රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-03-23

වානේ පන්නරය ලැබුු හැටි.















මම ජවිපේ වුනේ නවසිය හැට අටේදී
ඒ මගෙ වයස අවුරුදු දහහතේදී.
මැගසින් ගියා මම 71දී
උ.පෙළෙ ලිව්වෙ 72කෙ (මැගසින්) හිරේදී
දාහක් පමණ ලිව්වා විදුදයේදී
රයිපල් බයිනෙත්තු මුරකාවල් මැදදී
සරසවි වරම් ලැබුවා 7දෙනෙක් අපී
ගුරුවරයෙක් වුනා 76දී
88 ,89 බිහිසුනු සමයේදී
JR දීපු අනුබලයේ සවියෙ රැඳී
වින්ට්සන් ඩයස්ලා කඩ ගිණි තියපු විදී
මේ ඇස් දෙකෙන් දැක්කා මම බදුල්ලෙදී
89 කුදලන් ගොස් හවසකදී
ඕල්දූතියන් වදකා ගාරයෙදී
දුන් වදවේදනා ඇත මතකයේ රැඳී
ඒ ටික වුනේ උඩවෙල මහ විදුහලෙදී
හයමාසයක් වධකාගාරක රැඳී
වින්දෙමි ජීවිතේ ඇති හැම දුකම රිදී
ඒ හැම දෙයින් ලද පන්නරයට පණදී
මම සවිමත් වුනා බාධක හමුවේදි
35 වසක මගෙ ගුරු ජීවිතයේදී
27ත් වරක් ඇත මට මාරුවීම් ලැබී
නැහැ ඒ කිසිවිටක උන් ළඟ දෙකට නැමී
කොයි පාසලත්,දරුවත් මට නොමැත බෙදී
60 වස් සපිරි 2011දී
ගෙදරට වුනා වි/පති සේවයෙන් මිදී
සිහිකර අතීතය "මරු හා සමග රැඳි"
සැනසුම් සුසුම් හෙළනෙමි මිනිහෙක් පරිදී
දැන් මේ ගෙවෙන්නේ 73 න් වසර
මේ 25ට ඒකත් වෙනවා නතර
අරුණළු දකින්නට එන 74
සිංගප්පූරුවේ සිට මම එනවා ගෙදර.

A day in the life