අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-07-04
හිතලා බලන්න.

7/04/2024 08:44:00 pm

පහුගිය කාලේ අවුරුදු 14-18 දරුවො එක්ක විවිධ වැඩසටහන් සහ හමුවීම් ඇතුළෙ කතා කරද්දි නීරික්ෂණය වුණු පොදු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව සිදුවීම් දෙකක...

Read more »
2024-07-03
 රටා පැදුරු.

7/03/2024 09:12:00 am

ඉඳුරුවේ රටා පැදුරු.... ඉඳුරුව අපේ ගම් පළාත. දකුණු පළාතටයි අයිති. බස්නාහිර පළාතෙ මායිමට වෙන්න පිහිටි ගමක්. රටා පැදුරු විවීම අතින් ඉඳුරුව දුම...

Read more »
2024-07-02
රුහුණේ ආහාර.

7/02/2024 05:45:00 pm

යකුන්ටත් බය නැති රුහුණේ ආහාර... දකුණු ලක රුහුණු රටට මා තුල ඇත්තේ අපමණ බැඳීමකි. එක පසෙකින් ලොව සුන්දරම මුහුදු තීරයන්ගෙන්ද , අනෙක් පසින් ජෛව ...

Read more »
2024-07-01
මැණික්‌ කථා

7/01/2024 01:20:00 pm

යල මහා දෙකන්නයම යස අගේට ගොවිතැන් කළ අපේ ගමේ 1990 දශකයේ මුල් හරියේ නියඟයක් ආවා.දැන් ඉතිං වි වගාව කරන්න බැරි නිසා ගොඩක් අය කථා වෙලා ඒ කුඹුරු...

Read more »
2024-06-30
හිත සුවපත් කිරීමේ ඖෂධයක්

6/30/2024 09:38:00 am

ප්‍රියතම මිනිස්සු එක්ක දීර්ඝ කතාබහක් කියන්නෙ සුවකිරීමේ ඖෂධයක්.... අපේ ජීවිත වල අනිවාර්යයෙන් ඉන්නවා ප්‍රියතම මිනිස්සු එක්කෙනෙක් හෝ කීපදෙනෙක්....

Read more »
2024-06-28
දුුඹුරු සීනී

6/28/2024 09:42:00 pm

උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි...

Read more »
2024-06-27
අසදෘශ දානය.

6/27/2024 06:35:00 pm

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරකොට ගෙන සැරිසරන සේක්, සැවැත් නුවර වැඩ දෙවුරමට පැමිණි සේක. කොසොල් රජ විහාරයට ගොස් භා...

Read more »
ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද?

6/27/2024 01:37:00 pm

  මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද? සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි පිරිසක් එකතු වෙලා කරන බුද්ධ පූජාවකුයි අතර තියෙන වෙනස තමයි පිරිස එ...

Read more »