රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-09-08

"මා...දැන් මහළු...වියේ"...!



W.M ඒකනායක යන්ගේ සිතිවිල්ලකි.
ගස්යට කොස්ඇටත් අහිමිව සිටි කාලේ
ඇස්සට සිඟාකන්නට සිදුවුනු තාලේ
බත්කට අතට ගත්තත් සිහිවුනු "ලීලේ"
ඇත්තට උඹට මං අමතකවද රාලේ...?
ඉස්නම් බඳින්නට එන්නැයි පෙරමහට
"රත්නම්" අතේ කියලා එව්වා නුඹට
තුස්නිම්බූත වුනුහැටි පුදුමයි එයට
වත්තම් කරන් එන්නට කියනවද මට...?
ඇස්යට තියන් හැදු දුව උඹගේ පුතුට
දුන්නට පසුව තව දැක්කේ නෑ ඇහැට
හත්අට වරක් පණිවුඩ යැව්වා ඇයට
වත්තට එන පාර කියපන් ලේලියට...
ගත්තම උදැල්ලක් ඉස්සර පසු නොබලා
වත්තම සුද්ද කෙරුවේ තනියෙන් බැහැලා
අත්තමට වත් අද එන්නේ නැත නුඹලා
ඇත්තම තමයි මං හොඳටම මහළු වෙලා...😢
උස්මිටිකම් තකා කටයුතු නොකළ නිසා
තිස්සෙම මා වටා සිටි මැස්සනේ වසා
විස්මිත නොවෙමි ආ කලදී නරක දසා
වස්තුව එපා..! වස්තරයක් දරමි කසා...😢
එකානංයකා~
08/09/2020.


notes of imaginary