රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-09-14

සත්කුළු පව් විලාශයෙන් නුඹ සිටියා අම්මේ .




අත පා මුදු පය පා මුදු නැත දිලුණේ
සිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේ
වත බබළන මඳහස මයි මට වටනේ
අත හැරියේ හුස්මද අපවද මවුනේ .
නෑරා අතින් අත ගම් දොර ළඟ හිටියා
දීලා සෙවන සළුවෙන් වට කොට සිටියා
පාලා ළතෙත් ගුණ කඳුළැලි පිස සිටියා
මෝරා තලමලක් සේ සෙනෙහෙන් සිටියා .
විලේ නෙළුම් පිපුණේ හිරු රැස් හින්දා
මලේ බමරු රොන් ගත්තේ මධු හින්දා
සිලේ පහන් රැකුණේ දුන් තෙල් හින්දා
අපේ ඔටුණු පැළඳුවෙ අපි නුඹ හින්දා .
සුවඳ බොජුන් නැතුවත් නුඹගේ කුසට
නිබඳ දරු සෙනේ දැනුණ යි හද ගැබට
ළමැද කිරි පොවා සා පැටවුන් හයට
සුවඳ සමන් වැලකි ය නුඹ අප හැමට.
නුඹ අප නැවත කිසිදින නෙත නො ගැටෙන්නේ
කළ පව් සමා අයදින්නම් පා වඳිනේ
දළ රළ පෙළ මැදින් එතෙරට යා ගන්නේ
බව ගිම් නිවා සසරට තිත තියපන්නේ .!
(යවහන් දොස් නො සලකා ලියැවුණි .)
රෝ.සි.



notes of imaginary