රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-04-12

අගුරුවු සත්‍යය - 2



බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පැවති විශ්වාස බංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවතිණි.
ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සිදුව ඇති බවත්, අමාත්‍ය කුමාර ජයකොඩි එම ටෙන්ඩරය ලබාදීම සඳහා කිසිදු මැදිහත්වීමක් කර නොමැති බවත් එම විවාදයේ දී තවදුරටත් තහවුරු විය.
එහෙත් විපක්ෂයේ ඝෝෂාවට රැවටී ඇති බොහෝ අය, අමාත්‍යවරයා වංචාවක් සිදු කර ඇති බව තවදුරටත් විශ්වාස කරති.
ඒ පිරිස් අතරේ මාලිමාවට ඡන්දය දුන් අය සිටී නම්, මේ කරුණු අවධාරණය කර ගැනීම අත්‍යවශ්‍ය ය.
බලශක්ති අමාත්‍යාංශයේ පමණක් නොවේ......අනෙක් සෑම අමාත්‍යාංශයකමත්, පළාත්පාලන ආයතනයකමත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීමට කිසිවෙක්ට නොහැකි ය.
කිසිවෙක්ට තනි තීන්දු ගැනීමට ද නොහැකි ය. ආණ්ඩුවේ සියල්ල ක්‍රියාත්මක වන්නේ සාමූහික තීන්දු අනුව ය.
එයින් අදහස් කරන්නේ කෙනෙක්ට හොරකම් කිරීමට අවස්ථාවක් නැති බව නොවේ.
එහෙත් එවැනි හොරකමක්, වංචාවක් පිළිබඳව දැනගන්නට ලැබුණු පළවෙනි මොහොතේදී ම, තරාතිරම නොබලා ඔහුව අදාළ තනතුරුවලින් අයින් කිරීමට හැකි පක්ෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතී.
එවැනි හැකියාවක්, සහ සංවිධාන ශක්තියක් ඇත්තේ මාලිමාවට පමණ ය.






පිටපත  
Lional Athukorala යන්ගේ 
මුණුපොතෙන්.

A day in the life 
ජීවිතයෙන් දවසක් .