ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-02-10

අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ





විජේසිරි ජයසේකර යන් විසින් මුණු පොතට එක් කල නිර්මානයක්.
සැබැවද මේ අදහස් ගොන්නට ගැලපෙන්න පුළුවන්...
මේ නිර්මාණයට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් ඇමුනුවා.


සඳුද මං බං හිටියෙ කොටුවේ
අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ
ඇඳන් වැරහැලි බැඳන් කකුලේ
හවස පහටයි ඕෆ් වූවේ

ගැහුව අඩියක් රෑට සුවසේ
බුරියානියාක් සමග බික ගේ
මෙහෙම ආතල් රටක් අයිසේ
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නේ...

ටියුෂ්ඩේ මං දියත උයනේ
කකුල කැඩිලා වැටිල හිටියේ
හැන්ද වෙනකොට ගැළුම් කොටයේ
සල්ලි යහමට පිරිල තිබුණේ

ලැබුණ බං බත් පැකට් ටවුමේ
කට හරියෙ බෑ තියනු කිසි සේ
බැංකුවට දා සල්ලි ටික මේ
නයිට් ක්ල්බ් බැස්සාම ජොලි නේ....

බදාදා හරි කම්මැලියි නේ
උදේ ස්පා එකට ඇදුණේ
ගාන පොඩ්ඩක් වැඩියි බං ඒ
මාර ආතල් එකක් ලැබුණේ

හවස නැග්ගා කෝච්චියෙ මං
ගාන කැපුවා හීනියට දැං
බැහැල මරදානෙන් අනේ මං
කුසුම බැලුමට ගියා නේ බං......

තර්ස්ඩේ මං නෙළුම් පොකුණේ
ඉස්සරහ බස් නැවතුමේ නේ
පෙන්නලා පපුවේ තුවාලේ
මාර ගැම්මෙන් අඬා වැටුණේ

ඒක අබ්ලික් දැන් කචල් නේ
මෙඩිකලුත් හොයනවනෙ කරුමේ
ලැබුණු සොච්චම ගැන දුකයි නේ
උන්ට බැන බැන ගෙදර ඇදුණේ.....

සිකුරාදා මරු දවස මට මේ
ළඟදි සෙට් වුණ පොට් එකක් නේ
කැළණි පන්සල ඉස්සරහ බං
හඳුන් කූරට රැවටුණේ මුං

ඒක ගන්නෙත් නැතුව නේ මුං
සල්ලි දෙන්නේ පිස්සුනේ බං
පන්සලේ පින් කැටෙත් හිස් දැං
දෙවියො මගෙ ළඟ මාර ආතල්....

සෙනසුරාදා ජුම්ම පල්ලිය
අසල ඇක්ටින් අංග විකලෙට
පනහ සීයේ විතරමයි කොළ
මෙහෙම සතුටක් කොහිද වෙන බොල

යන්න හිතෙනව සවාරිත් රට
හැදිය යුතුමයි පාස් පෝටය
ලංකාව නම් කිසිම දවසක
දියුණු නම් වෙන්නෙපා කිසි විට.....

ඉරිද මාගේ ඕෆ් එකනේ
උදේ නැගිටල ජිම් ගියා නේ
ටැක්සියක් දාගෙන ගිහින් බං
දවල් කෑවේ මැක්ඩොනල් මං

ගත්ත ජින් බාගයක් ලාවට
බැදපු කුකුලෙක් ආව ගාවට
හිඟාකන එක තරම් මනු ලොව
තියනවද බං සැපක් මිහි පිට.....

- විජේසිරි ජයසේකර 

සිගන්නන්ගේ සෑබෑ තතු කියල පොතක් ලියන්න ඕන



Kanthi Epalawaththa

ඇත්ත වෙන්න ඇති නේද අයියේ ?

Lionel Liyanagamage

Kanthi Epalawaththa ඇත්ත වෙන්නත් ඇති. මට හමුවෙලා තිබුණා මේ වගෙ ඇත්තෙක්.ඔහු හැන්දෑවට රාජකාරි හමාර කරලා යමින් ගමන් මාව මුණගැහෙන්න එනවා.මීට අවුරුදු විස්සකට වගේ පෙර, මගෙන් රුපියල් එක දෙක ශත විසිපහ පනහ කාසි රුපියල් දහසක් එක් දහස් පන්සීයකට ආසන්න මුදලක් නෝට්ටු වලට මාරු කර ගන්නවා.

Rohinie Sisipiya

අපෙ අප්පෝ ..........ඒ රස්සාවටත් අනින්නයි හදන්නෙ ......මිනිහෙක් ,සල්ලි හම්බකළාට ඇති ද??ආත්ම ගෞරව ය ,අපිරිසිදු වටපිටාව ,පරාධීන ස්වරූපය ,අනුන්ගේ අනුකම්පා ව, සමාජ සම්බන්ධ තා,විවේක ය .............කොච්චර කැපකරලද ඔය වගේ කරන්නෙ .............ජීවිතය ,කියන්නෙ කාල ,බීල ජොලියෙ ඉන්න එක විතරද??

හිඟනකමට වඩා බැලමෙහෙකිරීම උසස්..

නිකමට ලිව්වෙ.

නිර්මාණය නම් හරිම අගෙයි .

Lionel Liyanagamage

Rohinie Sisipiya ඇත්ත නංගි, දකින පැත්තට වඩා නොපෙනෙන පැත්ත ඛේදනීය යි.මම තෙලිගු ෆිල්ම් එකක් බැළුවා.වීදි දරුවෙක්, මිනීමැරුමක් සහ මරාදමන ලද අයගේ අම්මාත් වටේ කතාව ගලායනව.නම " ඉටි අම්මා" . පොලිසිය මරණය ගැන සොයන්න උනන්දුවක් නැහැ.ඇය පුතා මැදි කරගෙන පුවත් පතකට කතාව ලියනව.ඇගෙ අරමුණ පුතා මැරුවෙ ඇයි.මිනීමරුවා කවුද යන්න සොයා ගැනීම.අවසානයෙ මිනීමරුවා හමුවෙනවා.ඔහු පාපොච්චාරණය කරනවා බඩගින්න නිසා මුදල් ගන්න කල බාධා කිරීමක් නිසා සිදුවු අහම්බයක් මේ ඛේදවාචකයට හේතුව බව

පසුව අම්මා මෙවැනි දරුවන් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරනවා.

Rohinie Sisipiya

Lionel Liyanagamage ඔව් අයියෙ.......ආත්ම ගෞරව ය ....බල්ලට දාල තමයි ඔය රස්සාවලට බහින්න වෙන්නෙ...දරුවන් නිසා ,බඩගින්නට තමයි සමහරු ඒක ට පෙළඹෙන්නෙ..

නිර්මාණය නම් හරි ලස්සණ යි .ඔයාගෙ පසු වදන හිත කම්පා කළා.

Shirath Kumarasiri

මිනිස්සු විවිදාකාරයි

Mallika Bandara Menike

වංචාව වැරදියි.

1 d

Nalini Dharmalatha Weliwita

වංචා කාරයින් නිසා අහිංසක මිනිස්සුත් ,සංවේදී මිනිස්සුත් අපහසුතාවට පත් වෙනව.

