන බවය ”
මෙලෙසින් හදුනා ගත හැකී ළමයා වෙනුවෙන් නිර්මාණය වී ඇති දිනය වු
විශ්ව ලමා දිනය ප්‍රතම වරට ප්‍රකාශයට පත්වූයේ 1925 දී ජිනීවා හී පැවති සුබ සාධන පිළිබද ලෝක සමුළුව දිනයේදිය .
1950 සිට එය බොහෝදුරට කොමියුනිස්ට් හා පශ්චාත් කොමියුනිස්ට් රටවල සැමරුමට ලක්කරන ලද්දේ ජුනි 1 වන දා . පළමු වරට විශ්ව ලමා දිනය ලෙස 1954 දී ආරම්භ කරන ලද අතර එය පසුව 1959 නොවැම්බර් 20 වන දින සැමරීමට තීරණය කෙරුණා ඊට හේතුව වූයේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ සැමරුම් දිනය එදිනට පවතින නිසාවෙනි .
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය , ලමුන්ගේ ආරක්ශාව හා ලමා අයිතිවාසිකම් සම්බන්දව ක්‍රියාකාරිව පවතිනවා .
ලෝකලමා දිනයේ වැදගත්කම දෙසට අවධානය යොමු කරන විට එය බොහෝ දේ අරමුණු කරගනිමින් සමරනු ලබයි .
ඒ අතරින් කිහිපයක් ලෙස
ලමුන්ට සිදුවන හිංසන වැලක්වීම
ලමුන්ට වන අපචාර වලින් ඔවුන් ආරක්ශා කිරිම
ලමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම
උදෙසා මෙම දිනය තුළදී වැඩි අවදානය යොමු කරයි ,
එමෙන්ම දරුවන් සියලු දෙනාටම විවේකි බවක් ලබා දීම
ඔවුන්ට යම් කිසි සමාජ භාවයක් ඇති කිරීම
සමාජ මට්ටමින් දරුවන් උතුම් සහ වටිනාකමින් අනූන යැයි ප්‍රකට කරවීම උදෙසා මෙම ලමා දිනය කටයුතු කරයි .
මෙලෙසින් ලමා දිනය වැදගත් වන අතර ලෝකයේ විවිධ රටවල විවිද ආකාරයේන් මෙය සමරයි.
ලංකාව තුළදීනම් පාසල් ලමුන් උදෙසා විවිද වැඩසටහන් විනෝද ක්‍රියාකාරම් මේ දිනයේදි සිදුකර ත්‍යාග ලබා දීම කරයි.
කෙසේ නමුත් ලමා දිනය තුළ ගැබ්ව ඇති යටි අරුත වන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධවපෙනී සිටීමට රටක් වශයෙන් බැදී ඇති බව ඇගවිමකි.
අප රටේ ලමා අයිතිවාසිකම් සම්බන්ද නීති කිහිපයක් මෙහෙමයි.
අංක 1939 ළමුන් හා තරුණයන් පිළිබද පනත
1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත
( ලමා අපචාර සම්බන්දව ක්‍රියාත්මක වේ)
1998අංක 27 දරණ අදිකරන පනත
(16 අඩු ලමයෙකු දූශණය කිරීම හා සම්බන්ද නඩු )
අංක 50 දරණ ළමා ආරක්ෂක පනත
2025-11-19
යමු අපි සිරිපාදේ.
සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි.
ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.
කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා.
දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.
වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.
තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර තියෙනවා.
ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.
මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය.
මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ.
එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය.
කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති.
සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි.
සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.
අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාත්‍රි කාලයට නොයන බව ද කියති.
තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ.
තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.
”දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.
ගිලීමලේ චන්ද්‍රාලෝක නායක හිමියන් මවුබිම පුවත් පතට මෙසේ ප්‍රකාශ කර තිබුනි.
මොනවද ඔය මළුවේ ඉද්දි එහෙම දැකලා අහලා තියෙන්නේ…
හේවිසි හඬ නම් ඇහෙනවා. පිරිත් කියනවා ඇහෙනවා. තව ඉතින් දේවතා එළි එනවා දැකලා තියෙනවා.
රාත්‍රියට තමයි ගොඩාක් එහෙම ඒවා පේන්නේ. ඇහෙන්නේ. මහත්තයාට කියන්න ඝණ්ටාරය ගහනවා ඇහෙනවා. ගිහින් බැලුවාම කවුරුත් නෑ. රෑ නවයෙන් පස්සේ වගේ තමයි ගොඩාක් ඒ වගේ අමුතු දේවල් වෙන්නේ.
උඩ මළුවටම යනවද…
නෑ. මළුවේ පත්මේ ගාවට යන්නේ නෑ. වට රවුමේ යනවා. උඩටම නඟින්නේ නෑ. තාප්පෙන් මෙහා. තව එනවා මහත්තයා පිච්ච මල් සුවඳක්. කොහෙන් එනවද දන්නේ නෑ. දවල්ටත් ඒක නම් එනවා. අපි උඩට ගිහින් බැලුවට හඳුන්කූරුවත් පත්තු කරලද කියලා. එහෙම නෑ. කවුරු පත්තු කරන්නද? හරි පුදුමයි. එක එක පැත්තට සුවඳ වෙනයි.
කීයට විතරද එහෙම සුවඳ එන්නේ…
උදේට හවසට තමයි වැඩියෙන් එන්නේ














