මතකද කුඹුරේ තිබු විශාල ගලක් ඉවත් කර දෙන්නට පොරොන්දුව ගමරාළ කෙනෙකුට කළ වින්නැහිය.
හීනටි හාල් කුකුල් මස් තුන්මසක් කෑමට ගෙන ගල උස්සා කර උඩින් තිබ්බොත් මම ගෙනිහින් දාන්නම් කිවුව කතාව...
මැතිවරන සමයේ දෙන පොරොන්දු ,ප්‍රතිපත්ති ප්‍රකාශන ,රම්පෙට පොරි හැලෙන්න දෙන ටෝක්.
මැතිවරණයෙන් පසු බලයට පත්වු පසු
අන්දරේ තමන් උපහාසයට ලක් කිරීමට සැරසෙන අයගේ සිතිවිලි අභියෝගයට ලක් කලේ ඔවුන්ටත් නොදැනෙන අයුරින්ය.
අන්දරේ විනෝදකාමියෙකි.
දිනක් ගමනක් යමින් සිටියදී අන්දරේ හේනක කපු නෙළන කාන්තාවක දුටුවේය.
ඇයගෙන් දුම්බර කෙතට මග ඇසූවේ මෙසේය.
ඇයි ලඳුනේ මේ වල කාර කාරා
රැල් අඳිනේ ලෙස හිස පීර පීරා
මලු බඳිනේ කපු ටික තෝර තෝරා
කිය ලඳුනේ දුම්බර කෙතට පාරා
ඇය එයින් නොසන්සුන්විය.
වටපිට බලනු දැක අන්දරේ නැවත
ළමිස්සියක් මේ පතනේ කපු නෙළනා
හදිස්සියෙන් මා දැකලා හැලැප්පුනා
පොඩිස්සියන් කවදත් මට ඔය ලෙසිනා
ළමිස්සියනි තොප සිටිනා තැන් කොතනා
1753 දී පමණ කන්ද උඩරට රාජාධිරාජසිංහ රජතුමා ද කවියෙකු වීය.
වර්තමානයේද උපදේශකයෝ සිටිති.
රජවාසලට කවටයෙකුගේ රාජකාරිය අවශ්‍ය වී ඇත්තේ හුදෙක්ම රජුගේ විනෝදාස්වය උදෙසා හාස්‍ය බෙදා ගැනීමට පමනක් නොවන බවට නිගමනය කල හැකිවෙයි.
විශේෂයෙන් රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇතිවන ඒකාකාරී බව, කටුක හා නීරස අවස්ථාවන් හී ඇතිවන පීඩනය අවම කිරීම උදෙසා කිසියම් විනෝදාස්වාදයක් පැතීම කවටයා මගින් අපේක්ෂා කර ඇතැයි සිතිය හැක.
ඒ විහිළු කර රජුව හිනැස්සීමෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් මෙන්ම වන්දිභට්ටයන්ගේ මුරුංගා අත්තේ තැබීම්වලින් රජුට නිසි මග පෙන්වු අවස්ථා අන්දරේගේ කතා තුලින් අපට හමුවන්නේය.
අන්දරේ රජ වාසලට
අන්දරේ රජ වාසලට රාජකාරි වාර්තා කිරීම පිළිබදව නොයෙක් අදහස් ඇති බව කලින් සදහන් කලේය.
මේ තවත් වෘත්තාන්තයකි.
තැනින් තැන ඇවිදිමින් කාලය ගත කරමින් සිටි ඔහුට දිනක් රාජ නිවේදනයක් ගමින් ගමට පතුරවිමින් ඇවිදින අණ බෙරකරුවෙකු ගේ පණීවිඩයක් අසන්නට ලැබුනේය .
මේ පණිවිඩය අන්දරගේ ජීවන ගමන වෙනස් කලේය.
රජ මාළිගය අසල පොකුනේ මැඩියෙක් වාසය කල අතර රාත්‍රී කාලයේ මැඩියාගේ “ජෙක බක බක “ හඩ රජතුමාගේ නින්දට දැඩි ලෙස බාධා කලේය.
මෙම මැඩියා මරා දැමිය හැකි පුද්ගලයෙකු සොයමින් රජු රට පුරා අඬබෙර කරුවන් යැවීය.
මේ කෙසග මිනිසා මඟුල් පොකුණට අසළට වී දුන්න මානා ගෙන සිටියේ රාජද්‍රෝහී මැඩියා මැරීමටය.
එක්වරම මැඩියාගේ හඬ ඇසුණේත්, එ දිසාවට ඔහු තම දුන්නෙන් ඊය විද්දේත් එකටම ය.
ගෙම්බා අවසන් ගමන් ගිය අතර පසුදින පොකුණේ මැරී හුන් ගෙම්බා හා විසුළු පෙනුමෙන් යුතු කුඩා මිනිසාද රජු හමුවට පැමිණවීය.
මැඩියාගේ හඬ නිහඬ වීමෙන් රජු අප්‍රමාණ සතුටක් වින්දේය.
‘‘ කොහොමද ? .
‘‘දේවයන් වහන්ස , මැරී පා වෙමින් තිබූ ගෙම්බාගේ සිරුර සොයා ගත්තේ මා නොව රාජ පුරුෂයන් විසින්” යැයි එකත්පස්වු කෙසග මිනිසා කීය.
රජුගේ මුවට සිනා නැගිණි.
‘‘ගෙම්බා පොකුණේ සැඟ වී සිටියේ කොහේද ? රජතුමා නැවත ඇසීය.
‘‘එය දන්නේ නම් මිය ගිය ගෙම්බාම පමණකි” යැයි ඔහුගේ පිළිතුර විය.
සතුටට පත් රජු ඔහුට ඒ මොහොතේම “සද්ද විද්ද පළඟ පතිර” නම් නම්බු නාමය ප්‍රදානය කර “රජ වාසළේ කවටයා “තනතුර ද පිරි නැමීය.
“සද්ද විද්ද පළග පතිර“ නම පිලිබදවද වෙනත් අදහසක සදහන් වන්නේ
අන්දරේගේ මවගේ නම “සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ නම් වු බැවින් අන්දරේ ගේ පෙලපත් නම .සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ වු බවය.