18 h

Mallika Bandara Menike

හැම දෙයක්ම සමහර අය කරන්නේ, වංචනිකව. සාධාරණව වැඩ කරන අයට එයින් සිදුවන්නේ ලොකු හානියක්.

Pemas Gunasinghe

වැඩිම ආදායමක් ලැබිය හැකි රැකියාවක් බව ඔප්පු වෙලා තියන වා

නන්දසේන ශුරින් ගේ ගවේෂණ මගින් වගේම ළඟ දී කර ඇති සමීක්ෂණ මගිනුත් පෙන්වා දී ඇති නිසා මේ වැඩේ වඩා හොඳ රැකියාවක් බව කිව හැකියි

Parana Gama Ariyapala

යමුද සතියට දෙතුන්පාරක්

අපිත් හනිකට කොහෙ කොහේහරි

Pemas Gunasinghe

Parana Gama Ariyapala 
හරියට හරි sir යමු මාත් එකතු වෙන්නම්. හොඳම ආදායම ලැබෙන්නෙ කතරගම ලු. මේ දවස් වල සිරීපාදේ පාර වුනත් හොඳ ඇති


A day in the life

2024-02-09

ලංකාවේ විශාලතම සෙල් ලිපිය




ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණි.
මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ අතර එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.




එසේම අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.
මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
එසේම සංඝයා වහන්සේ ගැන භක්තිවන්තයෙකු ගැන එම ශිලා ලේඛනයේ සඳහන්ව තිබී ඇත.
මේ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
බරජය නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන් ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.
එහි පළමු සහ දෙවන පේළිවල සඳහන් අකුරු කියවාගැනීමට අපහසු වූ බව සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහි දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව, ශිව නම් පුද්ගලයෙකු ගැන මෙන්ම බඝුබශිග නැමැත්තෙකුගේ බිරිඳ පිළිබඳව එහි සඳහන් ව ඇති බවය.




මෙම ලිපිය තුළ මැණික් ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් ව ඇති අතර එහි සිව්වැනි පේළියේ ගම්පාලක කෝලිත නමැති පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ගම්පාලක කෝලිත නමැති පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර තිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සටහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.
සූරතිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
මේ අතර ගම්දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයෙකු ගැනද තෙරුන් වහන්සේ නමක් පිළිබඳවද එහි සඳහන් ව තිබූ බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු දිශාව ගැන යම් සඳහනක් අදාළ සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
විශාකා නම් කුමාරයෙකු පිළිබඳවත් බ්‍රාහ්මණ ගමෙහි ඇති අරිය නම් වෙළෙඳ ආයතනයක් ගැන ද මෙම සෙල් ලිපියේ සඳහන්ව තිබූ බව මහාචාර්යවරයා පවසයි.
2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.

Mallika Bandara Menike

අපේ ඉතිහාසය ලියා ඇත්තේ එදි නෙදා නෙවෙයි.
සමහර අවස්ථාවලදී අවුරුදු 10 , 15 ,20 . 25, &30,35, හෝ ඊටත් පසුව. 
එමනිසා සමහර අවස්ථාවලදී වැරදි තොරතුරු ලියවෙලා. තියෙනව. 
අද කාලයේ සිදුවන දේවල් දෙස බලන්න. 
එකම ප්‍රවෘත්තිය විවිධ අයුරින්. 
ඒනිසා සෙල්ලිපි නිවරදි ඉතිහාසය දැන ගැනීමට ඉතා වැදගත්.
(සිංහ සීවලී කතාව , විජය කුවෙිණී කතාව ඇතුලු බොහෝ තොරතුරු අප අසා ඇති ආකාරයට වඩා වෙනස් විය හැකියි.


A day in the life

2024-02-08

ඇන් ඇක්සිඩන්ටයක්


කමල් පී අලහකොන් - මුණුපොත.

ඊයේ "ඇන් ඇක්සිඩන්ටයක්" සිදුවිය.
අප ගිය වාහනයට අතුරු පාරකින් දැම්ම ත්රීරෝද කරුවෙක් ඇන්නේය.
"ඇන් ඇක්සිඩන්ටයක්"කීවේ ඒ නිසා නොවේ ය.
"ඇක්සිඩන්ට් යන්න පටන් ගන්නේ "වවල්ස්"එකකින් නිසා ය.
අපේ,වාහනයට ටිකක් ඩැමේජ් ය.
මම වාහන නොඑළවමි.
නමුත් හන්දියකින් වාහනයක් හරවන එක ගැන නියමෙට දනිමි.
ඒ පාඩම මට ඉගැන්වූයේ බස් ඩ්රයිවර් කෙනෙකි..
ඒ "ලැක්ට්රෝජන් බේබී"ය..
මහනුවර යාපනේ බස් එක ය.
තාර කළු පාට,තඩි මිනිහෙකු වූ ඔහුගේ මුහුණේ ඉරියවු මට තාම මතක ය..
පත මූණ ය.
ඇස් දෙක යකෙකුගේ වගේ ය.
බුලත් වලට කට රතුම රතු පාටය.
ඒ ගැටවර සමයයි.
තාත්තා මට බයිසිකලයක් ඇරන් දුන්නේ ය.
එතකොට මට දැනුනේ තටු ලැබුණා වගේ ය.
එදා ඉස්කෝලෙ ඇරී ඇවිත් හනි හනික බත් පිඟාන ගිල දමා
බයිසිකලයට නැග්ගේ නාගොල්ලේ
තිස්සයියලාගේ ගෙදර මිදුලේ ක්රිකට් ගසන්නට යන්නට ය.
මහ පාරේ පිඹගෙන ගොස් නාගොල්ල හන්දියෙන් හැරෙවුවේ
කණ බිම ගෑවෙන ගානට ය.
ඊ ලඟට මතක මහා සද්දයකි.
බයිසිකලේ,ඇළේ,ය..
මම මුණින් අතට පාර අයිනේ ය.
දූවිලි අතරින් මට සී.ටී.බී බස් එක පෙනේ.
ලැක්ට්රෝජන් බේබි මට මෙසේ කීවේ,ය.
"ඒයි වේසිගෙ කොල්ලා.
තොපෙ අම්මට කියපිය දරුවො වැඩිනං
පන්සලට දෙන්ට කියලා.
ප......යා!"
කියූ ඔහු බස්එක උගුලුවා ගෙන ගියේ,ය.
පයින් යතත් අදත් හන්දියකින් හැරෙන විට මට
ලැක්ට්රෝජන් බේබි මතක් වේ!

අන්න ගුරුවරු!


