රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-01-04

ටීචර්ලව බදින්න පෙර.




ටීචර් කෙනෙක්වද බැඳ ගන්නට ඉන්නේ
දැනටත් බැඳලාද එහෙනම් අහ ගන්නේ
1.30 ට පාසල අවසන් වන්නේ
ඒකයි ගොඩක් අය ටීචර්ලව බැන්ඳේ....
සීයක් දෙසීයක් ඇත පොත් බලන්නට
දින, සති වාර සටහන් ඇත ලියන්නට
හෙට පාඩමට සූදානම් වී යන්න
බරටම ගෙදර වැඩ පැවරී ඇත ඇයට....
Office යන මහතුනේ මෙය දැන ගන්න
ඔබටත් දෙනවාද GM ගෙදර වැඩ
ආවත් ඔබට කලියෙන් ඈ නිවස වෙත
පොත් අතරමයි ඈ ඔබ එනතුරුම ගෙට....
වාර විභාගය දවසට යුද්ධෙ වැනී
Paper ගොඩක් මැද ඇය හිර වෙලා ඇතී
ඒ වගෙ දිනෙක රෑ කෑමත් නැති වේවී
පානුයි පරිප්පුයි ඔබටත් රස වේවී....
දහස් ගණන් ජීවිත වල එළිය වෙවී
සිනහ සිසී වෙහෙසෙන ආදර මව්නී
හෙට ලෝකයට ජීවය දෙන හැඩකාරී
ආඩම්බරෙන් කියපන් ඒ නුඹෙ භාරී...
චුට්ටක් සැරයි කට පොඩ්ඩක් සද්දෙ වැඩියි
ඉවසාගෙන ඉන්න ගුරුවරු එහෙම තමයි
ඔය හැමදේම එක්ක ආදරෙ නුඹට වැඩියි
සෙනෙහෙන් ඉන්න ඇය හැමදා නුඹට ලැදියි...



-------විද්‍ය පීඨ අපේ එකමුතුව
notes of imaginary