රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-05-12

සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක් !



නුඹේ අග බිසව වුවට - 
තවත් බිසවුන් හයක් සිටියා
මගේ අයිතිය තනිව විදිමින් - 
අනිත් අයවත් බදා ගත්තා...

එක පෝලිමට දරුවො වදලම - 
වැහිරී වැහිරී ගියත් පෙරදා
දාහතර වෙනි සැරෙටත් තව - 
දරු ගැබක් මගේ කුසට දුන්නා...

දරා ගන්නට කොහෙද හයියක් - 
තවත් විදවනු නොහැකි හින්දා
දාහතර වෙනි දරුවා එක්කම - 
ඉතින් මම ඇස් පියා ගත්තා...

මරණ මංචකයේ දිගාවී - 
හඩන විට ඔබ දුකත් හිතුනා
ආයෙමත් අග බිසව තනතුර - 
කාටවත් දෙන්නැහැයි කිව්වා...

මුළු ලෝකයම පුදුම කරමින් - 
මගේ නමට ටජ්මහල නිමවා
කදුළු වේලෙන්නටත් කලියෙන් - 
මගෙම නංගීව සහේ ගත්තා..

හිතත් තලමින් ගතත් තලමින් - 
දුක් දුන්නු හැටි මැවී පෙනුනා
ලොව්ට රහසින් ටජ්මහල යට - 
මගේ කදුලැලි හුගක් තිබුනා..

ලග ඉන්නකම් දස වද දිදී - 
මැරිලා ගියහම කදුලු හලනා
සාජහන්ලට රැවටිච්ච - 
මුම්ටාස්ලා හැමතැනම සිටිනා..

සාජහන් නුඹ ආදරේ ගැන
දන්න ලබ්බක් නැහැයි හිතුනා...


උපුටා ගැනීම
Batta page
කවිය 
අනිශා ජයකොඩි ගෙ..




A day in the life