A day in the life

2024-02-07

වවුනියාවේ කිඹුලාගල (නන්දිමිත්‍ර යෝධයා උපන් )


වවුනියාව නගරයේ සිට වැලිඔය දක්වා වැටුණු B442 මාර්ගයේ පාරේ කි. මී. තුනක් යනවිට මාමඩුව හන්දිය හමුවෙනවා. මේ හන්දියෙන් හැරිලා කි. මී. 12ක් යනකොට මහකච්චකොඩිය කියලා ඉපැරණි ගම්මානයක්‌ තිබෙනවා. මේ ගම පහුකරලා යනකොට තමයි කිඹුලාගලට සහ එරුපොතානට පිවිසිය හැක්කේ. වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකච්චකොඩිය ග්‍රාම සේවා වසමට අයත් මහකච්චකොඩිය සහ ඒරුපොතාන යන වැව් ආශ්‍රිතව පිහිටි ගල්පර්වත බහුල කඳුවැටියක තමයි මෙම පුරාවිද්‍යා බිම පැතිර තිබෙන්නේ.





ඉතිහාස කතා
මහාවංශයට අනුව මේ බිම අයත් වන්නේ පාචීනකණ්ඩරාජියට යි. පාචීනකණ්ඩරාජිය මහා කච්චකොඩිය, එරුපොතාන, කිඹුලාගල, නිරාවිය ආදී පෙදෙස්වල පැතිර තිබූ බව තමයි ඉතිහාසඥයන් අනුමාන කරන්නේ. පාචීණකණ්ඩරාජිය යන පාලි නාමයෙන් හඳුන්වා තිබෙන්නේ නැගෙනහිර කඩරොද ගම්මානය යි. මහාවංශයට අනුව නැගෙනහිර කඩරොද දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි නන්දිමිත්‍ර යෝධයාගේ උපන් ගම යි. මහාවංශය සඳහන් කරන ආකාරයට නන්දිමිත්‍ර උපත ලැබුවේ නැගෙනහිර කඩදොර ගමෙහි චිත්තපබ්ත සමීපයෙහි යි.
මහාවංශ කතුවරයා පවසන මේ පුවත තහවුරුකර ගැනීමට ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ලිපි කිහිපයකින් උපකාර ලැබෙනවා. එරුපොතානෙහි චිත්‍ර ගුහා නමින් හැඳින්වූ ඓතිහාසික ලෙනෙහි කටාරම යට කොටා ඇති ලිපියෙහි, “පරුමක සතනසතගේ දුවණිය වූ පරුමක මිතගේ භාර්යාව වූ පරුමකලු ඵුශා විසින් කරවන ලද ලෙන සතර දිගින් වැඩි නොවැඩි සංඝයා වෙත පූජා කරනු ලද” බව සඳහන් වෙනවා. මෙහි සඳහන් පරුමක මිත නන්දිමිත්‍ර ලෙස හඳුනාගෙන තිබෙනවා. “පරුමක” යනු ප්‍රධානියා හෙවත් ප්‍රමුඛයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන අර්ථ ගන්වා තිබෙනවා. පරුමකලු එහි ස්ත්‍රී ලිංග පදය යි. මෙහි සෙල්ලිපි අතුරින් ලිපි 3කම දැකගත හැකි “පරුමක නදික” යන පුද්ගල නාමයෙන් හඳුන්වනු ලබන්නේ ද වංශකතාවන්හි සහ ජනප්‍රවාදවල සඳහන්වන දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් අතරින් කෙනෙකු වූ නන්දිමිත්‍ර සෙන්පතියා බව පිළිගෙන තිබෙනවා.
මහාවංශය මෙන්ම පුරාණ අටුවා කතාවලත් නැගෙනහිර කඩරොද හෙවත් පාචීනකණ්ඩරාජිකය ගැන සඳහන්. පැදුම්කඩරොද වැසි තෙරනමක් පිළිබඳ කතාවක් විශුද්ධිමග්ගයෙහි කම්මට්ඨානගහණ නිද්දේශයෙහි තිබෙනවා. අංගුත්තර අටුවාවෙහි චතුක්කනිපාත වර්ණනාවේත් මේ ගම ගැන දැක්වෙනවා.






මෙයට නුදුරින් වූ කිඹුලාගල හා නිරාවියේ ඇති සෙල්ලිපි තුනක කියැවෙන්නේ කර්මාන්තකරුවන් ගැන යි. ලිපි දෙකක තඹ කර්මාන්තකරුවන්ගේ ප්‍රදානයන් ගැන දැක්වෙනවා. එක් ලෙනක් පූජා කරන්නේ තඹ කාර්මික තිස්සගේ පුත් රෝහණි ගුත්ත යි. අනෙක් ලෙන පූජා කරන්නේ තඹ කාර්මික පුශ්ස හා සුමන යි. එක් ලෙනක් පූජාකර ඇත්තේ ටින් කාර්මික ගෘහපති සුමනගේ පවුලේ උදවිය යි.
දින නියම කළ පැරණිම සෙල්ලිපියක්
ලංකාවේ දින නියම කළ හැකි පැරණිම සෙල්ලිපි පෙළක් ලෙස සැලකෙන “නා රජුගේ දියණිය වූ අබි අනුරාධී” සහ එක්ව උත්තිය රජු විසින් ලෙන් සතරක කොටවන ලද ලෙන් ලිපි ප්‍රාචීනකණ්ඩරාජියේ නිරාවිය කන්දේ වනගත ආරණ්‍යය ඇසුරේ හමුවෙනවා. උත්තිය (ක්‍රි. පූ. 210 සිට 200) යනු දෙවන පෑතිස් රජුගෙන් පසු රජවූ ඔහුගේ දෙටු පුතා යි.




කිඹුලාගල
කිඹුලාගල කන්දත්, එරුපොතාන කන්දත් එකිනෙකට සමාන්තරව පිහිටි කඳු දෙකක්‌. ඒරුපොතාන පර්වතය සහ කිඹුලාගල පර්වතය ද ඒ අතර පිහිටි අනෙක් පර්වතයන් ද අතීතයේ දී එකම ලෙන් විහාර සංකීර්ණයකට අයත් වූ බව ඉතා පැහැදිලි යි. නමුත් වර්තමානයේ දී ඒරුපොතාන වැවට සම්බන්ධ වූ එරුපොතාන පර්වතය සහ එහි පුරාණ ලෙන් විහාර සංකීර්ණය වෙනමම නටබුන් බිමක් සේ දිස්වෙනවා.
කිඹුලාගල හෙවත් මහසියඹලාකුලම්මලේට ඒ නම ලැබී ඇත්තේ එහි පර්වත කූටය කිඹුලෙක් කට ඇරගෙන සිටින්නාක් සේ ඈතට දිස්වන හින්දා යි. මෙහි කටාරම් කෙටූ ලෙන් 23ක් දැකගත හැකියි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 සියවස තෙක් දිවෙන ලෙන් ලිපි 13 ක් ද කිඹුලාගලින් හමුවෙනවා. කටාරම් කෙටූ ලෙන් ආරක්ෂිත කුටි බවට හැරවූ පුරාණ ගඩොල් බිත්ති ද සමහර තැන්වල දැකගත හැකියි. මෙම බිත්ති අනුරාධපුර යුගයට අයත් බව යි පෙනෙන්නේ.
එරුපොතාන වැව
කිඹුලාගලට නුදුරින් තමයි එරුපොතාන කඳුවැටිය පිහිටා තිබෙන්නේ. එය පාමුල පිහිටි පුරාණ වාපි සංස්කෘතියට අයත් එරුපොතාන වැව තවමත් අවට ප්‍රදේශයට ජල පහසුව සපයනවා. වෑ කන්ද කිලෝ මීටරයක් දිගින් යුක්ත යි. එහි ධාරිතාව හෙක්ටයාර අසූවක් පමණ වන බව අසල වූ පුවරුවක සටහන්කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ වැවෙහි සොරොව්ව වෑකන්දට සවිව පිහිටි කළු ගලක් කැණ නිර්මාණය කළ විශිෂ්ට නිමැවුමක් වීම යි. සොරොව්වේ තුන් පසෙකම තිබෙන්නේ ස්වභාවික කළුගලක්. සොරොව් කට අසල කළු ගල් කුට්ටියෙන් මනාකොට තැනූ බිත්තියක් දැකගත හැකියි. දිය ගෙනෙන ඇළමඟ සොරොව් විවරයේ සිට විහිදවා ඇත්තේ පිහිටි කළු ගල කැණීමෙන්. පුරාවිද්‍යාඥයන්ට අනුව මේ සොරොව්ව ක්‍රිස්තු වර්ෂ 2 -6 සියවස්වලට අයත් නිර්මාණයක්. බ්‍රිතාන්‍ය පාලන කාලයේ 1897 දී මේ සොරොව්ව අලුත්වැඩියා කළ බව එහි සඳහන් කර තිබෙනවා. මහියංගනයේ සොරබොර වැව ද පිහිටි ගල කපා තැනූ සොරොව්වකින් යුක්ත යි.
සොරබොර වැව ගැන මේ ලිපියෙන් කියවමු: සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මාර්ගය අයිනේ වැටී ඇති ගලින් කරන ලද මල් ආසනයක් ද තිබෙනවා.ඒ මල් ආසනයට මීටර කිහිපයක් දුරින් මහා මාර්ගය අසලම ගරා වැටුණු චෛත්‍යයක් දැකගත හැකියි.





නටබුන් පිරි කඳුවැටිය
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි දොලහක්, පර්වතය මත පිහිටි දාගැබ් ගොඩැල්ලක්, සිරිපතුල් ගලක්, ආසනඝරයක්, කටාරම් කෙටූ සහ නොකෙටූ ලෙන් පද්ධතියක් මෙහි තිබෙනවා. එරුපොතාන වැවෙහි සොරොව්ව අසලින් එරුපොතාන පර්වතය දෙසට ගමන් කළ හැකි ඉතා පටු අඩි පාරක් හමුවෙනවා. වල් බිහිවීම හේතුවෙන් මේ අඩිපාර එක්වරම හදුනාගැනීම නම් තරමක් අපහසු යි. ඒ මාර්ගය ඔස්සේ වනාන්තරය තුළට ගමන් කරන විට පුරාණ ලෙන් ආරණ්‍යයේ ශේෂ හමුවෙනවා.
අඩිපාර දෙපසින් පමණක් කටාරම් කෙටූ දර්ශනිය ගල්ලෙන් රැසක් හමුවෙනවා. ඇතැම් ලෙන්වල ගඩොලින් බැඳි බිත්ති තවමත් දැකගත හැකියි. කළුගලින් කරන ලද හිස බිඳී ගිය හිටි පිළිමයක් එක් ගල්ලෙනක් ඉදිරියේ දක්නට ලැබෙනවා. මෙසේ වැව් තාවුල්ල දක්වාම විවිධ හැඩයේ ගල්ලෙන් පිහිටා තිබෙනවා. ඒරුපොතාන පර්වතය පාමුල පිහිටා ඇති ලෙන් සහිත භූමි කොටසට විහිදෙන අඩිපාරවල් ද දැකගත හැකියි. සෑම ගල් ලෙනක්ම එකිනෙකට වෙනස් හැඩයක් ගන්නා නිසා අපූරු සුන්දරත්වයක් ඒවායේ දැකගත හැකියි.



පුරාවිද්‍යා ගවේශන
මෑතක දී වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය මඟින් මෙම කඳුවැටියේ අවශේෂ ගැන ගවේශනයක් කර තිබෙනවා. කි.මී. 4ක් පමණ දිගට විහිදී යන පර්වත කූට සහිත මෙම ශේෂ කඳු වැටියේ කටාරම් සහිත ගල් ලෙන් 105ක්, ස්වභාවික සහ කෘතිම පොකුණු11ක්, පැරණි ගොඩනැගිලි 5ක සාධක, පැරණි ගඩොල් බිත්ති සහිත ලෙන් විහාර 2ක්, ස්තූප ගොඩැලි 6ක නටබුන් ද එම ගවේශන මඟින් අනාවරණය කොටගෙන තිබෙනවා.
කටාරම් සහිත ලෙන්වල ඇති සෙල්ලිපි අක්ෂර රූප විද්‍යාත්මක කාල නීර්ණ අනුව ක්‍රි. පූ. 1-2 සියවස්වලට අයත් වෙනවා. මෙම ලෙන් සංකීර්ණ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් යටතේ හඳුනාගත හැකියි. සමස්ථ ප්‍රදේශයේම හමුවන ගල්ලෙන් බොහොමයක ඒවායේ භාවනායෝගීන් වැඩසිටි බව තහවුරු කෙරෙනා සෙල්ලිපි දැකගත හැකියි. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට මධ්‍යභාගය දක්වා මෙහි බෞද්ධ ආරාම පැවති බව නටබුන්වලින් හෙළිවෙන කරුණක්. මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ නඩත්තු කටයුතු මේ වන විට වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලය මඟින් සිදුවෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් ඉඩම්වල විසිර පවතින මෙම පුරාවිද්‍යා පරිශ්‍රය මැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන්කර මායිම් කණු යෙදීමට යෝජිතව පවතින බව යි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.




Kusumsiri Wijayawardena
උපුටා ගැනිමකි
මුල් හිමිකරුට ස්තුතිය
A day in the life

2024-02-06

තත්වය රැකගන්න







දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු.
"අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට"
සිංහයා එක පාරට මේ අසූචි වලේ ඉන්න ඌරා දිහා බලලා,
අපෝ මේකට පාඩමක් උගන්නන්න මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟත් ජරා වෙනවා නේද?
මූ වගේම මාත් ගඳ ගහයි නේද කියලා හිතලා, එතනින් නිහඬව යන්න ගියාලු..
දැන් ඉතින් අසූචි වලේ ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්නේ සිංහයත් උට බයයි කියලා,
ඇත්ත කාරනේ;
නුවනක්කාර සිංහයා ඌරගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි!!
අපේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බවෙනවා,
උන්ගේ අසූචි වලවල් වලට පැනලා උන්ට පාඩම් උගන්වන්න ගියොත් අපිත් ගඳ ගහනවා,
උගේ තත්වෙටම වැටෙනවා,
නුවනක්කාර සිංහයා වගේ වෙන්න,
අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බ වුනොත් මග හැර යන්න!

උපුටා ගැනීමකි ...
රෂී අබේසිංහ මුණු පොතට ලියලා තිබුනා
සටහනක් තිබ්බේ සිරිපාල කහවත්තගේ 
එයත් රසවත් සටහනක් ඌණ පුරනයක් එක්ක. 
දෙන්නටම ස්තුතියි.

 


මේක යක්කඩුවේ හාමුදුරුවන්ගේ වනකතා පොතේ එන කතාවක්.

සිංහයෝ පස්සෙ ගිහීන් උන් අහකදාන බොකුබඩවැල් කාපු ඌරෙක් සිංහයාටත් වැඩිය ආරලා ආවලු.කැළේ සත්තු ඌට කිව්වලු බලපන් දැන් උඹ සිංහයාටත් වඩ උසමහතයිනේ.උඹට පුලුවන් කැළේ රජා වෙන්න වුනත් කියලා.ඒකට සිංහයා මරන්න එපායැ.හැම සතාම ඕක කියන කොට ඌරට ඌ ඌරෙක් බව අමතක වුනාලු.ඌ සිංහයා සටනට කැඳෙව්වලු සිංහයා සතියකින් එන්නම් කීවලු.දවස ළ වෙන්න ළං වෙන්න ඌරට මර බයක් දැනෙන්න ගත්තලු.සටන හෙට කියලා ඌ නරිය ළඟට ගියාලු උප උපදෙසක් ගන්න.නරිය කිව්වලු එළිවෙනකල් අසූචිවළක බැහැල ඉඳලා වෙලාවට එතෙන්ට යන්න කියලා.
ඌරත් වෙලාවට අසූචි පෙර පෙරා සටන් බිමට ගියාලු .
අහලකවත් ඉන්න බැරි ගැඳ උහුලන්න බැරි 
සිංහයා හරි හරි උඹ දිනුම්
මං පරාදයි කියලා ආපහු ගියාලු.


A day in the life

2024-02-05

අපියි මළ මිනිස්සු



In "Mala Minissu," I shed light on the pressing political issues surrounding the healthcare system in Sri Lanka. It's a raw, industrial rock anthem that exposes the harsh reality faced by countless citizens due to the importation of low-quality drugs. This negligence has resulted in tragic consequences, with lives lost unnecessarily in our hospitals.

"මල මිනිස්සු" තුළ මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය වටා ඇති දැවෙන දේශපාලන ගැටලු පිළිබඳව ආලෝකයක් ලබා දුන්නෙමි. එය ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් අසංඛ්‍යාත පුරවැසියන් මුහුණ දෙන කටුක යථාර්ථය හෙළි කරන අමු, කාර්මික පාෂාණ ගීයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් අපගේ රෝහල්වල අනවශ්‍ය ලෙස ජීවිත අහිමි වන ඛේදජනක ප්‍රතිවිපාක ඇති වී තිබේ.



Lyrics - Somalatha Herath Menike
Music & Composing - Dileep Mann
lyrics
තලා දමා අප හප කෙරුවා
හිනාවෙවී උන් රජ වෙනවා
බෙහෙත් පෙත්තටත් දමා කොමිස් ලණු
තුසිතය මත මහ මාළිගාව තැනු
දෙවියන් ලෙස පෙන්නූ
අවජාතක හොරුරැල
ඉන්දියන් සාගරේ මුතු ඇටයක්
මකා දමා හැදුවා පුස් ඇටයක්
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු
ඔලව අතගා ටොක්කකුත් ඇන්නාය අපහට
බුරිය අතගා රුපියලත් ගත්තේය හෙමිහිට
බෙහෙත් පෙත්තත් හප හපා කෑ
කලු පාට ගුල්ලෝය මහ උන්
දරුවන්ගේ බොටුවත් මිරිකලා
මොනර කොළ ළඟ රෙද්ද ඉස්සූ
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු

 A day in the life

2024-02-04

චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

ඓතිහාසික චන්දන ග්රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි විසිර පවති.බලංගොඩ වැලිගෙපොල මාර්ගයේ 16km පමණ පැමිණ එතැන් සිට 8km පමණ කපුගල මාර්ගයේ ගමන් ගත් පසු මෙම ස්ථානයට ළගා විය හැක.වළව ගං මිටියාවතේ පිහිටි මෙම රාජධානිය කෘෂිකාර්මික අතින් ඉතා සරුසාර ප්රදේශයකි.ජය ශ්රි මහා බෝධින් වහන්සේ රෝපණ උත්සවයේදි රෝපණය සදහා බෙදන ලද අෂ්ටපල බෝධින් වහන්සේගෙන් එක් අංකුරයක් ලෙස හදගිරියේ පිහිටි බෝධින් වහන්සේ බව ඉතිහාසයේ සදහන් වේ

 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොළ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ සඳගිරිය ග්රාම සේවා වසමට අයත් ගිරමාදොල හා කටුපත්ඔය නිම්නයේ පිහිටි වර්තමාන හඳගිරිය අතීත දක්ඛිණගිරි මණ්ඩලයේ බත්තිය ජනපදයට අයත් චන්දන ග්රාමය (සඳුන්ගම) ලෙස හඳුනා ගැනීමට සාධක ඇත.

ගිරිනුවර, සඳගිරිනුවර, සඳමහනුවර, සඳගම්නුවර, සදගනානුවර යනුවෙන් විවිධ නම්වලින් විවිධ කාල වලදී හඳුන්වා ඇති මෙම බෞද්ධ භූමිය කාලයාගේ වැලි තලාවෙන් යටව ගොස් නැවතත් එළිවෙමින් පවතී.
රමණීය වෙල් යායක් මධ්යයේ තිබෙන හඳගිරියේ බෞද්ධ නටබුන් අක්කර 5 ක පමණ භූමි ප්රමාණයක ව්යාප්තව තිබේ. මුලු වෙල්යාය පුරා තැනින් තැන ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම්, ගල්, ගඩොල් හා උළු කැබලි විවිධ අවස්ථාවන්වලදී පොළොවෙන් මතුවෙන බව වෙල්යායේ කුඹුරු කොටන ගොවීන් පවසයි.
හඳගිරියේ නටබුන් පිළිබඳව මුලින්ම සටහන් කරන්නේ සබරගමු මහා දිසාපති ලෙස කටයුතු සී, එච්. කොලින්ස් මහතාටය. රාජකීය ආසියාතික සංගමයේ ශ්රී ලංකා ශාඛාව මුද්රණය කරන සඟරාවේ 31ක් වෙන වෙළුමට (1932) ඉදිරිපත් කල “සබරගමුව බින්තැන්නේ පුරාවස්තු” නැමැති වාර්තාව වර්ග සැතපුම් ගණනාවක් පුරා විසිරී ඇති නටබුන් අතර ඇති ගල් කණු සමූහය, උස් භූමියක වෘත්තාකාර විශාල මළුව, ගරා වැටී ඇති දාගැබක අවශේෂ විනාශයට පත් ගඩොල් ප්රාකාර බැම්මකින් වට වූ බෝධි වෘක්ෂය, අක්කර 20-40 අතර වූ විනාශයට පත් වැව් පහක නටබුන් ඔහුගේ නිරීක්ෂණයට ලක්වී ඇති බව පෙන්වා දෙයි.


 

හඳගිරිය අසල ඇති මාලිගාගොඩැල්ල මුරපොළඅතුර වැනි ග්රාම නාම හා ඒ අවට ඇති ගල් ගුහාවන් මෙම ප්රදේශය ක්රිස්තු පූර්ව 200 දී පමණ ජනාකීර්ණ අගනගරයක ලක්ෂණ පිළිබිඹු කරන බව කොලින්ස් මහතාගේ නිගමනය විය.
නැවතත් වර්ෂ 1942 දී “සපරගමුවේ පැරණි ලියකියවිලි” ග්රන්ථයේ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් හඳගිරිය පිළිබඳව සටහන් කොට ඇත. බඳගිරියේ කුඹුරුවල තැනින් තැන විසිරුණු කැටයම් කල ගල් කණු කිහිපයක්ද සාමාන්ය ගල් කණු කිහිපයක්ද කුඹුර මැද උස් බිමක ගරාවැටුණු ස්තූපයක නටබුන් ද ජරාවාස වූ වැව් කිහිපයක නටබුන්ද තිබුණු බව මෙම සටහනේ දක්වා ඇත.
ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්යා කොමසාරිස්ගේ 1960-61 පාලන වාර්තාවේ හඳගිරිය පිළිබඳ ගවේෂණයක තොරතුරු සටහන් වේ. මෙහි නටබුන් අතර අඩි 25ක් උස දාගැබක නටබුන්ද අඩි 25ක හතරැස් කුළුණු සහිත ගොඩනැගිල්ලක්ද, ගල් කුළුණු සහිත අඩි 37×17 ප්රමාණයේ ගොඩනැගිල්ලක්ද. විසිරී ඇති වෙනත් ගල් කැටයම් කිහිපයක් හා පුරාණ ගඩොල් බැම්මකින් වට වූ බෝධි වෘක්ෂයක් ද ඇති බව සඳහන් වේ.
නැවත මෙහි විධිමත් ගවේශණයක් වන්නේ 2003 වසරේය. 1960 වසරේ අඩි 25ක් උස්ව පැවති ස්තූපය අඩි 11 ක් දක්වා අඩු වී තිබිණි. ස්තූපය මැදින් අඩි 15ක් පමණ ගැඹුරු වළක් නිදන් කොල්ලකරුවන් විසින් හාරා තිබිණි. 1992 දී පූජ්ය විකිළියේ නාරද හිමියන් සටහන් කල ගල්කණු 119 කණු 52 ට අඩු වී තිබිණි. වටාපත හා දෑකැත්ත කොටා ඇති ගල්ටැඹක් දෙකට කඩා ඇති අතර එය පුරාවිද්යා මුර කුටියේ දැනට තැන්පත් කොට ඇත.

හඳගිරිය නටබුන් අතර ප්රධාන කේන්ද්රස්ථාන හතරක් හඳුනාගත හැක
1. ස්තූපය
2. පිළිම ගෙය
3. ප්රධාන සංඝාවාසය හා අවශේෂ කුටි
4. බෝධිය හා බෝධිඝරය
වෙහෙරගොඩැල්ල නැමති ස්ථානයේ ස්ථූපයේ අවශේෂ පවතී. ගරා වැටුණු මෙම ස්ථූපය නිදන් හොරුන්ගේ ග්රහණයට අසුවී ඇත. එබැවින් එය ගඩොල් ගොඩක් බවට පත්වී ඇත. එහි ප්රමාණය අනුරාධපුර ථූපාරාමයේ ස්තූපයට සමාන විශාලත්වයක් තිබිය හැක.
ස්තූපය අවට ගොඩනැඟිලි බොහොමයක් අතුරුදහන් ගොසිනි. දාගැබට වයඹ දෙසින් මීටර් 60ක් පමණ දුරින් පිහිටි පිළිම ගෙයක නටඹුන් හඳුනාගත හැක. ස්තූපයට යාර 50 ක් පමණ නැගෙනහිරින් ප්රධාන සංඝාවාසය හා ඊට දෙපසින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බව පෙනේ.
ස්තුපයේ සිට යාර 150ක් පමණ ඈතින් නිරිතදිග දෙසට වන්නට බෝධිය හා බෝධිඝරය පිහිටා ඇත. ගල් ඇන්දක් මත බෝධි මාලකයක් හා බෝධිඝරයක් තුළ රෝපණය කර ඇති බෝධිය අෂ්ඨඵලරූහ බෝධීන්ගෙන් එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. කර්ණිකාව සහිත විකසිත නෙළුම් පෙති හතකින් හා කුඩා නෙළුම් පෙති වලින් සමන්විත කවාකාර සඳකඩ පහණ ගලවා බෝමළුව මත මල් පූජා කිරීමට යොදා ගෙන තිබේ. මෙහි ප්රවේශ දොරටුව ඇත් සොඬ කොරවක්ගල් දෙකකින්ද පියගැටපෙළ සතරකින්ද සමන්විත බව පෙනේ. බෝධිඝරය අෂ්ඨාකාර හැඩයෙන් යුක්තය. එය වටා වැලි මළුවක් සහිත ගඩොල් ප්රාකාර බැම්මක් තිබූ බවට සාධක ඇත.

 

අවට ගම්මුන් අතර හඳගිරිය පිළිබඳ ජනප්රවාද බොහොමයක් පවතී. වරක් මෙම බෝධියට පුද සත්කාර කල කාන්තාවක් මියගිය පසු ඇය සතු රෙදිකඩක් ඇයට පින් පිණිස මෙම බෝධියේ එල්ලා ඇත. එදින රාත්රියේ ඇතින්නියක් මෙම රෙදිකඩ සමඟ බෝධි ශාඛාව බිඳ ගෙන ගොස් ඇත. පසුදින මේ ගැන සොයා බැලූ ගම්වාසීන්ට දකින්නට ලැබුණේ බෝධි ශාඛාව හිස මත ඇතිව ඇතින්න මැරී ඇති බවයි. කටුපත්ඔයේ මෙම ස්ථානය අද හඳුන්වන්නේ “ඇතිනිගේ මංකඩ” යන නාමයෙනි.
කපුගල දියඉන්න මාර්ගයේ සිට අඩිපාර දිගේ පහළට ගිය විට මුලින්ම හමුවන්නේ මාලිගාගොඩැල්ල යනුවෙන් හඳුන්වන භූමියයි. මෙහි ඇත්තේ පිළිමගෙයක ශේෂව ඇති ගල්ටැම්ය. අඟල් 8×6 ප්රමාණයේ අඩි 6 අඟල් 6ක් උස අඩි 10×10 ප්රමාණයේ සම සතරැස් කුටියක සිව්කොන පිහිටි ගල් ටැම් මත වහලය සාදා තිබූ බව පෙනේ. පශ්චාත් අනුරාධපුර යුගයේදී මෙම පිළිමගය අඩි 31×26 ප්රමාණයට විශාල කොට තිබේ. මුලදී කුඩාවට තිබු පිළිමගෙය ගල් කණු විසිහතරක් යොදා මහල් ප්රාසාදයක් බවට පරිවර්තනය කර තිබූ බවට සාධක තිබේ.
ජනප්රවාදයට අනුව මෙම ස්ථානයේ බුදුන්ගේ දළදාව වැඩ සිටි බවට විශ්වාසයක් තිබේ. මෙම ප්රවාදය සත්යනම් මෙම ස්ථානය සොළොස් ටැම් මත පිහිට වූ දළදා මැදුර විය යුතු බව පුජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විශ්වාස කරයි. මෙහි මුලින් තිබූ පිළිමගෙය වට කොට කොන් සතරේ ටැම් 6 බැගින් ගල්ටැම් විසිහතරක් සිටුවා දළදා මැදුරක් සාදා පස්වන මිහිඳු රජතුමා (982-1029) විසින් අනුරාධපුර අවසාන භාගයේ දී චෝල ග්රහණයට හසු නොවී දළදා වහන්සේ රැකගත් ස්ථානය මෙය විය හැකි බව එතුමාගේ විශ්වාසයයි.
ස්ථූපයට ඉදිරියෙන් හා පිළිමයට දකුණු පසින් අඩි 20×30 ප්රමාණයේ එක් පෙලට ගල් ටැම් හයක් බැගින් පේළි හතරකින් යුත් ටැම් විසිහතරක් සහිත සංඝාවාස ගොඩනැගිල්ලක් දක්නට තිබේ. එයින් ශේෂව ඇත්තේ ගල්ටැම් නමයක් පමණි. බිම පතිත පතිත වී ඇති ටැම් ගණන 6කි. මෙයට අඩි විස්සක් පමණ උතුරින් හා අඩි විස්සක් පමණ දකුණින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බවට ශේෂව ඇති ටැම් වලින් පෙනී යයි. අඟල් හයක් උස අඩි 4, 5 දිග පළලින් යුත් කොනක ටැම් හතර බැගින් කණු දාසයක් සිටුවා ලෑලි තරප්පුවකින් උඩට නැගීමට සකස් කළ මහනුවර යුගයට අයත් ටැම්පිට පිළිම ගෙයක ශේෂ දැයි සිතේ.
ආශ්රිත ලිපි හා ග්රන්ථ
බිනරගම, ද., 2006. සබරගමුව පැරණි රජදහන (මද්ය වලව නිම්නය) මහ බින්තැන්න. 1st ed. කොළඹ 10: ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ, pp.131-153

A day in the life

2024-02-03

සින්නක්කර බෑ ඔන්න .


පුරන් වුණත් මට නොදෙනා වපුරන්න...
තරන් නෑ නුඹට සිත මා මඩවන්න...
අරන් නැවුම් මානෙල් මල පුබුදන්න...
දියන් මටත් සින්නක්කර බෑ ඔන්න ...

කඩන් මීවදය අතවත් ලෙවකන්න...
වඩන් ඉවසීම තව බෑ සැනසෙන්න...
පටන් සුබනැකත රාහුද මට සින්න...
බලන් කෑම එකගෙයි වෙන හැටි බින්න...

තොරණ් බැඳ ගෙදර පිරියම් කර බෝම...
වලං වල සුවඳ විතරයි මට තාම...
අරං අත ඇගේ පෝරුව ලඟදීම...
වහං උනා නම් වෙන් නෑ පැරදීම...

රෑ පැල් රකිනු බෑ සඳ මත ඇගේ වත...
ගෙට ගොඩ වෙන්න බෑ ගින්නකි ඇගේ ගත...
මට උහුලන්න බෑ අය්යේ මගේ සිත...
සිහිනෙන් ඇවිලිලා හති තබපන්කො තිත...

...ශ්‍රීමතී වල්පොල ....

A day in the life

2024-02-02

නස්රුදීන් - මෙයට උපගුරු .



අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍යක්‍ෂ , විෂයය අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ සැලසුම්, අධ්‍යක්‍ෂ , ගුරු ආයාතන (පරිපාලන) සහකාර, නියෝජ්‍ය , අතිරේක තවත් ලියවෙන්න අමතක වුන ඒවාත් එක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පහු කරලා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාවටත් පලාත් අධ්‍යාපන ලේකම් ආදී සුපිරි තනතුරුත් ඔල මොට්ටල පලාත් අධ්‍යාපන ඇමති තනතුරුත් එන කොට තනතුරු සීයයක් විතර තියෙනවා

මේ ඇත්තෝ කරන්්නෙ පුංචි ලමයින්ගේ අධ්‍යාපනයට කණ කොකා හඩවන එක. මේච්ර පිරිසක් ඉදලත් අපේ ළමයින්ගෙන් ටියුෂන් පංති පිරිලා. ටියුෂන් පංතියට ආවේ නැත්නම් විෂය භාර ගුරුවරයා සිසුවන්ට කෙනෙහිලි කම් කරනවා. ඉතින් තේරෙනවනේ අපේ අධ්‍යාපනයේත් අධ්‍යාපන පරිපාලනයේත් පලදායිතාවය.

මේ කතාව අපේ රටේ අධ්‍යාපනයත් අධ්‍යාපන පරිපාලනයත් ගැන නෙමෙයි.නස්රුදීන් කාලයේ සිද්ධවෙච්ච දෙයක් ගැන.දැන් කාලේ කියලා අහංකාර නිළධාරින්ගේ හැසිරීම් රටාවේනස්රුදීන්ගේ කාලයෙත් වෙනසක් නැහැ.අදත් එදත් .ගුරුවරියන් , කාන්තා අධ්‍යාපන නිලධාරිණියන් පාසලට කියලා හිතාගෙන යන්නේ රාත්‍රී ප්‍රිය සම්භාෂනයකට යන්නා වාගේ.

නස්‌රුදීන් ගේ කතාවල විශේෂත්වය තමයි කතාව තමන්ටවු අත්දැකීමක් ලෙස විස්තර වෙන එක. ගුරුවරයෙක්, දේශකයෙක් ,වෙද්‍යවරයෙක්, වෙලෙන්දෙක් වැනි නොයෙක් චරිත බවට පත්වන එක. නස්‌රුදීන්ගේ මේ කතාවෙන් සදහන් කරන්නේ ගුරුවරයෙක් ලෙස විදපු අත්දැකීමක් ගැන .නස්‌රුදීන් පිටිසර ගමක පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. නගරයේ වගේ පිටිසර පාසල් වල පහසුකම් නැහැ. පාසල් පරීක්‍ෂකවරයා පාසලට එනවා කියන ආරංචිය ලැබුනදා සිට ගුරුවරු ඒ සදහා ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ කාඩ් එක කොහොම හරි බේර ගන්න ඕනි නිසා.

නස්‌රුදීන්නුත් මාස ගානක් තම ශිෂ්‍යයින් පාසල් පරීක්‍ෂක පිලිගැණිමට හොදට සුදානම් කලා.ඔන්න ඉතින් එදා පාසලට ‍ගරු ගාම්භිරව සැපත් වුනේ පාසල් පරීක්‍ෂකවරයයෙක් නෙමෙයි පාසල් පරීක්‍ෂකවරියක්. එතුමිය නස්‌රුදීන් සිසු දරුවන්ට පංතියේ උගන්වමින් ඉන්න වෙලාවේ පංතියට සැපත් වෙනවා. ඔහුගේ ඉගැන්වීමේ කටයුතු පරීක්‍ෂා කරන්න

හැමදාමත් වතු පිටි කෙත්වතු හරහා ආ සුදු මුදු සුලග වෙනුවට අමුතු සුවඳිකින් පංති කාමරය පිරී ගියා. කර පළල අත් රහිත හැට්‌ටය. ඉනට බොහෝ පහළින් දවටා ගෙන තිබුන ඇගේ සාරිය සිරුරේ වැඩි කොටසක් ස්වභාව ධර්මයේ නිර්මාණයන් ප්‍රදර්ශණය කරමින් තිබුනා. රතට රතේ පින්තාරු කල දෙතොල, චුටි ඉරක් වගේ ඇද ඇසි බැමි ගලවා නිර්මාණය කල දෙබැම . ලේ වැකුණු අමු මස් ගොඩකට ඇන්නා වගේ අප්‍රංබංශ සිර‍ැර .මේ විසිතුරු නිර්මාණය දෙස සිසුන් කට අයාගෙන පුදුමයෙන් වගේ බලා සිටියා.මේ කෝළම දැකපු නස්‌රුදීන්ට හොදටම තරහ ගියා.

කරන්නම් අද හොද වැඩක් කියලා සිතිවිල්ලක් ඇතිවුනා.නස්‌රුදීන් ගේ සුන්දර ඉගැන්වීමේ ක්‍රම පිලිවෙත නිසා නස්රුදීන්ට සිසුන් හරි ආදරෙයි. අමාරු දෙයකට වුනත් විනෝදාත්මක ආදර්ශක උපයෝගි කරගන්න නස්‌රුදීන්ගේ අධ්‍යාපන රටාව පොහොසත්. එදා පංතියට සැපත් වුන පාසල් පරීක්‍ෂකවරිය සිසුන්ගෙන් – නස්‌රුදීන්ගේ ඉගැන්වීමේ දක්‍ෂතාවය උදුරාගෙන කියලා නස්රුදීන්ට තේරුනා. සිසුන් පාසල් පරීක්‍ෂකවරියගේ රූප ස්වභාවය නිසා අන්ද මන්ද වෙලා. නස්රුදීන්ගේ ඉගැන්වීමේ හරඹය බින්දුවට බස්සලා පාසල් පරීක්‍ෂකවරිය ගේ රුප සොබාවටත් ඇගෙන් විසුරුනු ස්වභාව ධර්මයට සම්පාත වුන ශාරිරික හරඹයටත් සිසුන්ගේ මනස ජයග්‍රහණය කරලා.

ඉගැන්වීමේ හරඹයෙන් පසු පරීක්‍ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න වලට ළමයින්ගෙන් උත්තර නැහැ. ඒ මදිවාට නස්‌රුදීන් පාසල් පරීක්‍ෂකවරියට පිටුපසින් හිටගෙන අතින් ඇසින් සංඥා යොදවමින් ළමයිනට නිසි පිළිතුරු නොදෙන ලෙසට දන්වනවා.

අවසානයේ පරීක්‍ෂකවරිය නස්‌රුදීන්ගේ ඉගැන්වීම අසාර්ථකයි කියල වාර්තාවක් දීලා වහාම නිදහසට කරුණු ලබා දෙන ලෙසට නස්රුදීන්ට දැන්වුවා. නස්‌රුදීන් චෝදනාවට උත්තර බදින්න කොලයක් ගත්තා. පිළිතුර සටහන් වුණා. පිලිතුර බොහෝම කෙටි එකක්.“මම බොහෝ අධ්‍යයනය කර සිසුන්ගේ මනසට රිංගීමට කල උපක්‍රම පරදා තමන් ශිෂ්‍ය ජීවිතයෙන් පසු වෘත්තීය ජීවිතයේ දී ධනයෙන් ලබාගත යුතු රන් රුවන් මුතු මැණික්‌. දුහුල් සළු, සුවඳ විලවුන්,වැනි භෞතික සම්පත් සහ අනුරාගි බැලුම්, කාමුක දර්ශණ පංති කාමරය තුලදීම තම සිසුන්ට අත්විදීමට ලැබීම ජයග්‍රහණය කර ඇත.එවැනි ක්‍රම තුල සිසු දරුවන් ශිල්ප ශාස්‌ත්‍ර කෙරේ යොමුවෙතැයි යන්න මට නම් සිතාගත නොහැකිය.”

මෙයට උපගුරු

නස්රුදීන්.

A day in the life

2024-02-01

කුළු පේ කිරීම




බලන්නකෝ මේ ඡායාරෑපය දිහා .
පෙර කාලයේ ලොකු කතාවක් ගමට කිවිව මේ ලියක රදවපු කුල්ල
ඉස්සර අපේ ගම්වල තිබුන ගෙවල්වල දැන් වාගේ කාමර ගොඩක් තිබුනෙ නෑ. ඒවාට තියා ගෙට ඇතුල්වෙන තැනවත් තුස්සියටවත් දොරවල් තිබුනෙ නෑ. දොර වෙනුවට පැලැල්ලක් තමා තිබුනෙ දොරට හේත්තු කරන්න.හැම ගෙදරකම පිරිමි බොගෝ රැයවල් ගතකලේ හේනෙ නැතිනමි කුඹුරේනෙ සත්තුන්ගෙන් අස්වැන්න රැක ගන්න හන්දා. එතකොට විවාහකයන්ට කෝ ඉඩක් විවාහයේ සතුට විදින්න.
එයාලට ඒ සතුට විදින්න උනේ දවල් කාලෙමයි. හිතන්නකෝ මහ දවාලෙ දොරක්වත් නැති හැම තිස්සෙම ගෙට පිටඅය ගොඩවෙන තැනක ඒ සතුට විදින්න හිත හදාගන්නෙ කොහොමද කියලා ඒක හරි අමාරු වැඩක්.
අනේ මටනම් බෑ අන්න ඒකට විසදුම තමා මේ කුල්ල.
කාගෙහරි ගෙදරක මිදුලෙ මේ රුපයේ පෙනෙනවා වගේ ලියක කුල්ල රදවලා තිබනොත්. ගමේ කිසිම කෙනෙක් මේ මිදුලට අඩියක් තිබ්බෙම නෑ. ගමේ හැමෝම දැනන් උන්නා මේ ගෙදර දෙමහල්ලො මේ මොහොතේ රතිසැප විදිනවා කියලා .
ඒකට එයාලා කිව්වා කුළු පේ කරනවා කියලා හරි අපුරැයි නේද?.
අපිත් අද ඉදලා කියමුද? කුළු පේ කරන්න යමු මැණිකෙ කියලා ගෙදර නෝනට.
ඔයාල මේවගේ අතීත රසකතා අහන්න ආසයි කියල සටහන් කරල තිබුනොත් ආයෙත් දවසක ලියන්නම්

මුහුනු පොතට ලියුවේ කපිල සේන.

A day in the life